නව පාර්ලිමේන්තුවත් සමඟ කොටස් වෙළඳපළ ඉහළට - Guide to CSE

Hot

Thursday, April 22, 2010

නව පාර්ලිමේන්තුවත් සමඟ කොටස් වෙළඳපළ ඉහළට

ශක්තිමත් පාර්ලිමේන්තුවක් යටතේ ලංකාවේ ආර්ථිකයට හොඳ කාලයක් හා කොටස් වෙළඳපළටත් හොඳ කාලයක් එයි කියල හිතපු ආයෝජකයෝ අද කොටස් වෙළඳපළ වටා රැස් වෙලා.
කොළඹ කොටස් වෙළඳපළේ සියළු කොටස් මිල දර්ශකය අද දවස තුළ ඒකක 38.66කින් ඉහළ ගියා. දවස අවසානයේ 0.97% ක වර්ධනයක් සමඟ සියළු කොටස් මිල දර්ශකය ඒකක  4077.55ක අගයක් වාර්ථා කළා.
මේ අතරෙදි මිලන්කා මිල දර්ශකය, ඒකක 57.30කින් (1.24% ක අගයක්) වර්ධනය වෙමින්, දිනය අවසානයේදී ඒකක 4676.78 අගයක් වාර්ථා කළා.



Ceylon Tobacco රු. 45.75කින් ඉහළ ගිය අතර එහි දිනය අවසානයේ අගය උනේ රු 319.75ක්. Aitken Spence රු16.00 ක වර්ධනයක් පෙන්වූ අතර එහි දිනය අවසානයේ අගය රු.1426.00 ක් උනා. Commercial Bank of Ceylon Plc හි අගය උනේ රු 245.00ක්. ඒ රු.7 ක ඉහළ යාමක්. Hayleys Plc රු.9.25 කින් ඉහළ ගිය අතර දිනය අවසානයේ එහි අගය උනේ රු.269.00 ක්. සංචාරකයන්ගේ පැමීණිම වර්ධනයත් එක්ක Hotel sector එකත් ක්‍රමයෙන් ඉහළ යනව.කද දින, Hotel Services (Ceylon) Plc සමාගමේ, කොටස් මිලියන 27.6කට වඩා වැඩි ප්‍රමාණයක් අලෙවි උනා, ඒ රුපියලක වර්ධනයක් එක්කරු.31.50 කට.
ලොකුවට පෙනුනු ලොකුම පහත වැටීම සිදු උනේ Selinsing Plc හි කොටස් මිල රු.60කින් පහත වැටීමයි, එහි අවසන් අගය උනේ රු.400ක්. නමුත් ඒ කොටස් 100ක ප්‍රමාණයක් විතරයි. Dialog Telekom PLC හි කොටස් මිල ශත 25කින් පහළ ගිය අතර එහි අවසනගය උනේ ටු.7.00ක්. JKH හි කොටස් රු.1.50කින් පහත වැටුන, දවස අවසානයේ එහි අගය රු.185.75ක් උනා.
Total of 76 companies recorded gains while 75 companies lost their value during the trading. Dialog lost 25 cents to close at Rs 7.00 while JKH lost 1.50 to close at Rs 185.75.
වර්ධනය එසේ උනත් සියළුම සමාගම් වලින් සමාගම් 76ක ප්‍රමාණයක් විතරයි වර්ධනයක් පෙන්වනු ලැබුවේ. සමාගම් 75ක මිල පහත වැටුනා.
.

No comments:

Post a Comment

ඔබගේ අදහස්/උදහස්/යෝජනා/චෝදනා මෙහි ලියන්න.
ගැටළුද යොමු කරන්න. (ගැටළු Contact Form හරහාද යොමු කළ හැක.)

Post Top Ad