On Line Trading සහය සපයන්නෝ - Guide to CSE

Hot

Sunday, April 18, 2010

On Line Trading සහය සපයන්නෝ

තියෙන සියළුම තැරැව්කාර ආයතන 21න් 18ක් අන්තර්ජාලය හරහා කොටස් වෙළඳපළ හා ගනු දෙනු කිරීමට සහය දක්වනවා.
මේක හුඟක් ලොකු වාසියක් වෙනව ගොඩක් පැති වලින්. 
මේව හරහා, වෙළඳපළ පිළිබඳ තොරතුරු, ඒ ඒ සමාගම් පිළිබඳ තොරතුරු, වෙනත් අධ්‍යාපනික වටිනාකමින් යුතු ආයෝජනයන්ට අදාල තොරතුරු විශාල ප්‍රමාණයක් ආයෝජකයන්ට ලබා ගැනීමට පුළුවන්. ඒක ආයෝජකයාට විශාල පහසුවක් වගේම විවිධ අපහසුතාද මග හරවනවා.
තමුන්ගේ තොරතුරු වලට තමුන්ගේ උපදේශකයා නොමැතිව ලඟාවීමට හැකි වීම හා උපදේශකයාගෙ සහයක් නොමැතිව තනිවම වෙළඳාම් කිරීම වඩා වේගවත් වගේම පහසු ක්‍රමයක් වෙනවා.


හරි දැන් අපි ඒ තැරැව්කාර ආයතන මොනවද කියල බලමු.







  • Acuity Stock Brokers (Pvt) Ltd
    Via 
    http://www.cdax.lk
    මොවුන් භාවිතා කරන්නේ CDAX කියන පරිගණක මෘදුකාංගය. එය ඔබට ඔබගේ පරිගණකයේ ස්ථාපනය කරගෙන එම මෘදුකාංගය හරහා කොළඹ කොටස් වෙළඳපළ හා සම්බන්ධ විය හැකියි. මෙහි Web අතුරුමුහුණතකුත් එකකුත් Mobile Application එකකුත් තිබෙනවා.

  • Amana Securities Ltd
    Via 
    http://www.asl.lk
    මොවුන්, Web අතුරුමුහුණතක් භාවිතා කරනවා.

  • Asha Phillip Securities (Pvt) Ltd.
    Via 
    http://www.ashaphillip.net
    මොවුනුත් භාවිතා කළේ CDAX මෘදුකාංගය. නමුත් දැන් මොවුන් එය නවතා දමා DirectFN නම් වඩාත් හොඳ මෘදුකාංගයක් භාවිතා කරනවා.

  • Asia Securities (Pvt) Ltd.
    Via 
    http://www.asiacapital.lk
    මොවුනුත් භාවිතා කළේ CDAX මෘදුකාංගය. නමුත් දැන් මොවුන් භාවිතා කරන්නේ DirectFN Pro මෘදුකාංගය.

  • Bartleet Mallory Stockbrokers (Pvt) Ltd
    Via 
    http://www.bartleetstock.com
    මොවුනුත්, Web අතුරුමුහුණතක් භාවිතා කරනවා.

  • Capital Alliance Securities (Pvt) Ltd
    Via 
    http://www.capitalalliance.lk

  • Ceylinco Stockbrokers (Pvt) Ltd.
    Via 
    http://www.ecsbl.com
    මොවුනුත් භාවිතා කරන්නේ CDAX මෘදුකාංගය.

  • CT Smith Stockbrokers (Pvt) Ltd
    Via 
    http://www.ctsmithonline.com

  • Assetline Securities (Pvt) Ltd
    Via 
    http://www.dpgsonline.com
    මොවුනුත්,Web අතුරුමුහුණතක් භාවිතා කරනවා.

  • First Guardian Equities (Pvt) Ltd
    Via 
    http://www.firstguardianequities.com
    මොවුනුත්, ඔවුන්ගේම Web අතුරුමුහුණතක් භාවිතා කරනවා. මම හිතන විදිහට එයාල පරිගණක මෘදුකාංගයක් මේ දවස් වල හදමින් ඉන්නෙ.

  • DNH Financial (Pvt.) Limited
    Via 
    http://www.hnbstock.com
    මොවුනුත්, ඔවුන්ගේම Web අතුරුමුහුණතක් භාවිතා කරනවා.

  • JB Securities (Pvt) Ltd.
    Via 
    http://www.jbs.lk
    මොවුනුත්, ඔවුන්ගේම Web අතුරුමුහුණතක් භාවිතා කරනවා. ඔවුන් කියන විදිහට එයාලගෙ තමා මේ තියෙන සියළුම අතුරු මුහුණත් වලින් වඩාත්ම දියුණුම අතුරු මුහුණත තියෙන්නෙ. (නමුත් කණගාටුදායක දෙයක් තමා එයාල ඒක පොඩි පොඩි ආයෝජකයින්ට දෙන්නෙ නෑ, අඩු ගානෙ ඔයා ලක්ෂ කිහිපයක් දානවනම් ඔයාට එයාල ඒකට access දෙයි.)

  • John Keells Stock Brokers (Pvt) Ltd
    Via 
    http://www.jkstock.keells.lk

  • Capital Trust Securities (Pvt) Ltd.
    Via 
    www.capitaltrust.lk
    මොවුනුත්, Web අතුරුමුහුණතක් භාවිතා කරනවා.

  • Lanka Securities (Pvt) Ltd
    Via 
    http://www.lsl.lk
    මොවුනුත් භාවිතා කරන්නේ CDAX නෘදුකාංගය.

  • S C Securities (Pvt) Ltd
    Via 
    http://online.sampathsecurities.lk/scswts
    මොවුනුත්, Web අතුරුමුහුණතක් භාවිතා කරනවා.

  • SMB Securities (Pvt) Ltd
    Via 
    http://www.smblk.com

  • NDB Stockbrokers (Pvt) Ltd
    Via 
    http://online.ndbs.lk
    මොවුනුත්, Web අතුරුමුහුණදක් භාවිතා කරනවා. 
මේ කියන වෙබ් අතුරුමුහුණතක් භාවිතා කරන සමාගම් වලින් කිහිපයක්ම භාවිතා කරන්නේ එකම Web Application එකක්, අනිත් අය තමුන්ගේම අතුරුමුහුණත් භාවිතා කරනව.
අනිත් කට්ටිය CDAX භාවිතා කරනවා.
දැන් Asha Phillip හා Asia Securities ආයතන භාවිතා කරන්නේ DirectFN TWS නැමති මෘදුකාංගය. (මුලින් ඔවුනුත් දුන්නෙ CDAX මෘදුකාංගය. ) එය CDAX වලට වඩා ඉතාම හොඳයි, නමුත් වේගය නම් ටිකක් අඩුයි. 


Last Updated: 01/05/2011

19 comments:

  1. Ithaamath honda INFORMATION tikak.. obata bohoma isthuthiy..

    ReplyDelete
  2. හරි, දැං කොටස් වෙලඳපොලට අලුතින්ම එන මං වගේ කිසිම පෙර අත්දැකීමක් නැති කෙනෙක්ට එකපාරම දහස් ගාණක් ආයෝජනය කරන්න පොඩි සාධාරණ බයක් තියෙනවනෙ. ඉතිං මේ අය අතරින් මං වගේ නවකයන්ට අඩුම මුදලකින් කොටස් වෙලඳපොලට ඇතුලුවී අත්හදා බලා අත්දැකීමක් ගන්න පුලුවන් ආයතනයක් කියන්න පුලුවන්ද?

    වැඩේ නම් නියමයි. කොටස් වෙළඳපොල ගැන මේලෝකෙ දෙයක් නොදත් මං ඔබ තුමා නිසා යමක් දැනගත්තා. ඔබ තුමාට මං ස්තූතියි කියන්නෙ නෑ, ඒත් ගොඩක් පිං සිද්දවෙනව මේ වගේ කරුණු හැමෝටම තේරෙන විදියට කියාදෙනවට...

    ReplyDelete
  3. මුලින්ම එන කෙනෙක්ට, සහය හැම වෙලේම ඕනෙ කරන කෙනෙක්ට ගැළපෙන්නෙ ටිකක් සෙනඟ අඩූ තැරැව්කාර ආයතනයක් තමා. නමුත් මම දන්නෙ නෑ එයාලගෙ සේවාව කොහොමද කියල.
    මෙතන එහෙම යම් යම් ආයතන වල හොඳ නරක කියන එක හොඳ නෑ කියලයි මම හිතන්නෙ, Contact ෆෝම් එකෙන් මට mail එකක් එවන්න, මම විස්තර ටිකක් කියන්නම්.

    ReplyDelete
  4. @Madhawa Habarakada සහොදරයා මම මුලීන්ම කීයන්න ඔන මේ ලීපීයනම් ගොඩක් වටීන ලීපීයක් කීයලා . මට දෑනගන්න ඔන තෑරෑව්කාර ආයතනයක් වන Asha Phillip Securities ආයතනය තීයෙන Level 4, Millennium House, 46/58, Navam Mawatha,
    Colombo 2, Sri Lanka මේ ස්ථානයට ගීහීල්ලා අපීට කොටස් මීලදී ගන්න පුලුවන්ද ? ඒ වගෙම මේ ආයතනය තුලීන් කොටස් මීලදී ගත හෑකී අවම මුදල කීයද ? 3000 , 5000 වෑනී කුඩා මුදලකටත් කොටස් මේම ආයතනය තුලීන් මීලදී ගෑනීමට පුලුවන්ද ? මමත් කාලයක් සල්ලී කීසී තේරුමක් නෑතුව නාස්තී කරා දෑන් තමයී තේරෙන්නේ ඒ සල්ලී ආයොජනයකරානම් තීයෙන වටීනාකම ..

    ReplyDelete
  5. ඔවුන්ගේ head office තියෙන්නෙ එතන තමා. ඔවුන් සමඟ ඔබගේ CDS ගිණුමක් තිබේ නම් එතනට ගිහිල්ල/දුරකතන මගින් කොටස් මිලදී ගන්න පුළුවන්, අවශ්‍ය තරමට ඔබගේ CDS ගිණුමේ මුදල් තිබෙනවා නම්.
    නැතිනම් ඔබ මුලින්ම ඔවුන් හමුවෙලා CDS ගිණුමක් හදාගන්න ඕනෙ.
    ඕනෙම මුදලක් මුලින්ම ආයෝජනය කරල කොටස් මිලට ගන්න පුළුවන්. ඒකෙ සීමාවක් නෑ.

    ReplyDelete
  6. Samahara stock brokers la online trading facility 1 denne Rs. 200000 walata wada invest karana ayata witarai.....

    Rs. 5000 kata wada aduwen invest karala online trading facility 1 dena brokers la kauda...............

    ReplyDelete
  7. ඔබ කියන කතාව හරි, සමහරු 100,000/=ක අවම ආයෝජනයක්, සමහරු 200,000/=ක අවම ආයෝජනයක් වදයෙන් ඉල්ලනවා.
    Asia Securities, Bartleet Securities සහ තවත් කුඩා පරිමාණ තැරැව්කාර ආයතන කිහිපයක් එසේ සීමා පනවා නෑ.
    නමුත් දැන් තත්වය කොහොමද කියල නම් දන්නෙ නෑ.

    ReplyDelete
  8. mama studies walata abroad yanna inne. mama hithan inne studies karana athare invest karanna. mama CDS account 1k open kala DNH financial eke. 15,000 walin. egolla mulin kiuwa minimum investment 1k ona nehe kiyala. dan kiyanawa 200,000 onalu online trading denna. mata eka paratama 200,000 invest karanna behe. mama thama aluth nisa.

    dan mama kohomada salli apahu aganne? mona wage broker firms da minimum investment 1k illan neththe online trading denna ? NDB securites ehema kohomada ?

    Thanks Madhawa...

    ReplyDelete
  9. Ask the money from them. They'll give u the money with a cheque.
    Yes some asks for a min investment for giving online trading.
    Asia securities gave online trading without a minimum investment, but don't know how is the situation now. And sorry, other than that, don't know about other broker firms.

    ReplyDelete
    Replies
    1. Aluthenma account1k hadagannawanam company1ta gihinmada hadaganna wenne mata a gana danaganna oni account1k hadaganna widiya

      Delete
  10. Account එකක් හදාගන්න එක ගැමෝගෙම එකම විදිහයි. එයාලගෙ වෙබ් සයිට් එකෙන් ෆෝම් එක ඩවුන්ලෝඩ් කරගෙන පුරවල, අදාල වෙනත් විස්තර එක්ක පෝස්ට් කරන්නත් පුළුවන්. අදාල තැරැව්කාර ආයතනයට කතා කරල බලන්න.

    ReplyDelete
    Replies
    1. Cds account එකක් අරින්න හොද තැරැව්කාර ආයතනය මොකක්ද,online access දෙන.mail එකට reply කරන්න brother.

      Delete
  11. කොටස් වල ම්ල ක්කොහොම

    ReplyDelete
  12. අපි විකුණන කොටස් වල සම්පූර්ණ මුදලින්ද 1.2% තැරැව්කාර සමාගම අරගන්නෙ,එහෙමත් නැත්තන් යම්කිසි ලාබෞඅක් ලබනවනම් ඒ ලාබෙන්ද

    ReplyDelete

ඔබගේ අදහස්/උදහස්/යෝජනා/චෝදනා මෙහි ලියන්න.
ගැටළුද යොමු කරන්න. (ගැටළු Contact Form හරහාද යොමු කළ හැක.)

Post Top Ad