කොළඹ කොටස් වෙළඳපළ ගැන හැමෝම දැනගත යුතු දේවල් ටිකක් - Guide to CSE

Hot

Saturday, May 8, 2010

කොළඹ කොටස් වෙළඳපළ ගැන හැමෝම දැනගත යුතු දේවල් ටිකක්

මේ දවස් වල හුඟක් කතා බහට ලක්වෙන මාතෘකාවක්නෙ, කොළඹ කොටස් වෙළඳපළ. විවිධ අය කොළඹ කොටස් වෙළඳපළ තුළ ආයෝජනය දිරි ගැන්වීම සඳහා විවිධ දේ කියනව (මමත් ඇතුළුව, :) හැබැයි මේකෙන් මට කිසිම ලාභයක් නෑ, රට වෙනුවෙන් දෙයක් කිරීමයි බලාපොරොත්තු වෙන්නෙ.) පත්තර වල ලිපි ලියවෙනව, රූපවාහිනී වැඩසටහන් පවත්වනව, වෙබ් අඩවි වල ලිපි ලියවෙනව, ගුවන් විදුලිය රූපවාහිනිය තුළ ඒ ගැන කතා කරනව. ඒ දේවල් වලින් ප්‍රයෝජනයකුත් නැත්තෙ නෑ කියල කියන්න පුළුවන්. 
මේ දින වල කොළඹ කොටස් වෙළඳපළ විසින්ම (හරියටම කිව්වොත් ජාතික විනිමය කොමිශන් සභාවෙන්) එසේ දිරි ගැන්වීමක් කරල තියෙනව, ඒ තමයි කොටස් ගනුදෙනු කිරීමේදී අය කරන ගාස්තුව අඩු කර තිබීම. මුලදී එය තිබ්බේ 1.425% ලෙස, නමුත් දැන් එය 1.02% දක්වා අඩු කරල තියෙනව. (ඒ කියන්නෙ එම ප්‍රතිශතය 20%කින් අඩු කරල.) මෙම අගය ලබන ජුලි මස පළමුවනදා සිට ක්‍රියාත්මක වෙනවා.
නව අගයන් පහත පරිදි වෙන්නෙ.


මෙම සියළුම දේ වලින් බලාපොරොත්තු වෙන්නෙ කොළඹ කොටස් වෙළඳපළ තුළට නව ආයෝජකයින් අද්දවා ගැනීම, ඒක ඔය රූපවාහිනියෙ, පත්තර වල, විවිධ වෙළඳ භාණ්ඩ යන බොරු වෙළඳ දැන්වීම් වගේ නෙමෙයි, ඔබට ඉතාම ප්‍රයෝජනවත් වෙන දෙයක්. මොකද කොළඹ කොටස් වෙළඳපළ තුළ ආයෝජනය කියන්නෙ කෙටිකාලීන වගේම දීර්ඝ කාලීන වශයෙනුත් ඉතාම වාසි දායක ආයෝජන අවස්ථාවක්. තව අතකින් කිව්වොත් ඉතාම ලාභදායක රැකියා අවස්ථාවක්. (ගෙදරට වෙලා සල්ලි හොයන්න කියල ඔය එක එක්කෙනා කියන බොරු වලට රැවටෙන්නෙ නැතුව, ඇත්තටම සල්ලි හොයන්න පුළුවන් ක්‍රමයක්) නමුත් නිකං බෑ, මූලික ආයෝජනයක් වගේම කාලය හා ශ්‍රමය ටිකක් වැය කළ යුතු දෙයක්. ඒ කාලයට මහන්සියට අනිවාර්යයෙන්ම ඉහළම ප්‍රථිඵල ලබා ගතහැකි ක්‍රමයක්. 
මේ දින වලත් කොටස් වෙළඳපළ ක්‍රමයෙන් ඉහළ යනවා, ඉතින් ඉක්මනින් ආයෝජනය කිරීම මගින් ඉහළ  ලාභයක් ලබා ගත හැකි වෙනවා. 
තවත් දෙයක්, කොටස් වල මිල ඉහළ යන්න ඉහළ යන්න, කුඩා පරිමාණ ආයෝජකයින්ට වෙළඳපළ තුළට ඇතුළු වීම අපහසු වෙනවා, මොකද කිව්වොත් කොටස් වල මිල ඉහළ යාමත් සමඟ යම් කොටස් ප්‍රමාණයක් මිලට ගන්න වියදම් කළ යුතු මුදල් ප්‍රමාණය ඉහළ යාම. ඉතින් තවත් කල් යන්න නොදී දැන්මම ආයෝජනය කිරීම ඇරඹිම කුඩා පරිමාණ ආයෝජකයින්ට නම් වාසිදායක වෙයි. 
උදාහරණයක් හැටියට, ඔබ මීට වසරකට පෙර මිලදීගත් කොටස් ප්‍රමාණයක් දැන් මිලදී ගන්න එදා වියදම් කළා වගේ 2,3න් ගුණයකට වඩ වැඩි මුදලක් අවශ්‍ය වෙනව. 

රට තුළ සිදුවන සංවර්ධන ක්‍රියාවලි නිසා විවිධ ක්ෂේත්‍ර තුළ විවිධ ප්‍රමාණ වලින් වර්ධනයක් සිදු වෙනවා, ඒ නිසා කොළඹ කොටස් වෙළඳපළ තුළත් ඒ අදාල ක්ෂේත්‍ර තුළ වර්ධනයන් සිදු වෙනවා. උදාහරණයක් හැටියට, ගොඩනැඟිලි ක්ෂේත්‍රය දක්වන්න පුළුවන්.
ඒ වගේම රටේ සිදුවන විවිධාකාරයේ ක්‍රියාකරකම් නිසා කොටස් වෙළඳපළ ඉහළ පහළ යාම් වෙනවා. උදාහරණයක් ලෙස, ඉදිරියේදී එන IIFA හා ක්‍රිකට් ලෝක කුසලාන තරඟය නිසා හෝටල් ක්ෂේත්‍රය ඉදිරියේදී ඉහළ නගින්න ඉඩ තියෙනව.
මෙවැනි විවිධ දේ නිසා කොළඹ කොටස් වෙළඳපළ ඉදිරියටත් ඉතාම ස්ථාවර ලෙස ඉහළ යාවි යැයි බලාපොරොත්තු වෙන්න පුළුවන්. ඒ නිසා මම යෝජනා කරන්නෙ ආයෝජනයක් කරන්න, ප්‍රථිලාභ විඳින්න. හරියට කරනව නම් ඔබට කවදාවත් පාඩුවක් නම් වෙන්නෙ නෑ. මම ඒක තරයේම කියා සිටිනව.
පසුගියසතිය තුළ කොළඹ කොටස් වෙළඳපළ තුළ සියළු කොටස් මිල දර්ශකයේ විචලනය දක්වන ප්‍රස්තාරයක් සමඟින් මේ ලිපිය මෙහෙම මම අවසන් කරනවා.



7 comments:

  1. ම්ම්ම්...නියමයිනේ...

    ReplyDelete
  2. Madawa,
    CDS Accound ekak patan ganna adum kochchara ganak danna oneda?

    ReplyDelete
  3. There's no limit or a minimum value. But I recommend at least 5000/=. Mokada market eke thathwe anuwa e wage ganakwat danna one honda shares tikak ganna.

    ReplyDelete
  4. Wow.. Is it enough to start?

    I ll hope to start and thanks for your ideaas...

    ReplyDelete
  5. Yes, u can start from any amount, but some broker firms ask for a least amount (sometimes they ask for at least an amount of 100,000/=. Coz they mostly target large scale investors)
    So find a broker who can help u for real.

    ReplyDelete
  6. Meke mudal ayojanaya karana vidiha gana nuulika danumak ganna udawu karanna barida?? lankawen pita idan meka karanna puluwanda?

    ReplyDelete
  7. මෙහි තිබෙන මිල්ම ලිපි කියවන්න. ඔයාට මූලික දැනුම ඒවායින් ගන්න පුළුවන්. පිට රට සිට මේක කරන්න පුළුවන්, ඒකට තව අමතර අවශ්‍යතා ටිකක් ඕනෙ කරනව. තැරැව්කාර සමාගමෙන් අවශ්‍ය විස්තර ලබාගන්න පුළුවන්.

    ReplyDelete

ඔබගේ අදහස්/උදහස්/යෝජනා/චෝදනා මෙහි ලියන්න.
ගැටළුද යොමු කරන්න. (ගැටළු Contact Form හරහාද යොමු කළ හැක.)

Post Top Ad