සාර්ථක දිගු කාලීන ආයෝජනයකට උපදෙස් - 1 - Guide to CSE

Hot

Saturday, May 15, 2010

සාර්ථක දිගු කාලීන ආයෝජනයකට උපදෙස් - 1

ම්ම මෙතෙක් කල් වැඩිපුරම කතා කරල තියෙන්නෙ කෙටි කාලීන ආයොජන ගැනයි. නමුත් අද කතා කරන්න යන්නෙ දිගු කාලීන ආයෝජන සම්බන්ධයෙන්. එහෙම උනත් සියළුම ආයෝජකයින්ට මේ තොරතුරු හරහා ඉගෙන ගත යුතු දේවල් තිබෙනව.

කොටස් වෙළඳපළ තුළ ආයෝජනයන්ට කිසිදු නීති පද්ධතියක් නැති උනත් එහිදී පිළිපැදිය යුතු පොඩි පොඩි ප්‍රතිපත්ති කිහිපයක් තිබෙනව. ඒව දැඩි හා තර්කාත්මකයි.
අපි එහෙනම් බලමු, ආයෝජකයින්ට ඉහළ ‍වගේම දිගුකාලීන සාර්ථකත්වයක් ලබා ගත හැකි ලෙස වෙළඳපළ තුළ ස්ථාවර වීමට පිළිපැදිය යුතු ප්‍රතිපත්ති 9ක් ගැන.
මේ හැම කාරණයක්ම, ඕනෑම ආයෝජකයෙකු දැන සිටිය යුතු මූලික සංකල්පයක් ඉස්මතු කරනවා.



1. පරාජිකයින් විකුණා දමන්න, ජයග්‍රාහකයින්ට ඉදිරියට යන්න දෙන්න.

කොටස් වෙළඳපළ තුළ ලාභ ලබන්නෙ, ආයෝජකයා මිලට ගන්නා යම් කොටස් ප්‍රමාණයක් ටික කාලයකට හෝ දිගු කාලයකට පසු, ඉහළ මිලකට යළි විකිණීම තුළිනුයි. සමහර කොටස් තිබෙනව, මිල පහළ ගිහිල්ල කාලයක් තිබෙන. සමහරු ඒව තියාගෙන ඔහේ බලා ඉන්නව, කවදා හරි ඒව ඉහළ යයි කියල හිතාගෙන.
ආයෝජකයෙකුට බැරි නම් කොටස් මිල පහළ යනකොට ඒව අත ඇරල දාන්න කාලය මොකද්ද කියල තීරණය කරන්න, සමහරවිට ඔහුට හෝ ඇයට සිදු වේවි, එම කොටස් කිසිදු වටිනාකමක් නැති තරමටම බහිකම් බලා ඉන්නත්. ඒක තමා වෙන්න පුළුවන් නරකම දේ.
ඇත්තම කිව්වොත්, වැඩක් නැති ඒවා විකුණල දාල වටින ඒව තියා ගන්න එක ඉතාම හොඳ ක්‍රමයක්, නමුත් මේක පායෝගිකව නම් එතරම් පහසු දෙයක් නෙමෙයි.

2. යමෙක් දෙන උපදෙසක් එක පාර බාර ගන්න එපා

එක එක අය ඔයාලට උපදෙස් දෙනව. (මමත් එහෙම දීල තියෙනව ;) ) ඒ අය, ඔයාගෙ සහෝදරයා, නෑදෑයෙක්, අසල්වැසියා, හෝ ඔබගේ ආයෝජන උපදේශක උනත් වෙන්න පුළුවන්. එහෙම දෙන හැම උපදෙසක්ම එකපාර ඉස් මුදුනින් පිළිගන්න යන්න නම් එපා.
ඔබ යම් ආයෝජනයක් කරනකොට අනිවාර්යයෙන්ම "ඇයි මම එහෙම කරන්නෙ?" කියන ප්‍රශ්නෙ ඔබගෙන්ම අහන්න. ඔබ ඒ ආයෝජනය කරන්න හේතුව ඔබ දැන සිටිය යුතුයි. කුමන හෝ සමාගමක කොටස් මිලදී ගන්න ඉස්සෙල්ල, ඒ සඳහා ඔබගේ මුදල් වියදම් කරන්න ඉස්සෙල්ල ඔබම පොඩි සමීක්ෂණයක් කරල බලන්න ඒ සමාගම ගැන, පොඩ්ඩක් විස්තර හොයල බලන්න.
එක එක අය කියන පොඩි පොඩි කතා අහල, ආයෝජනය කරන්න යාම ඔබ ගන්නා අවදානමක්. ඒ නිසා පොඩ්ඩක් හිතල බලන්න, හොයල බලන්න. ඇත්ත, එයාල කියන දේ වාසනාවට ඇත්ත වෙන්නත් පුළුවන්. නමුත් එමගින් ඔබ, දිගු කාලීනව සාර්ථක වන, දැනඋගත් ආයෝජකයෙක් වෙන්නෙ නම් නෑ.

3. කෙටි කාලීන වෙනස්කම් වලින් සැලෙන්නෙපා

දිගු කාලීන ආයෝජකයෙක් විදිහට, වෙළඳපළ තුළ සිදුවන පොඩි වෙනස්කම් වලින් බය වෙන්න හොඳ නෑ. ඔබගේ ආයෝජන වල ක්‍රියාකාරිත්වය බලනකොට ඔබ විශාල චිත්‍රයක් දෙස බැලිය යුතුයි.
ඔබගේ ආයෝජන වලතත්වය ගැන විශ්වාසයෙන් බලන්න, කෙටි කාලීනව සිදුවන වෙනස්කම් දිහා සැකයෙන් බලන්න එපා.
දිගුකාලීන ආයෝජකයෙකු ලාභ ලබන්නේ කෙටි කාලීනව සිදුවන වෙනස්කම් වලට වඩා හාත්පසින්ම වෙනස් වෙළඳපළ ක්‍රියාකාරිත්වයන් මගින්, ඒක වසර කිහිපයක් තුළ සිද්ධ වෙන දෙයක්. ඒ නිසා අර මුලින් කිව්ව එක ගැන හිතන්නෙ නැතුව, තමුන් ඉගෙන ගන්න ගමන් කල යුත්තේ, තමුන්ගේ ආයෝජන දියුණු කර ගැනීමයි.

තවත් කරුණු සමඟ ඊලඟ ලිපියෙන් හමු වෙමු. එතෙක් මෙම උපදෙස් පොඩ්ඩ ගැනත් හිතල බලන්න.

15 comments:

  1. This comment has been removed by a blog administrator.

    ReplyDelete
  2. මා මිලට ගත් කොටස් දැන් අවුරුදු 3 කපටන් මා මිලට ගත් මිලට වඩා ඉහල ගියේනෑ..ඒත් දැන් වෙලදපොලේ කොටසක අගයෙන් බාගයක් වාගෙ මිලට කාලයක් කොටස් අලෙවි උනා..ඒ වෙලාවෙ තවත් අඩුවෙයි කියල හිතුවෙනැතිව කොටස් ටිකක් ගත්තනම් කල්ල මරේ....

    ReplyDelete
  3. එහෙම අවස්ථා වෙන්න පුළුවන්. ඒත් කොටස් වෙළඳපළ ආයෝජනයේ තියෙන ප්‍රධාන දෙයක් තමා "ලද දෙයින් සතුටු වීම" කියන එක. ඒක හිතන්නෙ නැත්තම් ලොකු පාඩු වෙන්න පුළුවන්. මම කොටස් විකුණල ඊට පස්සෙ දවසෙ ඒ කොටස් මිල තව තව ගොඩාක් ඉහළ ගිය අවස්ථා තියෙනව, ටිකක් දුකත් හිතෙනව ඒ වගේ වෙලාවල් වලට, නමුත් ඒව ගැන එච්චර හිතන්න හොඳ නෑ.

    ReplyDelete
  4. ඉතාමත් වටිනා උපදෙස් ටිකක්.

    ආයෝජකයන් කරන බරපතල වැරද්දක් තමයි කොටසක අගය දිගින් දිගටම වැටෙද්දි තව දුරටත් සමාගම ගැන බලාපොරොත්තු තබා ගත නොහැකි අවස්තා වලදීත් පස්සෙ වැඩි වෙයි කියල හිත හිත විකුනන්නෙ නැතුව තියාගෙන සිටීම.

    සමාගමක් දිගින් දිගටම අලාභ ලබයි නම් ඔබ එහි කොටස් විකුනා දමා පාඩුව අවම කර ගත යුතුයි.

    ReplyDelete
  5. @INVESTMENT ADVISOR: ඒ කතාව හරියටම හරි, ඒකෙන් වෙන්නෙ තවත් අලාභ වීම හා ලාභයක් ලබා ගැනීමට යොදාගත හැකිව තිබූ මුදලක් සිරවී තිබීම පමණයි. උදා: මගෙ මිත්‍රයෙක් DIAL.N0000 හි කොටස් මිලදීගෙන තිබෙනව කාලෙකට ඉස්සෙල්ල ඒ රු.20කට වගේ අගයකට. දැන් එහි මිල රු.8ක් වගේ ගාණක් කියල දන්නවනෙ, මම ඒක දැනගත්තෙ මේ ඊයෙ පෙරෙයිද. ඔහුට ඒකෙන් රු.8000ක පමණ පාඩුවක් තිබෙනවලු, නමුත් මම කිව්ව නික1 ඉතුරු ගාණත් හිරකරගෙන ඉන්නෙ නැතුව විකුණල දාන්න කියල.
    මේක අහල අනිත් අය බය වෙන්න එපා. එහෙම දේවල් නොවෙන්න වග බලාගන්න තමයි අපි මේ උපදෙස් දෙන්නෙ.

    ReplyDelete
  6. මම නමි ලගදි තමයි පටන් ගත්තේ
    මම මුලින් මොනවගේ කොටස් අරගන්නද කියක විතර ගන්නද

    ReplyDelete
  7. @Pahan: ඒක මට හරියටම කියන්න බෑ, ඒක ඔයගෙ අතේ තියෙන මුදල් ප්‍රමාණය, ඔයා ගන්න කැමති risk level එක වගේ දේවල් මත පදනම් වෙනවා.
    ඔයා මුලින්ම ඉන්වෙස්ට් කරන්න යනව නම් ලොකු ලොකු ගණං වල ඒවට යන්නෙ නැතුව පොඩි ගණං වල ඒව ගන්න, ඔයාගෙ උපදේශකගෙන් අහන්න මොනවගේ ඒවද ගන්න හොඳ කියල.
    රටේ තත්වය හා විවිධ හේතු එක්ක එක එක සමාගම් වල කොටස් මිල වෙනස් වෙනවා, ඒව ගැනත් පොඩ්ඩක් හිතන්න ඕනෙ.

    ReplyDelete
  8. Samanyen company ekaka stock price history eka years kiak apasata balana oneda?

    Ude shares aran hawasa wikunana aya inawada ? :)

    ReplyDelete
  9. මෙච්චරක් බලන්න කියල කියන්න බෑ, ඒක සමාගම අනුව, ඒක මාකට් එකේ තිබ්බ කාලය අනුව, ඒකෙ ක්‍රියාකාරිත්වය අනුව වෙනස් වෙනවා.
    සාමාන්‍යයෙන් වසර 2,3ක්වත් ආපස්සට බැලිය යුතුයි. විශේෂයෙන්ම බැලිය යුත්තේ සමාගමේ ලාභයන්, වත්කම්, වගේ දේවල් තමයි.

    ඔව් උදේ අරගෙන හවස විකුණන අය ඉතාම විශාල ගණනක් ඉන්නවා. (මමත් ඒක කිහිපවිටක් කරල තියෙනවා.)

    ReplyDelete
  10. Apita one hama welawame share gana ba neda?

    ReplyDelete
  11. පුළුවන්, ඒ සමාගමේ කොටස් කවුරුන් හෝ විකුණන්න කැමැත්තෙන් සිටිනවා නම් හා ඔහු/ඇය විකුණන්න කැමති මිලට ඔබ ගන්නත් කැමති නම්.

    ReplyDelete
  12. Thawath prasnayak, ai mewage company 2k ekama namin

    http://img218.imageshack.us/img218/629/2comp.png

    ReplyDelete
  13. සමාගම් දෙකක් එකම නමකින් නෙමෙයි, එකම සමාගමක කොටස් වර්ග දෙකක්.
    එහෙම තිබෙනවා.
    කොටස් වෙළඳපළ තුළ විවිධාකාරයේ කොටස් වර්ග තිබෙනවා. .N කියන්නෙ Voting ordinary shares, .X කියන්නෙ non voting ordinary shares, .W කියන්නෙ warrents, .R කියන්නෙ right issues.
    ඉතින් මේ ආකාර කිහිපයේම කොටස් එකම සමාගමක් මගින් නිකුත් කරන්න ඉඩ තිබෙනවා.
    ඔබ පෙන්වා තිබුනේ Tokyo Cement හි ඡන්ද හිමි සාමාන්‍ය කොටස් හා ඡන්ද බලය රහිත සාමාන්‍ය කොටස් යන කොටස් වර්ග දෙකයි.

    ReplyDelete
  14. මාධව අය්යෙ ඔයා දන්න විදියට හොඳ broker company කිහිපයක නම් කියන්න

    ReplyDelete
  15. එහෙම, මේව අරවට වඩා හොඳයි කියල කියන එක එතරම්ම ethical නෑ නේද? සාමන්‍යයෙන් කිව්වොත් ගොඩක් ප්‍රසිද්ධ විශාල ආයතන හොඳයි කියල කියන්න පුළුවන්.

    ReplyDelete

ඔබගේ අදහස්/උදහස්/යෝජනා/චෝදනා මෙහි ලියන්න.
ගැටළුද යොමු කරන්න. (ගැටළු Contact Form හරහාද යොමු කළ හැක.)

Post Top Ad