සාර්ථක දිගු කාලීන ආයෝජනයකට උපදෙස් - 2 - Guide to CSE

Hot

Wednesday, May 19, 2010

සාර්ථක දිගු කාලීන ආයෝජනයකට උපදෙස් - 2

මම කිව්වනෙ ප්‍රතිපත්ති 9ක් ගැන, ඒවයින් තුනක් මුල් ලිපියෙන් කිව්ව, දැන් අපි බලමු ඊළඟ තුන.


4. P/E ratio ගැන බරපතලව හිතන්නෙපා.


මොකද්ද බොලේ මේ P/E ratio කියන්නෙ? ඒ කියන්නෙ Price: Earnings (මිලට ආදායමේ) අනුපාතයයි. මේක ගැන සමහරු හුඟක් ලොකුවට හිතනව. ඇත්ත, ඒ අනුපාතය වැඩි වෙන්න වැඩි වෙන්න අපිට ලැබෙන ලාභය වැඩි වෙන්න පුළුවන් තමා, නමුත් මේක ගැන අනවශ්‍ය ලෙස හිතන්න හොඳ නෑ. 
මෙම අනුපාතය ගැන පමණක් හිතල කොටස් මිලදී ගන්න කියල කවුරුහරි කියනවනම් ඒක නම් නරක උපදේශයක්.  මෙම අනුපාතය ගැන හිතනකොට ඒක ගැන විතරක් හිතන්න හොඳ නෑ, තවත් විවිධ විශ්ලේෂණ ක්‍රියාවලි එක්ක සම්බන්ධ කරගෙන තමයි හිතන්න ඕනෙ. මෙම අනුපාතය අඩු උනා කියල කෙලින්ම කියන්න බෑ ඒ සමාගමේ කොටස් අව මිලක (Undervalued) තියෙනව කියල, හෝ අනුපාතය ඉහළ ගියාට කියන්නත් බෑ එම කොටස් අධි මිලක (Overvalued) පවතිනව කියලවත්.




5. පොඩි පොඩි ගණං වලට විකිණෙන කොටස් වල ආකර්ෂණයට අහු වෙන්න එපා.


මේකත් හුඟක් අය වැරදියට හිතන දෙයක්. හුඟක් අය හිතනව පොඩි ගණං වලට තියෙන කොටස් ගත්තම, පාඩුවක් උනොත් වෙන පාඩුව අඩුයි කියල. ඒක නම් සම්පූර්ණයෙන්ම වැරදි අදහසක්. ඔයා ගන්නෙ රු.5 කොටසක් උනත් රු.75 කොටසක් උනත් දෙන්නම ශත 50 කින් අඩු උනොත් වෙන පාඩුව සමානයි නේද?. ඒ නිසා එහෙම බොරුවට බය වෙලා, හොඳ විචලනයන් තියෙන, වැඩිපුර වැඩි වෙන ඉහළ මිලකට අලෙවි වන කොටස් ගන්නෙ නැතුව ඉන්න එපා. (Liquidity එක වැඩි වෙනකොට වාසි ගන්න ලේසියි, නමුත් ඒක දිගුකාලීන ආයෝජකයින්ට එතරම් වාසියක් ගෙන එන්නෙ නෑ, ඒකෙන් වැඩිපුර ලාභ ගන්න පුළුවන් දෛනික ආයෝජකයින්ට (Day Traders))


6. තමුන්ගේම උපාය මාර්ගයක් සකසාගෙන ඒකත් එක්ක යන්න.


විවිධ පුද්ගලයින් තමුන්ටම ආවේණික ක්‍රමෝපායන් යොදාගෙන ආයෝජනයන් කරල තමුන්ගේ ඉලක්ක වලට ගමන් කරනව.
සාර්ථක වීමට ක්‍රම බොහොමයක් තිබෙනව, එකක් කියල කියන්න බෑ, සහ එකක් අනිකට වඩා හොඳයි හෝ නරකයි කියල කියන්නත් බෑ. 
කොහොම හරි, ඔබ ඔබගේම ක්‍රමයක් හදාගත්තට පස්සෙ ඒකත් එක්කම යන්න. එක එක විධි ක්‍රම අනුගමනය කරමින් කොටස් මිලදී ගන්න යන ආයෝජකයෙක් එතරම් සාර්ථක වෙන්නෙ නෑ. බොහෝ විට ඔහු හෝ ඇය ඉතාම නරක තත්වයකට පත් වෙන්න ඉඩ තියෙනව. එහෙම සැරෙන් සැරේ ඔබගේ ක්‍රමය වෙනස් කරනව නම් ඔබ වෙළඳපළ ගැන අනාගතය අනවශ්‍ය ලෙස දකින්නට උත්සාහ කරන කෙනෙක් වෙනව, ඒක නම් සාර්ථක ආයෝජකයෙක් කිසිසේත්ම නොකළ යුතු දෙයක්. මොකද කිව්වොත් කොටස් වෙළඳපළට බලපාන සාධක ගොඩාක් තියෙනව, ඒව කොයි වෙලේ කොහොම වෙනස් වෙයිද කියල හරියටම කියන්න කාටවත් බෑ. සමහරවිට කිසිසේත්ම නොසිතෙන දෙයක් උනත් වෙන්න පුළුවන්නෙ. (උදා: හදිසි පාරිසරික හානියක් වගේ දෙයක්)

හොඳයි, මේ අදහස් ටිකත් ඔබගේ දැනුමට එකතු කරගෙන කොටස් වෙළඳපළ සමඟ එකතු වෙන්න, ඊළඟ ලිපියෙන් අවසන් ප්‍රතිපත්ති තුන  ගැන කතා කරමු.

3 comments:

  1. මාධව, ඔයාගේ ලිපි බැලුවට පස්සේ මගහරිමින් හිටිය කොටස් වෙළඳපොළ ආයෝජනය මමත් කරනවා කියලා හිතුනා. මම ලබන මාසෙ ලංකාවට ආවාම අනිවාර්යයෙන් CDAX විදියට මගේ Account ඒක හදාගෙන පටන් ගනිනවා. ස්තූතියි ඔයාගේ ලිපි වලට දැනුමත් සමඟ අපව දිරිමත් කරනවාට.

    ReplyDelete
  2. අහන්නත් සතුටුයි, මෙහෙම කොහොම හරි කොටස් වෙළඳපළ ආයෝජනයන් දිරිමත් කිරීම තමයි මම බලාපොරොත්තු වෙන්නෙ.

    ReplyDelete
  3. "ඔයා ගන්නෙ රු.5 කොටසක් උනත් රු.75 කොටසක් උනත් දෙන්නම ශත 50 කින් අඩු උනොත් වෙන පාඩුව සමානයි නේද?" :

    මේ අදහස ගැන නම් මම එකග නැහැ. රු.750ක් අයෝජනය කරන අයෙකුට රු.5 කොටස් 150ක් මිලදි ගන්න පුලුවන්. ඔහුම 75 කොටස් මිලට ගත්තොත් ඔහුට කොටස් 10ක් මිලට ගන්න පුලුවන්.
    කොටසක් ශත 50කින් අඩු වුවිට විකුණුවහොත්, 5 කොටස් මිලට ගෙන තිබුනේ නම් රු. 0.50*150=75 ක්ද 75කොටස් මිලට ගෙන තිබුනේ නම් රු. 0.50*10=5 කද අලාභයක් සිදුවෙනවා.
    දෙවන අවස්ථාවේ අලාභය අඩු බව පෙනෙන්නවා නේද?

    එක කොටසකින් වෙන අලාභය සමාන උනත් මුලු අලාභය වෙනස්. ආයෝජනයේදි සලකාබලන්න වෙන්නේමුලු අලාභයයි.

    ReplyDelete

ඔබගේ අදහස්/උදහස්/යෝජනා/චෝදනා මෙහි ලියන්න.
ගැටළුද යොමු කරන්න. (ගැටළු Contact Form හරහාද යොමු කළ හැක.)

Post Top Ad