සාර්ථක දිගු කාලීන ආයෝජනයකට උපදෙස් - 3 (Final) - Guide to CSE

Hot

Saturday, May 22, 2010

සාර්ථක දිගු කාලීන ආයෝජනයකට උපදෙස් - 3 (Final)

පළමු ලිපියෙන් හා දෙවන ලිපියෙන් අපි කතා කළා සාර්ථක දිගු කාලීන ආයෝජනයක් සඳහා කළ යුතු දේවල් කිහිපයක්, මේ ඒ ලිපි පෙළේ තුනවන හා අවසාන ලිපිය.

7. අනාගතය ගැන හිතන්න.

කට්ටිය බලනවද මොකද්ද ඒ හරුපෙ කියල, ඉස්සෙල්ල ලිපියෙ කිව්ව වැඩිපුර අනාගතේ ගැන හිතන්නෙපා කියල කතාවක්, දැන් වෙන කතාවක් කියනව. ඒ ඉස්සෙල්ල කිව්ව අනාගතේ ගැන නෙමෙයි මේ කියන්නෙ.
කොටස් වෙළඳපළ ආයෝජනයේදී ඉස්සරහට මෙන්න මෙහෙම වෙයි කියල අපිට අනුමාන කරන්න සිද්ද වෙනව. (ඒක අනවශ්‍ය ලෙස එපා කියලයි ඉස්සෙල්ල කිව්වෙ)
එහෙම අනුමාන කරනකොට ඉතාම තදින් මතක තබා ගත යුතු දෙයක් තමයි, පරණ දත්ත වලින් ඉදිරියෙදි මෙන්න මෙහෙම දේවල් වෙන්න පුළුවන් කියල අනුමාන කරන්න පුළුවන් උනාට වඩා වැදගත් වෙන්නෙ අනාගතයෙදි මොනවද වෙන්නෙ කියන එක. අපේ විශ්ලේෂණ වරදින්න ඉඩ තියෙනව. (ඉස්සෙල්ල ලිපියෙත් කිව්වෙ, විවිධ හේතු මත වෙළඳපළ විචලනය වෙනව, අනුමාන කරන්න බැරි දේවලුත් වෙන්න පුළුවන් කියල)



8. දිගු කාලීන දර්ශනයක් ඇති කරගන්න. 

කෙටි කාලීන විශාල ලාභ, වෙළඳ පළට අළුත් ආයෝජකයින්ව තව තවත් ඒ තුළට පොලඹවනවා. නමුත් දිගුකාලීන දර්ශනයක් ඇති කරගැනීම, ඇතුළු වීම, පිට වීම හා විනාශවී යාම කියන බයවල් ආයෝජකයා තුළින් ඉවත් කරනවා. (විනාශ වෙනව කිව්වෙ ඔයාලට ලොකු පාඩුවක් වෙනව කියන එක)
මේ කිව්ව දෙයින් කියවෙන්නෙ නෑ, කෙටිකාලීන ආයෝජන මගින් ලාභ ලබන්න බෑ කියන එක නම්. ඒත් මම ඉස්සෙල්ල කිව්වෙ, ලාභ ලබන්න විවිධාකාරයේ ක්‍රම විධි තිබෙනව, තමුන්ට ගැළපෙන ක්‍රමයක් තෝරාගැනීම/ ක්‍රමයක් හදා ගැනීම කළ යුතු වෙනවා.
මෙතනදි කියන්න ඕනෙ දේ තමයි, කොටස් වෙළඳපළ තුළ තියෙන අවදානම් තුලින් බොහොමයක් තිබෙනව, දිගුකාලීන ආයෝජකයෙකුට මුහුණ පාන්නට සිදු නොවෙන.
උදාහරණයක් විදිහට ඉක්මන් ආයෝජන (Active Trading, Day trading කියන එකත් මේකම වගේ තමයි) කරන්න විශේෂ හැකියාවක් හා අනෙකාට නොදෙවෙනි විශේෂ ආයෝජන ක්‍රමෝපායක් තිබිය යුතුයි.
දෙකේම වාසි හා අවාසි තිබෙනව, නමුත් Active Trading කියන එක, ඒකට ගොඩ කාලයක් වියදම් කරන්න බැරි පුද්ගලයෙකුට, ඊට අදාළ දැනුම නොමැති පුද්ගලයෙකුට, ඊට අවශ්‍ය මුදල් නොමැති කෙනෙක්ට, ඒකට ඕනෙ කරන කැමැත්ත නැති කෙනෙක්ට කිසිසේත්ම ගැළපෙන්නෙ නෑ.

9. විවෘත මනසක් ඇති කරගන්න.

හුඟක් විශාල සමාගම් බොහෝවිට එදිනෙදා අප භාවිතා කරන දේවල් හා සම්බන්ධයි. එහෙම උනා කියන ඉතා හොඳ ආයෝජනයක් එදිනෙදා පාවිච්චි කරන සමාගමක් වෙන්න ඕනෙ නෑ.
අද කුඩා සමාගමක්, හෙට වෙළදපළ තුළ ඉහළම ක්‍රියාකාරිත්වයක් හිමි කරගන්නා සමාගමක්වෙන්න පුළුවන්, ඒ නිසා ඒක ගැනත් ටිකක් හිතල බලන්න.

හරි ඔන්න.
මේ ලිපි පෙළ තුළ, දිගුකාලීන ආයෝජකයින්ට අවශ්‍ය වන උපදෙස් ටිකක්, මාතෘකා 9කට ගොනු කරල තියෙනව.
මේ කරුණු, දිගුකාලීන ආයෝජකයින් වෙනුවෙන් කියල විශේෂ කළාට, මේ දේවල් කෙටි කාලීන ආයෝජකයින්ටත් වැදගත් වෙනව. ඒ නිසා, ඔබ කෙටිකාලීන ආයෝජකයෙක් කියල, මේ දේවල් නොසළකා හරින්නෙපා.
මේ හැම එකකටම විරුද්ධ දෙවලුත් තියෙනව. නමුත් මෙමගින් බලාපොරොත්තු උනේ, කොටස් වෙළඳපළ ගැන සාමාන්‍ය දැනුමක් ඇති කරල කොටස් වෙළඳපළ ගැන ඔබ හිතන්න ඕනෙ කොහොමද කියල අදහසක් ඇති කරන්න උත්සාහ කරපු එකයි.
මේ හරහා ඔබට ආයෝජකයෙක් වෙන්න උදව්වක් කිරීම තමයි ම්ම බලාපොරොත්තු උනේ.

1 comment:

ඔබගේ අදහස්/උදහස්/යෝජනා/චෝදනා මෙහි ලියන්න.
ගැටළුද යොමු කරන්න. (ගැටළු Contact Form හරහාද යොමු කළ හැක.)

Post Top Ad