අද කොළඹ කොටස් වෙළඳපළට විශේෂ දිනයක් - Guide to CSE

Hot

Monday, April 19, 2010

අද කොළඹ කොටස් වෙළඳපළට විශේෂ දිනයක්

අද දවස කොළඹ කොටස් වෙළඳපළට විශේෂ දිනයක් වෙනවා. මොකද ප්‍රථම වතාවට කොටස් වෙළඳපළ, සියළු කොටස් මිල දර්ශකය (ASI) ඒකක 4000 පසු කළා. පසු ගිය කාලය කොළඹ කොටස් වෙළඳපළ ඉතා ඉහළ ක්‍රියාකාරිත්වයක් වගේම ඉහළ වර්ධනයක් පෙන්වපු වෙළඳ පළක්.
ඔයාල දන්නවනෙ, සියළු කොටස් මිල දර්ශකය කියන්නෙ සම්පූර්ණ වෙළඳපළ ගැනම මිනුමක් ලබාදෙන දර්ශකයක් කියල.
2009.04.20 වන දින ඒකක 1744.14 ක් වූ සියළු කොටස් මිල දර්ශකය, අද දින අවසානයේදී ඒකක 4015.36 ක් වුනා. වසර තුළ තත්වය බැලුවම ඒක 130% වර්ධනයක්.
මේ පහත ප්‍රස්ථාර වලින් ඔයාලට බලාගන්න පුළුවන් පසුගිය කාලය තුළ සියළු කොටස් මිල දර්ශකයේ විචලනය.

මුළින්ම බලමු පසුගිය සතිය තුළ ASI හි විචලනය


මේ පසුගිය මාසය තුළ එහි විචලනය



පොඩ්ඩක් බැලුවොත් පෙනෙයි අළුත් අවුරුද්දට පෙර ඉහළ යාම අඩු වෙලා තිබ්බත් (යම් ස්ථාරව ගතියක් පෙන්නනව) අවුරුද්දෙන් පස්සෙ ආපහු ඉහළ යන්න පටන් අරගෙන කියල. මැතිවරණයෙන් පස්සෙත් ක්ෂණික වර්ධනයක් පෙන්නල තියෙනව.

දැන් බලන්න පසුගිය වසර තුළ එහි විචලනය


ඔයාලට මේව බැලුවම පේනව ඇති කොළඹ කොටස් වෙළඳපළ පසුගිය කාලය තුළ ඉතා ඉහළ වර්ධනයක් හිමිකරගෙන ඇති බව.

ඒවත් එක්කම පසුගිය මාස 3 තුළ මිලන්කා මිල දර්ශකයේ විචලනයත් බලාගෙන යමු.


මෙහි සම්පූර්ණයෙන් ගත්තොත් ඉහළ යාමක් තිබ්බත් එතරම් ස්ථාවර ගතියක් පෙන්නල නෑ.

අන්තිමට ඉතින් කියන්න තියෙන්නෙ, කොළඹ කොටස් වෙළඳපළ ඉතා ඉහළ ආදායමක් ලබා ගත හැකි ඉතාම හොඳ ආයෝජන අවස්ථාවක් කියන එක තමයි.

No comments:

Post a Comment

ඔබගේ අදහස්/උදහස්/යෝජනා/චෝදනා මෙහි ලියන්න.
ගැටළුද යොමු කරන්න. (ගැටළු Contact Form හරහාද යොමු කළ හැක.)

Post Top Ad