CDAX කුප්පි - 3 - Guide to CSE

Saturday, July 31, 2010

CDAX කුප්පි - 3

පටුන:
CDAX කුප්පි - ආරම්භය
CDAX කුප්පි - 2
CDAX කුප්පි - 3


අන්තිම ලිපියෙන් අපි කතා කළේ, CDAX හරහා, වෙළඳපළ තොරතුරු හා තමුන්ගේ ගිණුමේ තොරතුරු බලාගන්නෙ කොහොමද කියල. අද අපි මේකෙ තියෙන ටූල් බාර් එක ගැන කතා කරමු. මෙතන තියෙන්නෙ සාමාන්‍යයෙන් බහුලව භාවිත වෙන දේවල් ටිකක්.

zrclip_001nc481bdc


මෙන්න තියෙනව ඔය කියන ටූල් බාර් එක. අපි මේකෙ එක එක ටූල් එක ගැන මුල සිට පිළිවෙලින් කතා කරමු.

Image1Ticker Quate Watch - Normal = මේකෙන් පුලුවන් කොටස් වෙළඳාම් වෙන හැටි පොදුවේ බලන්න. ඒ කියන්නෙ මේක දාගත්තම Normal Market එකේ හැම සමාගමකම කොටස් වෙළඳාම් වෙන හැටි පෙන්නනව.

Image2Normal Lot Watch = මේකත් ඉස්සෙල්ල එක වගේම තමා, නමුත් අපි මෙතනට එක් කරන සමාගම් වල ගනුදෙනු විතරයි මේකෙ පෙන්වන්නෙ. ඔක්කොම පෙන්වන්නෙ නෑ. මේක අපිට පස්සෙ භාවිතයට සේව් කරල තියාගන්නත් පුළුවන්. (Right Click කරල Add to Watch යන්න.)

Image3Multiple Order Books - Normal = ඕඩර් බූක් එකක් කියන්නෙ මොකද්ද කියල නම් මම කියල නෑ තමා, මෙතනදි ඒකත් පොඩ්ඩක් කියන්නම්කො. ඒ ඒ සමාගමේ කොටස් මිලට ගන්න ඉන්න අය හා විකුණන්න ඉන්න අයගෙ ලිස්ට් එකක් මෙන්න මේ ඕඩර් බුක් කියන එකේ තියෙනව. කී දෙනෙක්, කොටස් කීයක් කුමන මිලට විකුණන්න/ගන්න ඉන්නවද කියල මේකෙන් පෙන්වනවා. ඉතින් එහෙම සමාගම් කිහිපයක ඕඩර් බුක්ස් එක පාර බලාගන්න මේක යොදාගන්න පුළුවන්. මෙතන පෙන්වන්නෙ එම සමාගම් වල Normal Market එකට අදාල ඕඩර් බුක් එකයි. මේකටත් සමාගම් එකතු කරන්න ඕනෙ. (Right Click කරල Add to Watch යන්න.)
Image19


Image4 Multiple Order Books - Odd = මේකත් උඩ එක වගේම තමා, නමුත් වෙනස, උඩ එක Normal Market එකේ සමාගමේ කොටස් වල විස්තර පෙනවනකොට මේකෙ පෙන්වන්නෙ ඒ සමාගම් වල Odd market එකේ විස්තර. මේකටත් සමාගම් එකතු කරන්න ඕනෙ. (Right Click කරල Add to Watch යන්න.)

Image16Preference Lots - Normal = අපි ඉස්සෙල්ල Normal Lot Watch එකක් අරගෙන එතනට එකතු කරපු සමාගම් ලැයිස්තුව සේව් කරගත්ත නේද, අන්න ඒ ලැයිස්තු මොනවද කියල මෙතනින් බලාගත්තැකි. එහෙම සේව් කරගත්තු Lot watch ලැයිස්තුවක් මෙතන පෙන්වනවා, ඕනෙ එක අපිට ඕපන් කරගන්න පුළුවන්.
Image20


Image5Sector Watch = කොටස් වෙළඳපළ තුළ තියෙන සමාගම් විවිධ කාණ්ඩ වලට වෙන් කරල තියෙනව දන්නව ඇතිනෙ. (උදා: හෝටල්, බැංකු, සංනිවේදන, ආයෝජන) අන්න ඒ ඒ කාණ්ඩ වල ක්‍රියාකාරිත්වය කොහොමද කියල මේක ක්ලික් කළාම එන එකෙන් පෙන්වනවා.


Image21

Image6Order Tracker = ඔයාල Buy Orders/ Sell Orders දාල තියෙනවනම් ඒව බලාගන්න තමා මේක තියෙන්නෙ, මේකෙන් පුළුවන්, දාල තියෙන Orders බලාගන්න. ඒ ලැබෙන Window එකෙන් පුළුවන් ඒ Orders, වෙනස් කරන්න/cancel කරන්න වගේ දේවල් කරන්න.

Image7Buy = ඔබ මොකක් හරි සමාගමක කොටස් මිලට ගන්න යනවා නම්, මේකෙන් ලැබෙන Order Entry Panel එකෙන් ඔබට පුළුවන් ඒ සමාගම තෝරල Buy Order එකක් දාන්න.


Image22

Image8Sell = ඔබ ලඟ කොටස් තිබෙන සමාගමක කොටස් විකුණන්න ඔබට ඕනෙ නම් මේක හරහා ලැබෙන Order Entry Panel එක හරහා ඒක කරන්න ඔබට පුළුවන්. (Buy/Sell දෙකටම තියෙන්නෙ එකම Order entry panel එක. එකක් ඕපන් කරගත්තම අනිකට මාරු වෙන්න උනත් පුළුවන්.)

Image9 Intra Day ASI Chart = එම දිනය තුළ සියළු කොටස් මිල දර්ශකයේ (All Share Price Index) විචලනය පෙන්වන ප්‍රස්ථාරයක් මමේ හරහා ගන්න පුළුවන්.

Image10 Intra Day MPI Chart = එම දිනය තුළ මිලන්කා කොටස් මිල දර්ශකයේ (Milanka Price Index) විචලනය පෙන්වන ප්‍රස්ථාරයක් මමේ හරහා ගන්න පුළුවන්.

Image11 CSE Announcements = කොළඹ කොටස් නිකුතුව මගින් පළ කරන නිවේදන මේ හරහා ඔබට කියවිය හැකියි.


Image24

Image12 CDAX Announcements = CDAX (Colombo Direct Access Exchange) සම්බන්ධ නිවේදන මේ හරහා කියවන්න පුළුවන්.

Image13 Alert Rules = යම් සමාගමක කොටස් මිල විචලනය වෙද්දි ඒක දිහා බලා ඉන්න ඔබට ඕනෙ නම් හැම වෙලේම ඒක කරන්න බැරි නම් මෙන්න ඔබට ගැළපෙන දෙයක්. මොකක් හරි කොටසක මිල ඔබ බලා සිටින අගයකට එනව නම් මේ හරහා ඒක ගන දැනගන්න පුළුවන්. උදා: ඔබ BALA.N0000 ගැන බලා ඉන්නව කියමුකො. ඒකෙ Bid Price එක 40ට අඩු හෝ Ask Price එක 50ට වැඩි උනොත් ඔබට දන්වන්න කියල මේකෙන් Rule එකක් හදන්න පුළුවන්.


Image26



 Image14Symbol Looku-up = ඔබ කුමන හෝ සමාගමක Symbol එක හරියට දන්නෙ නැත්නම් මේකෙන් පුළුවන් අකුරු කිහිපයක් යොදල සෙවුමක් යොදන්න. එතකොට එම අකුරු සමාගමේ නමේ තිබෙන සමාගම් ලැයිස්තුවක් එතන පෙනවනවා.


Image27


Image15 Exit CDAX = මේක නම් ඉතින් කියන්න දෙයකුත් නෙමෙයිනෙ. CDAX මෘදුකාංගයෙන් ඉවත් වෙන්න තමා මේක ක්ලික් කරන්න ඕනෙ. :)


මෙම කුප්පි මාලාවට Subscribe වන්න. මෙතන කොටන්න.

2 comments:

  1. blogger_logo_round_35

    bohoma honda lipiyak,man dan masa 7k withra cdax use karath ada thama dana gatte samahara ewa,lot watch ehema gana ;)

    ReplyDelete
  2. blank

    Ela ela Need more........

    ReplyDelete

ඔබගේ අදහස්/උදහස්/යෝජනා/චෝදනා මෙහි ලියන්න.
ගැටළුද යොමු කරන්න. (ගැටළු Contact Form හරහාද යොමු කළ හැක.)

Post Top Ad