ODEL වේගයෙන් ඉහළට - Guide to CSE

Hot

Wednesday, August 4, 2010

ODEL වේගයෙන් ඉහළට

ඔඩෙල් සමාගමේ කොටස් අද, කොළඹ කොටස් නිකුතුවේ අලෙවිය සඳහා නිකුත් උනා, ODEL.N0000 කියන Ticker එකේ නමින්.
අද දවසේ, ඔඩෙල් ඉතාම වේගයෙන් ඉතාම විශාල කොටස් ප්‍රමාණයක් හුවමාරු උනා. නමුත් බොහොමයක් (80%ක් වගේ ප්‍රමාණයක්) ගනුදෙනු උනේ කොටස් 100 හා 1000 අතර. 
IPO එකේදි රු.15 කට මිලට ගනු ලැබූ කොටස් ඉයේ දිනය තුළම මිල දෙගුණ උනා. ඉයේ දිනය තුළ එහි අවම මිල රු.29.80 කුත් ඉහළම මිල රු.38.50කුත් ලෙස ගනුදෙනු උනා. එහි ආරම්භක මිල උනේ රු.30ක්. 
කොටස් මිලියන 18.5ක් පමණ ගනුදෙනු උනා.
ඉතින් අද දවසේ ඔඩෙල් කොටස් පිළිබඳ විස්තර හා මිල උච්ඡාවචනය වුනු ආකාරය ‍ මෙන්න මේ වගෙයි.



ඔඩෙල් සඳහා විශාල ඉල්ලුමක් තිබෙනවා කියල පේනව, Order Book එක බැලුවම. නමුත් කොටස් හිමියන් වැඩි දෙනෙක් ඉහළ ලාභයක් බලාපොරොත්තුවෙන් ඉන්නව කියලත් හොඳින්ම පේනව.


 ODEL මේ ආයෝජකයින්ට ලබා දුන්නෙ ඔවුන්ගේ සමාගමේ 11.5%ක අයිතියක්, කොටස් මිලියන 16.7 ක් හරහා. ඔඩෙල් සමූහයේ ජුනි මාසයේ ආදායම 187%කින් ඒ කියන්නෙ රුපියල් මිලියන 37 කින් ඉහළ ගොස් තිබෙනවා පසුගිය වසරට සාපේක්ෂව. ඔඩෙල්හි ආaදායම තව තවත් ඉහළ නඟී කියල තමා විචාරකයින් පවසන්නෙ.
මේකට තියෙන ඉල්ලුම හා මෙහි සිදු වුනු ඉහළ නැගීම ගැන හිතල, ඊලඟට තිබෙන PCH IPO එකේදිත් හුඟක් අය මේ වගේ බලාපොරොත්තු තියාගෙන ඇති. නමුත් ඒ සඳහා මෙතරම්ම ජනප්‍රියත්වයක් ලැබෙන එකක් නෑ කියලයි සමහර විචාරකයො කියන්නෙ.  අපි බලමු මොනව වෙයිද කියල.


මේ ගැන ඔයාලගෙ අදහස් මොනවද? ODEL වල මිල තව ඉහළ යයිද, PCH වලට මොනව වෙයිද?
ඔබේ  අදහස්, අපගේ Forum එකේ මෙන්න මේ ත්‍රෙඩ් එකටත් පලකරන්න ඔබට පුළුවන්.
http://forum.guidetocse.com/viewtopic.php?f=6&t=86

2 comments:

  1. I'm still holding ODEL,will it be a good decision?or should i sell?i could sell it at 38.5 today :/
    btw,in the morning bid was abt 6.5m & ask was just 3m in the orderbook.In the evening CDAX didn't accept orders either,I tried to collect some good stocks while most are keeping eye on ODEL ;) but couldn't

    ReplyDelete
  2. Hmm, is that so?? Then that should be some problem with CDAX or they have blocked it for a reason. But I did not have that kind of problem.
    BTW I'm not pretty sure that it'll go further up (i meant higher than 40), but how can we surely predict that. As the order book, many ppl are trying to get a huge profit, see that the bids are less but the asks are doubled the size. So there is a possibility that it will go much higher.
    And alos there is a posibility that it'll come down and settle in a value around 25-30.
    I don't think that holding them will loose your profits. (mayb u'll think of selling htem 2moro.)

    ReplyDelete

ඔබගේ අදහස්/උදහස්/යෝජනා/චෝදනා මෙහි ලියන්න.
ගැටළුද යොමු කරන්න. (ගැටළු Contact Form හරහාද යොමු කළ හැක.)

Post Top Ad