ආයෝජන දිනය වෙනුවෙන් ප්‍රදර්ශන, සම්මන්ත්‍රණ - BMICH හිදී - Guide to CSE

Hot

Monday, October 18, 2010

ආයෝජන දිනය වෙනුවෙන් ප්‍රදර්ශන, සම්මන්ත්‍රණ - BMICH හිදී

2010 ආයෝජන දිනය වෙනුවෙන්, Securities and Exchange Commission (SEC) එක මගින් අධ්‍යාපනික ප්‍රදර්ශනයක් හා සම්මන්ත්‍රණයන් මාලාවක් සංවිධානය කරල තියෙනවා. 


ස්ථානය: සිරිමාවෝ බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාව
දිනය : ඔක්තෝබර් 26 වන දින
වේලාව : උදෑසන 10.00සිට සවස 6.00 දක්වා.


Hall A හි තමා ප්‍රදර්ශනය පැවැත්වෙන්නෙ.
කොටස් වෙළදපළ හා සම්බන්ධ සමාගම් හමුවීම, කොටස් ආයෝජනයන් පිළිබඳව තැරැව්කරුවන් සමඟ කතාබහ කිරීම, ඒකක භාර පිළිබඳව සාකච්ඡා කිරීම වැනි දේවල් මෙහිදී ඔබට කරන්න පුළුවන්.


Hall B හා C හිදී තමා සම්මන්ත්‍රණ පැවැත්වෙන්නේ.
උදෑසන 10 සිට සවස 3 දක්වා තිබෙන්නෙ පාසල් සිසුන් සඳහා සම්මන්ත්‍රණ 5ක්ද, සවස 3 සිට 6 දක්වා සාමාන්‍ය ජනතාව සඳහා සම්මන්ත්‍රණ 3ක්ද පැවැත්වීමට නියමිතයි. 
පාසල් සිසුන් සඳහා තිබෙන සම්මන්ත්‍රණ සියල්ලම සිංහල හා දෙමළ භාෂා දෙකෙන්ම පැවැත්වෙනවා.
සාමාන්‍ය ජනතාව සඳහා තිබෙන සම්මන්ත්‍රණ 3ම සිංහල භාෂාවෙන් පැවැත්වෙන අතර ඒවායින් එකක් දෙමළ භාෂාවෙන්ද, දෙකක් ඉංග්‍රීසි භාෂාවෙන්ද වෙනමම පැවැත්වෙනවා. 


කොටස් වෙළඳපළ ගැන මූලිකම දැනුමේ සිට ආයෝජනයන් පිළිබඳ, CDS ගැන, ලාභ ලබා ගන්නා ආකාරය, කොටස් වෙළඳපළ හා සම්බන්ධ මිත්‍යා පිළිබඳ විස්තර මේ සම්මන්ත්‍රණ හරහා ඔබට ලබා ගන්න පුළුවන්.


වැඩි විස්තර සඳහා රත්නසිරි අමතන්න: 0112331013-5 Ext: 106 (Financial Services Academy)
(මේ පිළිබඳ දැන්වීමක් ඔක්තෝබර් 17 Sunday Observer හි 67වන පිටුවේ පළව ඇත.)


මේ වගේ වැඩමුළු ගැන දැනගන් අපේ feed එකට එකතු වන්න.
ඊ මේල් ලිපිනයෙන් අප හා එක්වන්න:  
අනෙකුත් RSS පෝෂක ලබා ගැනීමට මෙතනින් යන්න.

No comments:

Post a Comment

ඔබගේ අදහස්/උදහස්/යෝජනා/චෝදනා මෙහි ලියන්න.
ගැටළුද යොමු කරන්න. (ගැටළු Contact Form හරහාද යොමු කළ හැක.)

Post Top Ad