CDAX කුප්පි - 4 - Menu Bar - Guide to CSE

Hot

Friday, October 1, 2010

CDAX කුප්පි - 4 - Menu Bar


CDAX කුප්පි - 4

අන්තිම කුප්පි ලිපියෙන් කතා කළේ tool bar එකේ තියෙන දේවල් ගැනනෙ. අද අපි කතා කරමු, එක එක menu වල තිබෙන දේවල් ගැන. Tool Bar එකේ තිබෙනව මෙතන තිබෙන දේවල් වලින් ඕනෙම කරන ඔක්කොම. 

New 

Lot watches කියන්නෙ අපි තෝරා ගන්නා කොටස් දිහා අපිට බලා ඉන්න, අපි හදා ගන්න custom lot watches වලට.
Order Books කියන්නෙ මොනවද කියල දන්නවනෙ, අන්න ඒ order books කිහිපයක් එකවර බලන්න හදාගන්න පුළුවන් මේකෙන්.
Ticker Quote Lot Watches කියන්නෙ පොදුවේ සියළුම සමාගම් වල කොටස් ගනුදෙනු වෙනකොට පෙන්වන lot watch එකක්.


View

Sector Watch එකෙන් පුළුවන් ඒ ඒ අංශ වල හැසිරීම කොහොමද කියල බලාගන්න. 
Market Watch එකෙන් පුළුවන් දවස ඇතුලත සිදු වුනු ගනු දෙනු විවිධ ආකාර වලින් තෝරාගෙන බලන්න.
Top 10 gainers/Top 10 losers/Top 10 share volume traded සමාගම් ලැයිස්තුවක් මෙතන බලාගන්න පුළුවන්.
Statistics වලින් පුළුවන්, යම් සමාගමක කොටස් වෙළද පළ තුළ තත්වය ගැන හොයල බලන්න. 
මොකක් හරි සමාගමක symbol එක ඔයාල දන්නෙ නැති නම් symbol lookup හරහා පොඩි සෙවුමක් දාල ඒක හොයාගන්න ඔයාලට පුළුවන්. 
Alert Rule ගැන නම් මීට පෙර ලිපියේ සඳහන් උනා.
Cost Calculator එක භාවිත කරල කොටස් මිලට ගැනීමේදී, විකිණීමේදී යන වියදම්, ලැබෙන ලාභ ප්‍රමාණය ගණනය කරගන්න පුළුවන්.
Cdax හා CSE වලින් ලබා දෙන කොටස් වෙළදපළට සම්බන්ධ පුවත් Announcements හරහා බලාගන්න පුළුවන්.
Dividends, Share splits, වගේ තොරතුරු දැනගන්න Cooperate Actions භාවිත කරන්න පුළුවන්. 

Preference Lots

අපිට පුළුවන්නෙ, අපේම ලිස්ට් හදාගෙන තියාගන්න. (ලිස්ට් හදාගන්නෙ Lot Watches හරහා, ඒව සුරැකුම් කරගත්තම Preference Lots වල තමා ඒව පෙන්වන්නෙ. ) ඕනෙම වෙලාවක ඒ වගේ අපි හදාගත්තු lot watch එකක් මෙතනට ගිහිල්ල open කරගන්න පුළුවන්. 

Orders 

කොටස් මිලට ගන්න/ විකුණන්න Orders දාන එක, දාපුව බලන එක, Queue කරපු Orders බලන එක මෙතනින් කරන්න පුළුවන්.

Client Details

ඔබ මිලට අරන් තිබෙන කොටස් වල තත්වය (ඔබේ Portfolio එක), ඔබගේ ගිණුමට අදාල Account Statement එක, එම දවස තුළ විකුණපු/ ලැබුනු කොටස් වල තත්වය, ණය සීමාව වගේ දේවල් මේ හරහා ගිහිල්ල බලාගන්න පුළුවන්.

Charts 

සමාගමක කොටස් වල මිල විචලනය වෙලා තියෙන්නෙ කොහොමද කියල බලා ගන්න මේක පාවිච්චි කරන්න පුළුවන්.
එම දිනය තුළ විචලනයන් Intra Day හරහාත්, පසුගිය කාල පරාසයක් තුළ විචලනයන් බලාගන්න Historical එකත් භාවිතා කරන්න පුළුවන්.

Tools

ඔබගේ security code එක වෙනස් කරගන්න, ඔබගේ CDAX login password එක වෙනස් කරගන්න හා CDAX අතුරු මුහුණත හා සම්බන්ධ දේවල් වෙනස් කරගන්න පුළුවන්, මෙහි තිබෙන options භාවිත කරල.

Windows

ඔබ දැනට Open කරගෙන ඉන්න windows, arrange කරගන්න පුළුවන් මේ හරහා.

Help

CDAX Help Documentation එකට හා cdax වෙබ් අඩවියට යන්න මෙතනින් පුළුවන්.

ඔන්න ඒ ටික ඉතාම වේගයෙන්, සරළව කියල දුන්න. ප්‍රශ්න ඇති වෙනවත් ඇති සමහර දේවල් ගැන. අහන්න, පුළුවන් තරම් හොඳින් උත්තර දෙන්නම්.

මෙම කුප්පි මාලාවට Subscribe වන්න. මෙතන කොටන්න.

3 comments:

  1. දිගටම කරගෙන යන්න සහෝ,ගොඩක් වටිනවා.

    ReplyDelete
  2. යම් කොටස් ප්‍රමනයක් විකිනුවට පස්සෙ ඒ ලබපු මුදල් ප්‍රමානය කොච්චරක්ද කියල බලා ගන්නෙ කොහොමද?balance එක විදියට තියෙන + හා - ලකුනු වලින් කියවෙන්නෙ මොකක්ද?odd market එකෙන් කොටස් ටික ටික අරන් 100ක් වුනාම ඒවා ET NORMAL යටතේ නෑවත විකුනන්න පුලුවන්ද?

    ReplyDelete
  3. Profit/Loss එක කීයද කියල Portfolio Monitor එකෙන් බලාගන්න පුළුවන්.
    Account Monitor එකට ගිහිල්ල Balance එක බැලුවම තියෙන අගය (-) අගයක් නම් ඒ කියන්නෙ ඉතිරියක් තිබෙනවා කියන එක. (+) අගයක් නම් කියන්නෙ ණයක් තිබෙනවා කියන එක.
    Odd market එකෙන් අරගෙන Normal Market එකේ විකුණන්න පුළුවන්. නමුත් ඒකෙන් ඔබ අමාරුවෙ වැටෙන්න ඉඩ තිබෙනවා. මොකද විකුණන අය විකුණන්නෙ බොහෝවිට අමුතු ගණන් සහ ඒ සියළුම කොටස් ගණන එක පාරට. ඉතින් ඔබ 100 සම්පූර්ණ කරගත්තත් ඔබේ අතේ තව කොටස් ටිකක් ඉතිරි වෙලා තිබේවි ආපහු odd market එකේම විකුණන්න වෙන. අනිත් එක එහෙම odd market එකෙන්ම අරගෙන normal market එකේ විකුණල ලාභ ගන්න නම් ටිකක් අමාරුයි.

    ReplyDelete

ඔබගේ අදහස්/උදහස්/යෝජනා/චෝදනා මෙහි ලියන්න.
ගැටළුද යොමු කරන්න. (ගැටළු Contact Form හරහාද යොමු කළ හැක.)

Post Top Ad