CDS ගිණුම් 530,000ක්. නමුත් ක්‍රියාකාරීන් අතලොස්සයි - Open for Discussion - Guide to CSE

Hot

Thursday, October 28, 2010

CDS ගිණුම් 530,000ක්. නමුත් ක්‍රියාකාරීන් අතලොස්සයි - Open for Discussion


ලංකාවෙ ජනගහනය මිලියන 20කට ආසන්නයි. නමුත් කොටස් වෙළඳපළ CDS ගිණුම්හිමියන් (වෙනත් වචන වලින් කිව්වොත් කොටස් වෙළඳපළ ආයෝජකයින්) ඉන්නෙ 530,000කට ආසන්න ප්‍රමාණයක් පමණයි. (සුරැකුම්පත් හා විනිමය කොමිෂන් සභාවේ සභාපතිනිය වන ඉන්ද්‍රානි සුගතදාස මහත්මිය පවසන ලෙස) එය ලංකාවේ මුළු ජනගහණයෙන් 5%ක්වත් නෑ.
නමුත් වඩාත්ම කණගාටුවට කරුණ නම් එම 530,000ක් ක්‍රියාකාරී ආයෝජකයින් සිටින්නේ 68,000ක් පමණයි. පසුගිය වසරේ එම අගය 37,000ක් පමණ. (අවම වශයෙන් එකම ගනුදෙනුවක් හෝ කළ අයත් මේකට අයිතියි.)
මොකද්ද මේකෙන් කියවෙන්නෙ? ආසාවට ගිණුමක් හදල කට්ටිය නිකං ඉන්නවද? නැත්නම් සල්ලි දාල very long term investment එකක් විදිහට තියල පැත්තකට වෙලා ඉන්නවද? ඒත් 460,000ක ගිණුම් හිමියන් ගාණකට එහෙම වෙලා තියෙන්නෙ ඇයි??? මේ ගැන තිබ්බ උනන්දුව ඔවුන්ට නැති වෙලා ගිහිල්ලද?

කොළඹ කොටස් වෙළඳපළ පසුගිය වසරේ 95%ක වර්ධනයකුත් මේ වසරේ 125%ක වර්ධනයකුත් පෙන්නුම් කරල තියෙනවා, නමුත් සාමාන්‍ය ජනතාවට එහි තිබෙන අගය නොපෙනෙන හැඩක් තමා පෙනෙන්න තිබෙන්නෙ. ඇයි ඒකට හේතුව? කොතනද වැරැද්ද???

අපි මේ ගැන ටිකක් කතා කරමු....
ඔබගේ අදහස් දක්වන්න.

The Island ලිපියක් ඇසුරිනි.

13 comments:

  1. මුලින්ම guidetocse වෙබ් අඩවියට ස්තූති කරන්න ඕන ඔබ ලබා දෙන සේවයට මේ වෙබ් අඩවිය ම්ගේ කොටස් වෙලදපොළ පිලිබද මුල්ම ගුරුවරයා කිව්වොත් ඒක නිවැරදී
    ------------------------------
    මම දකින විදියට නම් ගොඩක්ම cds ගිණුම් තියෙනේ එකම නමකින්

    උදාරණයකට මම මගේ නමින් ලියාපදිංචි කරපු ගිණුම් 3ක් තියෙනවා තැරෙව්කාර සමාගම් තුනක ඒත් මම ගනුදෙනු කරන්නේ එක ගිණුමක් හරහා පම්ණයි

    මම මගේ තරෙව්කාර ආයතනයේදී දැකපු අවස්ථා දෙකක් කියන්නම්

    එකක් තමයි වතු කම්කරුවන් තම්න්ට හිමි කොටස් ලබාගන්න ආරම්භ කරන ගිණුම් ඔවුන් එම ගිණුම් හරහා දිගූ හෝ මැදි කාලීනව ගණුදෙනු කරන්නේ නෑඉතින් ඒ ගිණුම් අක්‍රීයවන් තියෙන්නේ

    තවත් කිහිප දෙනෙක් මම දැක්කා ඔවුන්ගේ රාජකාරිය CDS ගිණුම් හදන එක නමුත් ගනුදෙනු කරන්නේ නෑ.

    එක පුද්ගලයෙක් මට හොදට මතකයි ඔහු කීදේ තමයි
    "මම account" තුන හතරක්ම හැදුවා මාතරදීයි කොළඹදී ඒත් මට company(තැරැව්කාර) එක නෑ.

    මම දකින්නේ නම් මේවගේ ප්‍රෂ්නත් තියෙනවා කියන එක

    ReplyDelete
  2. ow mama patan gathteth guidetocse blog eka pihiten thamai... medawas wala mama dakka LAUGFS GAS samagame kotas nikuthuwak thiyanawa mama application ekakuth damma kamathi aya ennawanam danna.....

    ReplyDelete
  3. @ජයශ්‍රී: ස්තුතියි, හැමදාම කියවන්නන්ට සේවය කිරීම තමා මගේ සතුට.
    ඔබේ කතාව යම් තාක් දුරකට හරි කියන්න පුළුවන්, මගෙ නමටත් CDS ගිණුම් දෙකක් තිබෙනවා.
    කම්කරුවන්ගේ කතාව එක්ක බැලුවම නම් හුඟක් CDS ගිණුම් එතනට අයිති වෙනවා.
    ඒත් ඒ ඔක්කොම කරලත් ගිණුම් ලක්ෂ 5ක් කියන අගයට එන්න අමාරුයි කියලයි මට හිතෙන්නෙ.
    ඊට අමතරව හේතු මොනවා වෙන්න පුළුවන්ද?

    @Pahan: සතුටුයි උදව් කරන්න ලැබීම. ඉදිරියටත් එකතු වෙලා ඉන්න කියල ආරාධනා කරනවා.
    LGL IPO එක නොවැම්බර් 4 දක්වා තිබෙනවා, මම Poll එකක් දැම්ම මේ ගැන අදහස් විමසන්න, බලමු කට්ටියගෙ තීරණ මොනවාද කියල. (Right Side Bar එක බලන්න.)

    ReplyDelete
  4. ගිනුම් විවෘත කලාට ගනුදෙනු නොකරන්නෙ
    හේතු ගොඩාක් තියනවා. ප්‍රධාන හේතුවක් තමා
    තැරැව්කාර ආයතන වල සහයෝගය මදිකම. මම එහෙම කියන්නෙ
    මම දන්න යාලුවෙක් (ගොඩාක් සල්ලි තියන ) තැරුව්කාර සමාගමක්
    හරහා මුලින් රු 50000/- විතරක් දාලා.
    සමාගම් දෙක තුනක කොටස් ගත්තා. හැබැයි මිනිහගෙ අදහස උනේ
    මේ ගැන හොදට ඉගෙන ගෙන ගොඩක් සල්ලි යොදවන්නයි.
    නමුත් රු 50000/- ක් විතරක් දාල හැමදාම තැරැවිකාර සමාගමට කතා කරලා
    එක එක විස්තර අහන්න පටන් ගත්තා. එක දවසක් හැර අනෙක් දවස් වල
    ෆෝන් එකට එන්නෙ නෑ මිනිහා කතා කරන කොට. දාපු සල්ලි විතරයි
    එයා තමන්ගේ පාඩුවෙ ව්‍යාපාර කරගෙන ඉන්නවා දැන්.
    ඔන් ලයින් පහසුකම දෙන්ත් දැන් හැමෝම රැ ලක්ස 5ක් වත් දාන්න ඔනලු..
    ඉතින් පොඩි මිනිස්සු එයිද එකපාරටම. සල්ලි තියන අයත් නොඑන කොට.?

    ReplyDelete
  5. ඔව්. එහෙම ප්‍රශ්නත් තිබෙනවා. මේකයි, සමහරු ඉන්නව ට්‍රේඩ් කරන්නෙ නෑ, නමුත් හැමදාම කතා කර කර එක එක ඒව අහනව. ඉතින් ඒ වගේ අය ටිකක් කරදරකාරී නිසා ඒ වගේ අයව ටිකක් නොසලකා හරින්න ඉඩ තිබෙනවා තමයි. නමුත් සමහර තැරැව්කාර ආයතන වල පමණයි ඔය ප්‍රශ්නෙ තියෙන්නෙ (හුඟක් clientsල ඉන්න ආයතන එහෙම) ඔවුන් හුඟාක් කාර්යබහුලයි, ඉන්න clients base එක ලොකු නිසා. ඉතින් පොඩි ආයෝජකයින්ව, ගනුදෙනු නොකරන ආයෝජකයින්ව ඔවුන් නොසළකා හරින්න ඉඩ තිබෙනවා. ඉතින් කෙනෙක්ට එහෙම හැමදාම කතා කරල විස්තර දැනගන්න ඕනෙ නම් තෝරාගන්න ඕනෙ, ටිකක් පොඩි ආයතනයක්, නැතිනම් clientsල අඩු ආයතනයක්. එතකොට ඕනෑම කෙනෙක්ට හොඳ සේවාවාක් ඔවුන් ලබා දෙනවා.

    ReplyDelete
    Replies
    1. තැරැව්කරුවෙක් නැතුව CDS ගිණුමක් හදාගන්න පුලුවන්ද? මට මේ ගැන ලොකු දැනීමක් නෑ. මං තාම කොටස් වෙලදපොල ගැන අධ්‍යනය කරනව. ඉක්මනට ඉගෙනගෙන ආයෝජනය කරන්නයි බලාපොරොත්තුව. සහය අවශ්‍යයි.

      Delete
    2. Baha. Aniwaryayenma broker firm ekak haraha pamanai cds accounts hadanna puluwan.

      Delete
  6. එහෙම අඩු ආයතනයක උනත් ලබාදෙන සේවාවෙ ගුණාත්මක බව අඩුවෙන්නෙ නෑ නේද?අපේ මුදල්වලට ඔවුන්ට වංචාවක් කරන්න බෑ නේද?

    ReplyDelete
  7. සේවවේ ගුණාත්මක බව නම් අඩු වෙන්නෙ නෑ, නමුත් ඒක, ඒ සමාගමේ සිටින Advisers, Stock Analystලගෙ හැකියාවන් මත වෙනස් වෙනවානෙ.

    කිසිසේත්ම වංචාවක් කරන්න බෑ, සියළුම ආයෝජකයින් විනිමය කොමිෂන් සභාවෙන් ආරක්ෂා කරනවා. ඔබ දන්නවාද, ඔබ මිලට ගැනීම් විකිණිම් කරද්දි ඔබ වැඩිපුර ගෙවන Broker Charge එකේ යම් ප්‍රමාණයක්, ඒ ආයෝජකයින්ගේ ආරක්ෂාව වෙනුවෙන් පවත්වාගෙන යන කමිටුවකට හා අරමුදලකට එකතු වෙනවා කියල.
    එහෙම ප්‍රශ්නයක් උනොත් කෙලින්ම ඔවුන් ඒකට මැතිහත් වෙලා, අවශ්‍ය නීතිමය පියවර වගේම ආයූජකයාවත් ආරක්ෂා කරන්න පියවර ගන්නවා.

    ReplyDelete
  8. CDS ginumak open karanna e e samagam walin yam kisi mudalak aya karanawada?

    ReplyDelete
  9. නැහැ. ඔබට කිසිදු මුදලක් කිසිම දේකට වැය වන්නේ නෑ. ඔබ කොටස් වලට ආයෝජනය කරන මුදල පමණයි ඔබ යෙදවිය යුත්තේ, මේ කොටස් ආයෝජනය සඳහා.

    ReplyDelete
  10. thanks.........

    ReplyDelete

ඔබගේ අදහස්/උදහස්/යෝජනා/චෝදනා මෙහි ලියන්න.
ගැටළුද යොමු කරන්න. (ගැටළු Contact Form හරහාද යොමු කළ හැක.)

Post Top Ad