ප්‍රශ්නයක් අසන්නට පෙර පොඩ්ඩක් බලන්න - Guide to CSE

Hot

Monday, January 24, 2011

ප්‍රශ්නයක් අසන්නට පෙර පොඩ්ඩක් බලන්න

මම මේක ලියන්නෙ, මේ හුඟ දෙනෙක් අසන ප්‍රශ්න වලට පිළිතුරක් ලෙස.
හුඟක් අය මෙම අඩවියේ තිබෙන Contact Form එක හරහා හා Offline Chat messages ලෙස විවිධාකාරයේ ප්‍රශ්න විමසනවා.
මුලින්ම කියන්න ඕනෙ දේ තමයි, ප්‍රශ්නයක් අසන්න ඉස්සෙල්ල පොඩ්ඩක් බලන්න එම ප්‍රශ්නයට පිළිතුරක් මෙම අඩවිය තුළින් සොයාගත හැකිද කියල. මොකද මේ අසන ප්‍රශ්න වලින් බොහොමයකට මෙම අඩවිය තුළ පිළිතුරු තියෙනවා. (වැඩිපුරම අහන ප්‍රශ්න, ආයෝජනය ආරම්භ කළ හැකි අවම මුදල කීයද, online trading ආරම්භ කරන්න ආයෝජනය කළ යුතු අවම මුදල කීයද, හොඳම තැරැව්කාර ආයතනය මොකද්ද කියන ඒව තමයි.)

ඊළඟට අහන දේවල් තමයි, ආයෝජන උපදෙස්. යළි යළිත් කියන්න තියෙන්නෙ, මෙම අඩවිය නවකයන්ට හා ආයෝජකයින්ට දැනුමක් / අධ්‍යාපනයක් ලබා දීම සඳහා සැකසුනු වෙබ් අඩවියක්. අනිත් එක, මම ආයෝජන උපදේශකයෙක්වත් විශ්ලේෂකයෙක්වත් නෙමෙයි. ඉතින් මම ආයෝජන උපදෙස් දෙන්නේ නෑ. ඉතින් කරුණා කරල ආයෝජන උපදෙස් සඳහා විමසන්න එපා.

අපගේ Forum එකත් ඔබට භාවිතා කරන්න පුළුවන් ප්‍රශ්න විමසන්න. එතනත් සිටිනවා හොඳ දැනුමැත්තන් කණ්ඩායමක්.

නිතර ඇසෙන ප්‍රශ්න හා පිළිතුරු සඳහා මම පිටුවක් ආරම්භ කරන්නම්. FAQ ලෙස Tag එකක් තිබෙනවා. ඒ හරහා ඔබට ඒ ලිපි වලට යන්න පුළුවන්.

No comments:

Post a Comment

ඔබගේ අදහස්/උදහස්/යෝජනා/චෝදනා මෙහි ලියන්න.
ගැටළුද යොමු කරන්න. (ගැටළු Contact Form හරහාද යොමු කළ හැක.)

Post Top Ad