ඔබගේ ගැටළු වලට පිළිතුරු ප්‍රමාදද? - Guide to CSE

Hot

Saturday, April 23, 2011

ඔබගේ ගැටළු වලට පිළිතුරු ප්‍රමාදද?

මේ දින වල රැකියා කටයුතු නිසාත් නිවසේ අන්තර්ජාල පහසුකමෙහි ප්‍රශ්නයක් නිසාත් ඔබගේ ගැටළු වලට පිළිතුරු ලබා දීම ප්‍රමාදවීම සම්බන්ධයෙන් මම කණගාටුව පළ කර සිටිනවා.

තවත් කිව යුතු දේවල් කිහිපයක් කියන්නයි මේ ල්ඉපිය ලියන්නෙ. 
සමහරෙක් ඉතාමත් දිගු ලිපි එවනවා. කාර්යබහුල නිසා ඒවා කියවීමට වෙලාවක් නෑ. ඉතින් මම හුඟක් වෙලාවට ඒ දිගු ලිපි කියවීම මඟ හරිනවා. ඉතින් මම කරුණාවෙන් ඉල්ලා සිටිනවා ඔබගේ ගැටළුව පමණක් ඉතාම කෙටියෙන් සඳහන් කරන ලෙස. කරුණා කර අනවශ්‍ය දේවල් ලියා එවීමෙන් වළකින්න. එවිට ඔබට පිළිතුරු සැපයීම මට පහසුවක්.
තවත් වැදගත්ම දෙයක් තමයි, මේ අසන සමහරක් ප්‍රශ්න වලට ඉතාමත්ම පහසුවෙන් බ්ලොග් අඩවිය තුළ ඇති ලිපි හරහා පිළිතුරු සොයා ගැනීමට හැකියාව තිබෙනවා. ඒත් සමහරෙක් පහසුවට, සොයා බැලීමට තිබෙන අලසකමට සොයා බලන්නේ නැතිව ප්‍රශ්න අසනවා, ඉතින් මට ඒ ලිපි වල සබැඳි සොයමින් ඔවුනට පිළිතුරු සපයන්නට වෙනවා. කරුණාකර ප්‍රශ්නයක් අසන්නට පෙර ඒකට පිළිතුරක් අඩවිය තුළ තිබෙනවාදැයි බලන්න.
ඊලඟට කියන්න තිබෙන්නේ, පෞද්ගලිකව උදව් කරන ලෙස ඉල්ලා සිටීමෙන් කරුණාකර වළකින්න. මොකද මට එසේ කිරිමට හැකියාවකුත්, දැනුමකුත්, කාලයකුත් නෑ. මම උත්සාහ කරන්නේ ඔබ සැමටම මූලික සහයක් වෙන්න කොටස් වෙළඳපළ ආයෝජනය කිරීම ආරම්භ කිරීමට. ඉන්පසු ඔබට කොටස් මිලට ගැනීම විකිණිම සම්බන්ධයෙන් උපදෙස් ලබා ගැනීමට ආයෝජන උපදේශකයෙක් සිටිනවා. මම ආයෝජන උපදේශකයෙක් නෙමෙයි, මට එසේ උපදෙස් දීමට කිසිදු දැනුමක් නෑ, වගකීමක් ගන්නත් බෑ. සමහරක් විට ඔවුන් ඔබට හරි හැටි සහයක් නොදෙන්න ඉඩ තිබෙනවා. ඒ සම්බන්ධයෙන් නම් මට කරන්නට දෙයක් නෑ. සමාවෙන්න.

ඔබ සැමට සහයක් වෙන්නයි මම උත්සාහ කරන්නේ, ඉතින් එම කාර්යය කිරීමට මටත් සහය වෙන්න.
ස්තුතියි.

No comments:

Post a Comment

ඔබගේ අදහස්/උදහස්/යෝජනා/චෝදනා මෙහි ලියන්න.
ගැටළුද යොමු කරන්න. (ගැටළු Contact Form හරහාද යොමු කළ හැක.)

Post Top Ad