Guide To CSE වසරක උපන්දිනය සමරයි - Guide to CSE

Hot

Tuesday, April 12, 2011

Guide To CSE වසරක උපන්දිනය සමරයි


මුලින්ම මගෙ සිංහල බ්ලොග් එකේ කොළඹ කොටස් වෙළඳපළ ගැන ලිපි ලියන්න පටන් අරගෙන, ඒවට ආපු අදහස් ගොඩ දැක්කම හිතුනු අදහසක් අනුව, කොටස් වෙළඳපල ආයෝජනය ගැන ලිපි කියන්න වෙනමම බ්ලොග් එකක් හදන්න හිතිල, http://guidetocse.blogspot.com කියන ලිපිනය යටතේ ඔන්න මම කොටස් වෙළඳපළ ආයෝජනය ගැන අධ්‍යාපනික ලිපි ලියන්න අලුතින්ම බ්ලොග් එකක් පටන් ගත්ත. ඒ 2010 අප්‍රේල් මාසෙ 12 වනදා. 
ඉතින් ඕක කරගෙන යන අතරෙ හිතුන මටම කියල ටොප් ඩොමේන් එකක් ගන්න මේ බ්ලොග් එකට. යාලුවෙක්ගෙ වෙබ් කාඩ් එකකින් සල්ලි ගෙවල ඉතින් ගත්ත ඩොමේන් එක, www.guidetocse.com කියල. ඒ 2010 ජුනි මාසෙ.
මේ පහු ගිය අවුරුද්දට, ලංකාවෙ විතරක් නෙමෙයි පිටරට වලත් ඉන්න කොළඹ කොටස් වෙළඳපළ ආයෝජනයට කැමැත්තෙන් හිටපු/ඉන්න හුඟ දෙනෙක්ට මගේ සහය ලැබෙන්න ඇති. මේ ලිපි ආශ්‍රයෙන් විතරක් නෙමෙයි කෙලින්ම ඔවුන් අසන ලද ප්‍රශ්න වලට ඊමේල් මගින්, චැට් හරහා, ෆෝරමය හරහා, පිළිතුරු සපයමින්.
ඉතින් මම හිතනවා මම මේ කරන ලද ව්‍යායාමයේ යම් ප්‍රතිඵලයක් තිබෙනවා කියල. එමගින් යම් පිරිසකටත්, ලංකාවෙ කොටස් වෙළදපළටත්. පොඩි මිනිහෙක් විදිහට ඉඳගෙන ඒ කරන්න ලැබුනු පුංචි සේවය ගැන මම ගොඩක් සතුටු වෙනවා.
පසුගිය මාස 2, 3ට ලිපියක් ලියාගන්න හරි හැටි වෙලාවක් නොලැබුනත්, කියවන්නන් අසන ප්‍රශ්න වලට මම හැකි ඉක්මනින් පිළිතුරු සැපයුවා. වෙබ් අඩවියට පැමිණෙන්නන් නම් අඩු වෙලා, ලිපි නැති නිසා. මගෙන් ඒ උනු අතපසු වීමට සමාව ඉල්ලා සිටිනවා Guide To CSE වටා සිටින පිරිසගෙන්.
 
අදට Guide To CSE බ්ලොග් අඩවියට වසරක් සපිරෙනවා. තවත් ඉදිරියට මට පුළුවන් හැටියට ඔබට සේවය ලබාදෙන්න බලාපොරොත්තු වෙනවා. මට මේක තනියම කරන්න බෑ, මා වටා සිටින කියවන්නන් පිරිස මට ගොඩක් වටිනවා. ඔබ සැම ඉදිරියටත් මා හා සමඟ සිටිමින් මට සහයක් වන ලෙස මම ඉල්ලා සිටිනවා.
Guide To CSE සඳහා සහයක් වෙන්න කැමැත්තෙන් සිටිනවා නම් කරුණාකර මා හා සම්බන්ධ වෙන්න.

ඒත් එක්කම, මේ ලබන සිංහල හින්දු අලුත් අවුරුද්ද, සතුටින් සාමයෙන් සපිරුනු, සැමට ජය ලැබෙන වසරක් වේවායි පතනවා!!! ඔබ සැමට ජයෙන් ජය....

5 comments:

  1. Wish you all the best brother. No doubt you already helped lots of new Stock Market Investors.

    ReplyDelete
  2. ඔබට සුභ අලුත් අවුරුද්දක් වේවා. මුලින්ම ඔබට ස්තූති වෙන්න ඕන.මම කොටස් වෙළද පලට ඇතුලු උනේ ඔබගේ ලිපි කියවලා. ඊට පස්සේ වෙනත් ‍බ්ලොග් අඩවි වලට ගියත් මම දිනපතාම වගේ මේ සයිටි එකට ඇවිත් ලිපි තියෙනවද කියලා චෙක් කරනවා.මේක බුක් මාර්ක් කරගෙන තියෙන්නේ. පුලුවන්නම් දිගටම ලියන්න. කියවන්න කට්ටිය ඉන්නවා.ස්තූතියි.

    ReplyDelete
  3. සාර්ථක ඩේ ට්රේ ඩර් කෙනෙකු වීමට මග පෑදු ඔබට මගේ ස්තුතිය. ඉදිරියටත් හරබර සාරවත් ලිපි අප වෙත ඉදිරිපත් කරන්න ඔබට හැකියාව ශක්තිය ලැබේවා. ජය වේවා

    ReplyDelete
  4. ඔබ සැමගේ සියළු ප්‍රාර්ථනාවන්ට බොහොමත්ම ස්තුතියි.

    ReplyDelete
  5. Great work Madhawa Ayya,great wishes... I also started according to your advises... I think I am success.Write often...

    ReplyDelete

ඔබගේ අදහස්/උදහස්/යෝජනා/චෝදනා මෙහි ලියන්න.
ගැටළුද යොමු කරන්න. (ගැටළු Contact Form හරහාද යොමු කළ හැක.)

Post Top Ad