බැංකු ක්ෂේත්රයේ කොටස් වලට කුමක් වෙයිද🤔🤔🤔
මේ දවස් වල ගොඩක් දෙනෙක් දෙගිඩියාවෙන් ඉන්න තැනක්නේ මේක. උත්තර නැති එහෙමත් නැතිනම් අසම්පූර්ණ උත්තර තියෙන ප්‍රශ්න ගොඩක් මේ දවස් වල බැංකු සම්බන්ධව තියෙනවා.
- මහ බැංකුව විසින් බැංකු පොලී අනුපාත පහල දැමීමම බල කිරීම
- එසේ නොකරන බැංකු කිහිපයක් සම්බන්ධයෙන් දඩුවම් පැමිණවීම
- මිලියන 300 ට අඩු ණය ගැටලුව
- DRL tax
- BASEl III වලට අනුව පැනනගින ප්‍රාග්ධන ගැටළු
අපේ economy එක ගැන ඉතින් අමුතුවෙන් අටුවාටිකා ලියන්න දෙයක් නෑනේ.සමතලා වෙලා තමයි තියෙන්නේ. ව්‍යාපාර පැත්තෙන් උනත් අමුතු දේවල් ඕනේ නෑ ඇහෙනවා දකිනවා ඇතිනේ ඔයාලත්.
මේකට තියෙන ලොකු ගැටලුවක් තමයි රට ඇතුලේ මුදල් සංසරණය සීමා වෙලා තියෙන එක.ඒ කියන්නේ බෝහෝ දෙනෙක් ..... රටේ පැවති ආර්ථික අවුල සහ තැම්පතු පොලී ඉහල මට්ටමක පැවතීම මත ,නව ආයෝජන වලට යොමු වීම වෙනුවට බැංකු වල මුදල් තැම්පත් කිරීම තමයි පහුගිය කාලේ බහුලව සිදු කලේ.එසේ තැම්පතු පොලිය ඉහල යාමට සාපේක්ෂව ණය පොලියත් ඉහල යාම නිසා ණය සදහා ඇති ඉල්ලුම සීමා වීමත් ආර්ථිකයට වගේම බැංකු පද්ධතියටත් ලොකු ගැටලුවක් උනා.
තැම්පතු පොලිය ඉහල යාම පෞද්ගලිකව තැම්පතුකරුවන්ට හොද උනත් රටක් විදියට නන් එච්චර හොද දෙයක් නෙමේ.මොකද රටක ආර්ථික ක්‍රියාකාරකම් ශක්තිමත් වෙන්න නන් ආර්ථිකයේ මුදල් සංසරණය ශක්තිමත් වෙන්නෙ ඕනේ,ඒ හරහා තමයි භාණ්ඩ හා සේවා සදහා යහපත් ඉල්ලුමක් නිර්මාණය වෙන්නේ.ඒ වගේම කොටස් වෙළදපල ශක්තිමත් වීමට,නව ආයෝජන අවස්ථා බිහි වීමට සහ ඒ සදහා ණය ලබා ගත හැකි මූලාශ සක්‍රීය වීමට බැංකු පොලිය කියන දේ සෘජුවම බලපානවා.
ඉතින් මේ හැමදේටම තියෙන ලොකුම බාධාව තමයි බැංකු පොලී ඉහල මට්ටමක පැවතීම.පටලව ගන්න එපා මේ කියන්නේ ලොකුම බාධාව කියලා මිසක් එකම බාධාව කියන නෙමේ හරිද.
ඒ නිසා අනිවාර්යයෙන්ම බැංකු පොලී අනුපාත පහල දැමිය යුතුමයි.
මේකට මහබැංකුව පසුගිය අප්‍රෙල් මාසේ ඉදන් විවිධ වූ ක්‍රියාමාර්ග ගණිමින් පවතිනවා උනත් තවමත් ඒ දේවල් සාර්ථක වෙලා කියලනන් පේන්න නෑ. ඒ නිසා දැන් මහ බැංකුව කැත්ත පැත්තකින් තියලා පොරව අතට අරන් වගේ තමයි පේන්න තියෙන්නේ. හොදින් කියලා බැරිනන් දඩුවම් කරලා හරි තමන්ගේ වැඩේ කර ගන්න තමයි මහබැංකුව දැන් හදන්නේ.
ඒකේ වැරැද්දක් නන් මාත් දකින්නේ නෑ.හැබැයි මෙම තත්වයට හැඩගැහෙන්න බැංකු වලටත් යම් සාධාරණ කාලයක් ලබා දෙන්න ඕනේ .
බැංකු සතුව තියෙන්නේ කාලයක් තිස්සේ ඉහල පොලියක් යටතේ ලබා ගත් තැම්පතු මුදල්, එම මුදල් අඩු පොලියක් යටතේ ණයට දෙනවා කියන්නේ අතින් කාලා හරක් බලනවා වගේ වැඩක්.
ඒ වගේම මහබැංකුවට උනත් මතක තියෙන්න ඕනේ තැම්පතු පොලී මෙලෙස ඉහල යන්න, බැදුම්කර වංචාව හරහා තමනුත් විශාල දායකත්වයක් දුන්නා කියන එක. මොකද ඒ බැදුම්කර සදහා අවුරුදු 30ක් යනකන් ඉහල පොලියක් ගෙවන ගමන් බැංකු වලට කියනවා පොලී අනුපාත අඩු කරන්න කියලා.
වැඩි දෙයක් ඕනේ නෑ මේ මෑතකදි නිකුත් කරපු බැදුම්කර වලටත් ලොකු පොලී අනුපාතයක් දීලා තිබුනා.ඉතින් බැංකු වලට කෙලින් යන්න කියලා වැඩක් නෑ මහබැංකුව යන්නේ ඇදේටනන්.
ඒ වගේම පසුගිය රජය විසින් පනවපු DRL tax එකත් ලොකු බලපෑමක් කලා බැංකු වල ලාභ පහල යන්න.ලාභයෙන් 7% ක් මේ සදහා ගෙවිය යුතු උනා. ආරංචි විදියට නන් නව බදු ප්‍රතිපත්තියට අනුව මෙම DRL tax එක ඉවත් කරලා. ඒක බැංකු වලට ලොකු වාසියක් වෙයි අනිවාර්යයෙන්ම .
SME ණය ගැන ගැටලුව තමයි ඊලග ප්‍රශ්නේ .ඒ ගැනනන් අපි කලිනුත් කතා කලා. ඒක ලොකු ගැටලුවක් වෙන්නේ නෑ බැංකු වලට.ඒ සදහා සියලුම බැංකු මේ වෙනකොට එකගවෙලා තියෙනවා.
BASEL III කියන්නේ බැංකුවල වත්කම් වලට සාපේක්ෂව ප්රාග්ධනය maintain කලයුතු ආකාරය පිලිබද මහබැංකු නියමයක්.
හරි. දැන් ප්‍රශ්න ටික හරිනේ. මේ ඔක්කොම හේතු බැංකු වලට කොහොමද බලපාන්නේ කියන එකනේ කොටස්වෙළදපල ආයෝජනය කරන අපිට තියෙන ගැටලුව.
යම්කිසි සාදාරණ කාලෙකින් පස්සේ පොලී අනුපාත පහල දානවා කියන දේ බැංකු වලට විශාල ගැටලුවක් වෙන්නේ නෑ.එහෙම කියන්න හේතු කිහිපයක් තියෙනවා.
බැංකු සෑම විටම ණය පොලිය තීරණය කරන්නේ තැම්පතු පොලියට සාපේක්ෂව නිසා පොලිය පහල යාම මත බැංකු වලට අලාභයක් සිදුවෙන්න හේතුවක් නෑ.
නමුත් ගැටලුව තමයි තැම්පතු පොලිය පහල යාම මත තැම්පතු මුදල් ඉවතට ගැනීම සහ නව තැම්පතු ලැබීම් යම් මට්ටමකින් සීමා විය හැකි වීම.
එය එසේ වුවත් බැංකුවක ප්‍රධානම ආයෝජන ප්රභවය වන ණය දීම කාර්යක්ෂම වීම , කොටස්වෙළදපල ආයෝජන ප්රතිලාභ ලැබීම, රටේ ආර්ථික ක්‍රියාකාරකම් සක්‍රීය වීම තුළ බැංකු වලට තම තැම්පතු ආයෝජනය කල හැකි අවස්ථා ඉහල යාම , බොල් ණය ලෙස සිදුවන පාඩු අවම වීම , DRL ඉවත් වීම මත ලාභයෙන් ගෙවිය යුතු 7% ප්‍රමාණයක් ඉතිරි වීම යනාදී හේතූන් මත බැංකු වල සමබරතාව පවත්වාගෙන යාමේ අර්බුදයකට ඔවුන්ට මුහුණ දීමට සිදුවන්නේ නෑ.
ඒ වගේම කාලයත් සමග ඕනෙම දේකට පහසුවෙන් හුරු වෙන ලංකාව වගේ රටක මේ දේවල් settle වෙන්න මහ ලොකු කාලයක් අවශ්‍ය වෙන එකකුත් නෑ.
ඉතින් දැන් ඔයාලට තේරෙනවා ඇති බැංකු පද්ධතිය ගැන අනවශ්‍ය බියක් තියාගන්න උවමනා වෙන්නේ නෑ කියන එක.
එකම ගැටලුව basel III එකට අනුව ප්රාග්ධනය පවත්වාගෙන යාම. එය තැම්පතු කරුවන් පැත්තෙන් බලද්දි ඉතා වැදගත් තීරණයක් නිසා, බැංකු වලට සිදු වෙනවා දිගටම මේ සදහා ප්‍රතිචාර දක්වන්න.
එම නිසා හොදම දේ තමයි බැංකු කොටස් මිලදී ගැනීමේදී දිගුකාලීන ( long term ) ආයෝජනය සදහා යොමු නොවීමට වගබලාගන්න එක.මම මේ කියන්නේ අවුරුදු 3 හෝ ඊට වැඩි ආයෝජනයන් සදහා බැංකු ක්ෂේත්රයේ කොටස් යොදා ගැනීම එතරම් සුදුසු වෙන්නේ නෑ කියන එක.මේක මගේ පෞද්ගලික මතයක් විතරයි, ඒ ඔබේ ආයෝජනය තීරණය කෙරෙහි අනවශ්‍ය බලපෑමක් කලානන් සමාවෙන්න.
දිහාර ද සිල්වා ❤️❤️
Dihara De Silva
No comments:
Post a Comment
ඔබගේ අදහස්/උදහස්/යෝජනා/චෝදනා මෙහි ලියන්න.
ගැටළුද යොමු කරන්න. (ගැටළු Contact Form හරහාද යොමු කළ හැක.)