හරි ඒක මෙහෙමයි.කොටස් වෙළදපල ආයෝජනය කියන්නේ අවදානම් සහගත වැඩක් නෙමේ කිව්වොත් ඔයාලා මොකද කියන්නේ.අවුල් නේද.ඔව් අවුල් තමයි ☹️
මම දවසක් facebook එකේ post එකක් දැක්කා.
" කොටස් වෙළදපලෙන් අපිට කොහොමද පාඩු වෙන්නේ "
කට්ටිය උත්තරත් දීලා තිබුනා, අහපු කෙනා satis වෙන්නත් ඇති.හැබැයි ඇත්තටම ප්රශ්නේ තිබුනේ " මිලදීගත් කොටසක වටිනාකම අඩු උනත්,නැවත යතාතත්වයට පත්වෙනකන් හිටියොත් පාඩුවක් වෙන්නේ නෑ නේද කියන එක"
(අදාල සමාගම බංකොලොත් නොවුනොත් 😛😛)
ඔව් ඒ කතාව ඇත්ත.අපි යොදවන මුදලේ 'අනාගත වගකීම' අනුව තමයි ඒක තීරණය වෙන්නේ. අනාගත වගකීම අඩු වෙන තරමට , අපිට කොටස් වෙළදපලෙන් වෙන පාඩු අවම කර ගන්න පුලුවන්. එකම අවුල ඉතින් මුදලේ අවප්රමාණය හා උද්දමනය.හැබැයි ඉතින් මේක කොටස්වෙළදපල ආයෝජනයදී එහෙම ලොකූකූකූ බලපෑමක් කරනවා කියලා මට නන් හිතෙන්නේ නෑ.
ඉතින් එහෙම බලනකොට අවදානමක් නෑනේ.ඔව් අවදානමක් නෑ එතන😌😌 අවදානම තියෙන්නේ එතන නෙමේ, වෙන තැනක.
ඇත්තටම අවදානම තියෙන්නේ අපි කොටස් මිලදී ගන්නා හා විකුණන වෙලාව තීරණය කරද්දි.මේ දවස් වල නන් මිලදී ගැනීමේදී ලොකු අවදානමක් නෑ.බහුතරයක් තියෙන්නේ මිලදී ගන්න සුදුසු වටිනාකම් වල.හැබැයි ඉතින් මේක හැමදාම පවතින දෙයක් නෙමේනේ.
අන්න එතකොට තමයි ප්රශ්න එන්නේ.
- අපි මොනවද ගන්නේ ?
- කීයෙදිද ගන්නේ ?
- කීයෙදිද විකුණන්නේ ?
ඔතන තමයි ඉතින් කට්ටිය ඇණ ගන්නේ හා කොටස් වෙලදපල එපා කර ගන්නේ.මේ වෙලාවට බය නැතුව Advicer එක්ක කතා කරන්න.අද්දැකීම් තියෙන අයගෙන් අහන්න.හිතුමනාපෙට තීරණ ගන්න ගිහින් මහන්සි වෙලා හොයපු සල්ලි ටික නිකරුනේ නාස්ති කර ගන්න එපා.
පුලුවන් තරම් ඉගෙන ගන්න.වෙන්නේ මොකක්ද, වෙන්නේ කොහොමද කියලා හොයන්න.මහන්සියේ හැටියට කියනවනේ ප්රතිඵල ලැබෙන්නේ.
අනිත් වැදගත්ම දේ තමයි අපි මිලදී ගන්න කොටස් වල #විකුණුම්_මිල තීරණය කිරීම.තමන් යොදවන මුදලට සාපේක්ෂව තමන්ම තමයි ඒක තීරණය කරන්න ඕනේ. ඒ කියන්නේ අපි ගත්ත කොටස් විකුණන්න බලාපොරොත්තු වෙන්නේ කීයෙදිද කියන එක.එහෙම නැතුව කොටසක මිල ඉහල යන හෝ පහල යන අවස්තාවක , අසීමාන්තිකව බලන් ඉන්න ගියොත් මුකුත්ම නැති වෙන්න පුලුවන්.
කතාවක් අහලා ඇතිනේ ලෝබයගේ දේ කෝබයා කනවා කියලා.ඒ හින්දා නිවැරැදි වෙලාවේ නිවැරැදි තීන්දුව ගන්න.
Ex :- අපි COMB ගන්නවා එක කොටසක් රු 115 ගානේ කොටස් 1000ක්. ඉතින් අපි කලින් තීරණය කරන්න ඕනේ අපි අපේ කොටස් විකුණන්නේ කීයෙදිද කියන එක.
අවමය රු.105 හා උපරිමය 135 ක් කියමු.
ඒක වෙන්නේ මෙහෙමයි.කොටස් මිල අඛණ්ඩව පහල යනවනන් අපි රු.105 දි අපේ කොටස් විකුණනවා.කෙනෙකුට හිතෙයි අපරාදේනේ , කවදාහරි up වෙනවනේ , එතකන් ඉන්නවානේ කියලා.ඔව් අවුලක් නෑ, එහෙම ඉන්න පුලුවන් නන් 🤗
හැබැයි එහෙම විකුණන එකෙනුත් ප්රතිලාභ ගන්න පුලුවන්.එකක් තමයි තව තවත් පාඩු ලබන එක අවම කර ගන්න පුලුවන් වෙන එක.ඒ වගේම එම කොටසම උනත් ඊට වඩා පහල මිලකදි නැවත මිලදී ගන්න පුලුවන් හැකියාව ලැබෙන එක.
මිල ඉහල යන අවස්තාවක උනත් ඒ දේම තමයි ඉතින් .ඒකට ඇත්තටම නිවැරැදි අවබෝධයක් තියෙන්න ඕනේ.
නිවැරැදි තැන නිවැරැදි තීරණ ගන්න එක තමයි කොටස් වෙලදපලේ තියෙන අවදානම.පාඩුවක් හරි ලාභයක් හරි වාසනාව තමයි ,වෙලාව තමයි කියලා අත පිහදාගන්න අයටනන් කොටස්වෙළදපල එච්චර හොද තැනක් නෙමෙයි.එහෙම අයට තමයි මේක සූදුවක් විදියට පේන්නේ.
" බලා සැනසෙන්නට නොව සොයා විමසන්නට"
දිහාර ද සිල්වා ❤️❤️
No comments:
Post a Comment
ඔබගේ අදහස්/උදහස්/යෝජනා/චෝදනා මෙහි ලියන්න.
ගැටළුද යොමු කරන්න. (ගැටළු Contact Form හරහාද යොමු කළ හැක.)