සමහරු මේ වැඩේට බය වෙන්න හේතු වෙන දේවල් කිහිපයක් තිබෙනව. එයාල මෙන්න මෙහෙම හිතන අය.
- මේක කරන්න පූළුවන් ලොකු ලොකු සල්ලි කාරයන්ට විතරයි.
- මේව කරන්න ගිහින් මගෙ අතේ තියෙන තුට්ටුවත් නැති වෙයි.
- කොටස් වෙළඳපළ තියෙන්නෙ කොළඹ ලොකු බිල්ඩිමක, මම වගේ පොඩි එකෙක්ට ඒ වගේ තැනකට යන්න බෑ. එතනට යන්න පුළුවන් ලොකු ලොකු බිස්නස් කාරයො විතරයි.
- මම ඉන්නෙ කොළඹ නෙමෙයි ඒක නිසා මේක මට බෑ.
- මම ඉංග්‍රීසි දන්නෙ නෑ, ඒ නිසා මට මේව තේරෙන්නෙ නෑ.
- මට ගිණුම්, ආර්ථික විද්‍යාව, මේ වගේ දේවල් ගැන කිසිම දැනුමක් නෑ.
ඔන්න ඕව තමා සාමාන්‍ය කෙනෙක්ට කොටස් වෙළඳපළ ආයෝජනය සම්බන්ධයෙන් තියෙන බයට හේතු වෙන දේවල්, තව දේවලුත් ඇති, මට දැනට මතක් උනේ මෙච්චරයි.
හරි, බලමු මේ ප්‍රශ්න ගැන පොඩ්ඩක්.
- අතේ තියෙන ඕනෙම ගාණනින් මේ වැඩේ පටන් ගන්න පුළුවන්.
- එහෙම නැති වෙන්නෙ නෑ, මොකද ඔයාට උපදෙස් දෙන්න ගොඩක් අය ඉන්නව, එයාල ඔයාව අමරුවෙ දාන්නෙ නෑ.
- හය්යෝ, බිල්ඩිම ලොකු උනාට, නම ලොකු උනාට (ලෝක වෙළඳ මධ්‍යස්ථානයේ සිව්වන මහලෙනෙ කොළඹ කොටස් වෙළඳපළ තියෙන්නෙ.) ඕනෙම කෙනෙක්ට එතනට යන්න තහනමක් නෑ.
- කොළඹ කොටස් වෙළඳපළේ ශාඛා 5ක් ලංකාව වටේ තියෙනව, තැරැව්කාර ආයතන වලත් ශාඛා කොළඹින් පිටත් තියෙනව. ඔයාලට එයාල මාර්ගයෙන් අවශ්‍ය විස්තර ලබාගන්න පුළුවන්.
- ඉංග්‍රීසි වල ප්රශ්නය එන්නෙ CDS ගිණුම ආරම්භ කරන්න ගියාම පුරවන්න තියෙන පෝරම සියල්ල ඉංග්‍රීසියෙන් තිබීම නිසා ඇතිවන ප්රශ්නය විතරයි. ඒක උනත් එච්චරම ප්‍රශ්නයක් නෙමේ, තැරැව්කාර ආයතනයෙන් ඒකටත් උදව් ගන්න පුළුවන්. නැත්තම් ඉංග්‍රීසි දන්න යාළුවෙක් ලවා පුරවගන්නකො. ඊට පස්සෙ කරන ඕනෙම දෙයක් සිංහලෙන් හෝ දෙමළෙන් කරන්න පුළුවන්.
- ඒව ගැන එහෙම විශේෂ දැනුමක් ඕනෙ නෑ, ටික කාලයක් යනකොට කොටස් වෙළඳපළ ගැන ඔබට ටික ටික තේරේවි. අර කිව්ව වගේ දේවල් වලින් යම් වාසියක් වෙනව, නමුත් ඒව දන්නෙ නෑ කියල ලාභ ලබන්න ඒක බාධාවක් නෙමෙයි.
ඔයා හුඟක්ම බය නම්, පොඩි හරි අවදානමක් ගන්න බය නම්, ඒකක භාර වගේ දෙයක් හරහා කොටස් වෙළඳපළට එකතු වෙන්න, ඒ ගැන දැනගන්න http://www.utasl.lk යන්න.
මෙන්න මේක මට අද හම්බ වෙච්ච වෙබ් සයිට් එකක්, සමහරවිට ඔයාලට මේකෙනුත් උදව්වක් ගන්න පුළුවන් වෙයි, ගිහිල්ලම බලන්නකො. http://www.marketprices.lk/
For the English Viewers
The answer is simple, no. There is no need to fear .
There are a few things that make some people afraid of this. They're here to think.
- Only the big guys can do this.
- Trying to do these things will make me lose my nipple.
- The stock market is in a big building in Colombo, and a kid like me can't get to that place. Only big business people can go there.
- I'm not in Colombo so I can't do this.
- I don't know English, so I don't understand them.
- I have no knowledge of accounting, economics, or the like.
Here's what I think of as a normal person with a fear of stock market investing and more.
Okay, let's talk about these questions.
- This task can be started with any number of hands.
- It's not, because there are so many people to advise you, they won't put you down.
- Hey, the building's big, the name's big (the Colombo Stock Exchange is on the fourth floor of the World Trade Center).
- There are 5 branches of the Colombo Stock Exchange around Sri Lanka, brokerage centers and branches outside Colombo. You can get the information you need through them.
- The problem in English is that when you open a CDS account, all the forms you need to fill out are in English. It's not that much of a problem, but the brokerage firm can help with that. Or fill up with a friend who knows English. Then you can do anything in Sinhala or Tamil.
- You don't need to know anything about it. In a short time you'll understand the stock market. That said, there is some benefit to it, but it's not a barrier to making a profit by not knowing Eve.
If you are very scared or afraid to take a little risk, join the stock market through something like unit trusts, go to http://www.utasl.lk
Here's a site I found today, maybe you can get some help from this. http://www.marketprices.lk /
No comments:
Post a Comment
ඔබගේ අදහස්/උදහස්/යෝජනා/චෝදනා මෙහි ලියන්න.
ගැටළුද යොමු කරන්න. (ගැටළු Contact Form හරහාද යොමු කළ හැක.)