කොටස් වෙළඳපළ ආයෝජනය කළා වගේ නෙමෙයිනෙ, එතන මොනවද වෙන්නෙ කියල විමසිල්ලෙන් ඉන්න එපැයි, නේද? හරි හරි, ඉතින් කොහොමද කොටස් වෙළඳපළ ගැන බලන්නෙ?
කොටස් වෙළඳපළ තුළ සිදුවන වෙළඳාම් පිළිබඳව දිනපතා පුවත්පත් වල (උදා:Daily News), කොටස් වෙළඳපළ තුළදීම, ඔබගේ තැරැව් කරුවාගේ කාර්යාලයේ පරිගණක වල සහ වෙනත් පොදු ස්ථාන වල, ප්‍රසිද්ධ කරනු ලබනවා. රූපවාහිනී හෝ ගුවන්විදුලි වැඩසටහන් හරහාද ප්‍රසිද්ධ කරනු ලබනවා. ඒ වගේම කොළඹ කොටස් නිකුතුවේ වෙබ් අඩවිය (www.cse.lk) තුළද එදිනෙදා සිදුවන වෙළඳාම් පිළිබඳව තොරතුරු ලබා දෙනව. ඒ වගේම ඔයාලට පුළුවන් කොටස් වෙළඳපළ මගින් නිකුත් කරන දිනපතා, සතිපතා, මාසික, කාර්තු, වාර්ෂික වාර්තා පරික්ෂා කරන්න, ඒව ඔවුන්ගේ වෙබ් අඩවියෙන් නොමිලේම ලබා ගත හැකියි. මෙම වාර්තා වල, වෙළඳපළ පිළිබඳ සංඛ්‍යාලේඛන, කොටස් මිල ගණන්, වෙනත් ප්‍රයෝජනවත් තොරතුරු අඩංගු වෙනවා.
මේ ඔක්කොටම අමතරව ඒ ඒ කොටස් තැරැව්කාර සමාගම්, කොටස් වෙළඳපළ පිළිබඳව සමීක්ෂණයන් සිදුකර සකස් කරන ලද සමීක්ෂණ වාර්තාද ඔබට එම සාමාගම් වෙතින් කියවිය හැකියි.
මේ හැමදෙයක්ම බලල ඔබට පුළුවන් වෙළඳපළ පිළිබඳව හරි හැටි අවබෝධ කර ගැනීමට. මීළඟට බලමු ඒ ඒ සමාගම් ගැන දැනගන්න හැටි.
"
ReplyDeleteමීළඟට බලමු ඒ ඒ සමාගම් ගැන දැනගන්න හැටි."
ෙකා් ඊලග ලිපිය නෑ ෙන් ෙම්කට අදාලව.
ඔයාෙග් හැම ලිපියක්ම කියවනවා. හරිම ෙහාදට පැහැදිලි කරනවා. පුලුවන් නම් දිනපතාම දාන්න ෙමානාහරි. ඒතෙකාට අපිට දල අව ෙබාදයක් ගන්න පුලුවන් ඒ ඒ් දවස් වල ෙකාටස් ෙවලද ෙපාල ගැන. ඉංග්රිසිෙයන් දැන් දැන් ලිපි වැඩියිෙන්.. සිංහෙලන් දාන්න.
අහ්. මට ඊලඟ ලිපිය ගැන අමතක වෙන්න ඇති. සමාවෙන්න.
ReplyDeleteමමත් කැමතියි හැමදාම මොනවා හරි ලියන්න, නමුත් මට වෙලාව පිළිබඳව ලොකුප්‍රශ්නයක් තිබෙනවා, ඉතින් දිනපතාම ලිපි ලියන්න අමාරුයි. ඉංග්‍රීසි ලිපි වල තියෙන්නෙ පුවත් පමණයි.
ස්තුතියි හැමදාම එකතු වෙලා ඉන්නවට.