ලෝකය වටා එක එක ප්‍රදේශ වල විවිධ ප්‍රමාණ වල කොටස් වෙළඳපළවල් රැසක් තිබෙනව කොටස් ගනු දෙනු කරන. සමහර ඒව නම් හුඟක්ම ලොකු ඒව, උදාහරණ විදිහට ඇමරිකා එක්සත් ජනපදයේ කොටස් නිකුතුව, නිව්යෝක් කොටස් නිකුතුව, ජපන් කොටස් වෙලඳපළ, හොංකොං හා ඉන්දියාවේ තිබෙන කොටස් වෙළඳපළ කිහිපයකුත් සඳහන් කරන්න පුළුවනි. කුඩා ප්‍රමාණයේ කොටස් නිකුතුවක් වන කොළඹ කොටස් නිකුතුව, එහි ආයෝජකයින්ට ඉහළ ප්රතිලාභ ලබා දෙන වෙළඳපළක් බවට පත්වී තිබෙනව. ඉතින් මේ කොටස් නිකුතු අතර පොඩි සංසන්දනයක් කරන්න මේ ලිපියෙන් බලාපොරොත්තු වෙනවා. මේ ලිපිය සඳහා සහය වුනු චමිල් ජයවීර මහතාට මගේ ප්‍රණාමය.
පසුගිය කාලය තුළ කොළඹ කොටස් වෙළඳපළ තත්වය පරික්ෂා කරල බැලුවොත් හඳුනා ගන්න පුළුවන් දෙයක් තමා, වෙනත් ලෝක වෙළඳපළවල් මුහුණ දුන්නු ආකාරයේ විශාල පහළ බැසීම්, පසුබෑම් වලට කොළඹ කොටස් වෙළඳපළ මුහුණ දීල නෑ කියන එක. සියළු කොටස් මිල දර්ශකය වගේ, කොළඹ කොටස් වෙළඳපළ ක්‍රියාකාරිත්වය පෙන්වන දර්ශක පරික්ෂා කරල බැලුවොත් පැහැදිලිවම කියන්න පුළුවන් දෙයක් තමයි, කොළඹ කොටස් වෙළඳපළ පසුගිය කාලය තුළදී ස්ථායී වර්ධනයක් හිමි කරගෙන තියෙනව කියන එක.
මාසයක් පමණ පස්සට ගියොත්, ඒ කාලෙ ඉඳල තාමත් වගේ කොළඹ කොටස් වෙළඳපළ මුළු කාලය තුළම හිමිකරගෙන තියෙන ඉහළම අගයක් හිමිකරගෙන තියෙනව (All time high). මීට පෙර මම කොළඹ කොටස් වෙළඳපළ තත්වය ගැන ලිව්ව ලිපියක සඳහන් කළා, මතක නම්, පසුගිය වසර තුළ විතරක් කොළඹ කොටස් වෙළඳපළ 126% වර්ධනයක් හිමි කරගෙන තිබෙනව. මේක වෙන කිසිදු කොටස් නිකුතුවක් ලබා නොගත්තු තරම් ඉහළ අගයක්. තමුන්ගෙ ආයෝජන වල ඉහළ වර්ධනයක් බලා සිටින ආයෝජකයින්ට නම් මේ ආකාරයේ වර්ධනයක් ඕනෑම් වෙළඳපළක දැකීම ඉතාම සතුටට කාරණයක් වේවි.අනෙකුත් කොටස් වෙළඳපළවලුත් වසරකට පෙර තිබූ තත්වයට වඩා වර්ධනයක් පෙන්නුම් කළත් වර්ධන වේගය නම් සාපේක්ෂව ඉතාම පහළ අගයක තමා තිබෙන්නෙ. ඒ වගේම ඒවායෙ බොහෝ අවස්ථා තිබුන, එක් දිනක ඉහළ යන වෙළඳපළ ඉන් පසු දින ඉතාම පහළ අගයකට වැටීම. ඒක වෙන්නෙ බොහෝ විට, ඒ ඒ රටවල් වල තිබෙන විශාල සමාගම්වල හා/හෝ එම රටේ රජය විසින් මූල්‍ය වාර්ථා ප්‍රසිද්ධ කිරීම්වත් සමඟ තමා.
උදාහරණයක් විදිහට, ජපන් කොටස් නිකුතුව ගනිමු, ඔවුන්ගේ ප්‍රධාන දර්ශකය විදිහට ගැනෙන්නෙ Nikkei කියන දර්ශකය. පසු ගිය වසර තුළ එය 15% වර්ධනයක් පමණයි දැක්වුවේ. ඇමරිකානු කොටස් වෙළඳපළ 26%කට වඩා වැඩි වර්ධනයක් පෙන්වල නෑ. හොංකොං සහ ඉන්දීය කොටස් නිකුතු පසුගිය වසර තුළ පිළිවෙලින් 28% ක හා 55%ක වර්ධනයන් දක්වා තිබෙන්නෙ. බොහොමයක් ආර්ථික විශ්ලේෂකයින්ට නම් මේව ඉතාම ඉහළ වර්ධනයන්, නමුත් කියන්න ඕනෙ දේ තමා, මේ හැම කොටස් වෙළදපළකටම සාපේක්ෂව කොළඹ කොටස් වෙළඳපළ ඉතා ඉදිරියෙන් සිටිනව.
ලෝකයේ තිබෙන වෙනත් කොටස් නිකුතු වලට සාපේක්ෂව කොළඹ කොටස් වෙළඳපළ තුළ හුවමාරු වෙන්නෙ ඉතාම කුඩා ගණනක කොටස් ප්‍රමාණයක්. නමුත් කියන්න ඕනෙ දේ තමා, ඒ ලොකු ලොකු කොටස් නිකුතු වල ආයෝජකයින් ලබන ලාභයට සාපේක්ෂව ඉහළ ලාභයක්, කොළඹ කොටස් වෙළඳපළ තුළ සිටිනා අයෝජකයින් ලබා ගන්නව.
කොළඹ කොටස් වෙළඳපළ තුළ ආයෝජනය අනිවාර්යයෙන්ම යම් අධ්‍යයනයකින් පසුවයි කළ යුතු වෙන්නෙ. සියළුම දෙනා අනාවැකි පවසන්නේ දැනට පවතින වර්ධනය තව ඉදිරියටත් පවතී කියලයි. කොළඹ කොටස් වෙළඳපළ තුළ තිබෙන බොහොමයක් කොටස්, වෙනත් විශාල කොටස් වෙළඳපළ කොටස් වලට සිදුවන ආකාරයේ බලපෑම් නිසා මිල පහත බැසීමක් සිදු නොවෙන ඒව. ඒ කියන්නෙ යම් ස්ථායී අගයක් හිමිකරගන්න පුළුවන් ඒව. ඒ නිසා කොළඹ කොටස් වෙළඳපළ එක්තරා ආකාරයකින් වඩා ආරක්ෂිත කොටස් වෙළඳපළක් කියල කිව්වොත් නිවැරදියි. ඒ එක්කම ඉහළ ප්රථිලාභයකුත් ලබා දෙන්න පුළුවන් කොටස් වෙළඳ පළක් කියලත් කියන්න පුළුවන්.
අයියා දිගටම ලියන්න! කොළඹ කොටස් වෙළඳපොළ ලංකාවේ දැනට තියෙන හොඳම වර්ගයේ ආයෝජන මාර්ගයක්. ඉතින් ඒ වගේ දේකට සාමාන්‍ය ජනයාව උනන්දු කිරීමට ලැබෙන කදිම අවස්ථාවක් තමා මේක. ඉතින් දෙන දැනුමට බොහොම ස්තූතියි!
ReplyDeleteස්තුතියි මල්ලි. මටත් ඕනෙ කරල තියෙන්නෙ ඒක තමා. මේ පහසු ආයෝජන මාර්ගය හරහා ලංකාවෙ මිනිස්සුන්ට ප්රතිලාභ ලබාගන්න යම්ම හෝ උදව්වක් කිරීමය මා අවශ්‍ය. :)
ReplyDeleteදිගටම ලියන්න.වැදගත් ලිපි පෙලක්.අපිට අන්තර්ජාලය මාර්ගයෙන් ඕකට ජොයින් වෙන්න ක්‍රමයක් නැද්ද.
ReplyDeleteස්තුතියි, දිගටම ලියනව.
ReplyDeleteඅන්තර්ජාලය මාර්ගයෙන් නම් බෑ, නමුත් තැපැල් මාරගයෙන් හා, දුරකතන වලින් මූලික වැඩ ටික කරගන්න පුළුවන්, ඊට පස්සෙ ඕනෙ නම් අන්තර්ජාලය හරහා ගනු දෙනු කරන්න පුළුවන්.
ඔබගේ පදිංචිය සහතික කරල ලිපි ලේඛන එහෙම තැපෑලෙන් යවන්න පුළුවන්.
CDS ගිණුම අරඹන ඉල්ලුම් පත්‍ර නම් අන්තර්ජාලය හරහා ලබා ගන්න පුළුවන්, නමුත් ඒව පුරවල යැවිය යුත්තේ තැපැල් මාර්ගයෙන්.
ස්තූතියි ගොඩාක්... මම බලාපොරොත්තුවෙන් හිටියේ මේක...
ReplyDeleteඔබටත් ස්තුතියි. ඔබ කවුරු හෝ මගෙන් එහෙම ලිපියක් ලියන්න කියනාදහස දුන්නු නිසයි, මේ ලිපිය ලියවුනේ.
ReplyDeleteඑහෙම තව වෙනත් අයට තිබෙනවනම් අදහස්, මෙන්න මේ වගේ ලිපිඅ හොදයි කියල, කරුණාකරල කියන්න, එතකොට මම උත්සාහ කරන්නම් එහෙම එකක් ලියන්න.
මට මතකයි මමත් FaceBook එකේදි ඉල්ලිමක් කලා.. ඒකටද දන්නෙ නැ ඔයා දැම්මේ මේක..
ReplyDeleteකොහොම උනත් ගොඩාක් ස්තූතියි..
අහ්, එහෙනම් ඔයාට තමයි මේ ලිපිය. :)
ReplyDeleteආ එහෙනම් ස්තූයි ගොඩාක්.. :)
ReplyDelete