කොළඹ කොටස් නිකුතුවේ ශාඛා වලින් ඇති ප්‍රයෝජන - Guide to CSE

Hot

Wednesday, June 30, 2010

කොළඹ කොටස් නිකුතුවේ ශාඛා වලින් ඇති ප්‍රයෝජන

කොළඹ් කොටස් නිකුතුව තම ශාඛා රට වටා ඇති කිරීම තුළින් විශේෂයෙන්ම බලාපොරොත්තු වෙන්නේ ඒ ඒ ප්‍රදේශ වල සිටින ආයෝජකයින් සම්බන්ධ කරගැනීම හරහා ආයෝජන දිරිමත් කිරීමයි.
මෙම ශාඛා විවිධ, කොටස් වෙළඳපළ සම්බන්ධ ක්‍රියාකාරකම් වලට ආයෝජකයින්ට සහය ලබා දෙනවා.
  • කොටස් වෙළඳපළට සබඳතාවය
  • තැරැව්කාර සමාගම් වලින් ලබාදෙන සේවාවන් (කොටස් මිලට ගැනීම/විකිණීම, මුදල් ගෙවීම්, වෙනත් දේ)
  • ආයෝජන උපදෙස්
  • ආයෝජන සම්බන්ධ ලේඛන (ගිණුම් ඇරඹීම, මුදල් ලබා ගැනීම/තැන්පත් කිරීම, වෙනත්)
  • සමීක්ෂණ වාර්තා
  • සමාගම් වල වාර්ෂික වාර්තා
  • කොටස් නිකුතුව මගින් පල කරන පොත් පත්
හා තව බොහෝ සේවා මෙම ශාඛා වලින් සිදුවනවා.
මෙම ශාඛා, එම ප්‍රදේශයේ සිටින්නන්ට, කොටස් වෙළඳපළ තුළ ආයෝජනය කර, ලාභ ලබා ගැනීමට මහඟු අවස්ථාවක් ලබා දෙනවා.
මෙම ශාඛා වලින් සිදු කරන තවත් සේවාවක් තමයි, කාලයෙන් කාලයට එම ශාඛාව තුළ/ආයතන/පාසල් තුළ, කොටස් වෙළඳපළ සම්බන්ධයෙන් දේශන හා වැඩමුළු සංවිධානය කිරීම, මේවාට සහභාගි වීම තුළින් එම ප්‍රදේශයේ ජනයාට කොටස් වෙළඳපළ ආයෝජනය ගැන ඉගෙනගන්න පුළුවන්.
ලංකාව තුළ මෙහෙම ශාඛා 5ක් තිබෙනවා.
  • මාතර
  • මහ නුවර
  • කුරුණෑගල
  • මීගමුව
  • යාපනය
මාතර ශාඛාව
1999 වර්ෂයේ විවෘත කෙරුනු මෙය, කොළඹ කොටස් නිකුතුවේ පළමු ශාඛාව වෙනවා. මෙය තුළ දැනට තැරැව්කාර ආයතන 6ක් ක්‍රියාත්මකයි.
ලිපිනය: දුම්රිය පළ පාර, මාතර.

මහ නුවර ශාඛාව
මෙය දෙවන ශාඛාවයි, විවෘත කළේ 2003 වර්ෂයේ. මෙය තුළ දැනට තැරැව්කාර ආයතන 7ක් ක්‍රියාත්මකයි.
ලිපිනය: CeyBank House, දළදා විදිය.

කුරුණෑගල ශාඛාව
2005 වර්ෂයේ ආරම්භ කෙරුනු මෙය තෙවන ශාඛාවයි. තැරැව්කාර ආයතන 6ක් මෙතුළ ක්‍රියාත්මක වෙනවා.
ලිපිනය: පළමු මහල, Union Assurance Centre, රජපිහිල්ල මාවත, කුරුණෑගල.

මීගමුව ශාඛාව
තැරැව්කාර ආයතන 4ක් මෙතුළ ක්‍රියාත්මක වන අතර, මෙම ශාඛාව ඇරඹුනේ 2005 වර්ෂයේදීය. මෙය කොළඹ කොටස් නිකුතුවේ සිව්වන ශාඛාවයි.
ලිපිනය: පළමු මහල, Jude City Building, ග්‍රීන්ස් පාර, මීගමුව.

යාපනය ශාඛාව
මේ වසරේ අප්‍රේල් 27වන දින ඇරඹුනු මෙය, පස්වන ශාඛාවයි. තැරැව්කාර ආයතන 6ක් මෙම ශාඛාව තුළ ක්‍රියාත්මකයි.
ලිපිනය: රෝහල පාර, යාපනය.

මෙන්න මේව තමා, කොළඹ කොටස් නිකුතුවේ ප්‍රාදේශික ශාඛා. ඒ ඒ ප්‍රදේශ වල ඉන්න ජනතාවට, මෙම ශාඛා මගින් කොටස් වෙළඳපළ ආයෝජන කටයුතු වලට අදාල සියළුම දේවල් කරගන්න පුළුවන්. සරළව කිව්වොත් හැම දේම එකම වහලක් යටින් කරගන්න පුළුවන්.

3 comments:

  1. Cds account ekak open karaganne kohomada mn trinco inne plzzz mta help karanna

    ReplyDelete
  2. @Thimira: cse.lk සයිට් එකට ගිහිල්ල ඔයාට ලඟම තැරැව්කාර ආයතනය තියෙන තැන බලාගෙන ඒකට යන්න.
    නැත්තම් දැන් තැපැල් මාර්ගයෙනුත් cds account එකක් විවෘත කරන්න පුළුවන්. යම් තැරැව්කාර ආයතනයක් තෝරගෙන එයාලගෙ application form එක භාගත කරගෙන පුරවල එයාලට තැපෑලෙන් යවන්න. එයාල ඉල්ලන අනිත් documents මොනවද අහල ඒවත් යවන්න. දින 3කින් විතර ගිණුම විවෘත වෙලා ඔයාට ලියුමක් එයි. ඊට පස්සෙ මුදල් දාල පටන් ගන්න පුළුවන්.

    ReplyDelete
  3. hoda tharawkara ayathanayak thoraganne khomada?? oba hoda tharawkara ayathanayak niyama kranwanm krana ayathanaya mokakda??

    ReplyDelete

ඔබගේ අදහස්/උදහස්/යෝජනා/චෝදනා මෙහි ලියන්න.
ගැටළුද යොමු කරන්න. (ගැටළු Contact Form හරහාද යොමු කළ හැක.)

Post Top Ad