CDAX කුප්පි - 2 - Guide to CSE

Hot

Sunday, July 25, 2010

CDAX කුප්පි - 2

පටුන:
CDAX කුප්පි - ආරම්භය
CDAX කුප්පි - 2


ඔන්න එහෙනම් CDAX ස්ථාපනය කරල ඕපන් කරල පොඩ්ඩක් සෙල්ලම් කරන්න ඇතිනෙ CDAX එක්ක?
එහෙනම් අද ඉඳල පොඩ්ඩ පොඩ්ඩක් මේකෙ තියෙන වැඩ කෑලි ඉගෙන ගමු.
මුලින්ම මෙන්න මෙතන තියෙන්නෙ මොකද්ද කියල දැනගන්න ඕනෙ. (ඉහළ වම් කෙළවරේ)

Image8.jpg

මේකෙන් නම් කියවෙන්නෙ, දැන් කොටස් වෙළඳපළ වහලයි තියෙන්නෙ, බ්‍රෝකර් කෝඩ් එක MSB, යූසර් නේම් එක HMRH, CDAX ඕපන් කරල තියෙන්නෙ සියළුම ගනුදෙනු බලන්න (ALL) දැන් වෙලාව හා දිනය.
ඊලඟට මම කියන්න යන්නෙ CDAX වල පහළින්ම තියෙන තීරුවෙ තිබෙන දේවල් ගැනයි.

Image1.jpg

මේකෙ තියෙන දේවල් එක එක බලමු.

1. Image2.jpg ඒ දිනය තුළ අදාල වේලාව වන තෙක් සිදුවූ සියළුම ගනුදෙනු ගණන.

2. Image3.jpg එම සිදුවූ සියළුම ගනුදෙනු වල වටිනාකම රුපියල් වලින්.

3. Image4.jpg ඉහත කී ගනුදෙනු වලදී හුවමාරු වූ කොටස් ප්‍රමාණය.

4. Image5.jpg එම දිනය තුළ අදාල වේලාව වන තෙක් සියළු කොටස් මිල දර්ශකය (ASI) හි අගය, එය පෙර දිනයට සාපේක්ෂව ඉහළ හෝ පහළ බැස ඇති ප්‍රමාණය (කොල පැහැති නම් ඉහළ ගොස් ඇති අතර, රතු පැහැති නම් පහළ ගොස් ඇත.)

5. Image6.jpg එම දිනය තූළ, අදාල වේලාව වන තෙක්, මිලන්කා මිල දර්ශකය (MPI) හි අගය. එය පෙර දිනට සාපේක්ෂව ඉහළ හෝ පහළ බැස ඇති ප්‍රමාණය (කොල පැහැති නම් ඉහළ ගොස් ඇති අතර, රතු පැහැති නම් පහළ ගොස් ඇත.)
හරි. මේ අගයන්ගෙන් පුළුවන් එදින වෙළඳපළ ගැන දල අදහසක් ලබා ගන්න. එදින වෙළඳපළ ඉහල ගිහිල්ලද, පහල ගිහිල්ලද, කොහොමද වෙළඳපළ ක්‍රියාකාරිත්වය, අඩුද වැඩිද, වගේ දේවල්.
මේකෙ ඉහළින්ම තව තිබෙනව Menu Bar එකකුයි Tool bar එකකුයි. මේව ගැනත් අපි කතා කරමු.

Image9.jpg

Image10.jpg

Tool bar එකට දකුණු පසින් තියෙනව Search Box එකක්, ඒකෙන් පුලුවන් ඔයාලට ඕනෙ Share එකක Code එක දාල ඒ සමාගමේ ඒ කොටසේ විස්තර ලබා ගන්න.

Image13.jpg

Tool bar එකට යටින් තියෙන බාර් එකේ, ඒ ඒ අවස්ථාවේ සිදුවන ගනුදෙනු පෙන්වනවා. ඒක නම් ක්‍රියාත්මක වෙන්නෙ කොටස් වෙළඳපළ ක්‍රියාත්මක වෙලාවට විතරයි.
ඊටත් පොඩි ඇඩ් බාර් එකක් තියෙනව. ඒක CDAX කට්ටිය සල්ලි ටිකක් හොයාගන්න දාපු එකක්. අපිට අයින් කරන්න බෑ.
ඒකටත් යටින් තියෙන්නෙ වැදගත්ම කොටස. ඔක්කොම ක්ලෝස් හරි මිනිමයිස් කළොත් හරි, එතන තියෙන්නෙ කලු පැහැති ප්‍රදේශයක්. එතන තමා ඔක්කොම වැඩ ටික බලාගන්න තියෙන තැන.

Workspace එක ගැනයි, window එකේ තියෙන basic දේවල් ටිකයි ඔන්න කියල දුන්න.

දැන් බලමු ඊළඟට වැදගත්ම දේවල් කිහිපයක්.

ඔබගේ ගිණුමේ විස්තර ලබා ගැනීම.
මේක කරන්න නම් ඔයා යන්න ඕනෙ Menu Bar එකේ Client Details > View Details.
එතකොට එනවා මෙන්න මෙහෙම dialog box එකක්.

Image17.jpg

මෙතනින් ඔයාලගෙ CDS ගිණුමේ සියළුම විස්තර බලාගන්න පුළුවන්.

1. Account Statement
ඔයා පසුගිය මාස 3 තිස්සේ කරපු සියළුම මිලදී ගැනීම් හා විකිණීම් ගැන විස්තර මෙතන තියෙනව.

Image18.jpg

2. Portfolio Valuation

දිනකට පෙර, ඔබ සතුව ඇති කොටස් වල වටිනාකම් මේතන පෙනවනවා.

Image19.jpg

මේකෙ තීරු ටික ගැන කිව්වොත්, stock code එක, සමාගමේ නම, අයිති කොටස් ගණන, ඒවාට ගිය වියදමට අනුව එක කොටසක මධ්‍යන්‍ය මිල, මුළු වියදම, අවසානයේ ගනුදෙනු වී ඇති මිල, ඒ මිලට විකිණුවොත් ලැබෙන ආදායම, ලැබෙන ලාභය හෝ පාඩුවේ ප්‍රමාණය (රතු නම් පාඩු, නැත්නම් ලාභ)

3. Buying Power
මෙතන පෙන්වන්නෙ, ඔබට වියදම් කළ හැකි මුදල් ප්‍රමාණයයි, ඒක ඔබගේ ගිණුමේ ඉතිරිව තිබෙන මුදල හා ණය සීමාවේ එකතුවයි. (ඔබට ඔබගේ ගිණුමේ තිබෙන මුදලෙන් 50%ක වටිනාකමකට ණයට කොටස් මිලදී ගන්න පුළුවන්. හැබැයි ණය ඉක්මනින්ම ගෙවන්න ඕනෙ. )

4. Accout Monitor
මෙහි තිබෙන්නෙ, එදින තුළ කළ ගනුදෙනු ලැයිස්තුවක් හා, ගිණුමේ ශේෂය පිළිබඳව විස්තරයි.

5. Portfolio Monitor
මේකත් අර portfolio valuvation වගේම තමා. නමුත් මෙහි තිබෙන්නෙ ඒ අවස්ථාවේ වෙළඳපළ තුළ කොටස් මිල විචලනය අනුව, අපගේ කොටස් ගැන විස්තර.

Image20.jpg

අරක වගේම තමා, කෝඩ් එක, කොටස් ගණන, එකක මධ්‍යන්‍ය මිල, මුළු වියදම, වෙනත් ආයෝජකයින් මිලට ගැනීමට බලාපොරොත්තුව සිටින ඉහළම මිල, වෙනත් ආයෝජකයින් විකිණිමට බලාපොරොත්තුව සිටින අඩුම මිල, අවසානයට ගනුදෙනුවක් සිදුවූ මිල. දැනට පවතින ලාභය/ අලාභය. ඒවට අමතරව, මොකක් හරි වික්කම, (release කළාම) ඒ විකිණිම ගැනත් විස්තර මෙතන පෙනවනවා.

6. Position Monitor

අපි ඕඩර් එකක් දාල ඒක අපිට ලැබුන නම් (විකිණීමක් හෝ මිලට ගැනීමක්) එදින තුළ මෙම dialog box එක තුල ඊට අදාල විස්තර තිබෙනවා.

ඊලඟ කුප්පියෙන්, tool bar එක ගැන ඉගෙන ගමු.

මෙම කුප්පි මාලාවට Subscribe වන්න. මෙතන කොටන්න.

1 comment:

  1. මමත් මේක අත්හදා බලන්න බැලුවේ.. exam ඉවර වෙලා පටන් ගන්න ඕනා..

    ReplyDelete

ඔබගේ අදහස්/උදහස්/යෝජනා/චෝදනා මෙහි ලියන්න.
ගැටළුද යොමු කරන්න. (ගැටළු Contact Form හරහාද යොමු කළ හැක.)

Post Top Ad