CDAX කුප්පි - 6 - CDAX හරහා කොටස් ගනුදෙනු කරන හැටි - Guide to CSE

Hot

Thursday, October 7, 2010

CDAX කුප්පි - 6 - CDAX හරහා කොටස් ගනුදෙනු කරන හැටි

CDAX කුප්පි - 6

 ස්සෙල්ල කුප්පියෙන් කිව්ව, right click menu එක ගැන. 
අපි අද කතා කරමු, buy/sell orders දැමීම සම්බන්ධ දේවල් පිළිබඳව.

කොටස් මිලට ගැනීමට අපි Buy Order එකක් දාන්න ඕනෙ, මේක දෙආකාරයි, Market Order හා Limit Order යනුවෙන්. Market order එකක් දැම්මම අපි ගන්න ඉන්න කොටස් ටික අපිට කෙලින්ම ලැබෙනවා විකුණනන්න sell orders දාල තිබෙන අය දාල තියෙන අවමම මිලට. ඒකෙදි අපිට මිල වෙනස් කරන්න බෑ, කෙලින්ම කොටස් ටික අපිට ලැබෙනව අර කිව්ව මිලට, අපේ ඕඩර් එක එම සමාගමේ Order book එකට යන්නෙත් නෑ. Limit order එකක් කියන්නෙ අපිට ඕනෙ කොටස් අපිට ඕනෙ කීයටද කියල කියන්න පුළුවන් අවස්ථාවක් අපිට දෙන එක. ඒකෙදි අපිට පුළුවන් අපිට මෙන්න මේ කොටස් ප්‍රමාණයක් මෙන්න මේ මිලට ඕනෙ කියල ඕඩර් එක දාන්න.එතකොට ඔබගේ order එක එම ස්මාගමේ order book එකට යනවා, ඔබ ඉල්ලන මිලට කවුරුහරි දෙන්න ලෑස්ති උනොත් ඔබට එම මිලට එම කොටස් ටික ලැබෙනවා. නමුත් මතක තබා ගත යුත්තක් තමා හැම වෙලේම එහෙම වෙන්නෙ නෑ, මම ඒකෙන් අදහස් කළේ, ඔබ ඉල්ලන මිලටම එම සමාගමේ කොටස් ඉල්ලල ඕඩර් දාපු අය තවත් ඉන්න පුළුවන්, ඔබට ඉස්සෙල්ල ඕඩර් දාපු, එතකොට එයාලට ලැබිල තමා ඔයාට ලැබෙන්නෙ. (වැඩි විස්තර මෙන්න මේ ලිපියේ තිබෙනවා.)

Buy Order එකක් දාන්න පුළුවන් ක්‍රම 3ක් තිබෙනවා. Orders මෙනුව හරහා, Tool bar එකේ Buy බොත්තම හරහා සහ lot watch එකක එම අදාල සමාගමේ තීරුව right click කළාම එන මෙනුව හරහා.
දැන් අපි බලමු මෙම Buy Order panel එකේ තියෙන දේවල් ගැන ටිකක්.

Stock Code: කියන්නෙ ඉතින් ඔබ තෝරාගන්නා සමාගමේ කොටස් වල සංකේතය. ඒ එක්කම තිබෙන කොටුව තුළ තිබෙන්නෙ අද දවස තුළ එම කොටස් වල මිල සම්බන්ධ තොරතුරු.
ඊලඟට තියෙනව මේ දාන්නෙ buy/sell order එකක්ද කියල තෝරන්න. 
Stock Balance හා Order Value: ඔබ ලඟ එම සමාගමේ කොටස් තිබෙනවා නම් එම කොටස් ප්‍රමාණය හා එහි දැන් වටිනාකම.
Quantity: ඔබට මිලට ගන්න ඕනෙ කරන කොටස් ගණන.
Price Type: Limit/Market Order යන වග
Price: ඔබ එම කොටස් මිලට ගන්න හිතා ඉන්න මිල
Tif: එම order එක බල පැවැත්වෙන දින ගණන (මේ ගැන මීට පෙර ලිපියක කිව්ව. එම ලිපියට මෙතනින්  යන්න.)
ඊට පස්සෙ ඒවායින් වැදගත් වෙන්නෙ disclosed quantity කියන එකයි, Min Qty කියන එකයි තමා.
ඒ කියන්නෙ ඔබ ලඟ තිබෙන/ඔබට ලැබී තිබෙන කොටස් ගණන හා ඔබ දාපු ඕඩර් එක ඔබට ලැබෙනකොට කොපමණ කොටස් ප්‍රමාණයක ගුණාකාරයකින්ද ඔබට එය ලැබෙන්නෙ කියන එකයි. උදාහරණයක් කිව්වොත් ඔබ min qty එකට 1000ක් දැම්මොතකොබට එම කොටස් ලැබෙන්නෙ එක ආයෝජකයෙකු කොටස් 1000ක් හෝ ඊට වැඩි ප්‍රමාණයක් එක වර විකුණන්න ඉන්නව නම්විතරයි.
  
Sell Orders ගැනත් අර වගේම ඊට සමානම දේවල් ටිකක් තමා කියන්න තියෙන්නෙ.


ඔබ මෙහෙම දාපු Orders බලාගන්න පුළුවන් Orders > Order Tracker වෙත යාමෙන්. එම window එකෙන් ඔබට පුළුවන්, එම ඕඩර් බලන්න, ඒව fill වෙලාද නැද්ද යන එක බලන්න, ඒව වෙනස් කරන්න (amend), කැන්සල් කරන්න වගේ දේවල්.
මේ දෙකේදිම දැක්කද Queue කියල බොත්තමක්? 
අන්න ඒකෙන් ඔයාලට පුළුවන් ඔයාල මේ දාන Order එක අනාගතයෙදි ක්‍රියාත්මක වෙන්න දාන්න. ඒ කියන්නෙ ඔයාට ඕනෙ නම් ලබන සතියෙ දවසක ඔයාගෙ ඕඩර් එක දාන්න, අදම දාල queue කරල තියන්න ඒ අදාල දවසට, එතකොට ඔයා හිටියත් නැතත්, ඕඩර් එක එදාට මාකට් එකට වැටෙනවා. නැත්තම් අද රෑ cdax බලල හෙට ගන්න ඕනෙ එකක් වෙනුවෙන් order එකක් දාන්න, එහෙමත් කරන්න පුළුවන් මේකෙන්. ඒ දාන ඕඩර්, ඕඩර් එක මාකට් එකට යන්න ඉස්සෙල්ල තියෙන්නෙ Queued Order Tracker එකේ, ඒක බලාගන්න Orders> Queued Order Tracker වෙත මෙනු වලින් යන්න.

යට කලු පාට කොටුවක් තිබෙනව පේනවනෙ? ඔබ දාන ඕඩර් පිළිබඳ තොරතුරු එතන පෙනවනවා.

සැ. යු. ඔබ එකම cdax අතුරුමුහුණත හරහා CDS ගිණුම් කිහිපයක් පාලනය කරනවා නම්, ඕඩර් එකක් දැමීමේදී නිවැරදි CDS ගිණුම තෝරන්න මතක තබා ගන්න.

 ඉතින් මේ ඕඩර් එකක් වෙනස් කරන්න, කැන්සල් කරන්න ඕනෙ උනොත් අපි මොකද කරන්නෙ?
ඒක කරන්නෙ, Order Tracker එක හරහා. order Tracker එකට ගිහිල්ල, අදාල ඕඩර් එක තෝරල, ඒක right click කළාම එන මෙනුවෙන් පුළුවන්, එම ඕඩර් එක වෙනස් කරන්න, කැන්සල් කරන්න වගේ දේවල් කරන්න.


මෙම කුප්පි මාලාවට Subscribe වන්න. මෙතන කොටන්න.

14 comments:

  1. cdax pro 6.4 version එකේ linux සඳහා තියන .bin ගොනුව install කරන්න යද්දී jre 3.1 ඉල්ලනවා නමුත් දැනට හොයාගන්න තියෙන්නේ jre 6 විතරයි මේකට මොකද කරන්නේ

    ReplyDelete
  2. ඔය ප්‍රශ්නෙ එනව වින්ඩෝස් වලදිත්, මට ඒ ප්‍රශ්නෙ ආපු වෙලාවට මම කළේ නම්, මෘකාංගය ඉල්ලන විදිහට ෆෝල්ඩර් එකක් හදල ඒකට තියෙන ජාවා සංස්කරණය ඉථාපනය කළ එක. එතකොට හරි ගියා. (මට මේ ප්‍රශ්නෙ ආවෙ, මම සකස් කරපු පෝටබල් version එකට.)
    ලිනක්ස් වලට නම් විසඳුමක් මම දන්නෙ නෑ. :( sorry....

    ReplyDelete
  3. cdax ගිනුම open කරන්න ලක්ෂ 2ක් ඕනද?

    ReplyDelete
  4. මුලින්ම කියන්න ඕනෙ, CDAX ගිණුමක් කියල වෙනම එකක් නෑ, ඔබගේ CDS ගිණුමට අදාල CDAX login එකක් තමා තිබෙන්නෙ, එහෙම තියෙන්නෙත් ඔබගේ CDS ගිණුම තිබෙන තරැව්කාර ආයතනය CDAX සහය ලබා දෙනවා නම් පමණයි.
    ඔබගේ තැරැව්කාර ආයතනය CDAX හරහා online trading සහය ලබා දෙනවා නම් ඔවුන් සමහරවිට ඒ සේවාව ලබාදීම සඳහා අබගේ CDS ගිණුමේ තිබිය යුතු අවම මුදලක් සඳහන් කරන්න ඉඩ තිබෙනවා. කොහේවත් ඒක ලක්ෂ දෙකයි කියල සඳහන් වෙලා නෑ, ඒක එම තැරැව්කාර ආයතනයේ තීරණයක්.

    Now u can ask ur Questions at http://www.formspring.me/gtcse

    ReplyDelete
  5. මම සෙලින්කො ස්ටොක් බ්‍රොකර්ස් එකෙන් ගිනුම ආරම්භ කරන්න ගියාම තමා එහෙම කීවේ... cdax ලොගින් එක දෙන්නෙ ලක්ෂ 2ක් ඕන කියල, (මීට අඩුවෙන් දෙන තැරැව්කාර සමාගම් තියනවනම් කියන්න මොකද මම අදහස අත් හරින්න ඉන්නේ)

    ReplyDelete
  6. ම්ම්. ඔවුන් එහෙනම් ලක්ෂ 2ක අවම ආයෝජනයකට වෙන්න ඇති cdax දෙන්නෙ. මම දන්න තරමින් Capital Trust, Asia, Bartleet කියන කට්ටිය නම් එහෙම සීමාවන් දාල තිබුනෙ නෑ.
    නමුත් Barleet එක නම් දැන් online trading දෙන එක තාවකාලිකව නවත්තල තියෙන්නෙ, ඔවුන්ගේ system upgrade එකක් සඳහා.

    ReplyDelete
  7. when i enter my cds a/n its telling wrong why

    ReplyDelete
  8. Where do u have to enter your CDS number? there's no place on CDAX to enter a CDS number.
    Are you talking about a different place?

    ReplyDelete
  9. @සහන් :Asia securities එහෙම ලිමිට් එකක් නෑ.....

    capital trust එකෙත් දැන් 300000 ක ලිමිට් එකක් දාලා....ඒක 100,000 කට අඩු කරගන්න පුළුවන් කතා කලොත් ....එත් capital trust එකේ CDAX දෙන්නේ නෑ.එයාලගේ වෙබ් අඩවියක් දෙන්නේ...ඒක පොඩ්ඩක් කරදරයි,stuck වෙනවා හැම වෙලේම...එයාල ඒක අලුත් කරන්න ඉන්නේ.

    Barleet නුත් සීමාවක් දල කියලයි ආරංචිය....
    එයාලත් CDAX දෙන්නේ නෑ.

    ReplyDelete
  10. Hmm, is that so? :(

    Ya capital trust n bartleet are using a web based trading platform.

    CDAX is only given by 4 broker firms.

    ReplyDelete
  11. මාදව හුගක් ස්තුතියි ඔබට.නොදන්නා ගොඩක් දේවල් දෑන ගත්තා.කිසිම සයිට් එකකින් හොයගන්න බෑරිව සිටි කරුනු පහදිලිව සරලව ඉදිරිපත් කිරීම පිලිබද මගේ අචාරය.

    ReplyDelete
  12. පාලම් කොකාOctober 6, 2013 at 12:53 PM

    ආශා පිලිප්ස් එකේ එහෙම limit එකක් තියනවද?

    ReplyDelete
  13. ඉස්සෙල්ල නම් තිබුනෙ නෑ. නමුත් දැන් තිබෙනව.

    ReplyDelete

ඔබගේ අදහස්/උදහස්/යෝජනා/චෝදනා මෙහි ලියන්න.
ගැටළුද යොමු කරන්න. (ගැටළු Contact Form හරහාද යොමු කළ හැක.)

Post Top Ad