IPO (Initial Public Offering) ගැන විස්තරයක් - Guide to CSE

Hot

Wednesday, August 3, 2011

IPO (Initial Public Offering) ගැන විස්තරයක්


මේ දවස් වල කොටස් වෙළඳපළ ගැන කතා කරනකොට කියවෙන දෙයක් තමයි මේ IPO. මේ වසරේ වේ වන විටත් මේ කියන IPO කිහිපයක්ම තිබුනා. ඉතිරි මාස කිහිපය තුළත් තවත් IPO ටිකක් එන්න තියෙනවා.

ඉතින්, මොකද්ද මේ IPO එකක් කියන්නෙ???
IPO = Initial Public Offering
ලෝකෙ සමාගම් වර්ග දෙකක් තිබෙනවා, පුද්ගලික (Private) හා පුද්ගලික නොවන (Public). පුද්ගලික සමාගම් වල අයිතිය තිබෙන්නෙ එහි මූලික අයිති කරුවන්ට / ආයෝජකයින්ට පමණයි. ඔවුන් තමා සමාගමට මුදල් යොදවන්නෙත්, සමාගම පවත්වාගෙන යන්නෙත්. නමුත් පුද්ගලික නොවන සමාගම් මීට වෙනස්. ඒවායේ අයිතිකරුවන් / ආරම්භකයින් පමණක් නෙමෙයි ඒ සමාගම් වල කොටස්කරුවන්, ඒ සමාගමට මුදල් යොදවන හැමෝම. ඒ සමාගම් වලට මුදල් යොදවන්න ඕනෙම කෙනෙක්ට පුළුවන්, එතකොට ඒ ආයෝජකයිනුත් ඒ සමාගමේ කොටස්කරුවෙක් වෙනව. 
යම් සමාගමක් "පුද්ගලික" (Private Limited) සිට "මහජන" (Public Liability Company) සමාගමක් බවට පත්වෙන එකක් තමයි මේ IPO එකක් හරහා වෙන්නෙ. ඒ කියන්නෙ, යම් සමාගමක අයිතිය මහජනතාවටත් ලබා දෙන ක්‍රමයක් තමයි මේක. එම සමාගම මේ හරහා කරන්නේ, තම සමාගමේ වත්කම් මහජනයා අතරේ බෙදල දෙන එක. ඒක කරන්නෙ, මහජනයාට සමාගමේ කොටස් නිකුත් කිරීමක් මගින්. (Share Issue). ඉතින් මීට ඉස්සෙල්ල ඒ සමාගම එහෙම දෙයක් කරල නැතිනම් ඒක කරන මුල්ම අවස්ථාව මේක නිසා, ඒකට කියනව Initial Public Offering  එකක් කියල. එතකොට ඒ අවස්ථාවේදී මහජනයට පුළුවන් තමන්ගේ මුදල් ඒ කොටස් මිලට ගැනීම හරහා එම සමාගමට යොදවන්න. එතකොට ඔවුනුත් එම සමාගමේ කොටස් හිමියන් වෙනවා. ඔබට පුළුවන් IPO එකක් නැතිවත් සමාගමක ආයෝජනය කරන්න. එහි අයිතිකාරයින් හමුවට ගිහිල්ල ඔවුන් එක්ක කතා කරන්න ඔබට පුළුවන්. ඔවුන් කැමති නම් ඔබේ ආයෝජනය ලබාගෙන සමාගමේ අයිතියක් ඔබට දෙන්න, ඔබටත් එම සමාගමේ කොටස්කරුවෙක් වෙන්න පුළුවන්. ඔවුන් අකමැති නම් ඔබට ආසාව අත්අරින්න වෙනවා. නමුත් PLC වශයෙන් අඳුන්වන පුද්ගලික නොවන සමාගම් වල වත්කම් වලින් යම් ප්‍රමාණයක් මහජනතාව අතෙයි තිබෙන්නෙ. එම අයිතිය, කොටස් වෙළඳපළ හරහා විවිධ පුද්ගලයින්ට ලැබෙනවා, පුද්ගලයින් අතින් අතට ඒ අයිතිය හුවමාරු වෙනවා. 
මේ ආකාරයින් තමන්ගෙ සමාගමේ යම් ප්‍රමාණයක් මහජන අයිතියට පත් කළ සමාගම් වල, කොටස් හිමියන් දහස් ගණනක් ඉන්න පුළුවන්. එම සමාගම් යම් නීති පද්ධතියකට යටත් වෙනවා. උදාහරණයක් වශයෙන්, එම සමාගම් වලට අධ්‍යක්ෂක මණ්ඩලයක් සිටිය යුතුයි, ඔවුන් හැම කාර්තුවේම මූල්‍ය වාර්ථා ඉදිරිපත් කළ යුතුයි වගේ දේවල් කියන්න පුළුවන්. මේ සමාගම හැම එකක්ම රපෝර්තු කරන්නෙ විනිමය කොමිෂන් සභාවටයි (Security Exchange Commision (SEC)) එකටයි. 

ඇයි සමාගම් කොටස් නිකුත් කරන්නෙ?

තමුන්ගෙ සමාගම ඇයි අනුන්ට දෙන්නෙ? කෙනෙක්ට නිතැතින්ම එන ප්‍රශ්නයක්. ඇත්තටම ඇයි???

  • එහෙම කිරීමෙන් සමාගමට විශාල මුදල් ප්‍රමාණයක් ගලා එනව. 
  • ඒත් එක්කම ඒ හරහා බොහෝ මූල්‍ය සම්බන්ධ දොරටු විවෘත වෙනවා. 
  • සමාගම සම්බන්ධ සමීක්ෂණ වැඩි වෙනවා.
  • ණය ගැනීමේදී මෙම සමාගම් වලට පහසුවෙන් ණය ලබා ගැනීමේ හැකියාව ලැබෙනවා.
  • සමාගමට තිබෙන ඉල්ලුම වැඩි නම් හැම වෙලේම ඔවුන්ට පුළුවන්, තව තවත් කොටස් නිකුත් කරන්න.
  • විවෘත වෙළඳපළෙහි කොටස් ගනුදෙනු වෙනවා කියන්නෙ ද්‍රවශීලීතවය වැඩි වීමක්. ඉතින් මේ හරහා එම සමාගමට පුළුවන්, සමාගමේ සේවකයින්ට කොටස් ලබා දීම වගේ දේවල් කරල හොඳම සේවකයින් සමාගම තුළ රඳවා ගන්න, හොඳම අය බඳවාගන්න වගේ දේවල් කරන්න.

සමාගමක් IPO එකක් හරහා මුදල් එකතු කිරීමක් තමයි මූලිකව බලාපොරොත්තු වෙන්නෙ. මේ වගේ ක්‍රම නිසා සමාගම් වලට අවශ්‍ය නෑ විශාල ප්‍රග්ධන ප්‍රමාණයක් ඔවුන්ගේ ඉදිරි වැඩ වලට, ඔවුන්ගේ සමාගමේ ප්‍රසාරණයන් කරන්න. කරන්න තියෙන්නෙ තමන්ගේ අවශ්‍යතාවයට අනුව IPO එකක් හරහා තමන්ට අවශ්‍ය කරන ප්‍රාග්ධනය මුදල් එකතු කර ගැනීම පමණයි. මේ සමහර සමාගම් කවදාවත් ලාභ නොලබුපුව වෙන්න පුළුවන්, සමහරක් ඒව ලඟපාත කාලෙකදිවත් ලාභ ලබන්න බලාපොරොත්තුවක් නැති ඒව. සමහරක් විට ඒ IPO එක තියන්නෙ සමාගම පොහොසත් කරන්නම විතරක් වෙන්න පුළුවන්. (ඒකට කියන්නෙ Exit Stratergy කියල.) 

ඉතින් මතක තියාගන්න. IPO එකක් කියන්නෙ මුදල් එකතු කිරීමක් පමණයි. ඒක තනිකරම Sales job එකක් විතරයි. ඔබට පුළුවන් නම් ඔබගේ සමාගමේ කොටස් මිලට ගන්න මිනිස්සුන්ව පොළඹවන්න, ඔබට ලොකු මුදලක් එකතු කරගන්න පුළුවන්.

අන්තිම ඡේද දෙක කියවල හිතන්නෙපා IPO එකක් කියන්නෙ කිසිම වැදගැම්මකට නැති දෙයක් කියල, සහ මට බනින්නෙපා මිනිස්සුන්ව නොමඟ යවනවා කියල. මේ IPO ගැන ලිපි පෙළක ආරම්භයක්. තව ඉදිරියට ගොඩක් දේවල් තිබෙනවා. IPO ගැන මේ උඩ කිව්ව එකත් ටිකක් මතක තියාගෙන ඉතිරි ලිපි ටිකත් කියවමු. 
ප. ලි. IPO කියන්නෙ ගොඩක් හොඳ දෙයක් ආයෝජකයින්ට. ඉතින් ඉදිරියේදි හරියට IPO එක්ක වැඩ කරන හැටිත් කියල දෙන්නම්. එකතු වෙලා ඉන්න.

6 comments:

  1. hi friend,
    oyage blog eke kalin honda blog ekaka link ekak thibuna forex trading gena. pls, mata eka ewanna puluwanda? mage mail address eka,
    nandunpadma@yahoo.com
    Thankz brother.

    ReplyDelete
  2. ඔයාගේ BLOG එක නමි නියමයි.මමත් දැන් කොටස් ‍වෙලද පොලෙන් හමිබ කරනවා. ඔයාලට කොටස් ‍වෙලද පොලෙන් වගේම අන්තර්ජාලයෙන් මුදල් හොයන්න අවශ්‍ය නමි මෙ ලිංක් එකට යන්න .
    http://www.minuteworkers.com/register.php?ref=tdmd126

    ReplyDelete
  3. dan bolg eka wadiya update wenne na ne..oya busy kiyala tibuna..kohomahari wada ekka mekath update karanna balanna..oyage blog eka nisa thma mama share market eka gana tibuna asawa wadi wela wada patan gatte..thanks..good luck!!

    ReplyDelete
  4. @Ano 1: ම්ම්. ම්ට මතක නම් නෑ හරියට මම එහෙම එකක් තිබ්බ කියල.

    @Ano 2: අන්තර්ජාලයෙන් මුදල් ඉපයීමට ලොකු කාලයක් වැය කරන්න ඕනෙ හරියට කරනව නම්. මේ අඩවියේ මම හුඟක් ඉස්සර රෙජිස්ටර් උනා. නමුත් එතරම් සාර්ථක නෑ කියල තේරුනු නිසා අත ඇරල දැම්ම.

    @Ano 3: ඔව් බිසී නම් තමා. ඒ කියන්නෙ ලිපියක් ලියන්න ලොකු කාලයක් වැය කරන්න ඕනෙ. ඉතින් අන්න ඒකයි ප්‍රශ්නෙ. එක එක වැඩ වැටෙනකොට ප්‍රශ්නෙ. :(

    ReplyDelete
  5. Madawa denata inna hodama borkars la kauda

    ReplyDelete
  6. එහෙම හොඳද නරකද කියල මෙහෙම කියන එක එතරම්ම හොඳ නෑ නේද? මොකද එක් අයෙකුට හොඳ ආයතනයක් තවත් අයෙක්ට නරක වෙන අවස්ථා ඕනෙ තරම්. :)
    මගෙ අදහස ඕනෙ නම් කියන්නම්, නමුත් ඒත් එක්කම කියන්න ඕනෙ, මේ ආයතනම හරි නෑ කිව්ව අයත් ඕනෙ තරම් ඉන්නව.
    දැනට ලංකාවේ තිබෙන විශාලතම තැරැව්කාර ආයතන තමයි Asha Phillip, Barleet, Asia, JBS. ඒවම තමයි හොඳයි කියල මම හිතන ඒව.

    ReplyDelete

ඔබගේ අදහස්/උදහස්/යෝජනා/චෝදනා මෙහි ලියන්න.
ගැටළුද යොමු කරන්න. (ගැටළු Contact Form හරහාද යොමු කළ හැක.)

Post Top Ad