පළමු කොටස මෙතනින් කියවන්න.
දෙවන කොටස මෙතනින් කියවන්න.
අද අවසාන කොටස.
Tracking Stocks කියන්නෙ මොකද්ද?
ඔබ දැකල ඇති සමහරක් විශාල සමාගම්, ඔවුන්ගේ අනු සමාගම් වලට වෙනමම කොටස් නිකුත් කරනවා.
උදා: A කියන විශාල සමාගමට X, Y හා Z කියල අනු සමාගම් (subsidiaries) තුනක් තිබෙනවා. ඔවුන් මේවායින් X කියන සමාගමේ කොටස් නිකුත් කිරීමක් කරනවා. මේකෙන් ප්‍රධාන වශයෙන් බලාපොරොත්තු වෙන්නෙ, ඒ සමාගමේ එම අනු සමාගමේ ක්‍රියාකාරිත්වය නිරීක්ෂණය කිරීමයි. (Common stock issued by a parent company that tracks the performance of a particular division without having claim on the assets of the division or the parent company.) මෙහෙම කළාම ඒ අනු සමාගමට ප්‍රධාන සමාගය යටතේ ඉන්නවට වඩා වටිනාකමකුත් ඇති වෙනවා.
මීට අමතරව ප්‍රධාන සමාගමට මෙමගින් වෙනත් වාසිත් සැළසෙනවා.
- ප්‍රධාන සමාගමේ මූල්‍ය කටයුතු වලින් වෙන්වූ වෙනමම මූල්‍ය පද්ධතියක් එම අනු සමාගමට ඇති වෙනවා. ප්‍රධාන සමාගමේ මූල්‍ය වාර්තා වලට මෙම අනු සමාගමේ විස්තර ඇතුළත් වෙන්නේ නෑ.
- මෙහෙම කරන්න ප්‍රධානම හේතුවක් වෙනව, එම අනු සමාගමක් ලෙස වෙන් කළ කොටස විශාල පාඩු ලබන ආයතනයක් නම්. ඒ පාඩුව ප්‍රධාන සමාගමේ ගිණුමට එකතු වෙනකොට ඒක ප්‍රධාන සමාගමේ තත්වයට හොඳ නැති වෙන නිසා.
- අනිත් පැත්තට, අර අනු සමාගම විශාල ලාභයක් ලැබුවොත්, ප්‍රධාන සමගමට හැකි වෙනවා අනු සමාගමේ කොටස් හරහා ප්‍රධාන සමාගමට වත්කම් ලබාගන්නට.
ඉතින් මේව එක්ක බලනකොට tracking stocks issue එකක් IPO එකක් වගේ වෙන්නෙ නෑ. ප්‍රධානම දේ, මෙම tracking stocks වලට ඡන්ද බලයක් හිමි නෑ, වෙනත් සමාගම් වල සාමාන්‍ය කොටස් වලට වගේ.
මේ අනු සමාගමට වෙනමම අධ්‍යක්ෂක මණ්ඩලයක් නෑ, ඉන්නෙ ප්‍රධාන සමාගමේ කට්ටියම තමයි.
මෙහෙම කිව්වට මේකෙන් කියවෙන්නේ නෑ tracking stocks වල ආයෝජනය නරකයි කියල. මතක තබා ගත යුත්ත තමයි, මේ කොටස් සාමාන්‍ය IPO එකකින් ලැබෙන කොටස් වගේම නෙමෙයි කියන එක.
සාරාංශය/අවසන් නිගමනය
- IPO එකක් කියන්නෙ යම් සමාගමක් පුද්ගලික සිට මහජන සමාගමක් වෙනකොට සමාගමේ අයිතිය විකුණන ප්‍රථම අවස්ථාවයි.
- මෙම ක්‍රියාවලිය හරහා එම සමාගමට ගොඩක් මුදල් ගලාගෙන එනවා හා වෙනත් වාසිත් රැසක් සමාගමට හිමි වෙනවා.
- හුඟක් උණුසුම් IPO එකකින් ඕනෙ කරන කොටස් ගාන ගන්න එක ඉතාම අමාරු වැඩක්, නැත්තම් කරන්නම බැරි දෙයක්.
- IPO එකකින් කොටස් ගන්න නම් ඔබට CDS ගිණුමක් අත්‍යවශ්‍යයි.
- පරණ තොරතුරු නැති නිසා IPO වලට එන සමාගමක් විශ්ලේෂණය ඉතාම අපහසුයි
- IPO එකකින් කොටස් ලබාදෙනකොට Private Issue එකක් ගිහිල්ල තිබෙනවා නම් ඒ කොටස් විකිණීම යම් කාලයක් නවතා තැබෙනවා (Lock-Up Period). ඒ කාලය අවසන් වූ විට එම කොටසුත් වෙළඳපළ තුළට පැමිණීම නිසා කොටස් වල මිල සීග්‍රයෙන් පහළ බසිනවා
- සමාගමක් තම සමාගමේ එක් කොටසක් සඳහා Tracking Stocks ලබාදෙන්නෙ ඒ කොටස ප්‍රධාන සමාගමෙන් වෙන් කිරීමටයි
- Tracking Stock හිමියෙක් ඒ සමාගමේ අයිතිය හිමියෙක් වෙන්නේ නෑ. ඔහු/ඇය එම සමාගමේ දෙවන පෙළ කොටස් හිමියෙකුයි වෙන්නෙ.
ඉතින් මේව එක්ක හිතනකොට කෙනෙක් හිතන්න පුළුවන් IPO වලින් ගන්න එක ඉතාම හොඳයි කියල. ඇත්ත, ගොඩාක් හොඳයි. නමුත් ප්‍රවේසම් වෙන්න ඕනෙ.
තවත් කෙනෙක් හිතන්න පුළුවන් IPO වලින් ගන්න එක වැඩක් නෑ කියල. වැරදියි. නමුත් සමහරක් විට නම් ඔබට ඉල්ලන කොටස් ගණනින් කොටසක් තියා එකක්වත් නොලැබෙන්නත් ඉඩක් තිබෙනවා.
වැදගත් තොරතුරු ටිකක් දැනගත්තා ස්තුතියි
ReplyDeleteඅදහස් වලට බොහොම ස්තුතියි.
ReplyDeleteස්තුති..හොද ලිපියක්..
ReplyDeleteGood letter for beginners
ReplyDeleteKotas miladi ganna kochchra salli ayojanaya karann onida uparima gana
ReplyDelete