Unit Trust - කොටස් වෙළඳපළ සඳහා බිය ඇත්තන් සඳහාමයි - Guide to CSE

Hot

Tuesday, October 1, 2019

Unit Trust - කොටස් වෙළඳපළ සඳහා බිය ඇත්තන් සඳහාමයි

කොටස් වෙළඳපළ ආයෝජනය කරන්න බියක් තියෙන, ඒ අවදානම ගන්න බය ඒත් ආසාව තියෙන, කොටස් වෙළඳපළ හරහා ආදායම් මාර්ගයක් සකසා ගන්නට කැමැත්තක් තිබෙන අය සඳහා විසඳුමක් ගැන කියන්න තමා මේ ලිපිය ලියන්නෙ. අනිත් අයටත් මේ ක්‍රමය ගැන හිතල බලන්න ඉඩ කඩ තිබෙනවා. ආයෝජනයන් කරල ලාභ ලබා ගන්න කාලය, දැනුම, පළපුරුද්ද, හැකියාව නැතිනම් ඒ අයටත් මේක ප්‍රයෝජනවත් වේවි.


මේ කියන්න යන්නෙ "ඒකක භාර", ඉංග්‍රීසියෙන් කිව්වොත් "Unit Trusts" ගැනයි.
මේ ගැන ලිපියක් ලියන්න කාලෙක ඉඳල හිටියත් ලියන්න බැරි උනා. ඔන්න ඉතින් ලියනවා.


ඉතින්, මොකද්ද මේ ඒකක භාර කියල කියන්නෙ?
ඒකක භාර කියල කියන්නෙ, යම් වගකිවයුතු සමාගමක්, ඔබ වෙනුවෙන්, විවිධ සමාගම් වල කොටස් වල ආයෝජනය කිරීමක්. එය ඔබට ඕනෑම වෙලාවක යළි ලබාගන්නත් පුළුවන්. (A system where money from a number of investors is pooled together and invested collectively in investments such as shares and bonds. Each investor owns a unit, (or a number of them) the value of which depends on the value of those items owned by the fund. ... : www.msol.co.uk/main/h1070.htm) ඔබ ආයෝජනය කරන මුදලට සමානුපාතිකව ඔබට ඒකක ප්‍රමාණයක් ලැබෙනවා.


මෙහිදී වෙන්නේ, ඔබ ආයෝජනය කරන මුදලින් කොටසක් එම සමාගම මගින්, කොටස් වෙළඳපළ තුළ ඉහළ ලාභ ලබන සමාගම් වල යොදවන අතර, කොටසක් වෙළඳපළේ ඉහළ ප්‍රථිලාභ ගෙනෙන මූල්‍ය සුරැකුම් වල ආයෝජනය කරන එකයි.


ඔබට මුදල් තිබෙන වෙලාවට හෝ මාසික වාරිකයක් ලෙස මුදල් යෙදවිය හැකියි.


ඒකක භාර වල ප්‍රධාන ලක්ෂණ හා වාසි
  • ආදායම් බදු වලින් නිදහස් වාර්ෂික ලාභාංශ
  • ආදායම් බද්දෙන් නිදහස් ප්‍රාග්ධන ලාභ (මිල ඉහළ යන විට ඉහළ ප්‍රාග්ධන ලාභ ලබාගැනීමේ හැකියාව)
  • වෘත්තීයමය දැනුමැත්තන්ගෙන් ලැබෙන සේවය
  • රු.1000ක් වැනි මුදලකින් වුවත් ආයෝජන ඇරඹීමේ හැකියාව
  • ආයෝජන පහසුවෙන් මුදල් කර ගැනීමේ හැකියාව
  • හදිසි ණය ලබා ගැනීමේදී ඇපයක් ලෙස ඒකක භාර සහතිකය ඉදිරිපත් කිරීමේ හැකියාව
ආයෝජනය කළ හැක්කේ කාටද?
කොටින්ම කිව්වොත් ඕනෙම කෙනෙකුට මේකට සම්බන්ධ වෙන්න, මේ විදිහට ආයෝජනය කරන්න පුළුවන්. හැබැයි ලංකාව ඇතුළෙ ඉන්න අයට විතරයි.
  • ශ්‍රී ලංකාවේ නේවාසික හා අනේවාසික පුද්ගලයින්
තනි පුද්ගලයින් හෝ හවුල්කරුවන් වශයෙන් (බාල වයස්කරුවන් සඳහා ඔවුන්ගේ දෙමව්පියන් හෝ භාරකරුවන්)
  • ශ්‍රී ලංකාවේ ආයතින ආයෝජකයෝ
විදේශීය ආයෝජකයින්, විදේශීය සමාගම් සහ ආයතන යනාදිය.
ආයෝජනය කරන්නේ කෙසේද?
ශ්‍රී ලංකාවේ ඒකක භාර ගනුදෙනු හා සම්බන්ධ කළමණාකාර සමාගම් 5ක් තිබෙනවා.


NATIONAL ASSET MANAGEMENT LTD
73, W.A.D. Ramanayake Mawatha,
Colombo 02,
Tel
Mobile
Fax
E-mail

:
:
:
:

+94 112445911
+94 777352988
+94 112445903
info@namalfmc.com
CEYLON ASSET MANAGEMENT LTD
281, Union Place,
Colombo 00200,
Tel
Mobile
Fax
E-mail

:
:
:
:

+ 94 117394000
+ 94 717030000
+ 94 117394007
info@ceylonam.com
CT FUND MANAGEMENT LTD
'5th Floor, Majestic City,
Colombo 04,
Sri Lanka.
Tel
Mobile
Fax
E-mail
:
:
:
:

+94 115759570
+94 777751392
+94 112506347
comtrust@ctfund.net
UNIT TRUST MANAGEMENT COMPANY LTD
3rd Floor, West Wing,
Bank of Ceylon Building, York Street,
Colombo 01
Tel
Mobile
Fax
E-mail

:
:
:
:

+94 112448403
+94 712771587
+94 112506347
ceybank@slt.lk

EAGLE NDB FUND MANAGEMENT LTD
75, 2nd Floor, Eagle House,
Kumararathnam Road,
Colombo 02
Sri Lanka.
Tel
Mobile
Fax
E-mail

:
:
:
:

+94 112310113
+94 777286666
+94 112310131
ඉතින් ඒකක භාර වල ආයෝජනය ඉතාම සරළයි. ඔබ මෙම සමාගමකින් එකක් තෝරාගෙන එම සමාගමෙන් ඉල්ලුම්පත්‍රයක් ලබාගෙන එය පිරවිය යුතුයි. මුදල් බැර කිරීම මුදලින් හෝ චෙක්පත් මගින් එම අවස්ථාවේම සිදු කළ හැකියි. එපමණයි. ඊට පස්සෙ වැඩ ටිය එයාල බලා ගනී.


අඩුම ගානෙ කීයක් දාන්න ඕනෙද?
ඉස්සෙල්ලත් කිව්ව වගේ ඔබට පුළුවන් රු.1000ක් වැනි කුඩාම මුදලකිනුත් මේ වැඩේ පටන් ගන්න.


බාලවයස්කරුවන්ට ඒකක භාර මිලට ගත හැකිද?
එම බාලවයස් කරුවාගේ නමට, ඔහුගේ/ඇයගේ දෙමව්පියන්ට/භාරකරුවාට මිලට ගන්න පුළුවන්, නමුත් එම බාලවයස්කරුවාට වයස අවු:18 සපිරෙන තෙක් එම භාරයන් යළි මුදලට හැරවිය නොහැකියි.


මගේ මුදල් වලට තියෙන ආරක්ෂාව මොකද්ද?
ඔබගේ මුදල් ආයෝජනය කරන්නේ එම භාරකාර ආයතනය මගින්. සියළුම කොටස් හා මුදල් තිබෙන්නේ එම භාරකාර සමාගමේ නමට. එම ආයතනයේ වගකීමක් හා ඔවුන් නීතියෙන් බැඳී සිටිනවා එම මුදල් නිසියාකරව ආයෝජනය කිරීමට. ඒත් එක්කම ශ්‍රී ලංකා සුරැකුම්පත් හා විනිමය කොමිෂන් සභාවේ බලපත්‍ර හා අධීක්ෂණය යටතේයි මේ සියළුම දේවල් සිදුවන්නේ. ඉතින් බයවෙන්න කිසිමදෙයක් නෑ.


ඉතින් මේ ගැන තවත් ලිපියකින් හමුවෙමු.

සියළු ලිපි සඳහා ඊ මේල් ලිපිනයෙන් අප හා එක්වන්න:  
අනෙකුත් RSS පෝෂක ලබා ගැනීමට මෙතනින් යන්න.

78 comments:

  1. IMG_0976

    වෙනද වගේම ගොඩක් ස්තුතියි සහෝ,දැනුවත් කිරීමට.

    ReplyDelete
  2. IMG_0976

    එතකොට අපිට මේකෙන් ලාබයක් ලැබෙන්නෙ මොන විදියටද?

    ReplyDelete
  3. madhawa+180+180

    ඇයි ලිපියේ සඳහන් කරල තිබ්බෙ.

    ආදායම් බදු වලින් නිදහස් වාර්ෂික ලාභාංශ

    ආදායම් බද්දෙන් නිදහස් ප්‍රාග්ධන ලාභ (මිල ඉහළ යන විට ඉහළ ප්‍රාග්ධන ලාභ ලබාගැනීමේ හැකියාව)

    ඔවුන් ඔබගේ මුදල් ආයෝජනය කරනවා, ඒවායින් ලැබෙන ලාභ ඔබට ලැබෙනවා.

    ReplyDelete
    Replies
    1. blogger_logo_round_35

      kotas welanda polata join wenne kohamada

      Delete
    2. blogger_logo_round_35

      Apita kohenda laba labenne...details plz

      Delete
  4. blank

    Godak wedagath site ekak stock market eke invest karana kattiyata.mama cds account ekek hadanna deelai tiyenne.thama active une naha.heta nathnam next week 1k active wei.mamath dan hamadaama me site 1 balanawa aluth monawada daala tiyenne kiyala.obata suba anagathayak.

    Dilina.

    ReplyDelete
    Replies
    1. blogger_logo_round_35

      පුදුම වටිනා අඅදහස් ස්තුතියි

      Delete
  5. madhawa+180+180

    ස්තුතියි ඔබට. ඔබ වගේ කියවන්නන් අඩවියට සම්පතක්.

    ReplyDelete
  6. blogger_logo_round_35

    thanx a lot thought of joinig cse after my university exams.

    ReplyDelete
  7. blogger_logo_round_35

    ලාභ ලැබීම මෙන්ම කොටස් මිල අඩුවුනොත් ඒකෙ පාඩුවත් අපට හිමිවෙනවද?

    ReplyDelete
  8. madhawa+180+180

    අනිවාර්යයෙන්ම. ඔබ ගත් මිලට වඩා මිල පහළ ගිය වෙලාවක ඒ පහළ මිලට වික්කොත් ඔබට අනිවාර්යයෙන්ම පාඩුවක්නෙ සිදුවෙන්නෙ නේද?

    ReplyDelete
  9. ProfilePic

    I plan to use 'UNIT TRUST' method. I read many articles in this Blog and got good idea about investing.

    But i have some remaining problems to clear regarding the UNIT TRUSTS.

    What is the good UNIT TRUST agent company among above 5 people ?

    2. When we invest by the use of UNIT TRUST method. Our money and shares will be fully handle by the UNIT TRUST agent. As i noticed in the articles, we gain annual profits, Free capital profits if our money invested in profitable manner.Yes, thats correct.

    Again, If that UNIT TRURT agent will not invest our money in profitable manner, we gain loss. It means our income or loss fullyy depend upon the talent of that Unit trust. So, my question is: How we ensure that our unit trust agent invest our money carefully and profitable way ?
    what is the guarantee of that ?

    Plese reply me

    ReplyDelete
  10. blank

    kotas welada pale ayojayana gana nodanna godak dewal igena ganna labuna, aththatama godaak honda wadak, Bohoma Sthuthiy Obata....
    Jayamini Hewawasam

    ReplyDelete
  11. madhawa+180+180

    @Udara:
    As I said there are several packages with Unit Trusts. So u will have to pick the package. If u pick a package with annual interest percentage (like in a bank account, bt with more profit) they will give you as stated though the share prices go low or high.
    And if you select a package with capital gains, then your profits will change as the share price. But you won't loose.

    And answering for the first question, I think it is not ethical of promoting one firm. And with not much experience with them, I do not like to make any public statements on those.

    @Ano: Thanks for the comment.

    ReplyDelete
  12. ProfilePic

    @ Madhawa Habarakada,

    Thank you very much. Finally i chosed CeyBank as my unit trust. What is your openion on that ?
    Thank you

    ReplyDelete
  13. madhawa+180+180
  14. blogger_logo_round_35

    This comment has been removed by the author.

    ReplyDelete
  15. blogger_logo_round_35

    Mamath kamathei join wenna athe mama hambantota .samanyen 1000kata masekata kiyak labeida wenas wenawa dala wasayen kewoth

    ReplyDelete
  16. madhawa+180+180

    @Ruwan: මෙහෙමයි. විවිධ ආයතන වල තිබෙන පැකේජ වල ආයෝජනය කළ යුතු අවම මුදල විවිධයි. ඒ ඒ ආයතන වලින් ලබා දෙන පොළී අනුපාතික විවිධයි. විවිධ පැකේජ වලින් ලැබෙන ලාභාංශත් විවිධයි. ඉතින් මට හරියටම කියන්න බෑ ඔබට ලබා ගන්න පුළුවන් ලාභය. ආයෝජනය කරන මුදල ඉහළ යනකොට ලැබෙන ලාභයත් වැඩියි. ලාභාංශයත් වැඩි වෙන්න ඉඩ තිබෙනවා.
    ඒ අදාල ආයතනයට කතා කරලම විස්තර ලබා ගත්තා නම් තමයි වඩාත්ම සුදුසු.

    ReplyDelete
  17. blogger_logo_round_35

    Company ekata enne nathewa puluwanda join wenna

    ReplyDelete
  18. blogger_logo_round_35

    Aiye mama ashai podiyata patan aran danumak aragena tika tika ayojanaya wadi karanna.english noeaje eka aduwen bariweida?

    ReplyDelete
  19. blogger_logo_round_35

    Capital trust tharaw kara ayathanaya kohamada?

    ReplyDelete
  20. madhawa+180+180

    @Ruwan:
    අදාල ආයතනයට යන්නේ නැතිව නම් CDS ගිණුමක් අරින්න බෑ. ලඟදී වෙනස්කම් වෙලාද කියල නම් මට දැනීමක් නෑ. සමාවෙන්න.
    ඉංග්‍රීසි ඕනෙ වෙන්නෙ නෑ මේ වැඩේට. කොටස් වෙළඳපළ ගැන දැනුම තමා ඕනෙ වෙන්නෙ.
    කැපිටල් ට්‍රස්ට් වල එහෙම කියන්න නරකක් නම් නෑ.

    ReplyDelete
  21. blogger_logo_round_35

    Oya oya udin kiyapu samagam wala branches tynawada

    ReplyDelete
  22. blogger_logo_round_35

    Dan api mulunma 100000 vthara damma na. Samagama padu labanawanam apita a 100000 th nathi wenna ida tynawada. Paluwa ayojanaya karana mudala padu labuwahoth api digin dikatama ayojanaya karanna onada. Api ayojanaya karana mudalak kochchara kalayak sadahaa walanguda. ( mata kotas weladapola gana danuma godak madhi.)

    ReplyDelete
  23. blogger_logo_round_35

    mata ayojana gana asa hitune sirase yana kotas saha unit wadasatahanath ekka.e wenuwen mage danuma wadi karaganna me toraturu godak udaw wuna,thank you very much

    ReplyDelete
  24. cardslanka%252520profile

    ඉතා මහන්සියෙන් හා කැපවීමෙන් නිර්මාණය කරන ලද බ්ලොග් අඩවියකි. මෙයට වැඩි වටිනාකමක් එකතු කරනු පිණිස ක්‍රෙඩිට් කාඩ් පත් පිළිබඳ උපදේශාත්මක ලිපි පෙළක් මේ හරහා දියත් කරන්නෙමු. http://cardslanka.blogspot.com/

    ක්‍රෙඩිට් කාඩ් ගැන අළුත්ම බ්ලොග් පෝස්ට් සිංහලෙන් කියවන්න. විචක්ෂනශීලිව ඔබගේ ක්‍රෙඩිට් කාඩ්පත භාවිතා කරන්න. දින 51ක සහන කාලය අවබෝධයෙන් භුක්ති විඳින්න. ක්‍රෙඩිට් කාඩ් සඳහා අයදුම් කිරීම නිවැරදිව සිදු කරන්න. ඒ සඳහා අදම ඔබගේ යොග්‍යතාවය මැන ගන්න! https://docs.google.com/forms/d/1xC3aa0htSVROOwMiNdbP0l4k7MXA6iSAy9OLXhz71sM/viewfor

    ReplyDelete
  25. blogger_logo_round_35
  26. blogger_logo_round_35

    මෙයින් මාසිකව පතිලාභ හිමි වනවාද නැද්ද කියා දැන ගැනීමට අවශ්‍යයි. නැතිනමි මාසිකව ලාභ ලැභිය හැකිද?

    ReplyDelete
  27. madhawa+180+180

    @Nuwan: ඒක ඔයා ආයෝජනය කරන ආකාරය අනුව වෙනස් වෙනව. ඔයා කොටස් මිලට ගෙන ලාභ සහිතව එදිනම විකුණනව නම් දිනපතා ලාභ ලැබිය හැකියි. මාසිකව ප්‍රතිලාභ ලබා ගන්න, මාසිකට කොටස් මිලට ගෙන වැඩි ම්ඉලට විකිණිය යුතුයි. නැතිනම් ඔබට ලාභයක් ලැබෙන්නේ කොටස් විකුණන දිනටයි.
    ලාභාංශ ගෙවන සමාගම් වල කොටස් අරගෙන තියාගෙන හිටියොත් එයාල ලාභාංශ ගෙවන දිනට වාර්ශිකව ඔබට ලාභාංශ ලැබෙනවා.

    ReplyDelete
  28. blogger_logo_round_35

    Apita kamathi, kotas wikunana samagamaka kotas ganda puluwanda? onama welawaka wikunanda puluwanda? Naththam api kotas ganda ona samagama, wikunana welawa thiranaya karanne api register wena samagamada.

    ReplyDelete
  29. blogger_logo_round_35

    Apita kamathi, kotas wikunana samagamaka kotas ganda puluwanda? onama welawaka wikunanda puluwanda? Naththam api kotas ganda ona samagama, wikunana welawa thiranaya karanne api register wena samagamada.

    ReplyDelete
    Replies
    1. madhawa+180+180

      Ow. Oyata kamathi samagamaka kotas wikunumkaruwan mila karala tiyena milata one welawaka milata ganna puluwan.
      Namuth wikunanna puluwan ganumkaruwan illala tiyena milatai. Kotas mila ihala gihilla tiyena welawaka wikinuwoth thamai labhayak enne. Naththam obata siduwenne paduwak.

      Delete
  30. blogger_logo_round_35
  31. madhawa+180+180

    @Ashan: ඔබ තෝරා ගන්නා සමාගම එක්ක කතා කරල එයාල ගාව ගිණුමක් විවෘත කරල ආයෝජනය කරන්න. එතකොට එයාල ඒ මුදල් වලින් ඔබ වෙනුවෙන් කොටස් මිලට ගන්නව. ඔබට ඒකක භාර එදින මිලට ප්‍රමාණයක් ලැබෙනව.

    ReplyDelete
    Replies
    1. blogger_logo_round_35

      Mma lolc eke ginumak opan kla.lolc eka hodaida kiyala dena ganna puluwanda

      Delete
    2. madhawa+180+180

      ඔවුන් ගැන නරක නම් අහන්න ලැබිල නෑ.

      Delete
  32. blogger_logo_round_35

    මගේ සුභ පැතුම්

    ReplyDelete
  33. blogger_logo_round_35

    Kotas weladapola bara mona departhamenthuwatada?

    ReplyDelete
  34. blogger_logo_round_35

    Kotas weladapola bara mona departhamenthuwatada?

    ReplyDelete
    Replies
    1. madhawa+180+180

      දෙපාර්තමේන්තුව මගින් ඔබ අදහස් කළේ?

      Delete
    2. blogger_logo_round_35

      Kotas weladapola see ambandawa course thiyanawada wadidura hadaranna

      Delete
  35. blogger_logo_round_35

    This comment has been removed by the author.

    ReplyDelete
  36. blogger_logo_round_35

    Own api kiyana samagame ayojanaya karanawada nathinam ownta awshshya widiyatada ayojanaya karanne

    ReplyDelete
    Replies
    1. madhawa+180+180

      ඔවුන් කරන්නෙ Asset Management. ඒ කියන්නෙ අපි දාල සල්ලි වලින් ඔවුන් තමයි සමාගම් තෝරාගෙන ආයෝජනය කරන්නෙ.

      Delete
  37. blogger_logo_round_35

    Tharawkara samagam wala branch thiyenawada

    ReplyDelete
  38. blogger_logo_round_35

    Tharawkara samagam wala branch thiyenawada

    ReplyDelete
    Replies
    1. madhawa+180+180

      සමහර සමාගම් වල ශාඛා තිබෙනවා. හැම එකෙම නෙමෙයි.

      Delete
  39. blogger_logo_round_35

    Online joni wenna widihak thiyenawada

    ReplyDelete
  40. blogger_logo_round_35

    Matanam me gena melo denumak ne athtama kiuwoth binduwai.mama godak amaruwen giwathwenne mata lamai2nnek innawa aurudu26i.mage nonath godak duk vidinawa .mama assi meka patan aran mage paulawa satutin tiyann.Kiyanna danna kenek mama mokadda karanna ona kiyala

    ReplyDelete
  41. blogger_logo_round_35

    Hebei amaruwe dannanam epa.paw sidda wei.ada wela kanneth bohoma amaruwen

    ReplyDelete
    Replies
    1. madhawa+180+180

      මම කරන්නෙ ඔයාලට අවශ්‍ය මූලික දැනුම දෙන එක විතරයි. එතනින් එහාට ඉගෙනගෙන හරි තීරණ අරගෙන ආයෝජනය කරන එක 100%ක්ම ඔබගේ වගකීමක්. ඔබ පසුවට කරන දේවල් වලට මගේ කිසිදු වගකීමක් නෑ.

      Delete
  42. blogger_logo_round_35

    Matanam me gena melo denumak ne athtama kiuwoth binduwai.mama godak amaruwen giwathwenne mata lamai2nnek innawa aurudu26i.mage nonath godak duk vidinawa .mama assi meka patan aran mage paulawa satutin tiyann.Kiyanna danna kenek mama mokadda karanna ona kiyala

    ReplyDelete
  43. blogger_logo_round_35

    Matath oni patan ganna0768607926'kata karanna

    ReplyDelete
  44. blogger_logo_round_35

    Matath oni patan ganna0768607926'kata karanna

    ReplyDelete
  45. blogger_logo_round_35

    Man Rs 10,000/- kotas gathta nam.e kotas walata niyamitha walangu kalayak tiyenawada,ape mudal walata kumak weida?

    ReplyDelete
    Replies
    1. madhawa+180+180

      කොටස් වලට මොකුත් වෙන්නෙ නෑ, අදාල සමාගම වැහුවොත් ඇරෙන්න. කොටසේ වෙළඳපළ වටිනාකරම ඔබට ඕනේම වෙලාවක ඒ කොටස් විකිණීය හැකියි, ගැනුම්කරුවන් සිටී නම්.

      Delete
  46. blogger_logo_round_35

    Kotas veladapole ayojanaya krla thiyena aya kiyannnako blnn kohomada eka

    ReplyDelete
  47. blogger_logo_round_35

    Kotas veladapole ayojanaya krla thiyena aya kiyannnako blnn kohomada eka

    ReplyDelete
  48. blogger_logo_round_35
  49. blogger_logo_round_35

    me gena danna kenekge phone number ekak dennako plese

    ReplyDelete
    Replies
    1. madhawa+180+180

      ඔබට අවශ්‍ය ඕනෑම තොරතුරක් අදාල තැරැව්කාර ආයතන හරහා ලබා ගන්න පුළුවන්.

      Delete
  50. blogger_logo_round_35

    Mama dan thamai me post okkoma wage kiyawanne, man aluth, mata kiynna kohomda aluthinma kotas welada pole salli ආයෝජනය karanne kiyla

    ReplyDelete
  51. blogger_logo_round_35

    Me aiya cds account ekak hadaganna puluwanne mekattiyata kathakaroth

    ReplyDelete
    Replies
    1. madhawa+180+180

      බැහැ. මෙතන දාල තියෙන්නෙ broker firms වල ලැයිස්තුවක් නෙමෙයි. මේ Asset Management Firms. මේව වෙනයි. බ්‍රෝකර් ආයතනයක රෙජිස්ටර් වෙන්න.

      Delete
  52. blogger_logo_round_35

    Kohomd issellam kotas ganne?
    samagamak thora gnne kohomd?

    ReplyDelete
  53. blogger_logo_round_35

    Mata dhanagann ona,kotas kiyanne monawada.
    Ewaye ththwe ballne komad
    Ayojany krnna hoda ek mkd
    Ayojanaya arkshithid
    Labaya labenne warshikawada
    Ayojanaya karanna adhl kotas himi ayathanayt yannm onad.gedr idn brida
    Apitama kelinm kots milata ganna barida thru kauwn nathuw

    ReplyDelete
    Replies
    1. madhawa+180+180

      වෙබ් අඩවි‍යේ තිබෙන මූලික දැනුම ලිපි ටික කියවන්න.

      Delete
  54. blogger_logo_round_35

    This comment has been removed by the author.

    ReplyDelete
  55. blogger_logo_round_35

    51% kotas ara gaththoth eA ayathanaye himikama mageda? Thava venama Director board ekak thiyanavada?

    ReplyDelete
    Replies
    1. madhawa+180+180

      ඔව්. ඔබ හිමිකරු බවට පත් වෙනව. ඉතිරි ප්‍රධාන කොටස් හිමියන් Director Board එකට එනව. ඩිරෙක්ටර් කෙනෙක් වෙනවද නැද්ද කියල එයාලට තීරණය කරන්න පුළුවන්. ඒ අයට අමතරව, එයාලට පුළුවන් සමාගමේ වැඩකටයුතු කරගෙන යන්න කොටස් නොහිමි අයත් directors ලෙස පත් කරන්න.

      Delete
  56. blogger_logo_round_35

    Shaaka thiyana samagam monawada?

    ReplyDelete
    Replies
    1. madhawa+180+180

      cse.lk වෙබ් අඩවියට ගිහිල්ල බලන්න.

      Delete
  57. blogger_logo_round_35

    apita ayojanaya kirim karanna puluwanada.kohomada karanne.monawada wasi arakshawa gana wisthara ewanna puluwanda mage mail ekata.lahiruanuradha4@gmail.com

    ReplyDelete
    Replies
    1. madhawa+180+180

      ඒ සම්බන්ධ දේ තමයි මේ වෙබ් අඩවියේ තිබෙන්නේ. මූලික දැනුම ලිපි ටික කියවන්න.

      Delete
  58. blogger_logo_round_35

    Kotas weladapola sambandawa course ehema thiyanada? e koheda?

    ReplyDelete
  59. blogger_logo_round_35

    Mata dena gann oni international higher gena

    ReplyDelete
  60. blogger_logo_round_35

ඔබගේ අදහස්/උදහස්/යෝජනා/චෝදනා මෙහි ලියන්න.
ගැටළුද යොමු කරන්න. (ගැටළු Contact Form හරහාද යොමු කළ හැක.)

Post Top Ad