කොටස් වෙළඳපළට මුලින්ම පිවිසෙන්නන්ට - Guide to CSE

Saturday, July 3, 2010

කොටස් වෙළඳපළට මුලින්ම පිවිසෙන්නන්ට

දැන්වීමයි
මෙම ලිපිය, මෙම වෙබ් අඩවියේ මුල්ම ලිපියක යාවත්කාලීන කරන ලද යළි පළ කිරීමකි.

CSE%20

කොටස් වෙළඳපළ, කොටිම කිව්වොත් මේක ගමේ පොළ වගේ තමා, හැමෝටම ඕනෙ තමුන් ලඟ තියෙන ඒව වැඩිම ගාණට විකුණ ගන්න, හැමෝටම ඕනෙ හැම එකක්ම අඩුවට ගන්න. එතනයි තරඟය තියෙන්නෙ.
මෙහිදී වෙන්නේ, ඔබට හැකියාව තිබෙනව මෙතන ලැයිස්තුගත සමාගම් (කොම්පැනි ) වලට ඔබේ මුදල් යොදවල ඒවායේ කොටස් මිලට අරගෙන ඒ සමාගම් වල ක්‍රියාකාරිත්වයට සුළු ප්‍රමාණයකින් හෝ දායක වෙන්න. ඔබ ඇත්තටම එම සමාගම් වල කොටස්කරුවෙක්, චූටි හරි අයිතියක් ඇති කෙනෙක් වෙනව.
ඔබ කොහොමද කොටස් මිලට ගන්නෙ?
ප්‍රධාන වශයෙන් ක්‍රම දෙකක් තියෙනව. 
1. මූලික වෙළඳපලින් මිලට ගැනීම (Primary Market)
2. තැරැව් කරුවෙකු හරහා Secondary Market එකෙන් මිලට ගැනීම.

අපි මිලදී ගන්නෙ හැම වෙලේම ද්විතීය වෙළඳපළින්, තැරැව්කරුවන් තමා ප්‍රාථමික වෙලඳපළින් කොටස් මිලට ගන්නෙ.

තියෙන්න ඕනෙ මූලික අවශ්‍යතා මොනවද? 
1. CDS ගිණුමක් (Central Depository System Account) 
2. එම ගිණුම තුළ මුදල්
කොහොමද CDS ගිණුමක් හදා ගන්නෙ? 
මුලින්ම ඔබ ඔබට ගැළපෙන මූල්‍ය තැරැව් කරුවෙක් (Stock Broker) තෝරා ගත යුතුයි. එම සමාගම හරහා ඔබට CDS ගිණුමක් ඇර ගත හැකියි. කවුද මේ "තැරැව්කාර සමාගම"ක් කියන්නෙ? ඔවුන් තමයි කොටස් වෙළඳපළ හා සම්බන්ධව ඇති පුද්ගලයින්. 
ඔබට අනිවාර්යයෙන්ම තැරැව් කරුවෙක් අවශ්‍යයි ඔබ Secondary market එකේ වෙළඳාම් කරනව නම්. එම සමාගම ඔබට උපදෙස් දෙනව මොනවද ගන්න හොඳ, කොහොමද දැන් වෙළඳපළ තත්වය, පසුගිය වාර්තා, සහ තව බොහෝ දේවල් ඔබට ඔවුන්ගෙන් ලබා ගත හැකියි. එතනින් ඔබට ලැබෙනව උපදේශකයෙක් (Investment Adviser), ඔහු හෝ ඇය තමයි ඔබ සමඟ සම්බන්ධ වන්නේ.
ලංකාව තුළ තිබෙනව මෙවැනි සමාගම් 20ක්, ඔබට කැමති එකක් තෝරා ගන්න පුළුවන්. විශේෂ දෙයක් කියන්න ඕනෙ, කොටස් වෙළඳපළ සම්ඟ කෙලින්ම අපිටම ගනුදෙනු කළ හැකි මෘදුකාංගයක් තිබෙනව (CDAX). එම මෘදුකාංග පහසුකම නම් මෙම සියළු සමාගම් ලබාදෙන්නෙ නෑ, ඔබට බලාපොරොත්තුවක් තිබෙනවනම් එහෙම දෙයකට, ඊට ගැළපෙන සමාගමක් තෝරාගන්න. මෙතන තිබෙනව එම සමාගම් කිහිපය ගැන සහ අර කිව්ව මෘදුකාංගය ගැන විස්තර. ඒ ඒ තැරැව්කාර සමාගම් මොන මොන විදිහෙ online trading පහසුකම්ද දෙන්නෙ කියල මේ ලිපියේ තියෙනව.
CDS account එකේ වැඩේ මොකද්ද? 
ඒක හරියට බැංකු ගිණුමක් වගේ, ඔබ යොදන මුදල්, මිලට ගන්න කොටස්, සුරැකුම්පත් වැනි සියළුම දේවල් තියෙන්නෙ ඒක ඇතුළෙ.
ගිණුමක් හදා ගත්ත, ඒකට සල්ලි දැම්ම. දැන් මොකද කරන්නෙ?
මේ දෙක කළා නම් ඔබ කොටස් මිලට ගැනීමට සූදානම්. (මුදල් යෙදවිය හැක්කේ නෝට්ටු වශයෙන්, බැංකු ගිණුමකට බැර කිරීමකින් හෝ චෙක්පත් ලෙස පමණයි. )
දැන් කරන්න තියෙන්නෙ ඔබ කැමති සමාගම් කිහිපයක් තෝරාගෙන ඔවුන්ගේ කොටස් මිලට ගැනීම, හැබැයි කැමතී කියල හිතුනු හිතුනු සමාගම් වල කොටස් මිලට ගන්න යන්න එපා, මුලින් ඔබේ උපදේශකගෙන් අහල බලන්න. එතකොට එයා කියයි මොන මොන ඒවද මේ දවස් වල ගන්න හොඳ, මොන මොන ඒවටද පොළියක් ලැබෙන්නෙ වගේ දේවල්. තව දෙයක්, ඔබ තීරණය කරන්න ඕනෙ, ඔබ ඒ කොටස් ඉක්මනටම විකුණන්න හිතනවද නැත්තම් කාලයක් තියා ඉඳල විකුණනවද කියන එකත්. ඒකත් මතක් කරල ඔයාගෙ උපදේශකට කියන්න. ඒ සේරම හිතල බලල, එයාට කියන්න එහෙනම් මෙන්න මේක ගන්න කියල. මිලදී ගත හැකි අවම කොටස් ප්‍රමාණය සාමාන්‍යයෙන් 100යි, නමුත් 1, 2, උනත් ගන්න පුළුවන් (100ට අඩු කොටස් ගන්න ඕනෙ odd market එකේදී. ඒව ආපහු විකුණන්න ඕනෙත් එතනම තමා.)
කොටස් ජාති 
විවිධාකාරයේ කොටස් තිබෙනව.
Ordinary Shares (N)
Non-Voting Ordinary Shares (X)
Preference Shares (P)
Warrants (W)
මේ ඇරුනම තව ජාති කිහිපයක් තිබෙනව.
කොහොමද කොටස් ගන්නෙ? 
මම මුලින් කිව්ව වගේ ඔබේ තැරැව්කාර සමාගම හරහා තමයි සියළු දේවල් වෙන්නෙ. ඔබ කිව්වම එයාල ඔබ වෙනුවෙන් එම කොටස් මිලයට අරන් ඔබේ CDS ගිණුමට දානව. ඔබේ CDS ගිණුමෙන් සල්ලි වියදම් කරල.
විකුණන්නෙ කොහොමද? 
ඒකත් ඉස්සෙල්ල වගේම තමයි, ඔබ ඔබේ තැරැව්කාර සමාගමට කිව්වම එයාල ඒව විකුණල ලැබෙන මුදල් ඔබට චෙක්පතක් විදිහට ගෙදරට එවනව. ඒ මුදල් ඔබේ CDS ගිණුමටම එකතු කරන්න ඕනෙ නම් ලිඛිතව ඒක එයාලට දැනුම් දෙන්න ඕනෙ.
එයාල එහෙම නොකර ඉඳීද? 
එහෙම බෑ, ඒක එයාලගෙ වගකීම. අපි කියන ඕනෙම දෙයක් කරන්න එයාල බැඳිල ඉන්නව. තව දෙයක්, එයාලට කිසිම විදිහකින් අපිට අලාභ වෙන දෙයක් කරන්න බෑ, ඒක නීති විරෝධියි. නමුත් එයාල දුන්න උපදෙසක් නිසා (එයාල උපදෙස් දෙන්නෙ එයාල කරන market researches හරහා) අපිට යම් අලාභයක් උනාට ඒකාට එයාල වැරදි නෑ.
එයාල අපිට වැඩ කරනවට එයාලට මොනවද ලැබෙන්නෙ? 
අපි කරන ඕනෙම විකිණීමකදි හා මිලට ගැනීමකදි තැරැව්කාර සමාගමට, කොළඹ කොටස් නිකුතුවට, බදු සඳහා වැනි දේවල් කිහිපයක් වෙනුවෙන්, අපි කරන ගනුදෙනුවේ වටිනාකමින් 1.20% ප්‍රමාණයක් අර කිව්ව ස්ථාන වලට ලැබෙනව.
වැදගත්ම ප්‍රශ්නෙ, අපිට ගාණක් අතට එන්නෙ කොහොමද? 
මුලින්ම කියන්න ඕනෙ, කොටස් වෙළඳපළ ආයෝජනය කියන්නෙ අවදානම් සහගත වෙළඳාමක්, ඔයාලට ඒ අවදානම ගන්න වෙනව. මොකද එක පාරටම ඔයාල කොටස් ගත්තු සමාගමක් කඩා වැටුනොත් ඔයාලගෙ මුදල් වතුරෙ යන්න ඉඩ තියෙනව. 
බය උනාද? බය වෙන්නෙපා, එහෙම වෙන්නෙ නෑ ලේසියෙන්, නමුත් මිල උච්ඡාවචනය නිසා වැඩි මිලකට ගත්තු එකක් අඩු මිලකට විකුණල අලාභ ලබන්න නම් වෙන්න ඉඩ තියෙනව. මටත් පෞද්ගලිකව ඒක වෙලා තියෙනව.
හරි, ප්‍රශ්නෙට එමු. මූලිකම හා ඉක්මන්ම ක්‍රමේ තමයි ඔබ ගත්තු සමාගමේ කොටස් වල මිල ඉහළ ගියොත් එම මිලට ඔබේ කොටස් විකුණල ගන්න පුළුවන් ලාභය.
උදා: ඔබ X කියන සමාගමේ කොටස් 400ක් ගන්නව එකක මිල රු.10 ගානෙ, ඒකෙ මිල ඉහළ යනව රු. 12.75ට. ඔබ මොකද කරන්නෙ, ඒ ගත්තු කොටස් ටික දැන් වෙළඳපළ මිලට විකුණනව. මොකද වෙන්නෙ? ඔබ 4000ක් වියදම් කරල 5100ක් ලබා ගන්නව. ඔබේ ලාභය රු. 1100 යි.
නරක නෑ නේද???
ඊළඟ ක්‍රමේ, සමාගමෙන් කොටස් වලට දෙන පොළිය (Dividends) ලබා ගැනීම.
මෙක හැම සමාගමක්ම කරන්නෙ නෑ, එහෙම පොළියක් ලබාදීමට එම කිසිම සමාගමක් බැඳිලත් නෑ.
සමාගමේ අධිකාරිත්වය තීරණය කළොත් අපි අපේ කොටස් කරුවන්ට පොළියක් දෙමු කියල, එයාල එම වසරේ ගත්තු ලාභය අනුව කියනව අපි එක කොටසකට මෙන්න මෙච්චර පොළියක් දෙනව කියල. ඔබ එම සමාගමේ කොටස් අරන් තිබෙනව නම් ඔබට එම පොළිය චෙක්පතක් මගින් ගෙදරටම එනව.
උදා: අර මුලින් කිව්ව X සමාගම තීරණය කරනව 2009.09.15 දිනට එම සමාගමේ කොටස් කරුවන්ට එක කොටසකට රු. 1.50ක පොළියක් ලබා දීමට. ඔබ ලඟ තිබෙනව නේද ඔවුන්ගෙ කොටස්? විකුණන්න එපා, තියාගන්න. ඔබට එම දිනයේදී රු. 600ක් ලැබෙනව පොළිය වශයෙන්.
තව ක්‍රම කිහිපයක් තිබෙනව, ඒත් මේ දෙක තමා වැදගත්ම, ඒනිසා මේ දෙක ගැන දැනගත්තම හොඳටම ඇති.
කොටස් වෙළඳපළ ගැන චුට්ටක් 
හරි, දැන් බලමු මේ කොටස් වෙළඳපළ ගැන. මේක ඇරල තියෙන්නෙ සතියෙ දවස් වල පමණයි, ඒකත් උදේ 9.30 ඉඳල හවස 2.30 වෙනකම් විතරයි, කරන ඕනෙම දෙයක් ඒ වෙලාව ඇතුළත තමයි. ඒකත් එයාලගෙ වෙන වැඩ සඳහා මේ කිව්ව වෙලාවන් තුළ වහන්න ඉඩ තියෙනව. සියළුම රජයේ, වෙළඳ, බැංකු නිවාඩු දින වල මේක වහල. (නමුත් තැරැව්කාර සමාගම් හවස 4.30 දක්වා වැඩ කරනව )  
කොටස් වෙළඳපළ තුළ තිබෙනව ප්‍රධාන මිල දර්ශක දෙකක්. 
සියළු කොටස් මිල දර්ශකය (All Share Price Index | ASI) 
මුළු කොටස් වෙළඳපළ තත්වය ගැන තමා මෙයා කියන්නෙ. 
මිලන්කා මිල දර්ශකය (Milanka Price Index | MPI) 
කොටස් වෙළඳපළ පසුගිය කාර්තු 4 තුළ ඉහළම ක්‍රියාකාරිත්වයක් දැක්වූ සමාගම් 25හේ තත්වය තමා මේකෙන් කියන්නෙ.  
කොටස් වෙළඳපළ තුළ තිබෙනව පුවරු 
Main Board
බොහොමයක් විශාල කොම්පැනි තියෙන්නෙ මෙම පුවරුවෙ තමයි.
Diri Sawi Board
මධ්‍යම හා කුඩා සමාගම් තිබෙන්නෙ මෙම පුවරුවෙ.
Default Board
චූටි චූටි වැරදි කරපු කට්ටියව මේකට දානව. (වාර්ෂික වාර්තාව වෙලාවට නොදුන්න කට්ටිය එහෙම )
මේ කිව්ව ඒවයින් පොඩි දැනුමක් ලැබෙන්න ඇති කියල හිතනව. ප්‍රශ්න තියෙනවනම් අහන්න, දන්න තරමින් උත්තර දෙන්න සූදානම්.  
තව වැදගත් දෙයක්, මේක අන්තිමට කියන එක හරිද මන්ද. මම මේ ලිපිය ඇතුළෙ ලොකු ලොකු ඉලක්කම් දාල කිව්වට හැම වෙලේම එහෙම ලොකු ලොකු ලාභ ලැබෙන්නෙ නෑ, ඔබට ටිකක් ලොකු මුදලක් ආයෝජනය කරන්න පුළුවන් නම් එහෙම ගත්තැකි. පොඩි මුදලකින් ටිකක් ඉස්සරහට යන්න අමාරුයි, අධෛර්යයට පත් වෙන්නෙ එපා, බැරි නෑ. මම රු. 100, 200 වගේ ලාභ තියාගෙනත් විකුණල තියෙනව, මට රු. 30, 50 චෙක්පතුත් ගෙදරට ඇවිල්ල තියෙනව.  
මමත් පටන් ගත්තෙ පොඩි ගාණකින්, නමුත් මම යොදපු මුදල මම මේ පහුගිය මාස 18ට 220% දක්වා වැඩි කරගෙන තියෙනව. (ඊට වඩා වැඩි කරගන්නව, training කාලේ මේක එක්ක ඉන්න උනේ නෑනේ. 
ඔබට මේකට කාලය ගත කරන්න පුළුවන් නම්, ටිකක් ලොකු මුදලක් ආයෝජනය කරන්න පුළුවන් නම්, මේක කිසිම ප්‍රශ්නයක් නැතුව ඔබේ ජීවනාලිය කරගන්න පුළුවන්.
ජය වේවා!!! 
මේක කියවල තව කිහිප දෙනෙක් හරි කොටස් වෙළඳපළ ආයෝජනයට හැරුනොත් සතුටුයි. වෙන රට වලට සාපේක්ෂව ලංකාවෙ මේ පැත්තට හැරිල ඉන්නෙ බොහොම අඩු ප්‍රතිශතයක්, ඒක වැඩි කරන්න පුළුවන් නම්, ඒකත් ලංකාවෙ ආර්ථිකයට හුඟාක් හොඳයි. (කොළඹ කොටස් නිකුතුව හා සම්බන්ධ වී ඇති පිරිස 500,000 ආසන්න අගයක් ගන්නෙ, ඒ අගය කිසිම විදිහකින් ප්‍රමාණවත් නෑ.)
එක අතකින් මේක හොඳ රැකියා අවස්ථාවක්. ගෙදරට වෙලා පරිගණකය දිහා බලා ඉන්න, යතුරු කිහිපයක් ඔබන්න, කෝල් කිහිපයක් ගන්න විතරයි තියෙන්නෙ.  
තව වැදගත් දෙයක්, ඔබ මෙයින් ලබා ගන්නා සියලුම ආදායම, ආදායම් බදු වලින් තොරයි, ඒ කිව්වෙ ඔබට මේ ලබා ගන්නා මුදල් සඳහා ආදායම් බදු ගෙවන්න ඕනෙ නෑ. 




138 comments:

  1. blank

    දිගටම කරගෙන යන්න..බොහොම ස්තුතියි.

    ReplyDelete
  2. blogger_logo_round_35

    is there is any other benefit?
    such as people telling some hotel give dinner for there shear holders. and some hospital give discount on bill is that true???

    ReplyDelete
  3. madhawa+180+180

    @සුද්දා: ස්තුතියි/
    @Muthunayake: ඇයි නැත්තෙ. ඔයා කියන ඒව හරි, විවිධ සමාගම් ඔවුන්ගේ කොටස් හිමියන්ට එක එක අමතර ප්‍රථිලාභත් දෙනවා, උදාහරණ විදිහට ගලධාරි කොටස් හිමියන්ට එම හෝටලයේ කෑම වේලක්, නවලෝක රෝහලේ කොටස් හිමියන්ට එහි බිල්පත් සදහා 5%ක වට්ටමක්, සෙලාන් කොටස් හිමියන්ට ඔවුන්ගෙන් ගන්නා ක්එඩිට් කාඩ්පත් සඳහා 50%ක ගාස්තු සහනයක්, නොමිලේ රක්ෂණාවරණ (සමාගම මතක නෑ). හැබැයි මේ ප්‍රථිලාභ ලබන්න මිලට ගෙන තිබිය යුතු අවම කොටස් ගාණක් නම් තිබෙනව. (සෙලාන් එකේ මම මේ කිව්ව එකට නම් මට මතක හැටියට අවම වශයෙන් කොටස් 500ක හිමිකමක් තිබිය යුතුයි.)

    ReplyDelete
  4. blogger_logo_round_35

    math mulinma labe une Rs10i,passe habi tikak padu una rights wagayk aran expire wela danne nathi kamata,eth anthima transaction eken tibba Rs77ka labayk(tax giyama_),man mulinma dammeth Rs2000i ;) eken padu une ma na,

    btw,man ODEL-IPO eken 1000k ganna damma?madhwa aiya hithanne mokakda ODEL eke tradings kohoma weida?

    ReplyDelete
  5. madhawa+180+180

    ඔව්, පාඩු වෙන්නෙ නැතුව මේක අනිවා කරන්න පුළුවන්. මම කරපු සමහර transactions වලදි මම කොටස් මිලට ගත්තෙ රු.3000ක, 2000/=ක ලාභ එක්ක මම විකුණල තියෙනව, නමුත් සමහර ඒව රු.10-15 වගේ තියාගෙනත් විකුණල තියෙනව.
    ODEL ගැන කියනව නම්, ඔයා 1000ක් ඉල්ලන එක ෂුවර් එකටම ලැබැයි කියල නම් හිතන්නෙපා, වාසනාව තිබ්බොත් 1000න් කොටසක් හරි ලැබෙයි. investment advisorsල කියන්නෙ නම් ඒක පළවෙනි දවස දෙක ඇතුළත වගේ 20/= පනී කියල. බහින එකක් නම් නෑ, මොකද හොඳ කම්පැනි එකක්නෙ.

    ReplyDelete
  6. hgjhkgb

    එල එල...
    සරළව කියල දීලා තියෙනවා..
    ඔහොම යං..

    ප:ලි: - මට රු: 80.00 චෙක් ඇවිත් තියෙනවා..[අපි ගන්න කොටස් වල ප්‍රමාණයටනේ ලාභාංශ ගෙවන්නේ...]

    ReplyDelete
  7. blank

    Niyamai.. godak dewal igena gatta. Pin sidda wenawa blog eka lipu kenata.

    ReplyDelete
  8. ff

    මමත් මේ ගැන ඉස්සර ඉදන්ම උනන්දු උනත් වැඩිය දැණුමක් තිබුනේ නැහැ. ඔයාගේ මේ බ්ලොග් එකේන් සෑහෙන දැණුමක් ලැබුනා. මම දැනට පිට රටක රැකියාවක් කරන්නේ. ලංකාවට ඇවිත් ව්යා පාරයක් වගේ දෙයක් කරන්න හිතාගෙන ඉන්නේ. මේ බ්ලෝග් එකෙන් ලැබුන දැණුමෙන් මටත් හිතෙනවා කොටස් වෙලද පොළට පිවිසෙන්න. ඔයා උදවු කරනවා නේද ?

    ReplyDelete
  9. madhawa+180+180

    මට පුළුවන් උදව්වක් කරන්න පුළුවන්, නමුත් මම ආයෝජන උපදේශකයෙක්වත් වෙළඳපළ සමීක්ෂකයෙක්වත් නම් නෙමෙයි, සාමාන්‍ය ආයෝජකයෙක් පමණයි කොටස් වෙලඳපළ ගැන සාමාන්‍ය දැනුමක් තිබෙන. :)

    ReplyDelete
    Replies
    1. blogger_logo_round_35

      This comment has been removed by the author.

      Delete
    2. blogger_logo_round_35

      Matath megena athdekim thiyana kenekuge udaw godak watinawaa matath udaw karanna puluwanda mahathmaya

      Delete
    3. madhawa+180+180

      මට දිය හැක්කේ ආරම්භයක් ගන්න සහයක් පමණයි. ගනුදෙනු කරන්න, කොටස් මිලට ගැනීම් විකිණිම් සම්බන්ධයෙන් මට සහය විය නොහැකියි. ඒව ඔබගේ ආයෝජන උපදේශකගෙන් ලබා ගත හැකියි.

      Delete
    4. blogger_logo_round_35

      කොටස් වෙළෙඳ පොළ ට යෙදවිය හැකි අවම මුදල කීයද

      Delete
    5. blogger_logo_round_35

      thank you macha e kale idanma loku unaka thibba meken goda yanna hby loku deyak danan hitiye ne ...luck ekata me blog eka eka set una .sehenna deyak igena gaththa ...me wenakotath inne raten pita ,ithin mehe idan salli dala mekata join wela online karan yanna widihak thiyenwada ?thiyenawan saralawama e kohomada? uththa on macha madhawa.. i believe in you need a support plz kolla .

      Delete
    6. blogger_logo_round_35

      මටත් මේ ගැන දැනගන්න ඕනේ. මට ඔයාගේ phone නොම්බරේ msg එකක් දාන්නකෝ. මගේ නොම්බරේ 0718534969

      Delete
    7. blank

      Matath dana gnna oone hoda tharawkaruweku hoyagnne kohomd api? Eh list mokkhri thiyeeda? Contact kragnna puluwn? Eh ganath details ekk dunnam hoday thwth

      Delete
  10. ff

    මේ වගේ දැණුම තමයි ඕන කරන්නේ. :D
    ඒක නෙවෙයි මට ප්රිශ්ණ දෙකක් තියෙනවා. මට ඒක පැහැදිලි කරලා දෙන්න.
    ඔය කොටස්වල මිල ඉහල පහල යන එක සමාජීය සාධකවලට හා වෙළද පල තත්වයන්ට අමතරව සංඛ්යාත්මක අගයන් තීරනය කරන්නේ කවුද?

    අපි විකුනන්න සිතුව ගමන් අපේ කොටස් විකුන ගන්න පුළුවන්ද? නැතිනම් ඒ කොටස් ටික ගන්න කවුරුහරි එනකන් දවස් ගනන් බලාගෙන ඉන්න ඔනේද?

    ReplyDelete
  11. madhawa+180+180

    සංඛ්‍යාත්මක අගයන් කියල ඔබ අදහස් කළේ මොනවද? කොටසක මිල ඉහල පහළ යන ප්‍රමාණයන්ද? ඒක තීරණය වෙන්නෙ නම් ආයෝජකයින් මතම තමා.
    අපිට හිතුව ගමන් කොටස් විකුණන්න පුලුවන්, හැම වෙලේම වගේ ගන්න බලාගෙන ඉන්න කෙනෙක් ඉන්නව, නමුත් ඉතින් එයා ඉල්ලන ගාණට දෙනකොට අපිට අලාභ හෝ ලාභ ලැබෙන එක ගැන නම් බලන්න ඕනෙ. සමහර වෙලාවට සමහර කොටස් වල මිල අනිවාර්යයෙන්ම හුඟක්ම ඉහළ යයි කියල දන්නව නම් ඒ වගේ වෙලා වලට order book එක හිස් වෙන්න පුළුවන්.

    ReplyDelete
    Replies
    1. blogger_logo_round_35

      කොළඹ කොටස් වෙළෙඳ පොලට සම්බන්ධ වීමට තිබෙන ද්විතීයික තැරැව්කාරයන් සම්බන්ධ කරන්නෙ කොහොමද ? එවැනි තැරව්කරුවන්ගේ නම් ලැයිස්තු ගන්නෙ කොහොමද ?

      Delete
  12. blank
  13. blogger_logo_round_35

    බොහොම සතුටුයි මේ වගේ ලිපිපෙලක් පලකරන්න හිතුන එක ගැන.මමත් බොහොම ආසාවෙන් හිටියේ කොටස්වෙලදපොල ගැන දැනගන්න.ඒත් හරි විස්තරයක් හම්බුවුනේ නැහැ බොහොම ස්තූතියි මේ ලිපි පෙලට.

    මම තව Forex trading ගැනත් හොයනවා. ඔයාට පුළුවන්ද ඒකටත් අපිට උදවු කරන්න..

    බොහොම ස්තූතියි.....

    ReplyDelete
  14. madhawa+180+180

    ඔබට මින් ප්‍රයෝජනයක් උනා නම් සතුටක්.
    Forex ගැන නම් මගෙ එතරම් දැනුමක් නෑ.
    www.stock-market-today.netහි නම් forex පිළිබඳ ලිපි යනවා, නමුත් ඉංග්‍රීසියෙන්.

    ReplyDelete
  15. blogger_logo_round_35

    mama newly CDS Account ekak open kala kiyala hithannako. after that eke deposit wenne kotas the, unless kotas walata adala milada.
    _____________________________________

    ReplyDelete
  16. madhawa+180+180

    මුදල් හා කොටස් යන දෙකම. ඔබ මුලින්ම මේ ගිණුමට මුදල් යෙදිය යුතුයි, එතකොට ඒ මුදල් ඒ ගිණුම තුළ තිබෙනවා. ඊට පස්සෙ ඒ මුදලින් කොටස් මිලට ගත්තම ඒ කොටස් ටිකත් තිබෙන්නෙ ඒ ගිණුමේමයි.
    කොටස් වලට අදාල මිල කියල කියන්නත් පුළුවන්. හැබැයි දැන් වෙළදපළේ පවතින මිල, ඔබ මිලට ගත් මිල නෙමෙයි. මොකද ඔබට ඒ කොටස් මේ දැන්මම විකුණන්න ඕනෙ නම් විකුණන්න වෙන්නෙ, දැන් පවතින මිලටනෙ.

    ReplyDelete
  17. blogger_logo_round_35

    Mata Kiyanwada Apita mulinma invest karanna pukluwna aduma gana?

    ReplyDelete
  18. madhawa+180+180

    ඔබේ ප්‍රශ්නෙට උත්තරේ මේ අඩවිය තුළ ලිපි කිහිපයකම කියැවිලා තිබෙනවා. ඔබ කියවා නැති හැඩයි.
    උත්තරය: ඕනෙම ගාණක්, ඒකට අවම/ උපරිම සීමාවක් නෑ.

    ReplyDelete
  19. 00

    limit order සහ Market Order ගැන පැහැදිලි කිරීමක් කරන්න පුලුවන්ද?
    Margin ගැනත් ,limit ඕඩර් එකේ කාලය ගැනත් දැනගන්න කැමතියි..
    ස්තූතියි..

    ReplyDelete
  20. blank

    order book එකට දාපු Order එකක් cancel කරන්න පු‍ළුවන්ද?
    online trading පහසුකම තියෙනවනම් ඕනෑම වේලාවක (කොටස් වෙළඳපොල ගනුදෙනු කරන වේලාව හැර උදා:- රාත්‍රී කාලයේදී වුවද) order දැමීම සහ කොටස් ගැනීම කල හැකිද?

    ReplyDelete
  21. madhawa+180+180

    cancel කරන්න පුළුවන්. Order book එකේම ඒකට option එකක් තිබෙනවා.
    කොටස් වෙලඳපළ වසා ඇති විට කොටස් මිලට ගන්න විකුණන්න බෑ. කඩේ වහල තියෙනකොට බඩු ගන්න බෑ නෙ. නමුත් Orders Que කරල තියන්න පුළුවන්, උදේට execute වෙන්න. නමුතු හැම trading platform එකක්ම එහෙම පහසුකමක් දෙනවාද කියලා නම් දන්නේ නෑ.

    ReplyDelete
  22. .com/img/b/R29vZ2xl/AVvXsEialsx1DvvLCAalId3BJqAjPLyHP_IogH1k_X6Ln7BL-tUwC0AJKbxuzdTYXfJns-_JXR3TlJb_UikybIDLzXUclcdqH08Ve59lqqNfKspoDQMnA8CDURYT2J1dyX4i2ik/s45-c/

    නියමයි අයියෙ.. මේ සයිට් එකෙන් හුගක් දේවල් ඉගෙන ගන්න පුලුවන් උනා.. ගොඩක් ස්තූතියි ඔයාට!

    ReplyDelete
  23. blogger_logo_round_35

    Thank u very much :) mama kamathiy invest karanna.me gana mata loku danumak tibune naa.me site eken mama godak dewal danagaththa.

    ReplyDelete
  24. blank

    godak dewal igana gaththa me web side eken ahamben hamu une matath asay join wenna. thanks hamotama

    ReplyDelete
  25. blogger_logo_round_35

    යාලුව, මට දැනගන්න පුලුවන්ද කොටස් වෙළඳපොලේ කොටසක් මිලදී ගත හැකි අවම මුදල? මුලින්ම ආරම්භ කරන විට අවම කීයකින් වැඩේ ආරම්භ කරන්න පුලුවන්ද? ඔබ මුලින් ආරම්භ කලේ කීයකින්ද?

    ReplyDelete
  26. madhawa+180+180

    ඔබට කොටසක් මිලට ගන්න පුළුවන් අවම මිල වෙන්නෙ සමාගමක් කොටසක් මිල කරල තිබෙන මිලයි.
    උදා: සමහර සමාගම් තිබෙනවා එයාලගෙ කොටසක මිල රු. 0.10යි. ඉතින් ශත 10කට එම කොටසක් ඔයාට මිලට ගන්න පුළුවන්.
    ඕනෑම ගණනකින් පටන් ගන්න පුළුවන්. නමුත් රු.10,000 කියන්නෙ හොඳ අවම ගණනක්.
    මම 2009දි පටන් ගත්තෙත් 10,000කින්.

    ReplyDelete
  27. blogger_logo_round_35

    Thank You Post ekata. Mata danaganna puluwanda Kohomada Secondary Market kenekwa alal ganne kiyala?? Eyalage rules & regulations thiyanawada? Eyalawa contact karagena wade patan ganna balan inne?? please give me a answer

    ReplyDelete
  28. madhawa+180+180

    @Ushanka: ඒ අය තමයි තැරැව්කාර සමාගම් කියන්නෙ. ඒ ඔක්කොම විස්තර ඔයාට තැරැව්කාර ආයතන හරහා අහගන්න පුළුවන්,

    ReplyDelete
  29. blank

    Tnx machan watina lipiyak.

    ReplyDelete
  30. blogger_logo_round_35
  31. blogger_logo_round_35
  32. blogger_logo_round_35

    Mata danaganna puluwanda 18years kenekta cds account ekak hadanna puluwanda?

    ReplyDelete
  33. blogger_logo_round_35

    Mata danaganna puluwanda 18years kenekta cds account ekak hadanna puluwanda?

    ReplyDelete
  34. madhawa+180+180

    @Tharindu:
    18 සම්පූර්ණද? එහෙනම් පුළුවන්.

    ReplyDelete
  35. blogger_logo_round_35
  36. blogger_logo_round_35
    Replies
    1. blogger_logo_round_35

      Matath thiyana aula meka. KoKoniththaphomada sambanda wenne??

      Delete
  37. blogger_logo_round_35

    thanx lot bro.I think that i got something from your post.I is great think should appreciate.gd luck

    ReplyDelete
  38. blogger_logo_round_35

    CDS ගිණුමක් ආරම්භ කරන්නේ කෙසේද?

    ReplyDelete
  39. madhawa+180+180

    @supun udara: තැරැව්කාර ආයතනයක්ට ගිහිල්ල පුළුවන්.

    ReplyDelete
  40. blank

    Mama share market eka gena mukuthma danne nam ne..wadiya.....apita gedara idanma kotas weldapale ganudenu karana puluwanda... naththan tharaukara ayathanayakata yanna onida...

    ReplyDelete
  41. madhawa+180+180

    නැහැ. එහෙම යන්න අවශ්‍ය නෑ. ඔන්ලයින් ට්‍රේඩිං හරහා හෝ දුරකථන මාර්ගයන්ගෙන් ගනුදෙනු කිරීම සිදු කළ හැකියි.

    ReplyDelete
  42. blogger_logo_round_35

    Mata danaganna puluwanda api samagamakin kotas gattoth ekata adalawa labhansha masikawa apita labenawada kiyala. nathnam apita laba labanna gattu kotas mila ihala giyama wikunannama oneda?

    ReplyDelete
  43. madhawa+180+180

    @Rashmika:
    ඔයාට ලාභ ලැබෙන්නෙ ක්‍රම දෙකකට. ප්‍රධාන ක්‍රමය තමයි අඩු මිලට ගත්තු කොටස් වැඩි මිලට විකිණීම හරහා.
    දෙවන ක්‍රමය, වාර්ෂික ලාභාංශ ලබා දෙන සමාගම් වල කොටස් මිලට ගෙන එම ලාභාංශ ලබා දීමට එම සමාගමින් පවසන දිනට කොටස් සතුව තබා ගැනීම. ඔවුන් කියන දවසට එම සමාගමේ කොටස් ඔබ සතුව තිබුණොත් ඔවුන් පවසන ලාභාංශ ඔබට ලැබෙනවා. වසරකට එක් වරයි ලැබෙන්නෙ.
    හැම සමාගමක්ම ලාභාංශ දෙන්නෙ නෑ. ඒ දෙන සමාගම් වල කොටස් ගන්න ඕනෙ මේක ලැබෙන්න නම්,

    ReplyDelete
    Replies
    1. blogger_logo_round_35

      Ehe kiynne awruddakta sarayakda kotas wala laba denne?

      Delete
  44. blogger_logo_round_35

    මාධව අයියේ. ගොඩාක් ස්තූතියි ලිපියට. මට දැනගන්න පුලුවන්ද කොළඹ කොටස් වෙළෙඳපොළ ට අපිට ඕනම අවස්ථාව ක ඕනම කෙනෙකුට යන්න පුලුවන්ද ?
    කොටස් වෙළෙඳපොළ ඇතුලේම තැරැව්කාර ආයතන CDS account විවෘත කරන්න හැකිද?
    දීර්ඝායු වේවා ඔබට

    ReplyDelete
  45. madhawa+180+180

    ඔබ අදහස් කළේ කොටස් වෙළඳපළ ක්‍රියාකාරකම් සිදුවන තැනටද?
    කාර්යයාලීය ක්‍රියාකාරකම් සඳහා යන්න පුළුවන්.
    එතනම තිබෙනව යම් යම් තැරැව්කාර ආයතන වල කාර්යයාල. ඒවායින් පුළුවන් CDS ගිණුම් විවෘත කරන්න. කොහෙන් කළත් එකම ක්‍රියාවලිය තමයි සිදු වෙන්නෙ.

    ReplyDelete
    Replies
    1. blogger_logo_round_35

      Madawa mahththyaa hoda therawkara samagamak obe denume hetiyata kiyannako matath join wenna

      Delete
    2. madhawa+180+180

      Asia Securities, Asha Phillip, JB Securities හොඳයි. තවත් වෙනත් ඒවත් ඇති, නමුත් මට අත්දැකීම් නෑ.

      Delete
  46. blogger_logo_round_35

    CDAX mobile app එක තාම නැද්ද?

    ReplyDelete
    Replies
    1. madhawa+180+180

      දැන් CDAX භාවිතය නැවතිලා තියෙන්නෙ. හුඟක් තැරැව්කාර සමාගම් වෙනත් ඇප් වලට ගිහිල්ල.

      Delete
  47. blogger_logo_round_35

    කොටස් වෙළදපොලට අලුතින් ඇතුල් වෙන කෙනෙක්ට හොද මට්ටමක තැරැව්කාර සමාගමක් සොයාගන්නේ කොහොමද?

    ReplyDelete
    Replies
    1. madhawa+180+180

      හුඟක් වෙලාවට ඔයාට කරන්න වෙන්නෙ හොයල බලල අහල බලල තෝරගන්න එක තමයි. මගෙ අත්දැකීම් වල හැටියට JB. Asia, Asha Phillip හොඳයි. අනිත්ව ගැන මගෙ දැනුමක් නෑ.

      Delete
  48. blogger_logo_round_35

    කොටස් වෙළදපොලට අලුතින් ඇතුල් වෙන කෙනෙක්ට හොද මට්ටමක තැරැව්කාර සමාගමක් සොයාගන්නේ කොහොමද?

    ReplyDelete
    Replies
    1. madhawa+180+180

      ෆෝරම් වල දක්වල තිබෙන අදහස් හරහා පුළුවන්.

      Delete
  49. blogger_logo_round_35

    තැරැවිකාර සමාගම් දෙකක රෙජිස්ටර් වෙන්න පුළුවන්ද

    ReplyDelete
    Replies
    1. madhawa+180+180

      ඔව්. අපිට එක් තැරැව්කාර සමාගමක එක් ගිණූම බැගින් පවත්වාගෙන යන්න පුළුවන්.

      Delete
  50. blogger_logo_round_35

    තැරැවිකාර සමාගම් දෙකක රෙජිස්ටර් වෙන්න පුළුවන්ද

    ReplyDelete
  51. blogger_logo_round_35

    This comment has been removed by the author.

    ReplyDelete
  52. blogger_logo_round_35

    තැරැවිකාර සමාගමක් වැහුනොත් අපි යොදවන මුදල් වලට මොනවද වෙන්නෙ

    ReplyDelete
    Replies
    1. madhawa+180+180

      තැරැව්කාර සමාගමක් ආරම්භ කරන්නේ විශාල ඇපයක් Security Exchange Commission එකෙහි තියල. ඉතින් සමාගම වැහුනොත් ආයෝජකයින් ආරක්ෂා කරන ක්‍රියාමාර්ග SEC එක ගන්නව.
      ඒව කෙසේ වෙතත්, වඩා විශ්වාසදායී, දැනටමත් වැඩි ආයෝජකයින් ප්‍රමාණයක් ඉන්න සමාගමක් තෝරා ගන්නා එක කෝකටත් හොඳයි.

      Delete
  53. blogger_logo_round_35

    තැරැවිකාර සමාගමක් වැහුනොත් අපි යොදවන මුදල් වලට මොනවද වෙන්නෙ

    ReplyDelete
  54. blogger_logo_round_35

    තැරැවිකාර සමාගම් දෙකක රෙජිස්ටර් වෙන්න පුළුවන්ද

    ReplyDelete
    Replies
    1. madhawa+180+180

      පුළුවන්. හැම එකේම එක ගිණුම ගානෙ හදන්න පුළුවන්.

      Delete
    2. blogger_logo_round_35
    3. madhawa+180+180

      අදාල ආයතනයන්ට ගිහිල්ල පෝරමය අරගෙන පුරවල දෙන්න.

      Delete
    4. blogger_logo_round_35

      මාධව මහත්මයානනි, මාහට මේ සම්බන්දව විස්තර ටිකක් දැනගන්න අවශ්‍යයි. පුලුවන් නම් ඔබතුමාගේ දුරකතන අන්කය මේ අන්කයට msg කරන්න. 0713425530

      Delete
  55. blogger_logo_round_35

    අහමඩ් මුස්තාපා හසාන් ෆිනෑන්ස් වර්තමානයේ ව්යාපෘති ඩොලර් 150,000,000.00 දක්වා ආයෝජනය කරනවා. අපි දැන් ආරම්භ කරමු ව්යාපෘති, ව්යාපාර කටයුතු, ව්යාපාර සංවර්ධනය, දිගුකාලීන ව්යාපෘති. තොරතුරු තාක්ෂණ සේවා, බාහිරකරණ සේවා, සැලසුම්, ආකර්ශනීය වෙබ් ව්යාපෘති, ව්යාපාර සැලසුම්, ව්යාපාර සැලැස්ම, ආයෝජන ව්යාපාරයට ඉදිරිපත් කරන ව්යාපෘති, නව්ය සහ ලාභදායී ව්යාපෘති විනිවිද පෙනෙන ගනුදෙනු ව්යුහය සමඟ සලකා බැලීම. මුලදී මම ඩිජිටල් ව්යාපෘතියක් ගැන සලකා බැලුවා.

    සලකා බැලීම සඳහා: මුල් වෙළඳ සංකල්ප සමග හෝ ව්යාපාර වෙළඳපොළ තුළ ඇති නව නිකුතුවක් සහ දැනට පවත්නා අනුපූරකයන්ට ඇති විය හැකි වාසි, විදේශීය වෙළඳපොළවල්වල පවතින නම්, වෙනත් ඇනෙලොග් වල පැහැදිලි වාසියක් ඇත.
    මෙම ප්රදේශය වැදගත් නොවේ. අවුරුදු 1 සිට 25 දක්වා ආපසු ගෙවීමේ කාලය.

    ආයෝජන අවස්ථා සහ සහයෝගීතාවය අනුව එක් එක් අවස්ථාවේදී තනි වශයෙන් තීරණය කරනු ලැබේ.
    අපි පාරිභෝගිකයින් සමඟ ආමන්ත්රණ ව්යාපාරික සැලසුම් සමඟ සම්බන්ධකම් පමනි ..

    ඔබට ඊමේල් මගින් මා අමතන්න: amh_finance@outlook.com

    ReplyDelete
  56. blogger_logo_round_35

    Thank you.
    Kotas vikunuwoth kotas wala watina kamadha CDS acc. ekata watenne? Ethakota labayadha check
    pathakin labenne? Plz reply

    ReplyDelete
  57. blogger_logo_round_35

    සොෆ්ට්ලොජික් ස්ටොක් බ්‍රෝකර්ස්ලා අලුතින් ආපු කට්ටියක්ද.මමත් ඒක හරහා cds එකක් open කරන්න ඉන්නෙ.ඔබට අදහසක් තියනවද ඔවුන් ගැන.

    ReplyDelete
    Replies
    1. madhawa+180+180

      සමාවෙන්න. ඔවුන් ගැන නම් දැනුමක් නෑ

      Delete
  58. 85240844_168921277858191_1926288756332036096_n

    ඉතාමත් ෙහාද ලිපියක්... ස්තුතියි.

    ReplyDelete
  59. blogger_logo_round_35

    Good one brother.. Thank you soo much 😇

    ReplyDelete
  60. blogger_logo_round_35

    පට්ට අයිේ.
    .0769355229 sms ek dannako. ොඩි ේවල් ටිකක් දාැන ගන්න තිේ

    ReplyDelete
  61. blogger_logo_round_35

    පානදුර නගරයේ තැරව්කාර සමාගම් තියෙනවද

    ReplyDelete
  62. blogger_logo_round_35

    GOOD IDEA AND THANKS A LOT FOR YOUR INFO.
    CAN I HAVE YOUR CONTACT NO ????
    GOOD LUCK WITH SHARE MARKET BRO.......

    ReplyDelete
  63. blogger_logo_round_35

    ඡා ඇල තැරවිකරු සමාගමි තියෙනවද?

    ReplyDelete
  64. blogger_logo_round_35
  65. blank

    ඉතා වටිනා අදහස් ටිකක්. මගේ ප්‍රශ්ණය කොටස් වෙළඳපල හා කොටස් වෙළඳාම ගැන ඉගෙනගෙන අපිට තවත් අය මේකට සම්බන්ධ කරලා යම් කොමිස් මුදලක් ලබා ගන්න බැරිද? උදාහරණයක් විදියට ඔබ මේ පිළිබදව හොද දැනීමක් තියෙනවා. ඉතිං අපි කැමතියි ඔබට යම් කොමිස් මුදලක් දීලා ඔබේ සේවය ලබා ගන්න. ඒ සදහා නීතියෙන් ඉඩ තියෙනවාද?

    දන්න කෙනෙක් පැහැදිලි කරන්න

    ReplyDelete
  66. blogger_logo_round_35

    ඉතාම වටිනාලිපියක්, මම සොයමින් සිටය දෙයක් ලැබුනේ. ඔබට බොහෝ තුති. මම වැඩේට බහින්න හදන්නේ ඒකම මගේ මුදල් ඉපයීමේ මාර්ගය කරගැනීමේ අදහසින්. නමුත් අන්තර්ජාලයේ පිළිවෙලකට ලියවුන ක්‍රමානුකුල ලිපියක් හම්බුනේ නැහැ . ඔබේ ලිපිය ඉතාම හොඳයි. යලිත් ඔබට බොහෝ ස්තුතියි මෙතරම් සරලව මෙතරම් නිරවුල්ව පැහැදිලි කලාට.

    ReplyDelete
  67. blogger_logo_round_35

    ඔබට හැකිනම් ඔබේ email ලිපිනය හා වෙනත් ඔබව සම්බන්ද කරගතහැකි මාර්ග මාවෙත යොමුකරන්න.
    charithabasnayake@gmail.com

    ReplyDelete
  68. blogger_logo_round_35

    හොඳට පැහැදිලි කරලා නියමයි.

    ReplyDelete
    Replies
    1. blogger_logo_round_35

      අපිට දැනගන්න පුළුවන්ද kotas veladapole laba labaganimedi ඩොලර් vala mila ihala pahala yaama balapanavada..

      Delete
  69. blogger_logo_round_35

    Saya mendapatkan kartu ATM saya yang sudah diprogram dan kosong untuk menarik maksimum $ 1.000 setiap hari selama maksimum 20 hari. Saya sangat senang tentang ini karena saya mendapatkan milik saya minggu lalu dan saya telah menggunakannya untuk mendapatkan $ 20.000. Mike Fisher Hackers memberikan kartu hanya untuk membantu orang miskin dan membutuhkan meskipun itu ilegal tetapi itu adalah sesuatu yang baik dan dia tidak seperti penipuan lain yang berpura-pura memiliki kartu ATM kosong. Dan tidak ada yang ketahuan saat menggunakan kartu. dapatkan milikmu dari Mike Fisher Hacker hari ini! Cukup kirim email ke blankatm002@gmail.com

    ReplyDelete
  70. blogger_logo_round_35

    நான் அதிகபட்சமாக 20 நாட்களுக்கு தினசரி 1,000 டாலர்களை திரும்பப் பெற என் ஏற்கனவே திட்டமிடப்பட்ட மற்றும் முரட்டுத்தனமான ATM அட்டை கிடைத்தது. நான் கடந்த வாரம் என்னிடம் வந்துள்ளேன், ஏனெனில் அதை நான் 20,000 டாலர் பெறுவதற்குப் பயன்படுத்துகிறேன். மைக் ஃபிஷர் ஹேக்கர்ஸ் இது சட்டவிரோதமானது என்றாலும் ஏழை மற்றும் ஏழைகளுக்கு உதவ மட்டுமே அட்டை கொடுக்கிறது ஆனால் அது நல்லது மற்றும் அவர் வெற்று ஏடிஎம் கார்டுகள் பாசாங்கு மற்ற மோசடி போல இல்லை. கார்டைப் பயன்படுத்தும் போது யாரும் பிடிபட மாட்டார்கள். மைக் ஃபிஷர் ஹேக்கர்ஸ் இன்று உங்களிடம் இருந்து கிடைக்கும்! வெறுமனே blankatm002@gmail.com க்கு மின்னஞ்சலை அனுப்புங்கள்

    ReplyDelete
  71. blogger_logo_round_35

    ඉතාම වටිනා ලිපියක් .මමත් මෙි ගැන ොයමින් හිටියෙ .ඉදිරියෙදි මමත් මෙයට එකතු විමට හිතනවා තවද ඔබ දන්නා කරැනු මා හට ලබාදෙන්න ස්ස්තුති

    ReplyDelete
  72. blogger_logo_round_35

    මටත් කොටස් වෙළඳ පොළේ ආයෝජනය කරන්න අවශ්‍ය වෙලා තියෙනවා මගේ 0770852452 අංකයන් අමතන්න

    ReplyDelete
  73. blogger_logo_round_35


    GOOD CARD WITH COOL CASH...Get THE 2019 BLANK ATM Programmed Card and cash money directly in any ATM Machine around you. There is no risk of being caught, because the card has been programmed in such a way that it´s not traceable, it also has a technique that makes it impossible for the CCTV to detect you and you can withdraw a total sum of $5,000.00 USD daily,try and get yours today from (MR OSCAR WHITE ) of oscarwhitehackersworld@gmail.com And be among the lucky ones who are benefiting from it. Now email the hacker one : oscarwhitehackersworld@gmail.com or whats-app +1(323)-362-2310

    ReplyDelete
  74. blogger_logo_round_35

    තැරව්කරුවෝ සොයාගන්නේ කොහොමද. Contact number තියෙනවාද

    ReplyDelete
  75. blogger_logo_round_35

    කුරුණෑගල පැත්තෙන් හොඳ ආයතනයක contact number ekak thiyenam දෙනවද

    ReplyDelete
  76. blogger_logo_round_35

    We need more posts about CSE..I like your all posts and those help me to get a basic knowledge about CSE...

    ReplyDelete
  77. blogger_logo_round_35

    මටත් ආසයි වැඩේ කරන්න.කුරුණෑගල තැරැව්කාර ආයතනයක නො එකක් දෙනවද

    ReplyDelete
    Replies
    1. madhawa+180+180

      ඔබට පුළුවන් cse.lk එකට ගිහිල්ල ඉන්න තැරැව්කාර ආයතන වල ශාඛා කුරුනෑගල තිබෙනවාද කියා සොයා බලන්න.

      Delete
  78. blogger_logo_round_35
  79. blogger_logo_round_35

    නියමයි... මුලින්ම කියක්ද දාන්න පුලුවන් අවම ගාන...

    ReplyDelete
    Replies
    1. madhawa+180+180

      ඔබට කැමති මුදලකින් ආරම්භ කරන්න පුළුවන්. රු. 1000කින් උනත්. නමුත් මාසිකව යම් ලාභයක් ලබා ග්අන්න නම් අවම වශයෙන් රු. 50,000ක්වත් මම යෝජනා කරනවා.

      Delete
  80. blogger_logo_round_35

    මට තැරැව්කාර ආයතනයක් බත්තරමුල්ලේ නැද්ද

    ReplyDelete
    Replies
    1. madhawa+180+180

      මම හිතන්නෙ නම් නෑ. ඔබට පුළුවන් cse.lk එකට ගිහිල්ල ඉන්න තැරැව්කාර ආයතන වල ශාඛා කුරුනෑගල තිබෙනවාද කියා සොයා බලන්න.

      Delete
  81. blogger_logo_round_35

    How can i download you're letters

    ReplyDelete
  82. blogger_logo_round_35
  83. blogger_logo_round_35

    සරලව පැහැදිලි කරලා තියෙනවා. ඔබට බොහොම ස්තූතියි. ඔබව සම්බන්ධ කර ගත හැකි දු.අ මෙම අංකයට එවන්න.

    ReplyDelete
    Replies
    1. madhawa+180+180

      සමාවෙන්න. ඔබට අවශ්‍ය තොරතුරු මෙම වෙබ් අඩවියෙන් හෝ cse.lk වෙබ් අඩවියෙන් හෝ තැරැව්කාර සමාගම් වල වෙබ් අඩවි වලින් දැනගන්නට පුළුවන්.

      Delete
  84. blogger_logo_round_35

    ඔබට බොහොමත්ම ස්තූතියි. ඔබගේ දු.අ මේ අංකයට එවන්න 0710455598

    ReplyDelete
  85. blogger_logo_round_35

    Rupiyal 100000 lakshayak vithara ayojanaya kaloth labagatha haki awama labaya kiyak vithara vewidha

    ReplyDelete
    Replies
    1. madhawa+180+180

      ඒක ඔබ ඔබේ ආයෝජන කළඹ හසුරන විදිහ අනුව වෙනස් වෙනව. හරිහැටි හොයල බලල analyze කරල කොටස් මිලට ආරගෙන ලොකු ලාභයක් ලබා ගන්නත් පුළුවන් වෙන්න පුළුවන්. ඒ වගේම හොයන්නෙ බලන්නෙ නැතිව කොටස් අරගෙන අලාභයක් වෙන්නත් පුළුවන්.
      සම්පූර්ණ වගකීම තිබෙන්නේ ඔබේ අතේ.

      Delete
  86. blogger_logo_round_35

    තැරැව්කාර ආයතනයට සලලි දෙන්න ඔනිද?

    ReplyDelete
  87. blogger_logo_round_35

    අවම 5000කින් පටන් ගන්න පුලුවන් කිවුවට 200000 ක් විතර ඔන කිවුවනෙ බ්‍රොකෙර් සමාගමක් මට.

    ReplyDelete
  88. blogger_logo_round_35

    ගොඩක් වටින ලිපියක්. පුලුවන්නම් මගෙ මේ ප්‍රශ්ණ ටිකට කෙටි උත්තර ටිකක් දෙනවද...
    පුලුවන්නම් ලොකු උදව්වක් අයියේ.

    1.අපිට ඕන වෙලාවක තැරැව්කාර සමාගමක් අමතලා විස්තර දැනගන්න පුලුවන්ද?

    2.බැරිවෙලාවත් කොටස් මිල ඉහල ගියපු අවස්ථාවක තමන්ගෙ කොටස් විකුණපු කෙනෙක් ගෙන් කොටස් මිලදීගත්තොත් අපිට පාඩුවක් වෙන්න පුලුවන් නේද? (ඒ කෙනා කොටස් වල උපරිම මිලේදී අපිට කොටස් විකුනලා තියන නිසා???)

    3.කොටස් වෙලඳපලේ හොඳ ලාභයක් ලබන්න කොටස් විකුනන්නම ඕනද?/ වාර්ශික ලාභාංශ ප්‍රතිශත එච්චර හොඳ නැද්ද?

    4.වාසනාවකට හොඳ සමාගමක කොටස්(ලේසියෙන් කඩාවටෙන අවදානමක් නැති සමාගමක) මිලදීගන්න පුලුවන් උනානම් ඒ කොටස් විකුණන එක අපරාදෙ නේද?

    ReplyDelete
  89. blogger_logo_round_35

    Mulinm kiyk withra yodawanna oneda?

    ReplyDelete
  90. blogger_logo_round_35

    Mulinm kiyk withra yodawanna oneda?

    ReplyDelete
  91. blogger_logo_round_35

    Man 18labuwa vitharai loku dhanumak Mata nh podi adhahasak denagatta man kohomada Hoda labayak labaganna katayuthu karanne hodama broker kenek hoyaganne kohomada thawa broker knkta man paudhgalikawa viyadham kala yuthudha

    ReplyDelete
  92. blogger_logo_round_35

    මුලින්ම ඔබට ගොඩක් ස්තූතියි දන්න සිංහලෙන් මේ කාර්යය සවිස්තරාත්මකව විස්තර කර තියෙන එක සමිබන්දව.
    මම දැනට ද: කොරියාවේ රැකියාවක් කර මෙහේ ඉදන් අපිට කොටස්කරුවන් වීමට ක්‍රමයක් තියෙනවාද? ⁣ කියල පැහැදිලි කිරීමක් කරන්න පුළුවන්ද.

    ReplyDelete
    Replies
    1. Chaminda

      පුළුවන් තැරැව්කාර සමාගම් වෙබ් අඩවි වල තියෙනවා දේශීය විදේශීය ගිනුම් ආරම්භ කිරීමට ෆෝම්. ඒවා ඩවුන්ලෝඩ් කරලා පුරවලා යවන්න පුළුවන්. තැරැව්කාර සමාගම් https://www.cse.lk/home/members

      Delete
  93. blogger_logo_round_35

    රැපියල් ලක්ෂයක් වගෙ ගානකින් පටන් ගන්න පුළුවන් ද..ආයෝජනය හොඳටම පාඩු වුනොත් අපේ සල්ලි නැති වෙනවද...

    ReplyDelete
  94. blogger_logo_round_35

    සිංහලෙන් ගනුදෙනු කටයුතු කල හැකිද ?

    ReplyDelete
  95. blogger_logo_round_35

    Cds account eka hadala api salli demmata passe api kohomada kotas miladi ganne saha wikunanne

    ReplyDelete
  96. blogger_logo_round_35
  97. blogger_logo_round_35

    මට මේ ක්‍රමය කියලා දෙන්න.මගේ මේල් ලිපිනය එවන්නම්
    menaka.mahakumara@gmail.com

    ReplyDelete
  98. blogger_logo_round_35

    Meke ayojanaya kranna ona awama ganak thiyenawada ?

    ReplyDelete
  99. blogger_logo_round_35

    I want do this but do not have enough knowledge.is there any App or site buy shares.

    ReplyDelete
  100. blogger_logo_round_35

    තැරැව් කාර සමාගම් වල නාමලේඛනයක් දාන්න පුළුවන් ද

    ReplyDelete
    Replies
    1. blogger_logo_round_35

      https://www.cse.lk/pages/internet-mobile-trading/internet-mobile-trading.component.html

      Delete
  101. blogger_logo_round_35

    ගොඩක් දෙවල් දැනගත්තා ඔයාට ගොඩක් ස්තුතිය

    ReplyDelete
  102. blogger_logo_round_35

    anydex කියලා තැරැව්කාර සමාගමක් තියෙනවද

    ReplyDelete
  103. blogger_logo_round_35

    booking anydex සමාගමක් තියෙනවද

    ReplyDelete
  104. blogger_logo_round_35

    අඩුම රු 5000 විතර පටන් ගන්න බැයිද

    ReplyDelete

ඔබගේ අදහස්/උදහස්/යෝජනා/චෝදනා මෙහි ලියන්න.
ගැටළුද යොමු කරන්න. (ගැටළු Contact Form හරහාද යොමු කළ හැක.)

Post Top Ad