Day Trading සඳහා උපදෙස් - Guide to CSE

Hot

Saturday, July 10, 2010

Day Trading සඳහා උපදෙස්

Day Trading කියල කියන්නෙ, දිනය තුළ මිලට ගෙන එම වෙළඳපළ දිනය තුළම කොටස් විකුණන එකටයි. මෙහෙම කරන අය day traders නැත්නම් active traders කියල හඳුන්වනවා. වැඩිපුරම මේ ක්‍රමය භාවිතා කරන්නේ බැංකු, ආයෝජන ආයතන වල රැකියා කරන අය, වෙළඳපළ ක්‍රියාකාරිත්වය ගැන ඉහළ දැනුමක් තිබෙන අය, මොකද එයාලට හොඳ දැනුමක් තිබෙනවා වෙළඳපළ ක්‍රියාකාරිත්වය කොහොමද කියන එක ගැන. තාක්ෂණයේ දියුණුවත් එක්ක, අන්තර්ජාලය හරහා වෙළඳාම් කිරීමට දැන් ඇති හැකියාවත් එක්ක, day trading කියන එක ජනප්‍රිය වෙමින් පවතිනවා.


Day Trader කෙනෙක් වශයෙන් මුදල් ඉපයීම
ඔබට ලොකු මුදලක් හොයන්න පුළුවන් day trader කෙනෙක් වශයෙන්, නමුත් ඒක මේ කියන තරම්ම ලේසි වැඩක් නම් නෙමෙයි. ඒකට කාලය ගත කරන්න ඕනෙ, වෙළඳපළත් එක්ක හැම වෙලේම ඉන්නත් ඕනෙ. day trading වල අවදානම වැඩියි, නමුත් ගණනය කිරීම් හරහා ඒ අවදානම ගැන අදහසක් ගන්න පුළුවන්. එමගින් පාඩු අවම කරගන්න පුළුවන්. ඒ හරහා ඔබට පුළුවන් ලොකු මුදලක් කෙටි කාලයක් තුළ හොයන්න. නමුත් ඔබ ආධුනිකයෙක් නම් සමහර විට මුදල් ඔක්කොම විනාශ වීමකින් උනත් නවතින්න ඉඩ තියෙනව. සාර්ථක day trader කෙනෙක් වීමට ඔබ අනුගමනය කරන්න ඕනෙ දේවල් ටිකක් තියෙනව.

Day Trading සම්බන්ධ මූලික කරුණු
හුඟක් අය හිතනව day trading කියන එක ලේසි වැඩක්, කෙටි කාලයකින් ගොඩක් සල්ලි හොයන්න පුළුවන් ක්‍රමයක්, කොටස් මිල වර්ධනය වෙනකම් බලා ඉන්න ඕනෙ නෑ, ඉක්මනට පෝසත් වෙන්න පුළුවන් කියල. නමුත් මතක තියාගන්න ඕනෙ ප්‍රධානම දෙයක් තමා ඔබගේ සියළුම මුදල කවදාවත් day trading සඳහාම පමණක් යොදන්න එපා. ඉතා කුඩා ප්‍රමාණයක් පමණක් යොදන්න. එතකොට, ඔබට අලාභයක් උනත් ඒක ලොකු එකක් වෙන එකක් නෑ. නැත්තම් ඉතින් දවස ඉවර එනකොට ඔයාලගෙ සල්ලි ටිකත් ඔක්කොම ඉවර වෙලා තියෙයි.

Day Tading මෙවලම් හා මෘදුකාංග
දැන් හැම තැරැව්කාර ආයතනයක්ම වගේ online trading platforms හඳුන්වල දීල තියෙනව. ඊට අමතරව විවිධාකාරයේ වෙබ් අඩවි තියෙනව කොටස් වෙළඳපළ සම්බන්ධ විස්තර ලබාගන්න, stock tickers, market analysis, වගේ දේවල් ගැනත් විස්තර ලබාගන්න. පැය 24 පුරාම මේවා හරහා ඔබට පුළුවන් උදව් ලබා ගන්න. හුඟක් අය හිතනව මේ තියෙන තාක්ෂණයන් එක්ක කවදාවත් ඔවුන්ගේ මුදල් අපතේ යන්නෙ නෑ කියල. මේ සැම දෙයක් හරහාම ඔබට උදව් ගන්න පුළුවන්, නමුත් සාර්ථකත්වය අනිවාර්ය කරන්නේ නම් නෑ. මතක තියාගන්න ඕනෙ, day trading කියන එක අනිවාර්යයෙන්ම අවදානම් සහගත දෙයක්. ඉතාම වැදගත් දෙයක් තමයි හැම වෙලේම කොටස් පිළිබඳව ඇහැගහගෙන්න ඉන්න ඕනෙ කියන එක. තියෙන හැම මෙවලමක්ම භාවිත කරන්න, නමුත් කොයි වෙලේවත් හිතන්නෙපා මේක ආරක්ෂිතයි කියල.

Day Trading සම්බන්ධව හැමෝම කරන වැරදි කරන්න එපා. Day Trading කරන්න ඉස්සෙල්ල වෙළඳපළ ගැන හොඳ හැඟීමක්, අවබෝධයක් තියෙන්න ඕනෙ. නවකයෙක් එක පාරටම day trading වලට යාම ඉතාම අවදානම් සහගතයි. හැම වෙලේම ලෝකයේ වගේම රට තුළ ආර්ථිකය ගැන, දේශපාලන තත්වය ගැන එහෙම හොඳ අවධානයකින් ඉන්න ඕනෙ. මිලට ගන්නකොට ගොඩක් හුවමාරු වන ලොකු capitalization එකක් තියෙන සමාගම් වල කොටස් ගන්න. (නැත්තම් ඉතින් අරගත්තුව තියාගෙන බලා ඉන්න වෙයි කාලයක්.)

මෙන්න මේ අඩවිය මට ලැබුනු හොඳ අඩවියක්. විවිධ කොටස් සම්බන්ධව තොරතුරු ලබාගන්න පුළුවන්. http://www.mi-synergy.com/stock/

14 comments:

  1. හැබයි මචන් ඕක trading නෙමෙයි නේද.. මේ දවස් වල විදියටනම් ඕක සූදුවක් වගේ.

    හුඟක් හොඳ කොටස් තියෙද්දි කිසිම වැද ගම්මක් නැති කොටස් පස්සෙ දුවල මිනිස්ස්සු නැති වෙන්නේ. BLUE පේනවනේ... මම play safe නම් හික් හික්

    ReplyDelete
  2. හික්ස්, එක අතකින් එහෙම කියන්නත් පුළුවන්. නමුත් ඒක හරහාත් හොඳ ආදායමක් ලබාගන්න පුළුවන්. සූදුකෙලින්නෙක් වෙන්නෙ නැතුව ආයෝජනය කිරීම ගැනත් ලිපියක් ලියන්න බලාපොරොත්තු වෙනවා.

    ReplyDelete
  3. hehe BLUE nam niyama wade neda?7.75ta wage gatta aya anathai :P dan kohmath rights issue ekakuth tiyenwa neda>aye hondatama bahi neda

    btw,godak honda lipiyak,godak aya danne nathuwa kelinma day trading karanna gihin nathi wenwa

    ReplyDelete
  4. ඔව්. Day trader කෙනෙක් එහෙම එක පාරම අප් වෙන කොටස් නම් කොයි වෙලේවත් ගන්න හොඳ නෑ, විශ්වාසවන්ත කොටස් තමා ගන්න ඕනෙ.
    BLUE පහළ බහින්න ගත්තෙ right issues දෙනව කිව්ව ගමන්. ඇත්තටම ඒක ඉහළ නැග්ගෙ වෙනත් සමාගමකින් එකෙ කොටස් පිටතට නොපෙනෙන්න මිලදී ගත්තු නිසයි. :) Right issue values තියෙන්නෙ .N - 2.50 හා .X - 1.50.
    ඒ ගණං වලටම වගෙ ඒව බහීවි.

    ReplyDelete
  5. ඒ ගනිපු උන් උඩදිම විකුනල අයින් වෙන්න ඇති කොල්ලො... ඒ උඩ ගානට ගත්තෙ අපේ ඩේ ට්‍රේඩර්ස්ල තමා.
    ඒකෙන් වෙන්නේ ඔය ණයට ගත්ත ඒව සුද්ද කරන්න බ්‍රෝකර්ස්ල විකුනකොට හොඳ කොටසුත් වැටෙන එක.

    උබ හිටියද දන්නේ නැහ TWOD, TFC, ASCO, VANI සෙල්ලම් දාපු කාලේ. ඔය ගොඩක් මහ මොල කාරය නම් දැන් නැහලු බ්‍රොකර් කෙනෙක් විදියට.

    ReplyDelete
  6. Man CSE eke daka thienawa company wala day's trading history eka baladi samahara ewala 5 parak withara wikunala, samahara ewala 2 parak wage wikinila thiene.

    Ai a?

    (Ada man mulu blog ekama kiawanawa ekai comment dange godak :D )

    ReplyDelete
  7. ප්‍රශ්නෙ පොඩ්ඩක් අපැහැදිලියි. කොහෙද ඔහොම එකක් තියෙන්නෙ කියන්න. මට පුළුවන් එතකොට හරි උත්තරයක් දෙන්න.

    ReplyDelete
  8. Me image eka podak balana,

    http://img833.imageshack.us/img833/2647/hist.png

    Me ekama dawasaka company 2k trade history eka, CSE eke.

    'A' Company eke trade session (man dane na mekata namak) 5k welanam B company eke wela thiene trade session 3k wage.

    Mokakda case eka ethanadi wena?

    ReplyDelete
  9. ඔබ අදහස් කරන්නෙ වෙලා තිබෙන trades ගණන ගැනද? ඒක ඉතින් ඔනේ විදිහකට වෙන්න පුළුවන්. සමාගම් දෙකක් අතර සම්බන්ධකම් නෑ නෙ. ඉතින් එක සමාගමක සිදුඋනු ගනුදෙනු ගණන අනිත් සමාගමට සම්බන්ධයක් නෑ.
    එකක විශාල ගනුදෙනු ගණනක් වෙලා තවත් එකක එකක්වත් නොවෙන්න ඉඩ තිබෙනවා. සිදුවන ගනුදෙනු ගණන තීරනය වෙන්නෙ ආයෝජකයින් ඒ ඒ සමාගමේ කොටස් හුවමාරු කරගන්නා විදිහ අනුවනෙ.

    ReplyDelete
  10. Dan mama shares illuwahama trade ekak open wenawa wage wenawada? ethakota wikunana balan ina kenek mata shares denawa? Ehema ekak unahamada trade ekak una kiane ?

    ReplyDelete
  11. ඔයා කොටස් ඉල්ලල ඕඩර් එකක් දාන්න ඕනෙ, එතකොට ඒක ඒ සමාගමේ order book එකට යනවා. කවුරුහරි ඒ order එක ගත්තොත් තමා trade එකක් වෙන්නෙ.

    Order book එකේ ඔයා ඉල්ලපු ගාණට තව කට්ටිය ඉල්ලල තියෙන්න පුළුවන්, එතකොට ඔයා ඉන්නෙ පෝලිමේ පිටිපස්සෙ. ඉතින් පෝලිමේ ඔයාට ඉස්සෙල්ල ඉන්න කට්ටියට කොටස් ඒ මිලට ලැබුනට පස්සෙ තමා ඔයාගෙ වාරෙ එන්නෙ. එතකම් ඔයාගෙ ඕඩර් එක order book එකේ තියෙනවා මොකුත්ම නොවී.

    ReplyDelete
  12. Ah, dan man share ekak gana ahuwahama broker kenek gen eyala kianawata wada ganak mata dena puluwan one nam, polime isarahata yana ? Polime isarahata yana eka hondaida? Polima hinda mata shares hamba wene nathuwa yana puluwanda?

    Thanks

    ReplyDelete
  13. මෙතන පෝලිමක් කියල අදහස් කළේ, කොටස් මිලට ගනන් බලාපොරොත්තුවෙන් ඉන්න අයගෙ ලිස්ට් එකක්.
    උදා:
    A සමාගමේ කොටස් ඩහෙන් විකිණෙන්නෙ රු.50ට.
    ඔබ Order book එක බැලුවම ඒකෙ ඉන්නව කොටස් විකුණන්න කැමැත්තෙන් (Ask List එකේ) රු.52, 53, 53.50 ආදී මිල ගණන් වලට.
    මිලට ගන්න කැමැත්තෙන් ඉන්නෙ, රු.49, 48.60, 48.50, 47 ආදී වශයෙන්.
    ඉතින් ඔබත් ඕඩර් එකක් දානවා 49ටම, එතකොට ඔබ ඉන්නෙ 49ට මිලට ගන්න කැමැත්තෙන් ඉන්න අයගෙ පෝලිමේ පිටිපස්සෙන්ම.
    ඔබ තව ටිකක් වැඩිපුර වියදම් කරන්න කැමති නම් ඔබට පුළුවන් රු.49.50 වගේ අගයකට ඕඩර් එක දාන්න. නැතිනම් දැන් විකුණන්න ඉන්න රු.50ටම කොටස් මිලට ගන්න.
    වැඩි මිලකට කොටස් මිලට ගන්නවා කියන්නෙ ඔබට ලැබෙන ලාභය අඩු වෙනවා වගේම අලාභයක් උනොත් ඒකත් වැඩි වෙනවා කියන එක.
    ඒ සමාගමේ කොටස් වල මිල අනිවාර්යයෙන්ම ඉහළ යයි කියල හිතනව/දන්නවා නම් ඔබට පුළුවන් ඒ අවදානම අරගෙන කොටස් පවතින මිලට මිලදී ගන්න.
    ඔබ පෝලිමේ ර 49ට ඕඩර් එක දාපු තැන එහෙමම හිටියොත්, කොටස් හිමියන් තමුන්ගේ විකිණුම් මිල පහත හෙලුවොත් ඔබට කොටස් ලැබෙන්න වගේම, කොටස් මිල ඉහළ යන්න පටන් ගත්තොත් ඔබට් අකොටස් නොලැබෙන්නත් ඉඩ තිබෙනවා.

    ReplyDelete

ඔබගේ අදහස්/උදහස්/යෝජනා/චෝදනා මෙහි ලියන්න.
ගැටළුද යොමු කරන්න. (ගැටළු Contact Form හරහාද යොමු කළ හැක.)

Post Top Ad