Guide to CSE: beginners

Hot

Showing posts with label beginners. Show all posts
Showing posts with label beginners. Show all posts

Tuesday, October 1, 2019

Unit Trust - කොටස් වෙළඳපළ සඳහා බිය ඇත්තන් සඳහාමයි

7:56 PM 78
කොටස් වෙළඳපළ ආයෝජනය කරන්න බියක් තියෙන, ඒ අවදානම ගන්න බය ඒත් ආසාව තියෙන, කොටස් වෙළඳපළ හරහා ආදායම් මාර්ගයක් සකසා ගන්නට කැමැත්තක් තිබෙන අය සඳහා විසඳුමක් ගැන කියන්න තමා මේ ලිපිය ලියන්නෙ. අනිත් අයටත් මේ ක්‍රමය ගැන හිතල බලන්න ඉඩ කඩ තිබෙනවා. ආයෝජනයන් කරල ලාභ ලබා ගන්න කාලය, දැනුම, පළපුරුද්ද, හැකියාව නැතිනම් ඒ අයටත් මේක ප්‍රයෝජනවත් වේවි.


මේ කියන්න යන්නෙ "ඒකක භාර", ඉංග්‍රීසියෙන් කිව්වොත් "Unit Trusts" ගැනයි.
මේ ගැන ලිපියක් ලියන්න කාලෙක ඉඳල හිටියත් ලියන්න බැරි උනා. ඔන්න ඉතින් ලියනවා.


ඉතින්, මොකද්ද මේ ඒකක භාර කියල කියන්නෙ?
ඒකක භාර කියල කියන්නෙ, යම් වගකිවයුතු සමාගමක්, ඔබ වෙනුවෙන්, විවිධ සමාගම් වල කොටස් වල ආයෝජනය කිරීමක්. එය ඔබට ඕනෑම වෙලාවක යළි ලබාගන්නත් පුළුවන්. (A system where money from a number of investors is pooled together and invested collectively in investments such as shares and bonds. Each investor owns a unit, (or a number of them) the value of which depends on the value of those items owned by the fund. ... : www.msol.co.uk/main/h1070.htm) ඔබ ආයෝජනය කරන මුදලට සමානුපාතිකව ඔබට ඒකක ප්‍රමාණයක් ලැබෙනවා.


මෙහිදී වෙන්නේ, ඔබ ආයෝජනය කරන මුදලින් කොටසක් එම සමාගම මගින්, කොටස් වෙළඳපළ තුළ ඉහළ ලාභ ලබන සමාගම් වල යොදවන අතර, කොටසක් වෙළඳපළේ ඉහළ ප්‍රථිලාභ ගෙනෙන මූල්‍ය සුරැකුම් වල ආයෝජනය කරන එකයි.


ඔබට මුදල් තිබෙන වෙලාවට හෝ මාසික වාරිකයක් ලෙස මුදල් යෙදවිය හැකියි.


ඒකක භාර වල ප්‍රධාන ලක්ෂණ හා වාසි
  • ආදායම් බදු වලින් නිදහස් වාර්ෂික ලාභාංශ
  • ආදායම් බද්දෙන් නිදහස් ප්‍රාග්ධන ලාභ (මිල ඉහළ යන විට ඉහළ ප්‍රාග්ධන ලාභ ලබාගැනීමේ හැකියාව)
  • වෘත්තීයමය දැනුමැත්තන්ගෙන් ලැබෙන සේවය
  • රු.1000ක් වැනි මුදලකින් වුවත් ආයෝජන ඇරඹීමේ හැකියාව
  • ආයෝජන පහසුවෙන් මුදල් කර ගැනීමේ හැකියාව
  • හදිසි ණය ලබා ගැනීමේදී ඇපයක් ලෙස ඒකක භාර සහතිකය ඉදිරිපත් කිරීමේ හැකියාව
ආයෝජනය කළ හැක්කේ කාටද?
කොටින්ම කිව්වොත් ඕනෙම කෙනෙකුට මේකට සම්බන්ධ වෙන්න, මේ විදිහට ආයෝජනය කරන්න පුළුවන්. හැබැයි ලංකාව ඇතුළෙ ඉන්න අයට විතරයි.
  • ශ්‍රී ලංකාවේ නේවාසික හා අනේවාසික පුද්ගලයින්
තනි පුද්ගලයින් හෝ හවුල්කරුවන් වශයෙන් (බාල වයස්කරුවන් සඳහා ඔවුන්ගේ දෙමව්පියන් හෝ භාරකරුවන්)
  • ශ්‍රී ලංකාවේ ආයතින ආයෝජකයෝ
විදේශීය ආයෝජකයින්, විදේශීය සමාගම් සහ ආයතන යනාදිය.
ආයෝජනය කරන්නේ කෙසේද?
ශ්‍රී ලංකාවේ ඒකක භාර ගනුදෙනු හා සම්බන්ධ කළමණාකාර සමාගම් 5ක් තිබෙනවා.


NATIONAL ASSET MANAGEMENT LTD
73, W.A.D. Ramanayake Mawatha,
Colombo 02,
Tel
Mobile
Fax
E-mail

:
:
:
:

+94 112445911
+94 777352988
+94 112445903
info@namalfmc.com
CEYLON ASSET MANAGEMENT LTD
281, Union Place,
Colombo 00200,
Tel
Mobile
Fax
E-mail

:
:
:
:

+ 94 117394000
+ 94 717030000
+ 94 117394007
info@ceylonam.com
CT FUND MANAGEMENT LTD
'5th Floor, Majestic City,
Colombo 04,
Sri Lanka.
Tel
Mobile
Fax
E-mail
:
:
:
:

+94 115759570
+94 777751392
+94 112506347
comtrust@ctfund.net
UNIT TRUST MANAGEMENT COMPANY LTD
3rd Floor, West Wing,
Bank of Ceylon Building, York Street,
Colombo 01
Tel
Mobile
Fax
E-mail

:
:
:
:

+94 112448403
+94 712771587
+94 112506347
ceybank@slt.lk

EAGLE NDB FUND MANAGEMENT LTD
75, 2nd Floor, Eagle House,
Kumararathnam Road,
Colombo 02
Sri Lanka.
Tel
Mobile
Fax
E-mail

:
:
:
:

+94 112310113
+94 777286666
+94 112310131
ඉතින් ඒකක භාර වල ආයෝජනය ඉතාම සරළයි. ඔබ මෙම සමාගමකින් එකක් තෝරාගෙන එම සමාගමෙන් ඉල්ලුම්පත්‍රයක් ලබාගෙන එය පිරවිය යුතුයි. මුදල් බැර කිරීම මුදලින් හෝ චෙක්පත් මගින් එම අවස්ථාවේම සිදු කළ හැකියි. එපමණයි. ඊට පස්සෙ වැඩ ටිය එයාල බලා ගනී.


අඩුම ගානෙ කීයක් දාන්න ඕනෙද?
ඉස්සෙල්ලත් කිව්ව වගේ ඔබට පුළුවන් රු.1000ක් වැනි කුඩාම මුදලකිනුත් මේ වැඩේ පටන් ගන්න.


බාලවයස්කරුවන්ට ඒකක භාර මිලට ගත හැකිද?
එම බාලවයස් කරුවාගේ නමට, ඔහුගේ/ඇයගේ දෙමව්පියන්ට/භාරකරුවාට මිලට ගන්න පුළුවන්, නමුත් එම බාලවයස්කරුවාට වයස අවු:18 සපිරෙන තෙක් එම භාරයන් යළි මුදලට හැරවිය නොහැකියි.


මගේ මුදල් වලට තියෙන ආරක්ෂාව මොකද්ද?
ඔබගේ මුදල් ආයෝජනය කරන්නේ එම භාරකාර ආයතනය මගින්. සියළුම කොටස් හා මුදල් තිබෙන්නේ එම භාරකාර සමාගමේ නමට. එම ආයතනයේ වගකීමක් හා ඔවුන් නීතියෙන් බැඳී සිටිනවා එම මුදල් නිසියාකරව ආයෝජනය කිරීමට. ඒත් එක්කම ශ්‍රී ලංකා සුරැකුම්පත් හා විනිමය කොමිෂන් සභාවේ බලපත්‍ර හා අධීක්ෂණය යටතේයි මේ සියළුම දේවල් සිදුවන්නේ. ඉතින් බයවෙන්න කිසිමදෙයක් නෑ.


ඉතින් මේ ගැන තවත් ලිපියකින් හමුවෙමු.

සියළු ලිපි සඳහා ඊ මේල් ලිපිනයෙන් අප හා එක්වන්න:  
අනෙකුත් RSS පෝෂක ලබා ගැනීමට මෙතනින් යන්න.
Read More

Thursday, August 8, 2019

Essential factors to be considered for successful investors

8:21 AM 0

Are you a successful investor?

Being a successful investor requires skills similar to those of a successful chef. Every cookbook stresses the need to read the recipe before beginning, make sure you have all the ingredients and do not deviate from the recipe until you have practiced it several times. 
This wonderful advice, if adhered to in investing, will virtually guarantee an improvement to your investment return. You have to learn the strategies and secrets to investing, to invest smart. Investing can be fun and exciting. It could also be tremendously profitable. It involves skill and hard work. 
There are successful investors who have made millions investing and they have done so by looking beyond investing. Successful investing is about being successful in life and given below are some of the lessons that can be learnt from these successful investors.   

Be observant

Successful investors are not inherently superior people. They are simply savvy at observing life. They are very good at looking under rocks for opportunities, trends and cultural shifts that the rest of us don’t see. Or, where we just see a rock, successful investors see financial opportunity. 
These people look under more rocks than anyone else. And they know which ones of these rocks will unveil value that should make the stock rise. They always think of investing. When they listen to news or read the paper they think, “How will this event affect my investments?” 

Never think being a successful investor is just picking stocks 
Being a successful investor requires timing, proper asset allocation and patience.

Learn basic accounting

Much of stock analysis is based on what companies are worth. To know the worth, you need to be able to read the financial statements and then be able to interpret them. Free cash flows, return on equity, price to earning and sales ratios should be second nature to you. 
While you don’t need to take an accounting class (accounting courses often don’t teach how to evaluate a company), it is good to read a book on accounting that focuses on how to use accounting to evaluate a company. A book on finance for nonfinancial managers would be an excellent starting point.

Learn basic charting 

Charting will help you spot trends and time your purchases.

Find out where to get information
We live in an information age. Just about anything you need to know is readily available on the World Wide Web and at your local library. Not only you need to know where to get the information on the web or in your library, but you also need to become proficient at sorting out useful information from noise.

Trading platform



Have clear investment goals

What are you trying to accomplish? How long will this money be invested? What are the tax consequences? Never invest unless you have a plan, unless you know exactly what you are trying to accomplish. How much do you need to save? What return on investment do you need to meet your goal and time frame? 
Too many people invest aggressively in a way that could lose them money, even though their plan said they didn’t need huge returns. They jeopardize their whole plan if they lose money, whereas they would have been fine if they took the low-risk approach and stuck to the plan. 
Truly understand your risk tolerance 
You and I have lied to ourselves about this before. You say you can stand risk, but only if you make money, right? How will you feel if you invest Rs.100,000 and the day after you write your investment check, your account drops 30 percent to Rs.70,000? It happens fairly often. Are you really ready to weather such a market drop? Can you still follow your discipline? 
The bottom line is, never invest without knowing the risks versus rewards ratio. What are the chances of the investment going up and by how much? What are the chances of the investment going down and by how much? Embrace risk – without it, there is no profit.

Forget what the stock price was a year ago

Forget what you paid for the stock. You will learn that if you worry about buying a stock because it’s too high, or you don’t want to sell a stock because it’s either not up enough, too far up, or down, you focus on the wrong stuff. Evaluating a stock has no bearing on what it was worth a year ago, or what you paid for it.

Stick to your discipline and don’t become emotional

This is easy to write, harder to say and even tougher to do. However, maintaining a coolly disciplined, unemotional view of your investments will make you a better, richer investor. If you decide to be a value investor, stick with your value discipline through thick and thin. 
Understand, I do not recommend you choose only one discipline. Many investors use several disciplines. But what you should not do is, being frustrated with the one-month or one-year return on your value investments and then switch willy-nilly to momentum investments. Time rewards your tenacity and discipline. 
Don’t invest in fads. You’ll continually hear new theories. For example, buy the lowest priced S&P Sri Lanka 20 stocks with the highest dividends. If everyone begins to do this, the anomaly that might have existed is blown. Finally, don’t get emotional and don’t second guess yourself. The one time you second guess is the one time you’ll miss the ‘big one’.

Level with yourself

You aren’t going to pick every winning stock. You can be right and wrong because if you invest properly, you probably need to be right only 55 percent of the time. If you ask successful investors what percentage of stocks they actually lost money on, they would most probably say sometimes around 40 percent or more. 
Then how do they still maintain such an incredible track record? Their response would be- the stocks they lose on generally go down less than the gain on the stocks that go up. So, if you are beating yourself up, if you had one losing stock, you shouldn’t anymore.
You’ll never completely figure out the market. There is no single key to the market. It is ever changing and it is rarely logical. Have you ever seen a stock that just had the greatest news but went down? Why? You will be given hints but remember that no hard and fast rules exist. And never forget that every time you think you bought a winning stock, someone was willing to sell you that same stock.

Invest for long term

Attempting to guess short-term swings in individual stocks or the economy is a difficult, almost impossible task for even the best stock pickers or economists.

Remember, cash is king
Regardless of the market you’re in, cash is and always will be, king. Even if you’re earning only 4 percent or 5 percent, you need to always have some cash. Cash is necessary to buy more stocks, limit losses and be ready for a good deal. Never invest 100 percent in stocks. 

(Source: Secrets of the Investment All-Stars, Kenneth A. Stern)
Read More

Monday, February 23, 2015

කොටස් වෙළඳපළ නව ප්‍රවණතා පිළිබඳ ඔබ දැනුවත්ද?

9:07 PM 10
කොටස් වෙළඳපළ නව ප්‍රවණතා පිළිබඳ ඔබ දැනුවත්ද? 

කොළඹ කොටස් වෙළඳපළ පිළිබඳව අධ්‍යාපනික සම්මන්ත්‍රණ මාලාව.


Read More

Tuesday, September 27, 2011

කොටස් වෙළඳපළ ආයෝජනය ගැන කණෙන් අහලම දැනගන්න

9:06 AM 7

ඔන්න ඔයාලට අවස්ථාවක් තිබෙනවා කොටස් වෙළඳපළ ගැන කොටස් වෙළඳපළ ආයෝජනය ගැන කණෙන්ම අහල දැනගන්න.
බස් රේඩියෝවේ (දන්නෙ නැති අයට: බස් රේඩියෝව කියන්නෙ සිංහල බ්ලොග්කරුවන් කණ්ඩායමක් විසින කරගෙන යනු ලබන අන්තර්ජාල ගුවන්විදුලි වැඩසටහනක්.) අද රාත්‍රී "බස් මැගසින්" වැඩසටහනෙන් මම එනවා ඔබත් එක්ක මේ ගැන කතා කරන්න.
ඔබත් කැමති නම් එන්න, සවන්දෙන්න බස් රේඩියෝ මැගසින් එකට.

වෙබ් අඩවිය : www.buzzradio.lk

වේලාව : රාත්‍රී 8.30 - 10.00
ඉතින් පොඩ්ඩක් අහගන්නකො මොනව ගැනද අපි කතා කරන්නෙ කියල.

  • කොටස් වෙළඳපළ කියන්නෙ මොකද්ද, ඒකෙන් තියෙන ප්‍රයෝජනේ මොකද්ද
  • කොටස් වෙළඳපළ ඉතිහාසය
  • ආයෝජකයෝ, තැරැව්කරුවෝ
  • කොහොමද සම්බන්ධ වෙන්නෙ
  • ආයෝජනයේ වාසි හා අවාසි
  • කොටස් මිල ඉහළ පහළ යන්න හේතු
  • පාඩු නොවී ආයෝජනය කරන්නෙ කොහොමද
  • බහුලව ඇසෙන ප්‍රශ්න
ඉතින් ඔයාලටත් කොටස් වෙළඳපළ ගැන තිබෙන ගැටළු වලට උත්තර හොයාගන්න මේක හොඳ අවස්ථාවක් වෙයි කියල හිතනවා. අසන්නන්ගේ ප්‍රශ්න වලටත් ඉඩක් ලබා දෙන්න තමා ඉන්නෙ, නමුත් වෙලාව පිළිබඳ ප්‍රශ්නය තමා තිබෙන්නෙ. බලමුකො අපි.
Read More

Monday, November 15, 2010

ආයෝජනයකදී සිදුවන යාන්ත්‍රණය - කතාවකින්

6:00 AM 19
අද කතාවක් හරහා තමයි මේක විස්තර කරන්න හදන්නෙ. යම් සමාගමක් බිහිවීමේ සිට කොටස් මිලට ගැනීම, විකිණීම, කොටස් මිල ඉහළ යාම, පහළ යාම....... කියන දේවල් වෙන හැටි අපි අද කතාවක් අනුසාරයෙන් බලමු.

ව්‍යාපාරයක් ඇරඹිණි (Company/Business started)
සිරිල් කියන්නෙ හොඳ ගොවියෙක්. ඔහුට ආසාවක් ඇති උනා, පොල් වත්තක් අරඹන්න. මොකද ඔහුට තේරුනා ඒ සඳහා හොඳ ඉල්ලුමක් තියෙනවා කියල. ඉතින් ඔහු ඔහු ලඟ තිබෙන මුදල් හා ණය මුදලක් අරගෙන ගැළපෙන විදිහෙ ඉඩමක් හා තවත් දේවල් කිහිපයක් මිලට ගත්ත. නමුත් ඔහුට අමතක උනා පොල් පැළ ගන්න මුදල් අවශ්‍ය වග. හොයාගෙන යනකොට ඔහුට හම්බ උනා ඉතා ඉක්මනින් ඵලදාවක් ලබා දෙන පොල් විශේෂයක් විකුණන තැනක්. ඔහුට අවශ්‍ය පැළ ලබා ගන්න රු.5,000ක් අවශ්‍ය උනා. නමුත් ඔහු ලඟ තියෙන්නෙ රු.2,500ක් පමණයි. ඉතින් මොකද කරන්නෙ???

වර්ධනය සඳහා මුදල් රැස්කිරීම වෙනුවෙන් ජනතාවට ආයෝජනයට අවස්ථාව ලබා දීම. (Initial Public Offering for raising capital)
සිරිල් මොකද කරන්නෙ, තමුන්ගෙ හොඳම මිතුරන් 5 දෙනෙක් හමුවෙන්න යනව, ඔබත් එක්කෙනෙක්. ඔහු ඔබ එකිනෙකාගෙන් රු.500 බැගින් ඉල්ලා සිටිනවා. ඔහු ඒක ණයක් වශයෙන් නෙමෙයි ඉල්ලන්නෙ, මොකද ඔහුට හරියටම කියන්න බෑ ණය ගෙවීම සඳහා ඔහුට ආදායමක් ලැබෙයිද කියල, නමුත් ඔහු පොරොන්දු වෙනවා තමුන්ට ලැබෙන ආදායමෙන් කොටසක්, ඔවුන් දුන්නු මුදලට අනුව ලබා දෙන්න. ඔවුනුත් ඊට ඒකට එකඟ උනා.
වෙනත් වචනවලින් කිව්වොත් මෙතන සිද්ද උනේ සිරිල් තමුන්ගේ පොල් වත්තෙන් කොටසක් තමුන්ගේ මිතුරන්ට ලබා දීම. (shares)

සහකරුවෙකු හා කොටස් හිමියෙකු වීම අතර වෙනස (Partners and Share Holders)
ඉතින් මේ පොල් පැළ ඉතාම වේගයෙන් වැවුනා, පළමු අවුරුද්දෙම ඵලදාව හටගත්ත. මුලින්ම පොල් ගෙඩි 100ක් හැදුන. ඉතින් පොල් පැළ වෙනුවෙන් සිරිල් 50%ක් වියදම් කරපු නිසා ඔහු පොල් ගෙඩි 50 තියාගෙන ඉතිරි පොල් ගෙඩි 50 මිතුරන් 5 දෙනා ඒ කියන්නෙ ආයෝජකයින් 5 දෙනා අතරේ සමව බෙදල දෙන්න තීරණය කළා. ඔවුන්ට මේ පොල් ගෙඩි පරිභෝජනය කරන්නත් පුළුවන් විකුණන්නත් පුළුවන්.
ඉතින් මේ ආයෝජකයින් එකතු වෙලා පොඩි සාකච්ඡාවක් පැවැත්වුවා. එයාල එයාලගෙ කොටස් ලබා ගන්නවද නැතිනම් සිරිල්ටම ඒ පොල් ගෙඩි ටික විකුණන්න කියල මුදල ගන්නවද කියල. ඔවුන් තීරණය කළා සිරිල්ටම පොල් ගෙඩි ටික විකුණන්න ඉඩ දීල ලාභය අතට ගන්න. (General meeting) ඉතින් සිරිල් ඒ ටික විකුණල, ලාභය ඔවුන්ට ලබා දුන්න. ඒ විතරක් නෙමෙයි සිරිල් පොඩි ලියවිල්ලක් හැදුව "සිරිල් සහ සමාගමේ එක් කොටසක් ඔබට හිමියි. ඒ සඳහා සමාගමේ ලාභයෙන් 10%ක් ඔබට අයිතියි" කියල. 

අව මිල සහිත සිරිල්ගේ සමාගමේ කොටස් අලෙවි වෙයි (Trading of Undervalued Stocks)
ඉතින් ඔන්න දැන් සිරිල්ගේ පොල් වත්ත ඉතාම සරුසාරයි. දැන් ඔහුගේ වත්තෙන් පොල් ගෙඩි 500ක ඵලදාවක් තිබෙනවා. ඔහු ඒ පොල් ගෙඩියක් රු. 20 ගණනේ විකුණනවා. ආදායම රු. 10,000/=යි.  ඔහු දැන් මිතුරන්ට (කොටස් හිමියන්ට) රු. 1,000 ගණනෙ ලබා දෙනවා. සිරිල් තමුන්ගේ රු. 5,000න් තවත් පොල්පැළ මිලට ගෙන සිටුවනවා. ඒවාත් ඉතාම වේගයෙන් වැඩිල, ඵල හට ගන්නවා. දැන් සිරිල්ට රු. 20,000ක ආදායමක් ලැබෙන පොල් වත්තක් තිබෙනවා.
ඉතින් මේක දැකපු සිරිල්ගේ අසල්වැසියෙක් වන නිමල්ටත් මේකට සම්බන්ධ වෙන්න ඕනෙ වෙනවා. ඒ අතරේ සිරිල්ගේ සමාගමේ කොටස් හිමියෙක් වෙන සුනිල් තමුන්ගේ කොටස් විකුණන්න කැමත්තෙන් ඉන්නවා. ඉතින් නිමල්, සුනිල්ට රු. 500ක් (bid price) දෙන්න කැමතියි මේ කොටස මිලට ගන්න. ඒත් සුනිල් මෝඩ නෑ, ඔහු දන්නවා දැනටමත් මේ සමාගම කොටසකට රු. 2,000ක් උපයනවා කියල. ඉතින් සුනිල් ඒ කොටස සඳහා රු. 2,000ක් ඉල්ලනවා (ask price) නිමල්ගෙන්.නිමල් එවෙලෙම කැමති වෙලා කොටස ඒ මිලට, මිලට ගන්නවා. (trading happens)

පොඩි රැවටිලිකාර දෙයක් සිද්ධ වෙනවා. (Bubble Formed)
සිරිල්ගේ අනෙක් කොටස් හිමි මිතුරන් දකිනවා සුනිල් කරපු දේ හා ඔහුට ලැබුනු මුදල, ඉතින් ඔවුන්ටත් තමුන්ගේ කොටස් විකුණන්න ඕනෙ වෙනවා. (කොටස් හිමියන්) අනිත් පැත්තෙන් සිරිල්ගේ තවත් අසල්වැසියන්ට මේකට සම්බන්ධ වෙන්න ඕනෙ වෙනවා (ආයෝජකයින්),  ඔවුන් දැක්කනෙ නිමල්ගේ ආයෝජනය කෙතරම් ඉක්මනින් සිදු උනාද කියන එක.
ඉතින් මෙහෙම එහෙට මෙහෙට කොටස් අලෙවි වෙලා, (trading of shares) කොටසක මිල රු. 5,000 දක්වා ඉහළ යනවා. ඒක සිරිල්ගේ පොල් වත්තේ ආදායමටත් වඩා ඉහළ අගයක්. (කොටස් අධි මිලට අලෙවි වෙනවා) සිරිල්ගේ මුල්ම ආයෝජකයින්ගෙන් එකම එක්කෙනෙක් පමණයි තවමත් තමුන්ගේ කොටස තියාගෙන ඉන්නෙ. ඒ ගයාන්. රු. 6,000ට ඉල්ලුවත් ඔහු ඒක තියාගෙන ඉන්නෙ, ඒකෙන් තමුන්ට ස්ථිර ආදායමක් ලැබෙන නිසයි. (fixed income=dividends) 
ඉතින් මේ අතරෙ, පොල් කුරුමිණියෝ නිසා සිරිල්ගේ මුලු පොල් වගාවම විනාශ වෙනවා, වසරකම ආදායම නැති කරල දාමින්. ඉතින් කොටස් හිමියන්ට හරිම ප්‍රශ්නයක්, ඇයි ඔවුන් කොටස් මිලට ගත්තේ තමුන්ගේ වැඩ වලට ඉතිරි කරගත්තු මුදල් වලින්නෙ. (margin traded)

රැවටිල්ල කඩා වැටෙනවා (Bubble Bursts)
ඉතින් යළි මුදල් අවශ්‍ය කොටස් හිමියන්ගෙන් දෙදෙනෙක්, තමුන්ගේ කොටස් යළිත් රු. 2000ට ගයාන්ට විකුණනවා. (කොටස් මිල පහළ යනවා) දැන් ඔහු ලඟ සිරිල්ගේ සමාගමේ කොටස් 3ක් තිබෙනවා. අනිත් කොටස් හිමියන් දෙදෙනාත් ඒකම කරන්න උත්සාහ කළත් ගයාන්ට කොටස් 3ක් ඇති, ඉතින් ඔහු තවත් මිලට ගන්න සූදානම් නෑ.
ඉතින් දැන් අනිත් කොටස් හිමියන් දෙදෙනාට හරිම ප්‍රශ්නයක්. ඉතින් මෙන්න ජයන්ත මේ කොටස් වලට රු, 1,500ක් ගෙවන්න කැමතියි. මොනව කරන්නද, ඒ කොටස් හිමියන් දෙදෙනා රු. 1,500 බැගින්තමුන්ගේ කොටස් දෙක ජයන්තට ලබා දෙනවා. (තවත් කොටස් මිල පහළ යනවා)
මේ කෙසේ වෙතත් සිරිල්ගේ පොල් වලට තිබෙන ඉල්ලුම එහෙමමයි,ඉතින් සිරිල්ට කොහොම හරි මේ පොල් කුරුමිණියන් ඉවත් කරල ආපහු පොල් ගස් ටික ගොඩ ගන්න ඕනෙ. නමුත් ඒකට කෘමිනාශක ගන්න සිරිල්ට මුදල් අවශ්‍යයි. 

සිරිල් බැඳුම්කර නිකුත් කරයි. (Issuing of Bonds)
ඔහුගේ මිතුරන්ට සිදුවූ බොරුව නිසා යළිත් කොටස් නිකුත් කරන්න සිරිල්ගෙ උනන්දුවක් නෑ. ඔහු හිතනවා ණය මුදලක් ගන්න. නමුත් එකක් දැනටමත් අරගෙන නිසා ඔහුට යළිත් ණයක් ගන්න බෑ. 
ඉතින් ඔහු බලනවා ඔහු ලඟ තිබෙන උපකරණ වලින් විකිණිය හැකි දේවල් තිබෙනවාද කියල. ඔන්න ඔහුට එනවා හොඳ අදහසක්. ඔහුගේ ලඟ තිබෙනවා භාජන ටිකක්. පොල් ඵලදාව නැතිව ඒවායින් වැඩක් නෑ, නමුත් යළිත් ඵලදාව ලැබෙනකොට ඒවා ඕනෙ වෙනවා. 
ඉතින් සිරිල් කතා කරනවා ඔහුගේ අසල්වැසියා නිමල්ට. 
"නිමල් මගෙ මිත්‍රයා, මම ඔබත් එක්ක පොඩි ගනුදෙනුවක් කරන්න කැමතියි. මගෙ මෙන්න මේ භාජන ටික රු. 5,000ක් වටිනවා. නමුත් මම හැමතියි ඒව ඔබට රු. 3,000ට විකුණන්න. නමුත් ලබන මාසයේදී මම ඒවා ඔබෙන් යළි මිලට ගන්නවා රු. 5,000ට" හ්ම්ම්. නිමල් මේ ගැන හිතල බලනවා, නරකම දෙයක් උනොත් ඔහුට ඒ භාජන ටික විකුණල දාන්න පුළුවන්නෙ. නැත්තම් මේක ලාභදායක වැඩක්නෙ, ඉතින් ඔහු ඒකට කැමති වෙනවා. ඉතින් ඒ ගනුදෙනුව සිද්ධ වෙනවා.
"මේකනෙ නිමල්, මේ ටික එහාට මෙහාට ගෙනියන එක කරදරයිනෙ, ඉතින් අපි මෙහෙම කරමු" කියපු සිරිල්, මේ ගනුදෙනුවට ලියවිල්ලක් සකසනවා. 
නිමල් මෙහෙම අහනවා "මොකද්ද පොරොන්දු පත්‍රයක්ද?"
සිරිල් කියනවා, "ඔව් ඒ වගේ එකක් තමා, නමුත් අපි මේකට බැඳුම්කරයක් (Bond) කියල කියමු."
ඔන්න ඉතින් ඒ මුදලෙන් සිරිල් කෘමිනාශක අරගෙන ඔක්කොම පොල් කුරුමිණියන් ඉවත් කරල ආපහු පොල් වත්ත ගොඩ ගන්නවා. අර කිව්ව කාලයට පස්සෙ නිමල්ට මුදල් පොරොන්දු වූ පරිදි මුදල් ගෙවල යළිත් ඒ භාජන වල අයිහියත් ලබා ගන්නවා.

යළිත් ඔක්කොම යථා තත්වයට.

මොකද්ද මේකෙන් ඉගෙනගන්න පුළුවන්?
මේ කථාව හරහා කොටස් වෙළඳපළ ආයෝජනයේ සියළුම කොටස් නම් ආවරණය උනේ නෑ. නමුත් මෙහිදී එක් දෙයක් ඉතාම තදින් කියවුනා, ඒක තමයි, සිරිල්ගේ සමාගමේ කොටස් වල මිල තීරණය උනේ ආයෝජකයින්ගේ අදහස් මත කියන එක. ඒක සිරිල්ගේ පොල් වත්තේ ආදයම මතම යැපුනේ නෑ. 
කොටස් වෙළඳපළ කියන්නේ වෙන්දේසියක්. කිසිම කොටසකට අදාල වටිනාකමක් නෑ. හැම වෙලේම ඒ වෙලාවට අනුව ඒ කොටසේ වටිනාකම වෙන්නෙ ඒ වෙලාවේදී ආයෝජකයින් ඒ වෙනුවෙන් වියදම් කරන්න බලාපොරොත්තු වෙන මිලයි. 
මේ වටිනාකමේ විචලනය හරහා තමයි ආයෝජකයින් ලාභ ලබන්නේ. ඒක එක් වෙලාවකට නරකටත් තවත් වෙලාවක හොදටත් හිටිනවා. ඔබ අවමිලට කොටසක් ගත්තොත් ඔබල ලාභ ගන්නත්, අධිමිලට කොටසක් ගත්තොත් ඔබට අලාභයක් සිදුවෙන්නත් සිදු වෙනවා.

සියළු ලිපි සඳහා ඊ මේල් ලිපිනයෙන් අප හා එක්වන්න:  
අනෙකුත් RSS පෝෂක ලබා ගැනීමට මෙතනින් යන්න.
Read More

Post Top Ad