Guide to CSE: case-study

Hot

Showing posts with label case-study. Show all posts
Showing posts with label case-study. Show all posts

Saturday, June 5, 2010

කොළඹ කොටස් වෙළදපළ හා වෙනත් ලෝක වෙළඳපළ අතර සංසන්දනයක්

6:00 AM 9
ලෝකය වටා එක එක ප්‍රදේශ වල විවිධ ප්‍රමාණ වල කොටස් වෙළඳපළවල් රැසක් තිබෙනව කොටස් ගනු දෙනු කරන. සමහර ඒව නම් හුඟක්ම ලොකු ඒව, උදාහරණ විදිහට ඇමරිකා එක්සත් ජනපදයේ කොටස් නිකුතුව, නිව්යෝක් කොටස් නිකුතුව, ජපන් කොටස් වෙලඳපළ, හොංකොං හා ඉන්දියාවේ තිබෙන කොටස් වෙළඳපළ කිහිපයකුත් සඳහන් කරන්න පුළුවනි. කුඩා ප්‍රමාණයේ කොටස් නිකුතුවක් වන කොළඹ කොටස් නිකුතුව, එහි ආයෝජකයින්ට ඉහළ ප්‍රතිලාභ ලබා දෙන වෙළඳපළක් බවට පත්වී තිබෙනව. ඉතින් මේ කොටස් නිකුතු අතර පොඩි සංසන්දනයක් කරන්න මේ ලිපියෙන් බලාපොරොත්තු වෙනවා. මේ ලිපිය සඳහා සහය වුනු චමිල් ජයවීර මහතාට මගේ ප්‍රණාමය.

පසුගිය කාලය තුළ කොළඹ කොටස් වෙළඳපළ තත්වය පරික්ෂා කරල බැලුවොත් හඳුනා ගන්න පුළුවන් දෙයක් තමා, වෙනත් ලෝක වෙළඳපළවල් මුහුණ දුන්නු ආකාරයේ විශාල පහළ බැසීම්, පසුබෑම් වලට කොළඹ කොටස් වෙළඳපළ මුහුණ දීල නෑ කියන එක. සියළු කොටස් මිල දර්ශකය වගේ, කොළඹ කොටස් වෙළඳපළ ක්‍රියාකාරිත්වය පෙන්වන දර්ශක පරික්ෂා කරල බැලුවොත් පැහැදිලිවම කියන්න පුළුවන් දෙයක් තමයි, කොළඹ කොටස් වෙළඳපළ පසුගිය කාලය තුළදී ස්ථායී වර්ධනයක් හිමි කරගෙන තියෙනව කියන එක.
මාසයක් පමණ පස්සට ගියොත්, ඒ කාලෙ ඉඳල තාමත් වගේ කොළඹ කොටස් වෙළඳපළ මුළු කාලය තුළම හිමිකරගෙන තියෙන ඉහළම අගයක් හිමිකරගෙන තියෙනව (All time high). මීට පෙර මම කොළඹ කොටස් වෙළඳපළ තත්වය ගැන ලිව්ව ලිපියක සඳහන් කළා, මතක නම්, පසුගිය වසර තුළ විතරක් කොළඹ කොටස් වෙළඳපළ 126% වර්ධනයක් හිමි කරගෙන තිබෙනව. මේක වෙන කිසිදු කොටස් නිකුතුවක් ලබා නොගත්තු තරම් ඉහළ අගයක්. තමුන්ගෙ ආයෝජන වල ඉහළ වර්ධනයක් බලා සිටින ආයෝජකයින්ට නම් මේ ආකාරයේ වර්ධනයක් ඕනෑම් වෙළඳපළක දැකීම ඉතාම සතුටට කාරණයක් වේවි.
අනෙකුත් කොටස් වෙළඳපළවලුත් වසරකට පෙර තිබූ තත්වයට වඩා වර්ධනයක් පෙන්නුම් කළත් වර්ධන වේගය නම් සාපේක්ෂව ඉතාම පහළ අගයක තමා තිබෙන්නෙ. ඒ වගේම ඒවායෙ බොහෝ අවස්ථා තිබුන, එක් දිනක ඉහළ යන වෙළඳපළ ඉන් පසු දින ඉතාම පහළ අගයකට වැටීම. ඒක වෙන්නෙ බොහෝ විට, ඒ ඒ රටවල් වල තිබෙන විශාල සමාගම්වල හා/හෝ එම රටේ රජය විසින් මූල්‍ය වාර්ථා ප්‍රසිද්ධ කිරීම්වත් සමඟ තමා.
උදාහරණයක් විදිහට, ජපන් කොටස් නිකුතුව ගනිමු, ඔවුන්ගේ ප්‍රධාන දර්ශකය විදිහට ගැනෙන්නෙ Nikkei කියන දර්ශකය. පසු ගිය වසර තුළ එය 15% වර්ධනයක් පමණයි දැක්වුවේ. ඇමරිකානු කොටස් වෙළඳපළ 26%කට වඩා වැඩි වර්ධනයක් පෙන්වල නෑ. හොංකොං සහ ඉන්දීය කොටස් නිකුතු පසුගිය වසර තුළ පිළිවෙලින් 28% ක හා 55%ක වර්ධනයන් දක්වා තිබෙන්නෙ. බොහොමයක් ආර්ථික විශ්ලේෂකයින්ට නම් මේව ඉතාම ඉහළ වර්ධනයන්, නමුත් කියන්න ඕනෙ දේ තමා, මේ හැම කොටස් වෙළදපළකටම සාපේක්ෂව කොළඹ කොටස් වෙළඳපළ ඉතා ඉදිරියෙන් සිටිනව.
ලෝකයේ තිබෙන වෙනත් කොටස් නිකුතු වලට සාපේක්ෂව කොළඹ කොටස් වෙළඳපළ තුළ හුවමාරු වෙන්නෙ ඉතාම කුඩා ‍ගණනක කොටස් ප්‍රමාණයක්. නමුත් කියන්න ඕනෙ දේ තමා, ඒ ලොකු ලොකු කොටස් නිකුතු වල ආයෝජකයින් ලබන ලාභයට සාපේක්ෂව ඉහළ ලාභයක්, කොළඹ කොටස් වෙළඳපළ තුළ සිටිනා අයෝජකයින් ලබා ගන්නව.
කොළඹ කොටස් වෙළඳපළ තුළ ආයෝජනය අනිවාර්යයෙන්ම යම් අධ්‍යයනයකින් පසුවයි කළ යුතු වෙන්නෙ. සියළුම දෙනා අනාවැකි පවසන්නේ දැනට පවතින වර්ධනය තව ඉදිරියටත් පවතී කියලයි. කොළඹ කොටස් වෙළඳපළ තුළ තිබෙන බොහොමයක් කොටස්, වෙනත් විශාල කොටස් වෙළඳපළ කොටස් වලට සිදුවන ආකාරයේ බලපෑම් නිසා මිල පහත බැසීමක් සිදු නොවෙන ඒව. ඒ කියන්නෙ යම් ස්ථායී අගයක් හිමිකරගන්න පුළුවන් ඒව. ඒ නිසා කොළඹ කොටස් වෙළඳපළ එක්තරා ආකාරයකින් වඩා ආරක්ෂිත කොටස් වෙළඳපළක් කියල කිව්වොත් නිවැරදියි. ඒ එක්කම ඉහළ ප්‍රථිලාභයකුත් ලබා දෙන්න පුළුවන් කොටස් වෙළඳ පළක් කියලත් කියන්න පුළුවන්.
Read More

Monday, April 19, 2010

අද කොළඹ කොටස් වෙළඳපළට විශේෂ දිනයක්

7:58 PM 0
අද දවස කොළඹ කොටස් වෙළඳපළට විශේෂ දිනයක් වෙනවා. මොකද ප්‍රථම වතාවට කොටස් වෙළඳපළ, සියළු කොටස් මිල දර්ශකය (ASI) ඒකක 4000 පසු කළා. පසු ගිය කාලය කොළඹ කොටස් වෙළඳපළ ඉතා ඉහළ ක්‍රියාකාරිත්වයක් වගේම ඉහළ වර්ධනයක් පෙන්වපු වෙළඳ පළක්.
ඔයාල දන්නවනෙ, සියළු කොටස් මිල දර්ශකය කියන්නෙ සම්පූර්ණ වෙළඳපළ ගැනම මිනුමක් ලබාදෙන දර්ශකයක් කියල.
2009.04.20 වන දින ඒකක 1744.14 ක් වූ සියළු කොටස් මිල දර්ශකය, අද දින අවසානයේදී ඒකක 4015.36 ක් වුනා. වසර තුළ තත්වය බැලුවම ඒක 130% වර්ධනයක්.
මේ පහත ප්‍රස්ථාර වලින් ඔයාලට බලාගන්න පුළුවන් පසුගිය කාලය තුළ සියළු කොටස් මිල දර්ශකයේ විචලනය.

Read More

Monday, April 12, 2010

කොටස් වෙළඳ පළ - A small Case Study - 2009-10

9:26 AM 0
කොටස් වෙළඳපළ ගැන මම ලිපි පෙළක්ම ලිව්ව, ඒක මග නැවැත්තුවෙ ඒ දවස් වල ඒක ගැන මම කියන්න ඕනෙ දේවල් ඉවර කරපු නිසා (ඒක සම්පූර්ණයෙන්ම හැඳින්වීමක් වගේනෙ.) ඒ ලිපි කියෙව්වෙ නැති අය, අවසාන ලිපියට මෙතනිනුත්, මුල්ම ලිපියටමෙතනිනුත්යන්න.
හරි, අද ලිපිය පටන් ගමු එහෙනම්.අද කියන්න යන්නෙ, ආයෝජනය ගැන තොරතුරු නෙමෙයි, වෙන කතා ටිකක්. පසුගිය කාලය තුළ කොළඹ කොටස් වෙළඳපළ ගැන විස්තර ටිකක් සහ තව අදහස් ටිකක්.


සම්පූර්ණ ලිපියකියවන්න >>>
Read More

Post Top Ad