Guide to CSE: faq

Hot

Showing posts with label faq. Show all posts
Showing posts with label faq. Show all posts

Monday, January 24, 2011

ප්‍රශ්නයක් අසන්නට පෙර පොඩ්ඩක් බලන්න

10:59 AM 0
මම මේක ලියන්නෙ, මේ හුඟ දෙනෙක් අසන ප්‍රශ්න වලට පිළිතුරක් ලෙස.
හුඟක් අය මෙම අඩවියේ තිබෙන Contact Form එක හරහා හා Offline Chat messages ලෙස විවිධාකාරයේ ප්‍රශ්න විමසනවා.
මුලින්ම කියන්න ඕනෙ දේ තමයි, ප්‍රශ්නයක් අසන්න ඉස්සෙල්ල පොඩ්ඩක් බලන්න එම ප්‍රශ්නයට පිළිතුරක් මෙම අඩවිය තුළින් සොයාගත හැකිද කියල. මොකද මේ අසන ප්‍රශ්න වලින් බොහොමයකට මෙම අඩවිය තුළ පිළිතුරු තියෙනවා. (වැඩිපුරම අහන ප්‍රශ්න, ආයෝජනය ආරම්භ කළ හැකි අවම මුදල කීයද, online trading ආරම්භ කරන්න ආයෝජනය කළ යුතු අවම මුදල කීයද, හොඳම තැරැව්කාර ආයතනය මොකද්ද කියන ඒව තමයි.)

ඊළඟට අහන දේවල් තමයි, ආයෝජන උපදෙස්. යළි යළිත් කියන්න තියෙන්නෙ, මෙම අඩවිය නවකයන්ට හා ආයෝජකයින්ට දැනුමක් / අධ්‍යාපනයක් ලබා දීම සඳහා සැකසුනු වෙබ් අඩවියක්. අනිත් එක, මම ආයෝජන උපදේශකයෙක්වත් විශ්ලේෂකයෙක්වත් නෙමෙයි. ඉතින් මම ආයෝජන උපදෙස් දෙන්නේ නෑ. ඉතින් කරුණා කරල ආයෝජන උපදෙස් සඳහා විමසන්න එපා.

අපගේ Forum එකත් ඔබට භාවිතා කරන්න පුළුවන් ප්‍රශ්න විමසන්න. එතනත් සිටිනවා හොඳ දැනුමැත්තන් කණ්ඩායමක්.

නිතර ඇසෙන ප්‍රශ්න හා පිළිතුරු සඳහා මම පිටුවක් ආරම්භ කරන්නම්. FAQ ලෙස Tag එකක් තිබෙනවා. ඒ හරහා ඔබට ඒ ලිපි වලට යන්න පුළුවන්.
Read More

Sunday, October 17, 2010

Day Trading ගැන - 2 වන කොටස

8:41 PM 9
Day Trading කියන්නෙ සමහර ආයෝජකයින් හැමදාම කරන දෙයක්, සමහරු ටිකක් කරන දෙයක්. මම Day trading ගැන මීට පෙරත් ලිපියක් ලිව්ව. නමුත් ඒකට තව දේවල් කිහිපයක් එකතු කරන්න හිතුන නිසා තමා මේ දෙවන ලිපිය ලියන්නෙ.


Day Trading ඔබටද?

සමහර ආයෝජන ආයතන, කොටස් වෙළඳපළ හඳුන්වන්නෙ බැංකුවකට වගේ මුදල් දාල තියල වර්ධනය වෙනකම් බලා ඉන්න පුළුවන් තැනක් විදිහට. නමුත් ඇත්ත තත්වය නම්, කොටස් වෙළඳ පළ තුළ ලාභ ලබන්න වගේම, අලාභ විඳින්නත් ඉඩක් තිබෙනවා. මේක තදින්ම හිතාගෙන ඉන්න අය දිගු කාලීන ආයෝජන වලට යන්නෙ නෑ. ඔවුන් කරන්නෙ ඒ දිනය තුළම ගනුදෙනු කිහිපයක් කරල ඒ දිනය තුළම ඒ සියළු දේවල්ම අවසන් කරල දාන එක. (එදාම අරගෙන එදාම විකුණනවා) ඔන්න ඕකට තමා Day Trading කියල කියන්නෙ.

එතකොට Day Trading වලදි වෙන්නෙ මොකද්ද?

ඉස්සෙල්ල සරළව කිව්වනෙ, දැන් ටිකක් විස්තරාත්මකව බලමු. සාම්ප්‍රදායික ආයෝජන ක්‍රමයේ තිබෙන්නෙ කොටස් මිලට අරගෙන තබාගෙන ඉන්න එක. එතකොට කොටස් මිල ඉහළ යාමත් වෙනව, ඒ අතරේ ලාභාංශ වලින් ඔබට ආදායමයක් ලැබෙනවා. නමුත් Day Trading වලදි වෙන්නෙ, ඒ දිනය තුළ කොටසක මිලෙහි ඉහළ පහළ යාම් වලින් වාසි ලබා ගැනීම. මේකෙදි වෙන උච්ඡාවචනයන් හුඟක්ම වැඩි වෙලාවට, කෙනෙක්, යම් අවස්ථාවක මිලට ගන්නා කොටස් ඒ මොහොතේම විකුණල, තත්පරයකින් ලාභ හෝ අලාභ ලබනවා.

Day Trading සමඟ එන අවදානම් මොනවාද?

කොටස් වල තිබෙන ද්‍රවශීලීතාවය හා ඉක්මනින් වෙනස් වන ගතියෙන් ප්‍රයෝජන ගැනීමයි Day Trading වලදි කරන්නෙ. එහෙම වෙනස්කම් වෙන්නෙ විව්ධ නැඹුරුතා, විශ්ලේෂණ, පුවත් අනුවයි. ඉතින් කෙනෙක්ට පුළුවන් ඒ තොරතුරු හරහා කොටස් මිල කොහොම හැසිරෙයිද කියල තීරණය කරල ඒ අවස්ථා වලදී ඒ වාසිය ලබා ගන්න.

නමුත් සමහර වෙලාවල් තිබෙනවා ඒ පුවත් කෙසේ වෙතත් වෙළඳ පළ ඒ අනුව ක්‍රියා නොකරන. ඒකට හේතුව වෙන්න පුළුවන් දෙයක් තමා, ඒ වෙනකොටත් ඒ පුවත් කොහෙන් හරි පිට වෙලා දැනටමත් කොටස් මිල වෙනස්වීම් ඒ අනුව ක්‍රියා කිරීම. ඒ වගේ අවස්ථා වලදී සිතූ ආකාරයට වෙළඳපළ ක්‍රියා නොකිරීම නිසා කෙනෙක්ට තමුන්ගේ මුදල් නැති වෙන්නත් ඉඩ තිබෙනවා.

හුඟක්ම Day Traders ල කරන්නෙ margin trading. ඒ කියන්නෙ, මුදල් ණයට අරගෙන තමා ගනුදෙනු කරන්නෙ. ගිණුමේ තිබෙන අගය මෙන් 25%ක margin එකකට ආයෝජකයෙක්ට ණයට කොටස් ගන්න පුළුවන්. උදාහරණයක් කිව්වොත් රු.25000/=ක ශේෂයක් ගිණුමේ තිබෙන ආයෝජකයෙකුට, රු.100,000/= ක් දක්වා වටිනා කොටස් ණයට ගන්න පුළුවන්.

නමුත් ණය ගෙවන්න පරක්කු උනොත් ඒ ආයෝජකයාගේ margin එක පහළ දාන්න ණය ලබා දෙන්නාට ඒ කියන්නෙ අපේ තැරැව්කාර ආයතනයට ඕනෙම වෙලාවක පුළුවන්, සහ ගෙවීම කල් යන විට ඒ සඳහා පොළියක් අය කරගැනීමටත් පුළුවන්. තවත් කියනවා නම් තැරැව්කාර ආයතනයට පුළුවන් ණය ගෙවීමට ඔබට බල කිරීමට. ගෙව්වෙ නැතිනම් ඔවුනට වෙන අලාභය පියවා ගැනීම සඳහා ඔබගේ කොටස් විකිණීමේ අයිතියත් ඔවුනට තිබෙනවා. margin Trading වලින් ඔබට සාමාන්‍ය අගයට වඩා 4 ගුණයක් ලාභ ලබන්න පුළුවන් වගේම, නරක පැත්තට හිටියොත් 4 ගුණයකින් ඔබගේ පාඩුවත් වැඩි වෙනවා.

Day Trading වලදී යොදන උපාය මාර්ග මොනවාද?

පුවත් සමඟ ක්‍රියාකිරීම තමා Day Trading වල වැඩිපුරම භාවිතා වෙන උපාය මාර්ගය. කෙනෙක්ට පුළුවන්, එන්න තියෙන වෙළඳ පුවත්, වෙනත් පුවත්, වෙළඳ තොරතුරු ගැන අවධානයෙන් ඉඳල ඒ අනුව වෙළඳ පළට අවතීර්ණ වීමට, ඒ කියන්නෙ කොටස් මිලට අරන් තියාගන්න. සමහර ආයෝජකයින් තව ටිකක් ඉස්සරහට ගිහිල්ල, ආයෝජන කිහිපයක් සූදානම් කරගන්නව, තොරතුරු ලැබෙන්න තියෙනකොට. එතකොට ඔවුනට පුළුවන්, ඒ පුවත් අනුව වෙළඳපළ කොයි පැත්තට වෙනස් උනත් වාසි ලබා ගන්න.

Scalping කියන්නෙ තවත් එක් ආකාරයක්. මේකට සිංහල නමක් නම් මම දන්නෙ නෑ, නමුත් මොකද්ද වෙන්නෙ කියල සරළව කියන්නම්. මේකෙදි භාවිතයට ගන්නෙ කොටස් වල Bid price හා Ask price අතර වෙනස. ඒකට Spread කියල කියනව. සාමාන්‍යයෙන් මේ වෙනස හුඟක් පොඩියි. නමුත් ඒ වෙනසත් ලොකු බලපෑමක් කරනවා කෙනෙක් හුඟල් ලොකු කොටස් ප්‍රමාණයක් හුවමාරු කරගනිද්දි. ඒ වගේ වෙලාවල් වල මෙම ඕඩර් ඉතාම ඉක්මනින් පිරී යාමක් වෙනවා, බොහෝ විට මිනිත්තුවකට අඩු කාලයකදී, ලාභ ලබාගෙන හෝ අලාභ අවම කරගෙන.

මේ ප්‍රධාන ආකාර දෙකට අමතරව තවත් උපාය මාර්ගයන් තිබෙනවා. තව ක්‍රමයක් තමා Rebate trading කියන්නෙ. නමුත් මේක කොළඹ කොටස් වෙළඳපළට යොදාගන්න බැරි නිසා මම ඒ ගැන කතා කරන්න යන්නෙ නෑ.

Day Trading මගින් දෛනික ආදායමක් ලබා ගත හැකිද?

අනිවාර්යයෙන්ම පුළුවන්. Day Trading කියල කියන්නෙ ඉතාම කෙටි කාලයක් තුළ විශාල ලාභයක් ලබා ගැනීමට හැකි පරිසරයක් නිර්මාණය කරන්නක්. Day Tradersල, නැතිනම් Active Tradersල, එක් දිනයක් තුළ විවිධ කොටස් මිලට අරගෙන, ‍එදිනම ඒවා විකුණල, අවදානම අවම කරගෙන, තමුන්ගේ ලාභයන් ඉහළ දමා ගන්නවා. නමුත් ඕනෑම කෙනෙක්, යම් ආයෝජනයකින් තමුන්ගේ මුදල් නැති කරගන්නත් පුළුවන්. නමුත් ලැබෙන පුවත් නිවැරදි නම්, විශ්ලේෂණ නිවැරදි නම්, ඒ අවදානම ඉතාම අඩු වෙනවා.

කොටස් ගනුදෙනු කිරීමේ සාර්ථකත්වයේ මූලිකම දෙයක් තමා, කුමන අවස්ථාවේ කොටස් මිලට ගත යුතුද, කුමන අවස්ථාවේ ඒවා විකිණිය යුතුද කියන දේවල් ඉතාම හොඳින් සැලසුම් කිරීම හා එම සැලසුම අකුරටම ක්‍රියාත්මක කිරීම. කොයි වෙලේවත් තමුන්ගේ හැඟීම් වලට වහල් නොවිය යුතුයි. ඔබ මිලට ගත්තු කොටසක මිල ඉතා හොඳින් ඉහළ යනවා ඔබට පෙනේවි. ඉතින් ඔබ සැලසුම් කරගත් අගයට එම කොටස් නොවිකුණා තබා ගනීවි. අන්තිමට හිතා ගන්න බැරි වෙලාවක එම කොටසේ මිල පහළ ගිහිල්ල, ඔබ සැලසුම් කරගත්තු ලාභයවත් ඔබට නොලැබී යන්න, නැතිනම් හොඳටම අලාභ වෙන්න උනත් පුළුවන්.

සමස්ථයක් වශයෙන් කිව්වොත්, කොටස් වෙළඳපළ ආයෝජනය කියන්නෙ ඉතාම හොඳ ආදායම් මාර්ගයක් කරගන්න පුළුවන් මාධ්‍යයක්. අවදානම අවම කරගෙන, අලාභ අවම කරගෙන වැඩ කරන්න, කරන්න ඔනෙ දේවල් ටිකක්, මතක තියාගන්න ඕනෙ දේවල් ටිකක් තිබෙනවා. නිවැරදිව තොරතුරු විශ්ලේෂණය, මිල උච්ඡාවචනයන් පිළිබඳ අවධානයෙන් සිටීම, පුවත් වල වැදගත්කම හා ඒවා කොටස් මිලට බලපාන ආකාරය දැන සිටීම හා තේරුම් ගැනීම, සාර්ථක Day Trader කෙනෙක් වීමට බලපානවා.

ටික කාලයක් යන්න පුළුවන් මේ ගුණාංග දියුණු කර ගැනීමට. නමුත් මේ ගුණාංග ලැබුනට පස්සෙ ලැබෙන තෑග්ගත් ඉතාම ඉහළයි.

මෙම ලිපිය, www.stock-market-today.net හි පළ වුනු ලිපියක සිංහල අනුවාදයයි.

ඊ මේල් ලිපිනයෙන් අප හා එක්වන්න:  
අනෙකුත් RSS පෝෂක ලබා ගැනීමට මෙතනින් යන්න.
Read More

Saturday, June 19, 2010

ඔබ ආයෝජනය කරන්නේ ඇයි?

6:54 PM 0
කවුරුහරි මේ ප්‍රශ්නෙ ඔබෙන් ඇහුවොත් ඔයාට දෙන්න උත්තරයක් තියෙනවද?
ඔබට මේ ප්‍රශ්නෙට විවිධ උත්තර තියෙන්න පුළුවන්, ඒකට කමක් නෑ, හැබැයි උත්තරයක් නැති උනොත් නම් ලොකුම ලොකු ප්‍රශ්නයක් තමයි. ආයෝජනය කරනව කියන්නෙත් හරියට වාහනයක් එලවනවා වගේ වැඩක්. ඔබට යම් ඉලක්කයක් තියෙන්න ඕනෙ, ඒ අතරම ඇස් දෙක ඇරගෙන එලවන්න ඕනෙ.
ආයෝජනය සඳහා පැහැදිලි අරමුණක්, හේතුවක් තිබීම, සාර්ථක ආයෝජනයකට අත්‍යවශ්‍යයි. හරියට ඔබ ඇඟ බස්සගන්න/හදාගන්න gym එකට යනවා වගේ. ඔබ හරි ඉලක්කයක් කරා වැඩ කරන්නෙ නැත්තම්, ඔබ ඔබගේ ක්‍රියාකාරකම් හා දියුණුව ගැන පරික්ෂාවෙන් ඉන්නෙ නැත්තම්, ආයෝජනය කියන එක අමාරු වෙන්න ඉඩ තියෙනව, අනතුරුදායක වෙන්නත් ඉඩ තියෙනව.

මෙම ලිපියෙන් අපි බලමු, සාමාන්‍යයෙන් කෙනෙක් ආයෝජනයක් කරන්න හේතු මොනවද කියල. ඒ එක්කම ඒ ඒ හේතු වලට පොඩි පොඩි උපදෙස් ටිකකුත් තියෙනව.

විශ්‍රාම දිවියට අත්වැලක් සපයා ගැනීම

කවුරුවත් දන්නෙ නෑ මේ විශ්‍රාම වැටුප් කවද නවත්තයිද කියල. පෞද්ගලික සේවකයින්ට නම් එහෙම එකක් ඇත්තෙත් නෑ නෙ. ආර්ථික උද්ධමනය හා මේ වගේ දේවල් තමා හේතු වෙන්නෙ කෙනෙක් තමුන්ගෙ අනාගතය, තමුන්ගෙ විශ්‍රාම දිවිය ගතකරන්නෙ කොහොමද කියල සැලසුම් කරන්න. කාලෙන් කාලෙට එක එක බදු එකතු වෙනව, ඒව ගැනත් හිතන්න ඕනෙ. මෙහෙම දේවල් එක්ක බැලුවම, ආයෝජනයක් කිරීම කියන්නෙ ඔබගේ විශ්‍රාම දිවිය කරදරයක් නැතුව ගත කරන්න හොඳ විසඳුමක්. මේක ගැන කතා කරනකොට මෙන්න මේ දේවල් ගැන කතා කරන්න වෙනව.
අදයි ඔබ විශ්‍රාම යන දිනයයි අතර කාලය බැලුවම තියෙන කාලය වැඩි නම් ඔබගේ මුදල් වර්ධනය වෙන්න තියෙන කාලයත් වැඩියි. මතක තියාගන්න ඕනෙ දෙයක් තමයි ඔබට උද්ධමනය එක්ක තරඟ කරන්නත් වෙනවා. වෙනත් වචන වලින් කිව්වොත්, ඔබට උද්ධමනය පරද්දල ඉස්සරහට යන්න බැරි උනොත් ඔබේ මුදල් එතරම් වටිනාකමක් දරන එකක් නෑ. ඔබ ආයෝජනය අරඹන එක පසු කරන්න පසු කරන්න ඔබ ලක් වෙන අවදානම වැඩි වෙනවා. එතකොට ඔබට යන්න වෙන්නෙ ඒකක භාර, සුරැකුම් පත්, ණයකර වගේ අවදානම අඩු ආයෝජන ක්‍රම වලට. හැබැයි ඒවයින් ලැබෙන ලාභයත් අඩුයි. අනිත් පැත්ත බැලුවම, ඔබ තරුණ කාලෙම ආයෝජනයන් ආරම්භ කළොත් ඔබට පුළුවන් ඉහළ අවදානම් වලට යන්න. ඒ කියන්නෙ ලැබෙන ලාභයත් වැඩියි කියන එකනෙ. ඔබ ආයෝජනය ගැන ඉගෙන ගන්න ඉක්මනින් පටන් ගත්තොත් ඔබට වඩා පහසු වෙනව ඒව හොඳින් හදාරල තේරුම් ගන්න. ආර්ථික විශේෂඥයින්ගෙ උදව් ගන්න එක නම් කරදර වගේම වියදම් අධික කටයුත්තක්. ඒක නිසා පහසුම හා හොඳම දේ තමයි තමුන්ගෙ වැඩ ටික තමුන්ම කරගන්න එක.
විශ්‍රාම දිවිය සඳහා ආයෝජනයත් හරියට දිගු කාලීන ආයෝජනයක් වගෙයි. ඔබ ආයෝජනය කරන මුදලින් වැඩි ප්‍රමාණයක් වියදම් කරන්න ඕනෙ වඩා හොඳ ගැළපෙන කොටස් ටිකක් මිලට අරගෙන තියාගෙන ඉන්නයි. ඔබගේ විශ්‍රාම ආයෝජන කළඹ, විවිධ කොටස් වල මිශ්‍රණයක්, ණයකර, හා අනෙකුත් ආකාර වල ආයෝජන වලත් එකතුවක් විය යුතුයි. මෙම මිශ්‍රණය ටික ටික වෙනස් වේවි, ඔබ ටික ටික ඔබ මහළු වන විට ඒ ආයෝජන වල අවදානමත් ටික ටික අඩු වෙනවා.

ආර්ථික ඉලක්ක සපුරා ගැනීම

ඔබට හැම වෙලේම දිගුකාලීනව හිතන්න ඕනෙ නෑ. ආයෝජනයක් කියන්නෙ ඔබගේ අනාගත ආර්ථික මට්ටම වගේම වර්තමාන ආර්ථික මට්ටම ඉහළ නංවා ගැනීමටත් ඉතාම සුදුසු ක්‍රමයක්. ඔබට ඕනෙද ලබන වසරේ වාහනයක් ගන්න? නැත්තම් හොඳ ගෙයක් මිලට ගන්න? මේ හරහා ඔබට පුළුවන් ඒ ඉලක්කයන්ට ලං වෙන්න.
ඔබගේ ආදායම් මට්ටම ඉහළ නංවා ගැනීමට ආයෝජනයන් සහය කරගන්න පුළුවන්. ඔබගේ ක්‍රය ශක්තිය (මිලදී ගැනීමේ හැකියාව) ඉහළ නංවා ගන්නත් මේක හොඳ මාර්ගයක්. ආයෝජකයාගේ ඉලක්කය අනුව ආයෝජනයන් වෙනස් වෙන නිසා මේක විශ්‍රාම දිවියක් ගත කරන්න කරන ආයෝජනයකට වඩා වෙනස් වෙනවා.
මෙම ඉලක්කයට ගමන් කරන ආයෝජකයා කෙටි කාලීන හා දිගු කලීන දෙවර්ගයේම ආයෝජන වලට යොමු වෙන්න ඕනෙ. මම අර කිව්ව වගේ ලොකු දෙයක් කරගන්න ඕනෙ නම් දිගුකාලීන ආයෝජනයන්ට යන්න ඕනෙ, පොඩි දෙයක් නම් කරගන්න ඕනෙ, (අපි හිතමු පරිගණකයක් ගන්නව වගේ දෙයක්) එතකොට කෙටිකාලීන ආයෝජන හරහා ඒ ඉලක්කයට යන්න පුළුවන්.
මෙතනදි දෙන්න ඕනෙ අවවාදය තමයි ඔබගේ ඉලක්කයන් හරි හැටි හඳුනා ගන්න එක. ඔබ ආයෝජනයකින් බලාපොරොත්තු වෙන්නෙ ලබන අවුරුද්දෙ නිවාඩුවට පිටරටකට යන්න නම්, මුලින්ම පොඩ්ඩක් පැත්තකට වෙල ඉඳගෙන ඔබට යන වියදම් ටික බලන්න, ඊලඟට බලන්න මොන ආකාරයක ආයෝජන උපාය මාර්ගයකින්ද ඒ වියදම් වලට අවශ්‍ය මුදල් ලබාගන්න පුළුවන් කියල. ඔබට ඉලක්කයක් නැති නම් එම ආයෝජනයට වියදම් කරන මුදල් වලින් වෙනත් ප්‍රයෝජනය ගන්න පුළුවන්නෙ ආයෝජනය නොකර. (අළුත් අවුරුද්දට තෑගි අරන් දෙන්න වගේ)
ආර්ථික ඉලක්ක වෙනුවෙන් ආයෝජනය කිරීම ඉතාම අභියෝගාත්මක හා ක්‍රියාශීලී දෙයක් වෙන්න පුළුවන්. ඔබට තියෙන්නෙ සීමා සහිත කාලයක්. ඔබට ඔබේ ඉලක්කය කරා හැකි ඉක්මනින් යන්න ඕනෙ. ඔබ හුඟක් ලොකු මුදලක් ආයෝජනය කරන්නෙ නෑ, නමුත් ඔබ ආයෝජනය කරන මුදල මත අවදානමකුත් තිබෙනව. නමුත් අන්තිමේදි ඔබට හොඳ ගාණකුත් අතට ලැබෙනව.

ආයෝජනය නොකිරීමට හේතු

ආයෝජනය කරන්න අපි හේතු 2ක් කතා කළා. ඒ වගේම ආයෝජනය නොකරන්නත් හේතු 2ක් තිබෙනව. ණය තුරුස් හා දැනුම නොමැතිකම.
පලමු වැන්න ගැන හිතුවොත්, උදාහරණයක් ගමුකො. ඔබ රු.100,000ක ණයක් ගන්නව, 9%ක පොළියට. ඔබට ලැබෙනව තවත් රු.100,000ක්. ඔබ ඒක භාවිතා කරන්නෙ මොකටද? ආයෝජනය කරනවද, නැතිනම් ණය පොළිය ගෙවනවද? උත්තරය සරළයි, ඔබ අනිවාර්යයෙන්ම කරන්නෙ ණය ගෙවන එක. ඔබ ඒක ආයෝජනය කරනව නම් අනිවාර්යයෙන්ම 9%කට වඩා ලාභයක් ඔබේ ආයෝජනයෙන් ඔබ ලැබිය යුතුයි, ඒක ප්‍රයෝජනවත් වෙන්න.

දෙවන්න ගත්තොත්, දැනුම නැති එක. කතාවක් තියෙනවනෙ "දෙවියන් පය තියන්න බය තැන් වලට මෝඩයෝ පැනගෙන යනව" කියල. ඉතින් කිසිම දැනුමක් නැතුව ඔබ ආයෝජනය කරන්න පටන් ගත්තොත් ඒක විනාශයට මුල. ඔබගේ මුදල් ටික ඔක්කොම නැති වෙලා යාවි. ඔබ කවදාවත් gym එකට ගිහිල්ල, ඒකෙ තියෙන ලොකුම බර එකපාරම උස්සන්න යන්නෙ නෑ නෙ. එහෙම කළොත් වෙන්නෙ අතපය කඩා ගන්න තමයි. ටික ටික තමා උස්සන බර ප්‍රමාණය වැඩි කරන්න ඕනෙ. එහෙමම තමා ආයෝජනය කියන එකත්. ටික ටික ඉගෙන ගෙන ටික ටික ආයෝජනයන් වර්ධනය කරගන්න ඕනෙ.

අවසන් නිගමනය

මේ කිව්ව ටිකෙන් එන්න පුළුවන් අවසන් නිගමයන මෙන්න මේකයි.,
ඔබ ආයෝජනයක් අරඹනව නම් ඒකට හේතුව වෙන්නෙ ඔබගේ ජීවිතය සම්බන්ධ වෙනස්වීම්. ඒක ඉතාම වැදගත් දෙයක්. අනිත් පැත්ත තමයි කිසිම හේතුවක් නැතුව ආයෝජනය කිරීම, හැබැයි ඒකෙන් වෙන්නෙ ඔබගේ ක්‍රියාකාරකම් හරහා අවසානයේදී ඔබට පාඩු සිදුවෙලා දුක් වෙන්න වෙන එකයි. ඔබගේ ඉලක්කයන් කාලයෙන් කාලයට බලල ඒවට හේතු වෙනස් වෙද්දි ඒ ඉලක්කයනුත් ටික ටික වෙනස් කරගන්න ඕනෙ. කාලයෙන් කාලයට මේ ආයෝජනයට හේතුව මතක් කරල, ඔබ ඒ වෙනුවෙන් කොතරම් ප්‍රගතියක් ලබාගෙන තියෙනවද කියලත් බලන්න.
ආයෝජනය කරන්න කරන්න, ආයෝජනය කරන එක ලේසි වෙනව.

එහෙනම් වාසනාවන්ත ආයෝජනයකට සුභ පැතුම්!!!
Read More

Wednesday, May 26, 2010

ආයෝජනයක් ඇරඹීමට කොපමණ මුදලක් අවශ්‍යද???

12:00 PM 4
බොහෝ දෙනෙක් නගන ප්‍රශ්නයක්. "මේක පටන් ගන්න කීයක් මම මුලින්ම දාන්න ඕනෙද?"
උත්තරය සරළයි. "ඕනෙම ගාණකින් පටන් ගන්න පුළුවන්"
ක්‍රියාකාරී ආයෝජනයක් සාමාන්‍ය ආයෝජනයකට වඩා වෙනස්. ක්‍රියාකාරී ආයෝජකයෙක් වෙනකොට විවිධ දේවල් ගැනත් හිතන්න ඕනෙ. නැත්තම් ඔයා ලාභ ගන්න ඉස්සෙල්ල දාපු සල්ලි ටික ඉවර වෙලා තියේවි.
ඒ කොයික වෙතත් පොඩ්ඩක් මේ දේවල් ගැනත් හිතල බලන්න.

තැරැව්කාර සමාගමට ගෙවිය යුතු ගාස්තු (Broker Charges)


මේක තමයි ඕනෑම ලොකු පොඩි ආයෝජකයෙකුට තිබෙන ලොකුම වියදම. දුරකථන ඇමතුම්, ඉන්ටනෙට්, මෘදුකාංග වගේ දේවලටත් ඔයාලට වියදම් යනව, නමුත් මේක තමයි ලොකුම එක. මිලදී ගැනීමක් හෝ විකිණිමකදි යන අවස්ථා දෙකෙහිදිම ආයෝජකයාට සිද්ධ වෙනවා තැරැව්කාර සමාගමට ගෙවීමක් කරන්න. වරදවා හිතන්නෙපා ඒ ඔක්කොම සල්ලි යන්නෙ එයාලට කියල, ඒක ඇතුළෙ කිහිප දෙනෙක් ඉන්නව. ඔබත් ඉන්නව කියන්නත් පුළුවන්. (ඉන් කොටසක් විනිමය කොමිෂන් සභාවටත් යනව, එයාල ඉන්නෙ ඔයාලගෙ ආරක්ෂාවට)
ඒ නිසා ඒ ගැනත් ටිකක් හිතන්න ඕනෙ. කරන ගනු දෙනු ප්‍රමාණය වැඩි වෙන්න වැඩි වෙන්න මේ කියන අමතර වියදමත් වැඩි වෙනවා. (මේ කියන ගාස්තුව තමයි අර ඉස්සෙල්ල 1.425% කියල තිබ්බෙ, නමුත් ආයෝජකයින් දිරිමත් කිරීමටත් එක්ක ඒක 1.02% දක්වා අඩු කරල තියෙනව කියල දන්නව ඇතිනෙ?)

තැරැව්කාර සමාගම්, අවම ආයෝජන සීමාවක් පැනවීම


සමහර තැරැව්කාර සමාගම් මේ වැඩේ කරනව. මොකද කියල හිතා ගන්න පුළුවන්නෙ? මොකද කිව්වොත් අපි කරන ගනු දෙනු අනුව තමා එයාලගෙ ආදායම තීරණය වෙන්නෙත්, ඉතින් අපි චුට්ටි චුට්ටි ආයෝජන කරනකොට එයාලට අලාභයි. (අපෙන් අලාභ උනාට අනිත් අයගෙන් ඒක මැකෙනව) උදාහරණයක් විදිහට, අපි මොකක්හරි ආයෝජනයක් කළා කියමුකො රු. 1000ක. ඒකට එයාලට ලැබෙන ගාස්තුව රු.15 කියමුකො. (හරිම ගාණ නෙමෙයි). අපි කරපු ගනුදෙනුවට අදාල රිසිට්පත අපේ ගෙදරට එවන්න එයාලට තව ගාණක් වියදම් වෙනව, අන්තිමට බැලුවම එයාලට අතිනුත් පාඩුයි.
ඉතින් අන්න එහෙම ඒව වළකගන්න හා එයාලගෙ ලාභයන් වැඩි කරගන්නත්, එයාලගෙ පහසුව තකාත්, එයාල අවම සීමාවක් පණවනව. උදාහරණයක් විදිහට සමහර ආයතන රු.100,000ක අවමයක් ඉල්ලනව CDS ගිණුමක් අරඹන්න. ඒත් හැමෝම එහෙම නෙමෙයි. තවත් ආයතන බලන්නෙ දිගුකාලීන ආයෝජකයින් ගැන විතරයි, එතකොටත් එයාල අර වගේ සීමාවක් පණවන්න ඉඩ තියෙනව.

ඉතින් මේව ගැන හිතල තමුන්ගෙ තැරැව්කරුවාව තෝර ගත්තම ලේසියි.
කියන්න තියෙන්නෙ, කොළඹ කොටස් වෙළඳපළ ආයෝජනය ඇරඹීම සඳහා අවම මූල්‍යමය සීමාවක් නැහැ. ඔබ කුඩා මුදලකින් ආයෝජනයක් පටන් ගන්න හිතනව නම්, අරම අවම සීමාවක් දාල නැති තැරැව්කාර ආයතනයක් තෝරා ගන්න. එතකොට හරි.
Read More

Monday, May 24, 2010

ඔබගේ ප්‍රශ්න අසන්න අළුත් තැනක්

5:43 PM 0
ඔබ දැන්ටමත් දකින්නට ඇති පරිදි මෙම වෙබ් අඩවියේ පෙනුම වෙනසකට භාජනය කර තිබෙනවා.
දැක්කද දන්නෙ නෑ "Ask A Q" කියන සැබැඳිය?
එහෙනම් දැන්මම ගිහිල්ල බලන්න, අඩවිය තුළම, ඔබ සඳහාම කුඩා Forum එකක් අරඹලා තිබෙනව. ඔබගේ ප්‍රශ්න, අදහස්, උදහස්, යෝජනා, චෝදනා, එහි ලියන්න. අළුතින් ගිණුම් හදන්න ඕනෙ නෑ, ඔබගේ facebook, google, yahoo, myspace, opnid, twitter ගිණුම් යොදාගෙන ඔබට ඒකට ලොග් වෙන්න පුළුවන්.
ප්‍රශ්න අහන්න විතරක් නෙමෙයි, අහල තියෙන ප්‍රශ්න වලට ඔයාලත් උත්තර දීල, ඔයාලගෙ අදහස් දක්වන්නත් මැලි වෙන්න එපා.
දැන්මම ගිහිල්ල බලන්න, මෙන්න මෙතනින්.
Read More

Monday, April 12, 2010

කොටස් වෙළඳපළ ආයෝජනයට බිය විය යුතුද (Are you afraid of investing stock market)?

9:24 AM 0
උත්තරය හරිම සරළයි, නෑ. කිසිම විදිහකින් බියවිය යුතු නෑ.

සමහරු මේ වැඩේට බය වෙන්න හේතු වෙන දේවල් කිහිපයක් තිබෙනව. එයාල මෙන්න මෙහෙම හිතන අය.
  1. මේක කරන්න පූළුවන් ලොකු ලොකු සල්ලි කාරයන්ට විතරයි.
  2. මේව කරන්න ගිහින් මගෙ අතේ තියෙන තුට්ටුවත් නැති වෙයි.
  3. කොටස් වෙළඳපළ තියෙන්නෙ කොළඹ ලොකු බිල්ඩිමක, මම වගේ පොඩි එකෙක්ට ඒ වගේ තැනකට යන්න බෑ. එතනට යන්න පුළුවන් ලොකු ලොකු බිස්නස් කාරයො විතරයි.
  4. මම ඉන්නෙ කොළඹ නෙමෙයි ඒක නිසා මේක මට බෑ.
  5. මම ඉංග්‍රීසි දන්නෙ නෑ, ඒ නිසා මට මේව තේරෙන්නෙ නෑ.
  6. මට ගිණුම්, ආර්ථික විද්‍යාව, මේ වගේ දේවල් ගැන කිසිම දැනුමක් නෑ.
ඔන්න ඕව තමා සාමාන්‍ය කෙනෙක්ට කොටස් වෙළඳපළ ආයෝජනය සම්බන්ධයෙන් තියෙන බයට හේතු වෙන දේවල්, තව දේවලුත් ඇති, මට දැනට මතක් උනේ මෙච්චරයි. 
හරි, බලමු මේ ප්‍රශ්න ගැන පොඩ්ඩක්.
  1. අතේ තියෙන ඕනෙම ගාණනින් මේ වැඩේ පටන් ගන්න පුළුවන්.
  2. එහෙම නැති වෙන්නෙ නෑ, මොකද ඔයාට උපදෙස් දෙන්න ගොඩක් අය ඉන්නව, එයාල ඔයාව අමරුවෙ දාන්නෙ නෑ.
  3. හය්යෝ, බිල්ඩිම ලොකු උනාට, නම ලොකු උනාට (ලෝක වෙළඳ මධ්‍යස්ථානයේ සිව්වන මහලෙනෙ කොළඹ කොටස් වෙළඳපළ තියෙන්නෙ.) ඕනෙම කෙනෙක්ට එතනට යන්න තහනමක් නෑ.
  4. කොළඹ කොටස් වෙළඳපළේ ශාඛා 5ක් ලංකාව වටේ තියෙනව, තැරැව්කාර ආයතන වලත් ශාඛා කොළඹින් පිටත් තියෙනව. ඔයාලට එයාල මාර්ගයෙන් අවශ්‍ය විස්තර ලබාගන්න පුළුවන්.
  5. ඉංග්‍රීසි වල ප්‍රශ්නය එන්නෙ CDS ගිණුම ආරම්භ කරන්න ගියාම පුරවන්න තියෙන පෝරම සියල්ල ඉංග්‍රීසියෙන් තිබීම නිසා ඇතිවන ප්‍රශ්නය විතරයි. ඒක උනත් එච්චරම ප්‍රශ්නයක් නෙමේ, තැරැව්කාර ආයතනයෙන් ඒකටත් උදව් ගන්න පුළුවන්. නැත්තම් ඉංග්‍රීසි දන්න යාළුවෙක් ලවා පුරවගන්නකො. ඊට පස්සෙ කරන ඕනෙම දෙයක් සිංහලෙන් හෝ දෙමළෙන් කරන්න පුළුවන්.
  6. ඒව ගැන එහෙම විශේෂ දැනුමක් ඕනෙ නෑ, ටික කාලයක් යනකොට කොටස් වෙළඳපළ ගැන ඔබට ටික ටික තේරේවි. අර කිව්ව වගේ දේවල් වලින් යම් වාසියක් වෙනව, නමුත් ඒව දන්නෙ නෑ කියල ලාභ ලබන්න ඒක බාධාවක් නෙමෙයි.
ඔයා හුඟක්ම බය නම්, පොඩි හරි අවදානමක් ගන්න බය නම්, ඒකක භාර වගේ දෙයක් හරහා කොටස් වෙළඳපළට එකතු වෙන්න, ඒ ගැන දැනගන්න http://www.utasl.lk යන්න. 

මෙන්න මේක මට අද හම්බ වෙච්ච වෙබ් සයිට් එකක්, සමහරවිට ඔයාලට මේකෙනුත් උදව්වක් ගන්න පුළුවන් වෙයි, ගිහිල්ලම බලන්නකො. http://www.marketprices.lk/


For the English Viewers

The answer is simple,  no.  There is no need to  fear .

There are a few things that make some people afraid of this. They're here to think.
  1. Only the big guys can do this.
  2. Trying to do these things will make me lose my nipple.
  3. The stock market is in a big building in Colombo, and a kid like me can't get to that place. Only big business people can go there.
  4. I'm not in Colombo so I can't do this.
  5. I don't know English, so I don't understand them.
  6. I have no knowledge of accounting, economics, or the like.
Here's what I think of as a normal person with a fear of stock market investing and more. 
Okay, let's talk about these questions.
  1. This task can be started with any number of hands.
  2. It's not, because there are so many people to advise you, they won't put you down.
  3. Hey, the building's big, the name's big (the Colombo Stock Exchange is on the fourth floor of the World Trade Center).
  4. There are 5 branches of the Colombo Stock Exchange around Sri Lanka, brokerage centers and branches outside Colombo. You can get the information you need through them.
  5. The problem in English is that when you open a CDS account, all the forms you need to fill out are in English. It's not that much of a problem, but the brokerage firm can help with that. Or fill up with a friend who knows English. Then you can do anything in Sinhala or Tamil.
  6. You don't need to know anything about it. In a short time you'll understand the stock market. That said, there is some benefit to it, but it's not a barrier to making a profit by not knowing Eve.
If you are very scared or afraid to take a little risk, join the stock market through something like unit trusts,  go  to  http://www.utasl.lk


Here's a site I found today, maybe you can get some help from this. http://www.marketprices.lk /

Read More

කොටස් වෙළඳපළ ක්‍රියාකාරිත්වය බලන්නේ කොහොමද?

9:22 AM 2



කොටස් වෙළඳපළ ආයෝජනය කළා වගේ නෙමෙයිනෙ, එතන මොනවද වෙන්නෙ කියල විමසිල්ලෙන් ඉන්න එපැයි, නේද? හරි හරි, ඉතින් කොහොමද කොටස් වෙළඳපළ ගැන බලන්නෙ? 
කොටස් වෙළඳපළ තුළ සිදුවන වෙළඳාම් පිළිබඳව දිනපතා පුවත්පත් වල (උදා:Daily News), කොටස් වෙළඳපළ තුළදීම, ඔබගේ තැරැව් කරුවාගේ කාර්යාලයේ පරිගණක වල සහ වෙනත් පොදු ස්ථාන වල, ප්‍රසිද්ධ කරනු ලබනවා. රූපවාහිනී හෝ ගුවන්විදුලි වැඩසටහන් හරහාද ප්‍රසිද්ධ කරනු ලබනවා. ඒ වගේම කොළඹ කොටස් නිකුතුවේ වෙබ් අඩවිය (www.cse.lk) තුළද එදිනෙදා සිදුවන වෙළඳාම් පිළිබඳව තොරතුරු ලබා දෙනව. ඒ වගේම ඔයාලට පුළුවන් කොටස් වෙළඳපළ මගින් නිකුත් කරන දිනපතා, සතිපතා, මාසික, කාර්තු, වාර්ෂික වාර්තා පරික්ෂා කරන්න, ඒව ඔවුන්ගේ වෙබ් අඩවියෙන් නොමිලේම ලබා ගත හැකියි. මෙම වාර්තා වල, වෙළඳපළ පිළිබඳ සංඛ්‍යාලේඛන, කොටස් මිල ගණන්, වෙනත් ප්‍රයෝජනවත් තොරතුරු අඩංගු වෙනවා.




මේ ඔක්කොටම අමතරව ඒ ඒ කොටස් තැරැව්කාර සමාගම්, කොටස් වෙළඳපළ පිළිබඳව සමීක්ෂණයන් සිදුකර සකස් කරන ලද සමීක්ෂණ වාර්තාද ඔබට එම සාමාගම් වෙතින් කියවිය හැකියි.
මේ හැමදෙයක්ම බලල ඔබට පුළුවන් වෙළඳපළ පිළිබඳව හරි හැටි අවබෝධ කර ගැනීමට. මීළඟට බලමු ඒ ඒ සමාගම් ගැන දැනගන්න හැටි.
Read More

කොටස් වෙළඳ පළ ගැන වැඩිපුරම ඈසෙන ප්‍රශ්න

9:19 AM 0



කොටස් වෙළඳපළ ආයෝජනය ගැන යම්ම හෝ සිතිවිල්ලක් ඈති සෑම කෙනෙක්ම අසන පළමු ප්‍රශ්නය,
මම කොටස් මිලදී ගත්තොත් මට හැම වෙලේම ලාභ ලැබෙනවද?
අපොයි නෑ.
කුමන ආකාරයක ආයෝජන ක්‍රමයක් උනත් ඒකෙ අවදානමක් තිබෙනව. අවදානම වැඩි වෙන තරමට ඒකෙන් ලැබෙන ලාභය වැඩියි. නමුත් ඉතින් හැමෝම එහෙම අවදානමක් ගන්න කැමති නෑනෙ, නේද?
ඒක නිසා තමයි, ඔබට ගැළපෙන ආයෝජන ක්‍රමය ඔබ තෝරා ගත යුත්තේ.
ඒ සඳහා මෙන්න මේ දේවල් ගැන සොයා බැලිය යුතුයි.
  • එමගින් ලැබෙන ලාභය
  • ඔබ දරන්නට කැමති අවදානමේ ප්‍රමාණය
  • ඔබගේ ආයෝජනය යළි මුදල් බවට පත් කරගැනීමට ගත වන කාලය
කොටස් මිලදී ගැනීම, ලාභය වැඩි, අවදානමකුත් තිබෙන, ඉතා ඉක්මනින් ආයෝජනයන් යළි මුදල් බවට පත් කරගත හැකි, අයෝජන ක්‍රමයක්.
ඔබ දරන්නට කැමති අවදානමේ තරම තමයි ඔබට තීරණය කරන්න වෙන්නෙ.
බය වෙන්න එපා. ඔබ වැඩේට බැස්සට පස්සෙ ඔබ තනියම නෙමෙයි ඉන්නෙ, ඔබේ ආයෝජන උපදේශකයා ඔබට හැම වෙලේම උපදෙස් දෙන්න සූදානමින් ඉන්නෙ. ඔහු/ඈය කියල දේවි, ඔබේ මුදල් වලින් උපරිම ලාභයක් ගන්න විදිහට ආයෝජනය කරන හැටි.

කොටස් වෙළඳපළ තත්වයට මූලිකව බලපාන ප්‍රධාන සාධක කිහිපයක් තිබෙනව.
  • පොළී අනුපාතික වල වෙනස් වීම්
  • රටේ ආර්ථික තත්වය
  • රටේ දේශපලනික ස්ථාවරත්වය
  • තවත් අන්තර්ජාතික තත්ව
මෙම සාධක එකතු වී, කොටස් වෙළඳපළ තත්වයට බලපෑම් ඈති කරනව.
උදා: රටේ පොළී අනුපාතික පහළ යන විට ආයෝජකයින් කොටස් වෙළඳපළ ආයෝජනය දෙසට හැරෙන්න ඉඩ තියෙනව, එමගින් කොටස් මිල ඉහළ යාමක් වෙන්න පුළුවන්.
රට තුළ ඡන්දයක්/දේශපාලනික අස්ථාවරත්වයක් ගොඩනැගෙනවනම් කොටස් මිල පහළ යනව.

එම නිසා, කොටස් වෙළඳපළ සම්බන්ධව හා රටේ ආර්ථික තත්වය සම්බන්ධව ලොකු දෑනුමක් නොමැති කෙනෙක්ට, කොටස් වෙළඳපළ ආයෝජනය තුළින් ලාභ ලබා ගන්න නම්, ඒ සම්බන්ධයෙන් හොඳ දැනුමක් ඈති තැරැව්කාර ආයතනයෙන් ඔබට ලබා දෙන ආයෝජන උපදේශකගෙ උපදෙස් ලබා ගැනීම ඉතා වැදගත් වෙනවා.
තව ප්‍රශ්න වලට උත්තර ඉදිරියට.

Read More

කොටස් වෙළඳපළ ආයෝජනයේ අනෙකුත් වාසි

9:18 AM 1
අර මුලින් කිව්ව ප්‍රධාන වාසි වලට අමතරව මොනවද තියෙන අමතර වාසි? 
  • ඔබට අවස්ථාව ලැබෙනව එම සමාගම් වල වාර්ෂික රැස්වීම් වලට සහභාගි වීමට හා එම රැස්වීම වලදි ඡන්දය ප්‍රකාශ කිරීමට (ඔබ ඡන්ද බලය සහිත කොටස් නම් අරන් තියෙන්නෙ.) 
  • එම කොටස් හිලව්වට තබා බැංකු ණය ලබා ගැනීමට. 
  • තවත් කිහිපයක් තිබෙනව. 
Right Issues, Bonus Issues සහ Share Splits
මොනවද මේ Right issues?
සමහර සමාගම්, කාලෙකට තමුන්ගෙ කොටස් අඩු මිලට මිලදී ගන්න කොටස් හිමි කරුවන්ට ඉඩ දෙනව. එම කොටස් වල වටිනාකම පෙර තීරණය කරනු ලැබූ අගයක්. ඒක බොහෝ විට සාමාන්‍ය වෙළඳපළ අගයට වඩා පහළ එකක්, හැබැයි එහෙම නොවෙන්නත් පුළුවන්.
මෙහිදී වෙන්නෙ, එම සමාගමේ කොටස් හිමියන්ට පුළුවන්, අනුපාතයක් ලෙස අඩු මිලට එම සමාගමේ කොටස් මිලදී ගන්න.
උදා: ABC සමාගම එම සමාගමේ කොටස් හිමියන්ට එක කොටසක මිල රු.10 බැගින් කොටස් 10කට එක බැගින් right issues නිකුත් කරනව. ඔබ ලඟ ABC සමාගමේ කොටස් 1000ක් තිබේ නම් ඔබට පුළුව්න් රු.10 බැගින් එම සමාගමේ කොටස් 100ක් right issues විදිහට මිලදී ගන්න. 

සාමාන්‍යයෙන් right issues නිකුත් කරනව කිව්වම, එම සමාගමේ කොටස් වල මිල ඉහළ යනව, එතකොට ඔබට පුළුවන් ඉහල ලාභයක් තියාගෙන ඔබ ලඟ ඇති එම සමාගමේ කොටස් විකුණන්න. Right issues දුන්න කියල ඒක මිලදී ගැනීම අත්‍යවශ්‍ය නෑ, ඕනෙ නම් විතරයි ගන්න ඕනෙ. මෙහෙම දෙන්නෙ කාලෙකට විතරයි, එම කාල පරාසය එම right issues නිකුත් කිරීමත් සමඟම කියනව, ඒකට කියන්නෙ Ex-Rights Period ("XR") කියල.

එතකොට Share Splits? 
සමහර වෙලාවට සමහර සමාගම්, තමුන්ගෙ කොටස් කැබලි වලට කඩනව. ඒකත් අර ඉස්සෙල්ල වගේම දවසක් තීරණය කරල කරන දෙයක්.
මේකෙන් බලාපොරොත්තු වෙන්නෙ share volume එක ඉහළ නැංවීම හා කොටස් වල මිල පහළ හෙලීම වගේ දේවල් තමයි.
උදා: ABC සමාගම කියනව, මෙන්න මේ දවසින් පස්සෙ අපේ සමාගමේ කොටස් එකක් දෙකකට බැගින් බෙදනව කියල. ඔබ ලඟ ABC සමාගමේ කොටස් 100ක් තිබෙනවනම්, එම දිනෙන් පසු ඒක 200ක් වෙනව.

Bonus Issues හෙවත් Capitalization of Funds
සමහර වෙලාවට සමහර සමාගම් මෙහෙම වැඩත් කරනව, එයාල කියනව, අපේ කොටස් හිමිකරුවන්ට, අපි නොමිලේ කොටස් දෙනව කියල. මේකෙන් එම සමාගමට මුදල් ලැබෙන්නෙ නම් නෑ, නමුත් ඒ කොටස් වල වටිනාකම කොටස් හිමියාට ලැබෙනව.
උදා: ABC සමාගමේ කොටස් හිමිකරුවන්ට කොටස් 10කට එක කොටස බැගින් නොමිලේ කොටස් දෙනව කිව්වොත්, ඔබ ලඟ එම සමාගමේ කොටස් 100ක් තිබෙනවනම්, ඔබට පුළුවන් මෙම නොමිලේ ලබා දෙන කොටස් 10 අරගෙන ඔබ ලඟ ඇති එම සමාගමේ කොටස් ටික 110ක් කරගන්න. පොඩි දුක හිතෙන කතාවක් නම් තියෙනව, bonus issues හුඟ කාලෙකින් කවුරුවත් දීල නෑ.



වාසි ඉවරයි, තවත් හොරතුරු ඉදිරියට.
Read More

කොටස් වෙළඳපළ ආයෝජනයේ වාසි

9:16 AM 0




මීට ඉස්සෙල්ල මේ ගැන කෙටියෙන් කියල තියෙනවනෙ. දැන් ටිකක් සවිස්තරව කියන්න හිතුව. කොටස් වෙළඳපළින් ප්‍රතිලාභ ලැබිය හැකි ආකාර දෙකක් ප්‍රධාන වශයෙන් තිබෙනව. 
1. ලාභාංශ (Dividends) 
2. ප්‍රාග්ධන ලාභ (Capital gains)
මොනවද මේ ලාභාංශ කියන්නෙ?  
ලාභාංශ කියන්නෙ යම් සමාගමක් ලබන ලාභයෙන් කොටසක් එම සමාගමේ කොටස් හිමිකරුවන් අතර බෙදා දීම. වෙනත් වචන වලින් කිව්වොත් ලාභාංශයක් කියන්නෙ සමාගම ලැබූ ලාභයේ කොටස් හිමියාගේ කොටස.
එම වසර තුළ ලැබූ ලාභය අනුව, සමාගමේ අධ්‍යක්ෂක මණ්ඩලය, එම වසරට අදාළ ලාභාංශ අනුපාතය තීරණය කරනව. එය මූල්‍ය (Cash dividends) හෝ කොටස් (Share dividends) වියහැකියි. හැබැයි වැදගත් දෙයක්, සමාගම, එහි කොටස් හිමියන්ට ලාභාංශ ලබා දීම අනිවාර්ය නැහැ, සහ ඔවුන් එයට බැඳී නැහැ. ඔවුන්ට තීරණය කළ හැකියි, ලාභයන් කොටස් හිමියන් අතරේ බෙදාහරිනවද නැතිනම් යළි එය සමාගම සඳහාම යොදවනවද කියල. ලාභාංශ තමයි, තමුන්ගේ, එම සමාගම පිළිබඳ අයිතියට බලපෑමක් නොවී, ලාභ ලැබිය හැකි එකම ආකාරය.
XD - Date (Ex - Dividend Date)
මේක වැදගත්. තමුන් යම් සමාගමක ලාභාංශ ගන්න බලාපොරොත්තු වෙනවා නම්, එම සමාගම විසින් ප්‍රකාශයට පත් කරන මෙම දිනයට පෙර, එම සමාගමේ කොටස් අයිතිය ලාබාගෙන, එම දිනයේදීත් එම අයිතිය පවත්වාගත යුතුයි. මෙම දිනයේදී ඔබ එම සමාගමේ කොටස් හිමියෙක් නම් මුලින් සමාගම විසින් ප්‍රකාශයට පත් කළ ලාභංශ සඳහා ඔබ සුදුස්සෙකු වෙනවා. සමාගම පකාශයට පත් කර ඇති ඊළඟ දිනයේදී ඔබට අදාළ ලාභාංශ එම සමාගම විසින් ඔබේ නිවසටම චෙක්පතක් මගින් එවනවා.
උදා: 
ඔබ X‍YZ සමාගමේ කොටස් 1000ක් රු. 12 බැගින් මිලදී ගන්නව. 
එම සමාගම තීරණය කරනව, එම සමාගමේ කොටස් හිමියන්ට එක කොටසකට ශත 50 බැගින් ලාභාංශ ලබා දීමට. ඔවුන් XD date එක වශයෙන් 2009.04.05 තීරණය කරනව. ලාභාංශ ගෙවන දිනය 2009.04.11 ලෙසත් ප්‍රසිද්ධ කරනවා. 
ඔබ එම දිනය වන විට එම කොටස් වල හිමිකාරීත්වය පවත්වා ගතහොත් ඔබට 2009.04.11 දිනයේදී 0.50 * 1000 = රු.500 ක ලාභාංශයක් හිමි වෙනවා.
එතකොට ප්‍රාග්ධන ලාභ කියන්නෙ?
තමා සතු වත්කමක වටිනාකම කාලය සමඟ වැඩි වන විට එයින් ලැබෙන ලාභය ප්‍රාග්ධන ලාභයක් ලෙස හැඳින්වෙනවා. හබැයි මෙම ලාභය ලබන්න නම් එම වත්කම විකිණිය යුතුයි. මෙතනදි මේක වෙන්නෙ ,මෙහෙමයි. ඔබ යම් සමාගමක කොටස් ගන්නව යම් මිලකට. ටික කාලයක් යනවිට එහි මිල ඉහළ යනව. එතකොට ඔබට එතැන, ප්‍රාග්ධන ලාභයක් තිබෙනව. හැබැයි එම ලාභය ලබන්න ඔබ ඔබ සතු කොටස් දැන් වෙළඳපළ මිලට විකිණිය යුතු වෙනවා. එවිට ඔබේ ප්‍රාග්ධන ප්‍රමාණය ඉහළ යනවා. උදා: ඉස්සෙල්ල එකෙන්ම ගමුකෝ. කොටස් 1000ක් ගත්තනෙ රු.12ට. ඔන්න එම සමාගමේ කොටස් මිල ඉහල යනව 13.25ට. ඔබට දැන් එම කොටස් 1000 වික්කොත් ප්‍රාග්ධන ලාභයක් ගන්න පුළුවන්. කීයක්ද? 1000 * (13.25 - 12.00) = රු. 1250 තේරුනා නේද? තව ටිකක් නගිනකම් තියා ඉන්නත් පුළුවන්, නැත්තම් දැන්මම විකුණල ඒ 1250 ගන්නත් පුළුවන්.
ඉහත ක්‍රමය තමයි, මෙයින් ඉපයීම් කරන්න පුළුවන් ඉක්මන්ම හා ලේසිම ක්‍රමය.
දැන් කියන්නම් මෙතන තියෙන වැදගත්ම දේ. මේ ක්‍රමයෙන් ලාභය වගේම පාඩුවක් වෙන්නත් ඉඩ තියෙනව. හදිස්සියෙ එම කොටසක මිල පහළ ගියොත් මොකද වෙන්නෙ? ඔබට පාඩුවක් වෙනව. බය වෙන්න එපා, එහෙම වෙන්නෙ ඔබ ඒ කොටස් ටික දැන් තිබෙන මිලට වික්කොත්නෙ, අවස්ථානුකූලව එම පාඩුව විඳගනිමින් ඒවා විකුණනවද, නැත්තම් ආපහු වැඩි වනතෙක් තබා ගන්නවද කියල තීරණය කරන්න ඔබට පුළුවන්.
මම තව දෙයක් කිව්ව මතකයි නේද? 
ප්‍රාග්ධන ලාභ මගින් මේ ලැබෙන ආදායම සම්පූර්ණයෙන් රජයේ ආදායම් බදු වලින් තොරයි. ඔබ මෙම ලබා ගන්නා ආදායමට කිසිම විදිහකින් ආදායම් බදු ගෙවිය යුතු නෑ.
මේ ප්‍රධාන වාසි වලට අමතරව කොටස් හිමියන්ට තවත් අමතර වාසි තිබෙනව. ඒව ඊළඟ ලිපියෙන් කතා කරමු.
Read More

Post Top Ad