Guide to CSE: investing tips

Hot

Showing posts with label investing tips. Show all posts
Showing posts with label investing tips. Show all posts

Thursday, August 8, 2019

Essential factors to be considered for successful investors

8:21 AM 0

Are you a successful investor?

Being a successful investor requires skills similar to those of a successful chef. Every cookbook stresses the need to read the recipe before beginning, make sure you have all the ingredients and do not deviate from the recipe until you have practiced it several times. 
This wonderful advice, if adhered to in investing, will virtually guarantee an improvement to your investment return. You have to learn the strategies and secrets to investing, to invest smart. Investing can be fun and exciting. It could also be tremendously profitable. It involves skill and hard work. 
There are successful investors who have made millions investing and they have done so by looking beyond investing. Successful investing is about being successful in life and given below are some of the lessons that can be learnt from these successful investors.   

Be observant

Successful investors are not inherently superior people. They are simply savvy at observing life. They are very good at looking under rocks for opportunities, trends and cultural shifts that the rest of us don’t see. Or, where we just see a rock, successful investors see financial opportunity. 
These people look under more rocks than anyone else. And they know which ones of these rocks will unveil value that should make the stock rise. They always think of investing. When they listen to news or read the paper they think, “How will this event affect my investments?” 

Never think being a successful investor is just picking stocks 
Being a successful investor requires timing, proper asset allocation and patience.

Learn basic accounting

Much of stock analysis is based on what companies are worth. To know the worth, you need to be able to read the financial statements and then be able to interpret them. Free cash flows, return on equity, price to earning and sales ratios should be second nature to you. 
While you don’t need to take an accounting class (accounting courses often don’t teach how to evaluate a company), it is good to read a book on accounting that focuses on how to use accounting to evaluate a company. A book on finance for nonfinancial managers would be an excellent starting point.

Learn basic charting 

Charting will help you spot trends and time your purchases.

Find out where to get information
We live in an information age. Just about anything you need to know is readily available on the World Wide Web and at your local library. Not only you need to know where to get the information on the web or in your library, but you also need to become proficient at sorting out useful information from noise.

Trading platform



Have clear investment goals

What are you trying to accomplish? How long will this money be invested? What are the tax consequences? Never invest unless you have a plan, unless you know exactly what you are trying to accomplish. How much do you need to save? What return on investment do you need to meet your goal and time frame? 
Too many people invest aggressively in a way that could lose them money, even though their plan said they didn’t need huge returns. They jeopardize their whole plan if they lose money, whereas they would have been fine if they took the low-risk approach and stuck to the plan. 
Truly understand your risk tolerance 
You and I have lied to ourselves about this before. You say you can stand risk, but only if you make money, right? How will you feel if you invest Rs.100,000 and the day after you write your investment check, your account drops 30 percent to Rs.70,000? It happens fairly often. Are you really ready to weather such a market drop? Can you still follow your discipline? 
The bottom line is, never invest without knowing the risks versus rewards ratio. What are the chances of the investment going up and by how much? What are the chances of the investment going down and by how much? Embrace risk – without it, there is no profit.

Forget what the stock price was a year ago

Forget what you paid for the stock. You will learn that if you worry about buying a stock because it’s too high, or you don’t want to sell a stock because it’s either not up enough, too far up, or down, you focus on the wrong stuff. Evaluating a stock has no bearing on what it was worth a year ago, or what you paid for it.

Stick to your discipline and don’t become emotional

This is easy to write, harder to say and even tougher to do. However, maintaining a coolly disciplined, unemotional view of your investments will make you a better, richer investor. If you decide to be a value investor, stick with your value discipline through thick and thin. 
Understand, I do not recommend you choose only one discipline. Many investors use several disciplines. But what you should not do is, being frustrated with the one-month or one-year return on your value investments and then switch willy-nilly to momentum investments. Time rewards your tenacity and discipline. 
Don’t invest in fads. You’ll continually hear new theories. For example, buy the lowest priced S&P Sri Lanka 20 stocks with the highest dividends. If everyone begins to do this, the anomaly that might have existed is blown. Finally, don’t get emotional and don’t second guess yourself. The one time you second guess is the one time you’ll miss the ‘big one’.

Level with yourself

You aren’t going to pick every winning stock. You can be right and wrong because if you invest properly, you probably need to be right only 55 percent of the time. If you ask successful investors what percentage of stocks they actually lost money on, they would most probably say sometimes around 40 percent or more. 
Then how do they still maintain such an incredible track record? Their response would be- the stocks they lose on generally go down less than the gain on the stocks that go up. So, if you are beating yourself up, if you had one losing stock, you shouldn’t anymore.
You’ll never completely figure out the market. There is no single key to the market. It is ever changing and it is rarely logical. Have you ever seen a stock that just had the greatest news but went down? Why? You will be given hints but remember that no hard and fast rules exist. And never forget that every time you think you bought a winning stock, someone was willing to sell you that same stock.

Invest for long term

Attempting to guess short-term swings in individual stocks or the economy is a difficult, almost impossible task for even the best stock pickers or economists.

Remember, cash is king
Regardless of the market you’re in, cash is and always will be, king. Even if you’re earning only 4 percent or 5 percent, you need to always have some cash. Cash is necessary to buy more stocks, limit losses and be ready for a good deal. Never invest 100 percent in stocks. 

(Source: Secrets of the Investment All-Stars, Kenneth A. Stern)
Read More

Thursday, September 8, 2011

IPO (Initial Public Offering) ගැන විස්තරයක් - කොටස 2

6:00 AM 6
පළමු කොටස මෙතනින් කියවන්න.

මුල් ලිපියෙන් කතා කළානෙ, IPO එකක් කියන්නෙ මොකද්ද, ඒකෙන් සමාගමක් බලාපොරොත්තු වෙන්නෙ මොකද්ද වගේ දේවල්. ඉතින් අද තව ටිකක් මේ ගැන දැනගනිමු.


IPO එකකට සමාගමක් යනකොට ඉතා විශාල වැඩ කොටසක් ඔවුන්ට කරන්නට වෙනවා. අන්තිමට ආයෝජකයා දකින්නේ ඒ වැඩ වලින් එලියන එන දේ විතරයි, එක දෙයක් හැර, ආයෝජකයෙක්ට ඒ කෙරෙන දේවල් ගැන දැනුමක් අත්‍යවශ්‍ය නොවන නිසා ඒ ගැන කතා නොකර ඉමු. ඒ එක දේ තමා IPO එකක් ප්‍රසිද්ධ කරන්න ඉස්සෙල්ල, යම් කොටස් ප්‍රමාණයක් යම් මිලකට (IPO එකෙන් කොටසක් දෙන මිලට වඩා අඩු මිලකට) සමාගමේ කාර්ය මණ්ඩලයට ලබා දෙනවා කියන එක. අන්න ඒක මතක තබාගත යුත්තක්.

හරි, ඉතින්,
IPO එකකින් කොටස් ගන්න ඉස්සෙල්ල මොනවද හිතන්න ඕනෙ, මොනවද හොයල බලන්න ඕනෙ?

මුලින්ම කියන්න ඕනෙ, 
පනින්න පෙර සිතා විතරක් නෙමෙයි සොයාත් බලනු!!!
සමාගම ගැන ඉතිහාසයක් නොමැති වීම
IPO හරහා කොටස් වෙළඳපළට සමාගමක් එනකොට ඔවුන් ගැන මුලින්ම හොඳින් හොයල බලන්න ඕනෙ. සමාගම අලුත් එකක් නම් ඉතින් තොරතුරු ලබා ගැනීම ඉතාම අපහසුයි. විශේෂයෙන්ම මූල්‍ය තොරතුරු ගැන සොයා බැලිය යුතුයි. ඉතින් මේ වගේ සමාගම් ගැන දැනගන්න තිබෙන මූලිකම මූලාශ්‍රය තමයි ඔවුන් ලබාදෙන සංස්ථා ප්‍රකාශය (Prospectus එක). ඉතින් මේක හොඳින් කියවන්න අමතක කරන්නෙපා. විශේෂ තොරතුරු ඇරුනම, සමාගමේ කළමණාකාරිත්වය දරන්නෙ කවුද, ඔවුන් මේ ලැබෙන මුදල් වලින් කරන්න ලෑස්ති වෙලා ඉන්නෙ මොනවද වගේ දේවල් ගැනත් බලන්න.
විශාල බ්‍රෝකර් ආයතන වලට හැකියාව තිබෙනවා සාර්ථක IPO එකක් සඳහා ලොකු සහයක් වෙන්න. ඉතින් මේ ගැනත් ටිකක් හිතන්න ඕනෙ. එයාලට ඕනෙ විදිහට යම් පාලනයකට නතු කරගැනීමේ හැකියාව ඔවුනට තිබෙනවා.

කොටස් සිරකර තබා ගැනීමේ කාලය (Lock-Up Period)
ඔබ ටිකක් හොයල බැලුවොත්  පරණ IPO සමහරක්, කොටස් වෙලඳපළට කොටස් ටික ඇවිල්ල යම් කාලයකට පස්සෙ ක්ෂණිකව ඉතා වේගයෙන් කොටස් මිල පහළට බහිනව. ඒකට හේතුව වෙන්නෙ මෙන්න මේ Lock-up Period එක තමා. 
මේ ලිපියේ මුල් කොටසේ කිව්ව ඔබට මතක ඇතිනෙ, IPO මිලට වඩා අඩු මිලකට සමාගමේ කාර්ය මණ්ඩලයට කොටස් ලබා දෙනවා කියල. ඉතින් අන්න ඒ අය, Lock-up period එක ඉකුත් වූ වහාම තමුන්ගෙ කොටස් විකුණල ලාභ ගන්න පටන් ගත්තම තමා මේක වෙන්නෙ.
ඉතින් මොකද්ද මේ Lock-up Period එක?
සමාගමේ කාර්ය මණ්ඩලයට කොටස් දුන්නම, ඒ කොටස් යම් කාලයක් වෙනකම් විකුණන්න දෙන්නේ නෑ. අන්න ඒ කාලය තමා Lock-up Period එක. ඒ කාලය මාස 3ක පමණ සිට මාස 24ක් දක්වා කාලයක් වෙන්න පුළුවන්. (නීතියට අනුව අවමය දින 90ක්, නමුත් බොහෝවිට ඒක ඊට වඩා වැඩි වෙනවා.)
ඉතින් ඒ කාලය ඉකුත් උනාට පස්සෙ, ඔවුන් ලාභය එකතු කර ගැනීම සඳහා තමුන්ගේ කොටස් සීග්‍රයෙන් විකුණන්න ගන්නව. අන්න එතකොට කොටස් මිල වේගයෙන් පහළ බහිනව. 

මිල උච්ඡාවනය
මේ කියන්නෙ IPO එකෙන් කොටස් ටික කොටස් වෙළඳපළට ඇතුළු වූ වහාම කොටස් යළි යළිත් විකුණමින් ලාභ ලබා ගැනීමට. මේක ඉතාම අමාරු කාර්යයක්. බ්‍රෝකර් ගාස්තුව ගෙවන්නත් ඕනෙනෙ. සමාගම් වලට ඕනෙ ආයෝජකයො මිසක් වෙළෙන්දො නෙමෙයි, නමුත් මේක වළක්වා ගන්නට කිසිම නීතියක් හෝ විසඳුමක් නෑ.  නමුත් ඔබගේ බ්‍රෝකර් ආයතනය ඔබට අනතුරු අඟවන්නට ඉඩ තිබෙනවා. නමුත් ඉතින් ලොකු ලොකු ආයෝජකයින් ලොකු මුදල් ආයෝජනය කරල පොඩි පොඩි මිල වෙනස්කම් හරහා ලොකු ලාභයක් ලබනවා. ඔවුන්ට ඒ හැකියාව තිබෙන්නෙ ඔවුන්ගේ ක්‍රය ශක්තිය (Buying Power)  වැඩි නිසයි. මේ මුල් දින වල තිබෙන මිල උච්ඡාවචනය නිසා, ඔබ කුඩා ආයෝජකයෙකු නම් රීතියක් වශයෙන්, ඔබට IPO එකෙන් කොටස් මිලට ගන්න බැරි උනා නම් මේ දිනවල කොටස් මිලට ගන්නට යන්න එපා. මොකද මුල් දිනයේ දෙකේ එම කොටස් වල මිල ඉතාම වේගයෙන් විශාල වදයෙන් ඉහළ ගිහිල්ල ඊට පස්සෙ ක්ෂණිකව කඩා වැටෙනවා. එතකොට ඔබට විශාල අලාභයක් අත් වෙන්නට ඉඩ තිබෙනවා.

අතිශෝක්තියන්ට රැවටෙන්න එපා. 
සමාගමක IPO එකක් කියන්නෙ ජීවිතේටම එකම එක පාරක් එන වාසියක්/ අවස්ථාවක් ලෙස ලොකුවට පෙන්නල ලොකු ප්‍රචාරණයක් දෙනවා. ඇත්ත, සමහරක් සමාගම් ඉතාම හොඳින් කොටස් වෙළදපළ ජයගන්නවා. නමුත් මතක තබා ගත යුතු දෙය තමයි සමහරක් සමාගම් නවතින්නෙ, නිකුත් කළ මිලටත් වඩා පහළ මිලකට අලෙවි වෙමින්. ඉතින් කියන්න තියෙන්නෙ IPO එකක් උනු පලියටම කොටස් ගන්න යන්න එපා. හොඳින් හොයල බලන්න.

තව කොටසකින් ඉතිරි ටික බලාපොරොත්තු වන්න. 
Read More

Wednesday, August 3, 2011

IPO (Initial Public Offering) ගැන විස්තරයක්

3:53 PM 6

මේ දවස් වල කොටස් වෙළඳපළ ගැන කතා කරනකොට කියවෙන දෙයක් තමයි මේ IPO. මේ වසරේ වේ වන විටත් මේ කියන IPO කිහිපයක්ම තිබුනා. ඉතිරි මාස කිහිපය තුළත් තවත් IPO ටිකක් එන්න තියෙනවා.

ඉතින්, මොකද්ද මේ IPO එකක් කියන්නෙ???
IPO = Initial Public Offering
ලෝකෙ සමාගම් වර්ග දෙකක් තිබෙනවා, පුද්ගලික (Private) හා පුද්ගලික නොවන (Public). පුද්ගලික සමාගම් වල අයිතිය තිබෙන්නෙ එහි මූලික අයිති කරුවන්ට / ආයෝජකයින්ට පමණයි. ඔවුන් තමා සමාගමට මුදල් යොදවන්නෙත්, සමාගම පවත්වාගෙන යන්නෙත්. නමුත් පුද්ගලික නොවන සමාගම් මීට වෙනස්. ඒවායේ අයිතිකරුවන් / ආරම්භකයින් පමණක් නෙමෙයි ඒ සමාගම් වල කොටස්කරුවන්, ඒ සමාගමට මුදල් යොදවන හැමෝම. ඒ සමාගම් වලට මුදල් යොදවන්න ඕනෙම කෙනෙක්ට පුළුවන්, එතකොට ඒ ආයෝජකයිනුත් ඒ සමාගමේ කොටස්කරුවෙක් වෙනව. 
යම් සමාගමක් "පුද්ගලික" (Private Limited) සිට "මහජන" (Public Liability Company) සමාගමක් බවට පත්වෙන එකක් තමයි මේ IPO එකක් හරහා වෙන්නෙ. ඒ කියන්නෙ, යම් සමාගමක අයිතිය මහජනතාවටත් ලබා දෙන ක්‍රමයක් තමයි මේක. එම සමාගම මේ හරහා කරන්නේ, තම සමාගමේ වත්කම් මහජනයා අතරේ බෙදල දෙන එක. ඒක කරන්නෙ, මහජනයාට සමාගමේ කොටස් නිකුත් කිරීමක් මගින්. (Share Issue). ඉතින් මීට ඉස්සෙල්ල ඒ සමාගම එහෙම දෙයක් කරල නැතිනම් ඒක කරන මුල්ම අවස්ථාව මේක නිසා, ඒකට කියනව Initial Public Offering  එකක් කියල. එතකොට ඒ අවස්ථාවේදී මහජනයට පුළුවන් තමන්ගේ මුදල් ඒ කොටස් මිලට ගැනීම හරහා එම සමාගමට යොදවන්න. එතකොට ඔවුනුත් එම සමාගමේ කොටස් හිමියන් වෙනවා. ඔබට පුළුවන් IPO එකක් නැතිවත් සමාගමක ආයෝජනය කරන්න. එහි අයිතිකාරයින් හමුවට ගිහිල්ල ඔවුන් එක්ක කතා කරන්න ඔබට පුළුවන්. ඔවුන් කැමති නම් ඔබේ ආයෝජනය ලබාගෙන සමාගමේ අයිතියක් ඔබට දෙන්න, ඔබටත් එම සමාගමේ කොටස්කරුවෙක් වෙන්න පුළුවන්. ඔවුන් අකමැති නම් ඔබට ආසාව අත්අරින්න වෙනවා. නමුත් PLC වශයෙන් අඳුන්වන පුද්ගලික නොවන සමාගම් වල වත්කම් වලින් යම් ප්‍රමාණයක් මහජනතාව අතෙයි තිබෙන්නෙ. එම අයිතිය, කොටස් වෙළඳපළ හරහා විවිධ පුද්ගලයින්ට ලැබෙනවා, පුද්ගලයින් අතින් අතට ඒ අයිතිය හුවමාරු වෙනවා. 
මේ ආකාරයින් තමන්ගෙ සමාගමේ යම් ප්‍රමාණයක් මහජන අයිතියට පත් කළ සමාගම් වල, කොටස් හිමියන් දහස් ගණනක් ඉන්න පුළුවන්. එම සමාගම් යම් නීති පද්ධතියකට යටත් වෙනවා. උදාහරණයක් වශයෙන්, එම සමාගම් වලට අධ්‍යක්ෂක මණ්ඩලයක් සිටිය යුතුයි, ඔවුන් හැම කාර්තුවේම මූල්‍ය වාර්ථා ඉදිරිපත් කළ යුතුයි වගේ දේවල් කියන්න පුළුවන්. මේ සමාගම හැම එකක්ම රපෝර්තු කරන්නෙ විනිමය කොමිෂන් සභාවටයි (Security Exchange Commision (SEC)) එකටයි. 

ඇයි සමාගම් කොටස් නිකුත් කරන්නෙ?

තමුන්ගෙ සමාගම ඇයි අනුන්ට දෙන්නෙ? කෙනෙක්ට නිතැතින්ම එන ප්‍රශ්නයක්. ඇත්තටම ඇයි???

  • එහෙම කිරීමෙන් සමාගමට විශාල මුදල් ප්‍රමාණයක් ගලා එනව. 
  • ඒත් එක්කම ඒ හරහා බොහෝ මූල්‍ය සම්බන්ධ දොරටු විවෘත වෙනවා. 
  • සමාගම සම්බන්ධ සමීක්ෂණ වැඩි වෙනවා.
  • ණය ගැනීමේදී මෙම සමාගම් වලට පහසුවෙන් ණය ලබා ගැනීමේ හැකියාව ලැබෙනවා.
  • සමාගමට තිබෙන ඉල්ලුම වැඩි නම් හැම වෙලේම ඔවුන්ට පුළුවන්, තව තවත් කොටස් නිකුත් කරන්න.
  • විවෘත වෙළඳපළෙහි කොටස් ගනුදෙනු වෙනවා කියන්නෙ ද්‍රවශීලීතවය වැඩි වීමක්. ඉතින් මේ හරහා එම සමාගමට පුළුවන්, සමාගමේ සේවකයින්ට කොටස් ලබා දීම වගේ දේවල් කරල හොඳම සේවකයින් සමාගම තුළ රඳවා ගන්න, හොඳම අය බඳවාගන්න වගේ දේවල් කරන්න.

සමාගමක් IPO එකක් හරහා මුදල් එකතු කිරීමක් තමයි මූලිකව බලාපොරොත්තු වෙන්නෙ. මේ වගේ ක්‍රම නිසා සමාගම් වලට අවශ්‍ය නෑ විශාල ප්‍රග්ධන ප්‍රමාණයක් ඔවුන්ගේ ඉදිරි වැඩ වලට, ඔවුන්ගේ සමාගමේ ප්‍රසාරණයන් කරන්න. කරන්න තියෙන්නෙ තමන්ගේ අවශ්‍යතාවයට අනුව IPO එකක් හරහා තමන්ට අවශ්‍ය කරන ප්‍රාග්ධනය මුදල් එකතු කර ගැනීම පමණයි. මේ සමහර සමාගම් කවදාවත් ලාභ නොලබුපුව වෙන්න පුළුවන්, සමහරක් ඒව ලඟපාත කාලෙකදිවත් ලාභ ලබන්න බලාපොරොත්තුවක් නැති ඒව. සමහරක් විට ඒ IPO එක තියන්නෙ සමාගම පොහොසත් කරන්නම විතරක් වෙන්න පුළුවන්. (ඒකට කියන්නෙ Exit Stratergy කියල.) 

ඉතින් මතක තියාගන්න. IPO එකක් කියන්නෙ මුදල් එකතු කිරීමක් පමණයි. ඒක තනිකරම Sales job එකක් විතරයි. ඔබට පුළුවන් නම් ඔබගේ සමාගමේ කොටස් මිලට ගන්න මිනිස්සුන්ව පොළඹවන්න, ඔබට ලොකු මුදලක් එකතු කරගන්න පුළුවන්.

අන්තිම ඡේද දෙක කියවල හිතන්නෙපා IPO එකක් කියන්නෙ කිසිම වැදගැම්මකට නැති දෙයක් කියල, සහ මට බනින්නෙපා මිනිස්සුන්ව නොමඟ යවනවා කියල. මේ IPO ගැන ලිපි පෙළක ආරම්භයක්. තව ඉදිරියට ගොඩක් දේවල් තිබෙනවා. IPO ගැන මේ උඩ කිව්ව එකත් ටිකක් මතක තියාගෙන ඉතිරි ලිපි ටිකත් කියවමු. 
ප. ලි. IPO කියන්නෙ ගොඩක් හොඳ දෙයක් ආයෝජකයින්ට. ඉතින් ඉදිරියේදි හරියට IPO එක්ක වැඩ කරන හැටිත් කියල දෙන්නම්. එකතු වෙලා ඉන්න.
Read More

Sunday, December 26, 2010

කොටස් වෙළඳපළ තුළ ජීවත් වන සතුන් සිව් දෙනා

12:20 PM 8

කොටස් වෙළඳපළ තුළ සිටිනා අයෝජකයින් විවිධ සතුන්ගේ හැසිරීම් වලට සමාන කරන්න පුළුවන්. එහෙම කරන්න පුළුවන් සතුන් සිව් දෙනෙක් සිටිනවා. ගවයා (Bull), වලසා (Bear), කුකුළා (Chicken) සහ ඌරා (pig) තමා මේ සතුන් සිව් දෙනා. ඌරා තමයි කිසිම ආයෝජකයෙක් වෙන්න අකමැති, නොවිය යුතු සත්වයා.

ගවයා (Bull)
කොටස් වෙළඳපළ තුළ සතුටින් සිටින සත්වයා තමයි ගවයා. කොටස් වෙළඳපළBullish trend එකකින් යනවා කියල කියන්නෙ, ආර්ථිකය වර්ධනය වෙමින් සියළුම කොටස් මිලද ඉහළ යමින් කොටස් වෙළඳපළ වර්ධනය වන කොට. ඒ ඒ සමාගම් වල වටිනාකම වගේම කොටස් මිලත් මේ කාලයේ ක්‍රමයෙන් වර්ධනය වනවා. ඉතින් මේ කාලයේදී, කෙනෙක් කොටස් මිලට ගෙන තබාගත්තොත් ලාභාංශ වශයෙන් හෝ ඉහළ මිලකට විකිණීමෙන්  පහසුවෙන්ම ලාභ උපයන්න පුළුවන්.
බොහෝ දෙනෙක් මේ කාලයේදී කොටස් වෙළඳපළ සමඟ  යමින් ලාභ උපයනවා. නමුත් කණගාටුවට කාරණය තමයි, මේක හැමදාම පවතින්නෙ නෑ.

වලසා (Bear)
වලසා කියල කියන්නෙ ගවයා වගේ ක්‍රියාකාරී සත්වයෙක් නෙමෙයිනෙ, කම්මැලි සතෙක්. ඉතින් කොටස් වල මිල පහළ යනකොට, රටේ ආර්ථිකය දුර්වල වෙනකොට කොටස් වෙළඳපළ Bearish Trend එකකට යනවා කියල කියනව. මේ කාලෙදි කොටස් මිලට ගෙන විකුණල ලාභ ගන්න බෑ. නමුත් මෙහෙම දෙයක් කරන්න පුළුවන්, ඔබ යම් සමාගමක කොටස් හිමිකරයෙක් නම්, ඒ කොටස් මිල දිගටම පහළ යනවා නම්, ඔබට පුළුවන්, පොඩි අලාභයක් විඳිමින් හෝ ලාභය තබාගෙන ඒ කොටස් විකුණල, මිල හොදටම පහල ගියාට පස්සෙ යළිත් කොටස් මිලට ගන්න.
මොවුන් වෙළඳපළට හා රටේ ආර්ථිකයට සෘණාත්මක බලපෑමක් ඇති කරනවා. ඔවුන් කරන්නෙ වෙළඳපළ පසුබෑමක් ඇතිවනවිට තමුන්ගේ කොටස් විකුණමින් වෙළඳපළින් තාවකාලිකව ඉවත්ව සිටීම. යළිත් වෙළඳපළ වර්ධනයක් සිදුවන බව පෙනෙන්න පටන්ගන්නකොට, ඔවුන් යළිත් කොටස් මිලට ගනිමින් වෙළඳපළ තුළට පිවිසෙනවා.

කුකුළා (Chickens)
කුකුළා කියන්නෙ බියගුලු සතෙක්නෙ, ඒකම තමා මෙතනත් තියෙන්නෙ. මේ ආකාරයේ ආයෝජකයින් හරිම බයයි අවදානමක් ගන්න, ඔවුන් කැමති නෑ අලාභයක් විඳින්න. ඉතින් ඔවුන් කිසිවිටෙක්වත් කොටස් වෙළඳපළින් කොටස් මිලට ගන්නෙ නෑ, කිසිම විදිහකින් අවදානමක් ගන්න මොවුන් සූදානම් නෑ. ඉතින් මොවුන් කරන්නෙ, ලැබෙන ලාභය අඩු උනත් අනිවාර්ය ආදායමක් ලැබෙන, අවදානමක් නැති, සුරැකුම්පත් වගේ දේවල් වල ආයෝජනය කරන එක තමයි. ඒවායින් ලැබෙන ප්‍රථිලාභ අඩු උනත් ඒවායේ අවදානමක් නෑ නෙ.
ආර්ථිකයේ පසුබෑමක් වෙනකොට මොවුනුත් ඒ සුරැකුම්පත් හර කරමින් තමුන්ගේ මුදල් සම්පූර්ණයෙන්ම යළි ලබාගන්නවා.

ඌරා (Pigs)
ඌරා කියන්නෙ මෝඩ සතෙක්. මේ ආකාරයේ ආයෝජකයින් කරන්නෙ, අනවශ්‍ය තරම්ම අවදානමක් ගන්න එක. ඔවුන්ට ඕනෙ එක පාර ලොකු ලාභයක් ගන්න. ඔවුන් ක්‍රියාත්මක වෙන්නෙ විවිධ පුවත්, කටකතා පදනම් කරගෙන. ඔවුන් ආයෝජනය කරන්න පෙර, බලන්නෙ නෑ ඒ සමාගම ස්ථාවර එකක්ද කියලවත්. ඉතින් මේ ආකාරයේ ආයෝජකයින් බොහෝවිට තමුන්ගේ සියළුම මුදල් පවා විනාශ කරගන්නවා ඉතා ඉහළ අවදානමක් ඇති ලොකු ලොකු ලාභ ලබා දෙන්නම් කියන සමාගම් වල කොටස් වල ආයෝජනය කරල.

නමුත් මෙහෙම දෙයක් තිබෙනවා, හරි දැනුම සහිතව ක්‍රියාකරන වෘත්තීයමය ආයෝජකයින් මේ ඌරන් වගේ ක්‍රියාකරන ආයෝජකයින්ට කැමතියි. මොකද  වෘත්තීයමය ආයෝජකයින් ක්‍රියාකරන්නෙ ගවයන් හෝ වලසුන් වශයෙන්, ඉතින් ඔවුන් ලබාගන්නා ලාභයන්ගෙන් විශාල ප්‍රමාණයක් ලැබෙන්නෙ මේ ඌරන් වගේ ආයෝජනය කරන්නන්ගේ අලාභයන් හරහා. 

ඔබ කුමනාකාරයේ ආයෝජකයෙක් විය යුතුද?
කොටස් වෙළඳපළ තුළ ආයෝජනය කිරීමේදී භාවිතා වන විවිධ ක්‍රමෝපායන් තිබෙනවා. වලසා හා ගවයා කියන්නෙ එකිනෙකට විරුද්ධ දෙදෙනෙක්. මොවුන් දෙදෙනාම වෙළඳපළ ගැන හොඳ අවදානයෙන් සිට හා ආර්ථික න්‍යායන්ට අනුව ක්‍රියා කරල හොඳ ආදායමක් උපද්දවනවා. කුකුළාත් යම් ආදායමක් ලබා ගන්නවා, නමුත් ඒක සාපේක්ෂව පහළ අගයක්. 
ආයෝජනයකදී අත්‍යවශ්‍යයෙන්ම කළ යුත්තක් තමයි, පවතින තොරතුරු වලින් සමීක්ෂණ කරල තමුන්ගෙ ආයෝජන වලට ඉදිරියේදී කුමක් වෙයිද කියල පොඩ්ඩක් හොයල බලන එක. කොයි වෙලේවත් අන්තගාමී වෙන්නේ නැතුව මධ්‍යස්ථව සිතා බැලිය යුතුයි. 
හුඟක් ආයෝජකයින් වලසා ගවයා කියන දෙවිදිහටම හැසිරෙනවා, වෙළඳපළ ක්‍රියාකාරී විට ඔවුනුත් ක්‍රියාකාරී වෙලා වෙළඳපළ පහළ බහිනකොට ඔවුනුත් වේගය අඩු කරනවා. ඉතින් මේ විදිහට මධ්‍යස්ථව ක්‍රියා කිරීමෙන් වෙළඳපළ තත්වය පහළ ගියත් ඉහළ ගියත් ඔවුන් මුදල් උපයනවා.

කොයි වෙලේවත් නොවිය යුතු සත්වයා තමයි ඌරා. කිසිම ආයෝජනයක් කරන්න එපා හොයල බලන්නෙ නැතුව. නොතේරෙන දේවල් කරන්න යන්නෙපා. කොටස් වෙළඳපළ සම්බන්ධයෙන් පැරණි කියමනක් තිබෙනවා "Bulls make money, bears make money, pigs just get slaughtered!". තේරෙනව ඇතිනෙ?
ඉතින් ඌරෙක් වෙනවාට වඩා ඉතාම හොඳයි කුකුළෙක් වෙන එක. 

ඉතින් මේ තමයි, කොටස් වෙළඳපළක් තුළ සිටින සතුන් සිව් දෙනා. ඉතින් ඔබ කුමනාකාරයේ ආයෝජකයෙක්ද?

සියළු ලිපි සඳහා ඊ මේල් ලිපිනයෙන් අප හා එක්වන්න:  
අනෙකුත් RSS පෝෂක ලබා ගැනීමට මෙතනින් යන්න.

Adopted and Translated from http://www.stock-market-today.net/
Read More

Post Top Ad