Guide to CSE: colombo stock exchange

Hot

Showing posts with label colombo stock exchange. Show all posts
Showing posts with label colombo stock exchange. Show all posts

Friday, January 3, 2020

බැංකු ක්ෂේත්‍රයේ කොටස් වලට කුමක් වෙයිද

12:00 AM 0

බැංකු ක්ෂේත්රයේ කොටස් වලට කුමක් වෙයිද🤔🤔🤔


මේ දවස් වල ගොඩක් දෙනෙක් දෙගිඩියාවෙන් ඉන්න තැනක්නේ මේක. උත්තර නැති එහෙමත් නැතිනම් අසම්පූර්ණ උත්තර තියෙන ප්රශ්න ගොඩක් මේ දවස් වල බැංකු සම්බන්ධව තියෙනවා.
- මහ බැංකුව විසින් බැංකු පොලී අනුපාත පහල දැමීමම බල කිරීම
- එසේ නොකරන බැංකු කිහිපයක් සම්බන්ධයෙන් දඩුවම් පැමිණවීම
- මිලියන 300 ට අඩු ණය ගැටලුව
- DRL tax
- BASEl III වලට අනුව පැනනගින ප්රාග්ධන ගැටළු

අපේ economy එක ගැන ඉතින් අමුතුවෙන් අටුවාටිකා ලියන්න දෙයක් නෑනේ.සමතලා වෙලා තමයි තියෙන්නේ. ව්යාපාර පැත්තෙන් උනත් අමුතු දේවල් ඕනේ නෑ ඇහෙනවා දකිනවා ඇතිනේ ඔයාලත්.

මේකට තියෙන ලොකු ගැටලුවක් තමයි රට ඇතුලේ මුදල් සංසරණය සීමා වෙලා තියෙන එක.ඒ කියන්නේ බෝහෝ දෙනෙක් ..... රටේ පැවති ආර්ථික අවුල සහ තැම්පතු පොලී ඉහල මට්ටමක පැවතීම මත ,නව ආයෝජන වලට යොමු වීම වෙනුවට බැංකු වල මුදල් තැම්පත් කිරීම තමයි පහුගිය කාලේ බහුලව සිදු කලේ.එසේ තැම්පතු පොලිය ඉහල යාමට සාපේක්ෂව ණය පොලියත් ඉහල යාම නිසා ණය සදහා ඇති ඉල්ලුම සීමා වීමත් ආර්ථිකයට වගේම බැංකු පද්ධතියටත් ලොකු ගැටලුවක් උනා.

තැම්පතු පොලිය ඉහල යාම පෞද්ගලිකව තැම්පතුකරුවන්ට හොද උනත් රටක් විදියට නන් එච්චර හොද දෙයක් නෙමේ.මොකද රටක ආර්ථික ක්රියාකාරකම් ශක්තිමත් වෙන්න නන් ආර්ථිකයේ මුදල් සංසරණය ශක්තිමත් වෙන්නෙ ඕනේ,ඒ හරහා තමයි භාණ්ඩ හා සේවා සදහා යහපත් ඉල්ලුමක් නිර්මාණය වෙන්නේ.ඒ වගේම කොටස් වෙළදපල ශක්තිමත් වීමට,නව ආයෝජන අවස්ථා බිහි වීමට සහ ඒ සදහා ණය ලබා ගත හැකි මූලාශ සක්රීය වීමට බැංකු පොලිය කියන දේ සෘජුවම බලපානවා.

ඉතින් මේ හැමදේටම තියෙන ලොකුම බාධාව තමයි බැංකු පොලී ඉහල මට්ටමක පැවතීම.පටලව ගන්න එපා මේ කියන්නේ ලොකුම බාධාව කියලා මිසක් එකම බාධාව කියන නෙමේ හරිද.
ඒ නිසා අනිවාර්යයෙන්ම බැංකු පොලී අනුපාත පහල දැමිය යුතුමයි.
මේකට මහබැංකුව පසුගිය අප්රෙල් මාසේ ඉදන් විවිධ වූ ක්රියාමාර්ග ගණිමින් පවතිනවා උනත් තවමත් ඒ දේවල් සාර්ථක වෙලා කියලනන් පේන්න නෑ. ඒ නිසා දැන් මහ බැංකුව කැත්ත පැත්තකින් තියලා පොරව අතට අරන් වගේ තමයි පේන්න තියෙන්නේ. හොදින් කියලා බැරිනන් දඩුවම් කරලා හරි තමන්ගේ වැඩේ කර ගන්න තමයි මහබැංකුව දැන් හදන්නේ.

ඒකේ වැරැද්දක් නන් මාත් දකින්නේ නෑ.හැබැයි මෙම තත්වයට හැඩගැහෙන්න බැංකු වලටත් යම් සාධාරණ කාලයක් ලබා දෙන්න ඕනේ .
බැංකු සතුව තියෙන්නේ කාලයක් තිස්සේ ඉහල පොලියක් යටතේ ලබා ගත් තැම්පතු මුදල්, එම මුදල් අඩු පොලියක් යටතේ ණයට දෙනවා කියන්නේ අතින් කාලා හරක් බලනවා වගේ වැඩක්.
ඒ වගේම මහබැංකුවට උනත් මතක තියෙන්න ඕනේ තැම්පතු පොලී මෙලෙස ඉහල යන්න, බැදුම්කර වංචාව හරහා තමනුත් විශාල දායකත්වයක් දුන්නා කියන එක. මොකද ඒ බැදුම්කර සදහා අවුරුදු 30ක් යනකන් ඉහල පොලියක් ගෙවන ගමන් බැංකු වලට කියනවා පොලී අනුපාත අඩු කරන්න කියලා.
වැඩි දෙයක් ඕනේ නෑ මේ මෑතකදි නිකුත් කරපු බැදුම්කර වලටත් ලොකු පොලී අනුපාතයක් දීලා තිබුනා.ඉතින් බැංකු වලට කෙලින් යන්න කියලා වැඩක් නෑ මහබැංකුව යන්නේ ඇදේටනන්.
ඒ වගේම පසුගිය රජය විසින් පනවපු DRL tax එකත් ලොකු බලපෑමක් කලා බැංකු වල ලාභ පහල යන්න.ලාභයෙන් 7% ක් මේ සදහා ගෙවිය යුතු උනා. ආරංචි විදියට නන් නව බදු ප්රතිපත්තියට අනුව මෙම DRL tax එක ඉවත් කරලා. ඒක බැංකු වලට ලොකු වාසියක් වෙයි අනිවාර්යයෙන්ම .

SME ණය ගැන ගැටලුව තමයි ඊලග ප්රශ්නේ .ඒ ගැනනන් අපි කලිනුත් කතා කලා. ඒක ලොකු ගැටලුවක් වෙන්නේ නෑ බැංකු වලට.ඒ සදහා සියලුම බැංකු මේ වෙනකොට එකගවෙලා තියෙනවා.

BASEL III කියන්නේ බැංකුවල වත්කම් වලට සාපේක්ෂව ප්රාග්ධනය maintain කලයුතු ආකාරය පිලිබද මහබැංකු නියමයක්.

හරි. දැන් ප්රශ්න ටික හරිනේ. මේ ඔක්කොම හේතු බැංකු වලට කොහොමද බලපාන්නේ කියන එකනේ කොටස්වෙළදපල ආයෝජනය කරන අපිට තියෙන ගැටලුව.

යම්කිසි සාදාරණ කාලෙකින් පස්සේ පොලී අනුපාත පහල දානවා කියන දේ බැංකු වලට විශාල ගැටලුවක් වෙන්නේ නෑ.එහෙම කියන්න හේතු කිහිපයක් තියෙනවා.
බැංකු සෑම විටම ණය පොලිය තීරණය කරන්නේ තැම්පතු පොලියට සාපේක්ෂව නිසා පොලිය පහල යාම මත බැංකු වලට අලාභයක් සිදුවෙන්න හේතුවක් නෑ.
නමුත් ගැටලුව තමයි තැම්පතු පොලිය පහල යාම මත තැම්පතු මුදල් ඉවතට ගැනීම සහ නව තැම්පතු ලැබීම් යම් මට්ටමකින් සීමා විය හැකි වීම.
එය එසේ වුවත් බැංකුවක ප්රධානම ආයෝජන ප්රභවය වන ණය දීම කාර්යක්ෂම වීම , කොටස්වෙළදපල ආයෝජන ප්රතිලාභ ලැබීම, රටේ ආර්ථික ක්රියාකාරකම් සක්රීය වීම තුළ බැංකු වලට තම තැම්පතු ආයෝජනය කල හැකි අවස්ථා ඉහල යාම , බොල් ණය ලෙස සිදුවන පාඩු අවම වීම , DRL ඉවත් වීම මත ලාභයෙන් ගෙවිය යුතු 7% ප්රමාණයක් ඉතිරි වීම යනාදී හේතූන් මත බැංකු වල සමබරතාව පවත්වාගෙන යාමේ අර්බුදයකට ඔවුන්ට මුහුණ දීමට සිදුවන්නේ නෑ.
ඒ වගේම කාලයත් සමග ඕනෙම දේකට පහසුවෙන් හුරු වෙන ලංකාව වගේ රටක මේ දේවල් settle වෙන්න මහ ලොකු කාලයක් අවශ්ය වෙන එකකුත් නෑ.

ඉතින් දැන් ඔයාලට තේරෙනවා ඇති බැංකු පද්ධතිය ගැන අනවශ්ය බියක් තියාගන්න උවමනා වෙන්නේ නෑ කියන එක.
එකම ගැටලුව basel III එකට අනුව ප්රාග්ධනය පවත්වාගෙන යාම. එය තැම්පතු කරුවන් පැත්තෙන් බලද්දි ඉතා වැදගත් තීරණයක් නිසා, බැංකු වලට සිදු වෙනවා දිගටම මේ සදහා ප්රතිචාර දක්වන්න.
එම නිසා හොදම දේ තමයි බැංකු කොටස් මිලදී ගැනීමේදී දිගුකාලීන ( long term ) ආයෝජනය සදහා යොමු නොවීමට වගබලාගන්න එක.මම මේ කියන්නේ අවුරුදු 3 හෝ ඊට වැඩි ආයෝජනයන් සදහා බැංකු ක්ෂේත්රයේ කොටස් යොදා ගැනීම එතරම් සුදුසු වෙන්නේ නෑ කියන එක.මේක මගේ පෞද්ගලික මතයක් විතරයි, ඒ ඔබේ ආයෝජනය තීරණය කෙරෙහි අනවශ්ය බලපෑමක් කලානන් සමාවෙන්න.

දිහාර ද සිල්වා ❤️❤️
Dihara De Silva

Read More

Sunday, December 8, 2019

කොටස් වෙළදපල ආයෝජනය කියන්නේ ඇත්තටම අවදානම් වැඩක් ද?🤔🤔

2:08 AM 0

කොටස් වෙළදපල ආයෝජනය(Investing in Stock market)
හරි ඒක මෙහෙමයි.කොටස් වෙළදපල ආයෝජනය කියන්නේ අවදානම් සහගත වැඩක් නෙමේ කිව්වොත් ඔයාලා මොකද කියන්නේ.අවුල් නේද.ඔව් අවුල් තමයි ☹️
මම දවසක් facebook එකේ post එකක් දැක්කා.
" කොටස් වෙළදපලෙන් අපිට කොහොමද පාඩු වෙන්නේ "
කට්ටිය උත්තරත් දීලා තිබුනා, අහපු කෙනා satis වෙන්නත් ඇති.හැබැයි ඇත්තටම ප්රශ්නේ තිබුනේ " මිලදීගත් කොටසක වටිනාකම අඩු උනත්,නැවත යතාතත්වයට පත්වෙනකන් හිටියොත් පාඩුවක් වෙන්නේ නෑ නේද කියන එක"
(අදාල සමාගම බංකොලොත් නොවුනොත් 😛😛)
ඔව් ඒ කතාව ඇත්ත.අපි යොදවන මුදලේ 'අනාගත වගකීම' අනුව තමයි ඒක තීරණය වෙන්නේ. අනාගත වගකීම අඩු වෙන තරමට , අපිට කොටස් වෙළදපලෙන් වෙන පාඩු අවම කර ගන්න පුලුවන්. එකම අවුල ඉතින් මුදලේ අවප්රමාණය හා උද්දමනය.හැබැයි ඉතින් මේක කොටස්වෙළදපල ආයෝජනයදී එහෙම ලොකූකූකූ බලපෑමක් කරනවා කියලා මට නන් හිතෙන්නේ නෑ.
ඉතින් එහෙම බලනකොට අවදානමක් නෑනේ.ඔව් අවදානමක් නෑ එතන😌😌 අවදානම තියෙන්නේ එතන නෙමේ, වෙන තැනක.
ඇත්තටම අවදානම තියෙන්නේ අපි කොටස් මිලදී ගන්නා හා විකුණන වෙලාව තීරණය කරද්දි.මේ දවස් වල නන් මිලදී ගැනීමේදී ලොකු අවදානමක් නෑ.බහුතරයක් තියෙන්නේ මිලදී ගන්න සුදුසු වටිනාකම් වල.හැබැයි ඉතින් මේක හැමදාම පවතින දෙයක් නෙමේනේ.
අන්න එතකොට තමයි ප්රශ්න එන්නේ.
- අපි මොනවද ගන්නේ ?
- කීයෙදිද ගන්නේ ?
- කීයෙදිද විකුණන්නේ ?
ඔතන තමයි ඉතින් කට්ටිය ඇණ ගන්නේ හා කොටස් වෙලදපල එපා කර ගන්නේ.මේ වෙලාවට බය නැතුව Advicer එක්ක කතා කරන්න.අද්දැකීම් තියෙන අයගෙන් අහන්න.හිතුමනාපෙට තීරණ ගන්න ගිහින් මහන්සි වෙලා හොයපු සල්ලි ටික නිකරුනේ නාස්ති කර ගන්න එපා.
පුලුවන් තරම් ඉගෙන ගන්න.වෙන්නේ මොකක්ද, වෙන්නේ කොහොමද කියලා හොයන්න.මහන්සියේ හැටියට කියනවනේ ප්රතිඵල ලැබෙන්නේ.
අනිත් වැදගත්ම දේ තමයි අපි මිලදී ගන්න කොටස් වල #විකුණුම්_මිල තීරණය කිරීම.තමන් යොදවන මුදලට සාපේක්ෂව තමන්ම තමයි ඒක තීරණය කරන්න ඕනේ. ඒ කියන්නේ අපි ගත්ත කොටස් විකුණන්න බලාපොරොත්තු වෙන්නේ කීයෙදිද කියන එක.එහෙම නැතුව කොටසක මිල ඉහල යන හෝ පහල යන අවස්තාවක , අසීමාන්තිකව බලන් ඉන්න ගියොත් මුකුත්ම නැති වෙන්න පුලුවන්.
කතාවක් අහලා ඇතිනේ ලෝබයගේ දේ කෝබයා කනවා කියලා.ඒ හින්දා නිවැරැදි වෙලාවේ නිවැරැදි තීන්දුව ගන්න.
Ex :- අපි COMB ගන්නවා එක කොටසක් රු 115 ගානේ කොටස් 1000ක්. ඉතින් අපි කලින් තීරණය කරන්න ඕනේ අපි අපේ කොටස් විකුණන්නේ කීයෙදිද කියන එක.
අවමය රු.105 හා උපරිමය 135 ක් කියමු.
ඒක වෙන්නේ මෙහෙමයි.කොටස් මිල අඛණ්ඩව පහල යනවනන් අපි රු.105 දි අපේ කොටස් විකුණනවා.කෙනෙකුට හිතෙයි අපරාදේනේ , කවදාහරි up වෙනවනේ , එතකන් ඉන්නවානේ කියලා.ඔව් අවුලක් නෑ, එහෙම ඉන්න පුලුවන් නන් 🤗
හැබැයි එහෙම විකුණන එකෙනුත් ප්රතිලාභ ගන්න පුලුවන්.එකක් තමයි තව තවත් පාඩු ලබන එක අවම කර ගන්න පුලුවන් වෙන එක.ඒ වගේම එම කොටසම උනත් ඊට වඩා පහල මිලකදි නැවත මිලදී ගන්න පුලුවන් හැකියාව ලැබෙන එක.
මිල ඉහල යන අවස්තාවක උනත් ඒ දේම තමයි ඉතින් .ඒකට ඇත්තටම නිවැරැදි අවබෝධයක් තියෙන්න ඕනේ.
නිවැරැදි තැන නිවැරැදි තීරණ ගන්න එක තමයි කොටස් වෙලදපලේ තියෙන අවදානම.පාඩුවක් හරි ලාභයක් හරි වාසනාව තමයි ,වෙලාව තමයි කියලා අත පිහදාගන්න අයටනන් කොටස්වෙළදපල එච්චර හොද තැනක් නෙමෙයි.එහෙම අයට තමයි මේක සූදුවක් විදියට පේන්නේ.
" බලා සැනසෙන්නට නොව සොයා විමසන්නට"
දිහාර ද සිල්වා ❤️❤️
Read More

Monday, November 25, 2019

Investing in Stock Market (Colombo stock exchange)

8:28 PM 13

The stock market is Climbing in Sri Lanka

Today I decided to give you a brief introduction to Colombo Stock Exchange which is a trending topic in Sri Lanka these days.
If an investor wishes to buy or sell shares through the Stock Exchange, the first thing that he/she should do is to open a Securities Account in the Central Depository System. 

Central Depository System

Central Depository System - Colombo Stock exchange
The Central Depository System (Pvt) Ltd. (CDS) is a depository for all securities traded on the Colombo Stock Exchange (CSE). It also handles the post-trade clearing and settlement of the secondary market transactions on the Colombo Stock Exchange. The CDS was incorporated in 1991 and it is a fully owned subsidiary of the Colombo Stock Exchange. The CDS is registered as a Clearing House by the Securities and Exchange Commission of Sri Lanka (SEC).  This registration is renewed annually.

The CDS functions as a depository to hold securities in trust on behalf of shareholders of companies and provides depository, clearing and settlement services for equities (shares, preference shares, warrants)  and fixed income securities (Corporate and Government Debt). Securities are held by the CDS in a dematerialized (electronic) form. The Securities and Exchange Commission of Sri Lanka has made it mandatory to convert any physically held share certificates to electronic form by 31 December 2011.

The CDS opens and maintains CDS accounts on behalf of account holders through 43 participant organizations of the CDS. The CDS has granted participant status to 27 Stock Brokers of the Colombo Stock exchange and 16 Commercial Banks (Custodian Banks). The participant organizations have access to all CDS services. Account-holders are required to use the services of participants to access the CDS services and it is possible to use more than one participant.

Opening and maintenance CDS Accounts

If an investor wishes to buy or sell shares through the Colombo Stock Exchange he/she should open a Securities Account in the CDS through a Participant organization (a stockbroker or a custodian bank). The applicant has to submit the duly completed Client Account Opening Forms together with the relevant supporting documents to the Participant. After scrutinizing the account opening documents inclusive of the supporting documents the CDS will register the applicant in the CDS system.

Once the registration process is completed the CDS system will generate an acknowledgment slip with the Client Account Number and this acknowledgment would be handed over to the Participant confirming the CDS account opening. The client account number will be the national Identity card number/ passport number of the client along with the broker code.

Registration of ownership

Registration of ownership in the CDS is automatic on the conclusion of a transaction of shares in a company listed on the Colombo Stock Exchange. The quantity of shares purchased is instantly credited to the CDS account of the purchaser. The Companies Act has provided for the person who purchases shares in a listed company to be deemed a shareholder in that company.

Documents required to open CDS account

Residents with normal identification

1. A clear photocopy of the National Identity Card (NIC).
  •  If the NIC is not available a copy of a valid Passport as at the date of the Account being opened at the CDS.
  • An account holder can open CDS accounts with more than one participant
  • In the event an existing CDS account holder registered under a NIC has lost/misplaced the NIC and is unable to submit a copy through the new participant, the CDS will accept a copy of a valid passport which bears the NIC number. This should be submitted together with a sworn affidavit stating the fact that the NIC is not available.
  • In the event, both the NIC and Passport are not available, a copy of the Driving License should be submitted, together with an Affidavit confirming the fact that both NIC and Passport are not available.
2. Proof of residency document Such as an electricity bill, telephone bill etc

Non-resident Sri Lankans
In the event a resident Sri Lankan becomes a non-resident that person would have to open a new (Foreign) account. In such an instance the following documents relating to opening a foreign Client account need to be submitted.

A copy of the Sri Lankan valid Passport.

Proof of residency document as per the Rules issued by the Financial Intelligence Unit of Sri Lanka
SIA (Securities Investment Account) account details with documentary proof.Apart from this, there are some other CDS forms that the investor has to fill.

The CDS offers the facility of changing client account information.

CDS statements

CDS will forward to the account holder a statement if such account was active during a particular month (monthly statement) and will  forward to the account holder a quarterly statement if such account was active during the preceding three months (quarterly statement). An active account is an account with at least one transaction (purchase/sale/deposit/withdrawal/transfer) during the period/s referred to above.
CDS will forward a statement annually as at 31st March  to inactive account holders (accounts with no transactions for a period of 12 months) having credit balances.

Where an account holder wishes to change any particulars in the account, the account holder shall submit a letter indicating the desired changes together with any supporting document (relevant to the particular change) to the participant. The Participant shall verify the accuracy of information provided by the client and authenticate the signature before submitting the documents to the CDS. The CDS shall effect changes after verifying the documents submitted.

Locked account

The CDS also provides a service whereby shareholders of securities who do not wish to trade their securities, to "lock" their securities in a separate locked balance in their own CDS accounts. Once securities are  "locked"  in this manner such securities would not be visible to the CDS Participants (Stock Brokers and Custodian banks) thereby maintaining the confidentiality of the information and also safeguarding the account holder/shareholder from any possible unauthorized transaction by a Stock Broker. Trading on locked balances would be suspended.

Securities could be unlocked from a locked balance and transferred to the trading balance of the CDS account holder only with the written authority given by the CDS account holder to the CDS through the relevant Participant.( (Stock Broker and Custodian bank)

Dematerialization Service (Deposit of securities)

Dematerialization is the process by which the physical certificates of a shareholder of a listed company are converted to an electronic form.

A shareholder could only sell securities that are held electronically through a securities account in the CDS. The process of dematerialization requires the CDS account holder to submit the physical certificate and duly signed transfer form to CDS through the relevant CDS participant. The CDS will deposit the quantity of securities to the relevant securities account the same day.

Rematerialisation Service (Withdrawal of securities)

Rematerialisation is the process by which the electronic securities balances of a shareholder of a listed company get converted back to certificate form.

A CDS account holder could obtain a securities certificate for purposes of pledging. The Account holder is required forward the relevant duly signed transfer form to CDS through the relevant CDS Participant. The CDS will withdraw the shares from the relevant securities client account and forward the relevant documents to the respective company secretary. The company secretary is required to submit the relevant securities certificate to CDS before expiry of seven (07) market days of lodging a valid transfer with them. The CDS Participant is then required to collect the securities certificate from CDS and forward the certificate to the account holder.

Transfer service

A CDS account holder has the facility of transferring the securities between securities accounts opened through different CDS Participants. Gifts are possible between immediate family members and have to be approved by the Securities and Exchange Commission of Sri Lanka. Such transfers attract a stamp duty. A CDS account holder who wishes to transfer securities must forward the relevant transfer documents through the relevant CDS Participant.

Corporate Action Service

The CDS facilitates the distribution of corporate actions by providing the entitlement schedules to the Company Secretary or Registrar enabling the Company Secretary or Registrar to identify the shareholders who are entitled to the corporate action. Distribution of dividends is handled by the Company Secretary or Registrar. In the case of Stock Splits or Rights issues, the new shares will be directly uploaded to the respective account holders’ securities accounts in the CDS.

Transmissions

The transmission of shares to the heirs of a deceased shareholder is done by forwarding the necessary documents such as the probate or letters of administration to the CDS through the CDS Participant and registering the same with the relevant company secretary. Stamp Duty is payable to the Department of Inland Revenue for such transmission of shares.

Nominations

A facility is available whereby account holders could nominate another person/s to receive shares in the event of the death of the account holder. This has been provided for by law through an amendment to the civil procedure code. The transmission of securities where a nomination has been made eliminates the need for legal documentation such as probate or letters of administration and expedites the process of transfer of shares to the named beneficiaries.

Settlement

Equities are settled on a trade by trade basis followed by funds settlement 3 days later (T+3). Stock is transferred on trade date and cash transfers are on T+3. Settlement cycles are flexible for Government securities and Corporate debt securities at the discretion of the parties entering into the trade. Cash settlement is through one of the four commercial banks appointed by the CDS to act as settlement banks.

Instructions to CDS

All Instructions to the CDS have to be forwarded to the CDS through the relevant participant. All instructions to the CDS should be in the relevant CDS form except in the case of address changes where a letter signed by the account holder should be furnished with a proof of residency document.

You can find more articles about the Colombo Stock exchange in future articles. So please subscribe to the website for future updates on Colombo stock market.

Follow my blog with Bloglovin
Read More

Tuesday, November 20, 2018

අන්තර්ජාලය හරහා කොටස් ගනුදෙනු කිරීම

1:52 PM 0
අන්තර්ජාලය හරහා කොටස් ගනුදෙනු කිරීමේ වාසි හා අවාසි

දැන් දැන් හුඟක්ම ආයෝජකයින් අන්තර්ජාලය හරහා කොටස් ගනුදෙනු කිරීමට වැඩි කැමැත්තක් දක්වනවා, හේතුව තමයි දැන් විශාල වෙබ් අඩවි ප්‍රමාණයක් තිබෙනව, ඉක්මනින්ම පොහොසත් වෙන්න පුළුවන් කියල පොරොන්දු දෙන. කොහොම උනත් අන්තර්ජාලය හරහා කොටස් ගනුදෙනු කිරීමේ වාසි වගේම අවාසිත් තිබෙන බව මතක තබා ගත යුතුයි. කොටස් වෙළඳපළ කියන්නෙ හරිම සංකීර්ණ යන්ත්‍රයක් වගේ දෙයක්, හරියට, අදාල විදිහට ක්‍රියාත්මක කළේ නැතිනම් හරිම අවදානම් දෙයක්. 
ආයෝජන උපදෙස් නොදෙන තැරැව්කාර ආයතනයක් හරහා නම් ඔබ කොටස් ගනුදෙනු කරන්න හදන්නෙ, කොටස් වෙළඳපළ හා එහි ක්‍රියාකාරිත්වය සම්බන්ධයෙන් ඉහළ දැනුමක් ඔබට අනිවාර්යයෙන්ම තිබිය යුතු වෙනවා. නැතිනම් ඔබට ලාභයක් ගන්න නම් බැරි වේවි. තැරැව්කරුවෙක් කියන්නෙ කොටස් වෙළඳපළ හා සම්බන්ධ වී කොටස් ගනුදෙනු කළ හැකි ආයතනයක්. ඔබ තනිවම කොටස් ගනුදෙනු කළත් කරන්නෙ ඒ තැරැව්කරුවා හරහාම තමයි. (ලංකාවෙ සියළුම තැරැව්කාර ආයතනයන්ම ආයෝජන උපදෙස් ලබා දෙනවා, ඒ නිසා ඒ ගැන බයක් වෙන්න ඕනෙ නෑ.)


කොටස් මිලදී ගැනීම, විකිණීම සැලැසුම් සහගතව කළ යුත්තක්. ඒ එක්කම ඔබට පුළුවන් වෙන්න ඕනෙ, වෙලදපළ තත්වය සම්බන්ධයෙන් විශ්ලේෂනාත්මකව පරික්ෂා කරලයි කොටස් ගන්න/විකුණන එක තීරණය කරන්න ඕනෙ, අරක හොඳයි මේක හොඳයි කියල හිතෙන හිතෙන විදිහට කොටස් මිලට ගන්න නරකයි. එක එක තැරැව්කරුවන් එක එක විදිහෙ Trading Platforms (trading software) ලබා දෙනවා, ඒ එක එකක තිබෙන දේවල් වෙනස්. (සමහර ඒවයේ market analysis reports පවා තිබෙනව, සමහර ඒවයෙ නෑ). ඔබට පරික්ෂා කරල බලන්න Demo account එකක් වගේ ගන්න පුළුවන් නම්, ඔබට පහසුවෙයි එක එක ඒවායෙ තිබෙන වාසි අවාසි දැනගන්න. (අවාසනාවට ලංකාවෙ නම් එහෙම ගන්න බෑ)

හොඳම ක්‍රමය තමයි, ඔබගේ උපදේශකගෙන් උපදෙස් ගන්න ගමන්ම, තමනුත් හොඳින් වෙළඳපළ අධ්‍යයනය කිරීම. එතකොට ඔබටත් පුළුවන් යම් තීරනයක් ගන්න, සහ ඔබගේ උපදේශකගේ තීරණයේ නිරවද්‍යතාවය තහවුරු කරගන්න. ඒත් එක්කම විශ්වාසයකින් යුතුව ආයෝජනයක් කිරීමේ හැකියාව ඔබට ලැබෙනවා. 

ඒත් එක්කම ඔබගේ ඉලක්කය ගැනත් සිතිය යුතුයි, මම මීට පෙර ලිපියකත් ඒ ගැන කියල තියෙනවා, ඒ ඉලක්කයට අනුවයි ඔබ ක්‍රියාත්මක විය යුත්තේ. 

Read More

Monday, February 23, 2015

කොටස් වෙළඳපළ නව ප්‍රවණතා පිළිබඳ ඔබ දැනුවත්ද?

9:07 PM 10
කොටස් වෙළඳපළ නව ප්‍රවණතා පිළිබඳ ඔබ දැනුවත්ද? 

කොළඹ කොටස් වෙළඳපළ පිළිබඳව අධ්‍යාපනික සම්මන්ත්‍රණ මාලාව.


Read More

Monday, November 15, 2010

ආයෝජනයකදී සිදුවන යාන්ත්‍රණය - කතාවකින්

6:00 AM 19
අද කතාවක් හරහා තමයි මේක විස්තර කරන්න හදන්නෙ. යම් සමාගමක් බිහිවීමේ සිට කොටස් මිලට ගැනීම, විකිණීම, කොටස් මිල ඉහළ යාම, පහළ යාම....... කියන දේවල් වෙන හැටි අපි අද කතාවක් අනුසාරයෙන් බලමු.

ව්‍යාපාරයක් ඇරඹිණි (Company/Business started)
සිරිල් කියන්නෙ හොඳ ගොවියෙක්. ඔහුට ආසාවක් ඇති උනා, පොල් වත්තක් අරඹන්න. මොකද ඔහුට තේරුනා ඒ සඳහා හොඳ ඉල්ලුමක් තියෙනවා කියල. ඉතින් ඔහු ඔහු ලඟ තිබෙන මුදල් හා ණය මුදලක් අරගෙන ගැළපෙන විදිහෙ ඉඩමක් හා තවත් දේවල් කිහිපයක් මිලට ගත්ත. නමුත් ඔහුට අමතක උනා පොල් පැළ ගන්න මුදල් අවශ්‍ය වග. හොයාගෙන යනකොට ඔහුට හම්බ උනා ඉතා ඉක්මනින් ඵලදාවක් ලබා දෙන පොල් විශේෂයක් විකුණන තැනක්. ඔහුට අවශ්‍ය පැළ ලබා ගන්න රු.5,000ක් අවශ්‍ය උනා. නමුත් ඔහු ලඟ තියෙන්නෙ රු.2,500ක් පමණයි. ඉතින් මොකද කරන්නෙ???

වර්ධනය සඳහා මුදල් රැස්කිරීම වෙනුවෙන් ජනතාවට ආයෝජනයට අවස්ථාව ලබා දීම. (Initial Public Offering for raising capital)
සිරිල් මොකද කරන්නෙ, තමුන්ගෙ හොඳම මිතුරන් 5 දෙනෙක් හමුවෙන්න යනව, ඔබත් එක්කෙනෙක්. ඔහු ඔබ එකිනෙකාගෙන් රු.500 බැගින් ඉල්ලා සිටිනවා. ඔහු ඒක ණයක් වශයෙන් නෙමෙයි ඉල්ලන්නෙ, මොකද ඔහුට හරියටම කියන්න බෑ ණය ගෙවීම සඳහා ඔහුට ආදායමක් ලැබෙයිද කියල, නමුත් ඔහු පොරොන්දු වෙනවා තමුන්ට ලැබෙන ආදායමෙන් කොටසක්, ඔවුන් දුන්නු මුදලට අනුව ලබා දෙන්න. ඔවුනුත් ඊට ඒකට එකඟ උනා.
වෙනත් වචනවලින් කිව්වොත් මෙතන සිද්ද උනේ සිරිල් තමුන්ගේ පොල් වත්තෙන් කොටසක් තමුන්ගේ මිතුරන්ට ලබා දීම. (shares)

සහකරුවෙකු හා කොටස් හිමියෙකු වීම අතර වෙනස (Partners and Share Holders)
ඉතින් මේ පොල් පැළ ඉතාම වේගයෙන් වැවුනා, පළමු අවුරුද්දෙම ඵලදාව හටගත්ත. මුලින්ම පොල් ගෙඩි 100ක් හැදුන. ඉතින් පොල් පැළ වෙනුවෙන් සිරිල් 50%ක් වියදම් කරපු නිසා ඔහු පොල් ගෙඩි 50 තියාගෙන ඉතිරි පොල් ගෙඩි 50 මිතුරන් 5 දෙනා ඒ කියන්නෙ ආයෝජකයින් 5 දෙනා අතරේ සමව බෙදල දෙන්න තීරණය කළා. ඔවුන්ට මේ පොල් ගෙඩි පරිභෝජනය කරන්නත් පුළුවන් විකුණන්නත් පුළුවන්.
ඉතින් මේ ආයෝජකයින් එකතු වෙලා පොඩි සාකච්ඡාවක් පැවැත්වුවා. එයාල එයාලගෙ කොටස් ලබා ගන්නවද නැතිනම් සිරිල්ටම ඒ පොල් ගෙඩි ටික විකුණන්න කියල මුදල ගන්නවද කියල. ඔවුන් තීරණය කළා සිරිල්ටම පොල් ගෙඩි ටික විකුණන්න ඉඩ දීල ලාභය අතට ගන්න. (General meeting) ඉතින් සිරිල් ඒ ටික විකුණල, ලාභය ඔවුන්ට ලබා දුන්න. ඒ විතරක් නෙමෙයි සිරිල් පොඩි ලියවිල්ලක් හැදුව "සිරිල් සහ සමාගමේ එක් කොටසක් ඔබට හිමියි. ඒ සඳහා සමාගමේ ලාභයෙන් 10%ක් ඔබට අයිතියි" කියල. 

අව මිල සහිත සිරිල්ගේ සමාගමේ කොටස් අලෙවි වෙයි (Trading of Undervalued Stocks)
ඉතින් ඔන්න දැන් සිරිල්ගේ පොල් වත්ත ඉතාම සරුසාරයි. දැන් ඔහුගේ වත්තෙන් පොල් ගෙඩි 500ක ඵලදාවක් තිබෙනවා. ඔහු ඒ පොල් ගෙඩියක් රු. 20 ගණනේ විකුණනවා. ආදායම රු. 10,000/=යි.  ඔහු දැන් මිතුරන්ට (කොටස් හිමියන්ට) රු. 1,000 ගණනෙ ලබා දෙනවා. සිරිල් තමුන්ගේ රු. 5,000න් තවත් පොල්පැළ මිලට ගෙන සිටුවනවා. ඒවාත් ඉතාම වේගයෙන් වැඩිල, ඵල හට ගන්නවා. දැන් සිරිල්ට රු. 20,000ක ආදායමක් ලැබෙන පොල් වත්තක් තිබෙනවා.
ඉතින් මේක දැකපු සිරිල්ගේ අසල්වැසියෙක් වන නිමල්ටත් මේකට සම්බන්ධ වෙන්න ඕනෙ වෙනවා. ඒ අතරේ සිරිල්ගේ සමාගමේ කොටස් හිමියෙක් වෙන සුනිල් තමුන්ගේ කොටස් විකුණන්න කැමත්තෙන් ඉන්නවා. ඉතින් නිමල්, සුනිල්ට රු. 500ක් (bid price) දෙන්න කැමතියි මේ කොටස මිලට ගන්න. ඒත් සුනිල් මෝඩ නෑ, ඔහු දන්නවා දැනටමත් මේ සමාගම කොටසකට රු. 2,000ක් උපයනවා කියල. ඉතින් සුනිල් ඒ කොටස සඳහා රු. 2,000ක් ඉල්ලනවා (ask price) නිමල්ගෙන්.නිමල් එවෙලෙම කැමති වෙලා කොටස ඒ මිලට, මිලට ගන්නවා. (trading happens)

පොඩි රැවටිලිකාර දෙයක් සිද්ධ වෙනවා. (Bubble Formed)
සිරිල්ගේ අනෙක් කොටස් හිමි මිතුරන් දකිනවා සුනිල් කරපු දේ හා ඔහුට ලැබුනු මුදල, ඉතින් ඔවුන්ටත් තමුන්ගේ කොටස් විකුණන්න ඕනෙ වෙනවා. (කොටස් හිමියන්) අනිත් පැත්තෙන් සිරිල්ගේ තවත් අසල්වැසියන්ට මේකට සම්බන්ධ වෙන්න ඕනෙ වෙනවා (ආයෝජකයින්),  ඔවුන් දැක්කනෙ නිමල්ගේ ආයෝජනය කෙතරම් ඉක්මනින් සිදු උනාද කියන එක.
ඉතින් මෙහෙම එහෙට මෙහෙට කොටස් අලෙවි වෙලා, (trading of shares) කොටසක මිල රු. 5,000 දක්වා ඉහළ යනවා. ඒක සිරිල්ගේ පොල් වත්තේ ආදායමටත් වඩා ඉහළ අගයක්. (කොටස් අධි මිලට අලෙවි වෙනවා) සිරිල්ගේ මුල්ම ආයෝජකයින්ගෙන් එකම එක්කෙනෙක් පමණයි තවමත් තමුන්ගේ කොටස තියාගෙන ඉන්නෙ. ඒ ගයාන්. රු. 6,000ට ඉල්ලුවත් ඔහු ඒක තියාගෙන ඉන්නෙ, ඒකෙන් තමුන්ට ස්ථිර ආදායමක් ලැබෙන නිසයි. (fixed income=dividends) 
ඉතින් මේ අතරෙ, පොල් කුරුමිණියෝ නිසා සිරිල්ගේ මුලු පොල් වගාවම විනාශ වෙනවා, වසරකම ආදායම නැති කරල දාමින්. ඉතින් කොටස් හිමියන්ට හරිම ප්‍රශ්නයක්, ඇයි ඔවුන් කොටස් මිලට ගත්තේ තමුන්ගේ වැඩ වලට ඉතිරි කරගත්තු මුදල් වලින්නෙ. (margin traded)

රැවටිල්ල කඩා වැටෙනවා (Bubble Bursts)
ඉතින් යළි මුදල් අවශ්‍ය කොටස් හිමියන්ගෙන් දෙදෙනෙක්, තමුන්ගේ කොටස් යළිත් රු. 2000ට ගයාන්ට විකුණනවා. (කොටස් මිල පහළ යනවා) දැන් ඔහු ලඟ සිරිල්ගේ සමාගමේ කොටස් 3ක් තිබෙනවා. අනිත් කොටස් හිමියන් දෙදෙනාත් ඒකම කරන්න උත්සාහ කළත් ගයාන්ට කොටස් 3ක් ඇති, ඉතින් ඔහු තවත් මිලට ගන්න සූදානම් නෑ.
ඉතින් දැන් අනිත් කොටස් හිමියන් දෙදෙනාට හරිම ප්‍රශ්නයක්. ඉතින් මෙන්න ජයන්ත මේ කොටස් වලට රු, 1,500ක් ගෙවන්න කැමතියි. මොනව කරන්නද, ඒ කොටස් හිමියන් දෙදෙනා රු. 1,500 බැගින්තමුන්ගේ කොටස් දෙක ජයන්තට ලබා දෙනවා. (තවත් කොටස් මිල පහළ යනවා)
මේ කෙසේ වෙතත් සිරිල්ගේ පොල් වලට තිබෙන ඉල්ලුම එහෙමමයි,ඉතින් සිරිල්ට කොහොම හරි මේ පොල් කුරුමිණියන් ඉවත් කරල ආපහු පොල් ගස් ටික ගොඩ ගන්න ඕනෙ. නමුත් ඒකට කෘමිනාශක ගන්න සිරිල්ට මුදල් අවශ්‍යයි. 

සිරිල් බැඳුම්කර නිකුත් කරයි. (Issuing of Bonds)
ඔහුගේ මිතුරන්ට සිදුවූ බොරුව නිසා යළිත් කොටස් නිකුත් කරන්න සිරිල්ගෙ උනන්දුවක් නෑ. ඔහු හිතනවා ණය මුදලක් ගන්න. නමුත් එකක් දැනටමත් අරගෙන නිසා ඔහුට යළිත් ණයක් ගන්න බෑ. 
ඉතින් ඔහු බලනවා ඔහු ලඟ තිබෙන උපකරණ වලින් විකිණිය හැකි දේවල් තිබෙනවාද කියල. ඔන්න ඔහුට එනවා හොඳ අදහසක්. ඔහුගේ ලඟ තිබෙනවා භාජන ටිකක්. පොල් ඵලදාව නැතිව ඒවායින් වැඩක් නෑ, නමුත් යළිත් ඵලදාව ලැබෙනකොට ඒවා ඕනෙ වෙනවා. 
ඉතින් සිරිල් කතා කරනවා ඔහුගේ අසල්වැසියා නිමල්ට. 
"නිමල් මගෙ මිත්‍රයා, මම ඔබත් එක්ක පොඩි ගනුදෙනුවක් කරන්න කැමතියි. මගෙ මෙන්න මේ භාජන ටික රු. 5,000ක් වටිනවා. නමුත් මම හැමතියි ඒව ඔබට රු. 3,000ට විකුණන්න. නමුත් ලබන මාසයේදී මම ඒවා ඔබෙන් යළි මිලට ගන්නවා රු. 5,000ට" හ්ම්ම්. නිමල් මේ ගැන හිතල බලනවා, නරකම දෙයක් උනොත් ඔහුට ඒ භාජන ටික විකුණල දාන්න පුළුවන්නෙ. නැත්තම් මේක ලාභදායක වැඩක්නෙ, ඉතින් ඔහු ඒකට කැමති වෙනවා. ඉතින් ඒ ගනුදෙනුව සිද්ධ වෙනවා.
"මේකනෙ නිමල්, මේ ටික එහාට මෙහාට ගෙනියන එක කරදරයිනෙ, ඉතින් අපි මෙහෙම කරමු" කියපු සිරිල්, මේ ගනුදෙනුවට ලියවිල්ලක් සකසනවා. 
නිමල් මෙහෙම අහනවා "මොකද්ද පොරොන්දු පත්‍රයක්ද?"
සිරිල් කියනවා, "ඔව් ඒ වගේ එකක් තමා, නමුත් අපි මේකට බැඳුම්කරයක් (Bond) කියල කියමු."
ඔන්න ඉතින් ඒ මුදලෙන් සිරිල් කෘමිනාශක අරගෙන ඔක්කොම පොල් කුරුමිණියන් ඉවත් කරල ආපහු පොල් වත්ත ගොඩ ගන්නවා. අර කිව්ව කාලයට පස්සෙ නිමල්ට මුදල් පොරොන්දු වූ පරිදි මුදල් ගෙවල යළිත් ඒ භාජන වල අයිහියත් ලබා ගන්නවා.

යළිත් ඔක්කොම යථා තත්වයට.

මොකද්ද මේකෙන් ඉගෙනගන්න පුළුවන්?
මේ කථාව හරහා කොටස් වෙළඳපළ ආයෝජනයේ සියළුම කොටස් නම් ආවරණය උනේ නෑ. නමුත් මෙහිදී එක් දෙයක් ඉතාම තදින් කියවුනා, ඒක තමයි, සිරිල්ගේ සමාගමේ කොටස් වල මිල තීරණය උනේ ආයෝජකයින්ගේ අදහස් මත කියන එක. ඒක සිරිල්ගේ පොල් වත්තේ ආදයම මතම යැපුනේ නෑ. 
කොටස් වෙළඳපළ කියන්නේ වෙන්දේසියක්. කිසිම කොටසකට අදාල වටිනාකමක් නෑ. හැම වෙලේම ඒ වෙලාවට අනුව ඒ කොටසේ වටිනාකම වෙන්නෙ ඒ වෙලාවේදී ආයෝජකයින් ඒ වෙනුවෙන් වියදම් කරන්න බලාපොරොත්තු වෙන මිලයි. 
මේ වටිනාකමේ විචලනය හරහා තමයි ආයෝජකයින් ලාභ ලබන්නේ. ඒක එක් වෙලාවකට නරකටත් තවත් වෙලාවක හොදටත් හිටිනවා. ඔබ අවමිලට කොටසක් ගත්තොත් ඔබල ලාභ ගන්නත්, අධිමිලට කොටසක් ගත්තොත් ඔබට අලාභයක් සිදුවෙන්නත් සිදු වෙනවා.

සියළු ලිපි සඳහා ඊ මේල් ලිපිනයෙන් අප හා එක්වන්න:  
අනෙකුත් RSS පෝෂක ලබා ගැනීමට මෙතනින් යන්න.
Read More

Sunday, July 25, 2010

"CSE Talk" Forum එක අළුත් තැනකට

6:00 AM 0


අපේ "CSE Talk" Forum එකේ පහුගිය සති කිහිපයේ පොඩි පොඩි ලෙඩ ටිකක් තිබ්බ. ඉතින් දැන් ඒ ටික හදාගෙන ෆෝරම් එක අළුත් තැනක අළුත් පෙනුමකින් ක්‍රියාත්මකයි. තාම පොඩි පොඩි DNS issues කිහිපයක් තියෙනව. ඒ ටික අද හවස් වෙනකොට හරියාවි.


එහෙනම් හැමෝටම ආරාධනා කරනවා, පරණ විදිහටම ෆෝරම් එකක් එක්ක එකතු වෙලා, ප්‍රශ්න වලට පිළිතුරු ලබා ගන්න ගමන්ම තමුන්ගෙ දැනුමත් බෙදාහදා ගනී කියල.


Read More

Monday, July 5, 2010

CSE is to hold a forum in 2011

12:03 PM 0
Colombo Stock Exchange (CSE) is to hold a high-profile Investor Forum in Sri Lanka early part of 2011, through a Public Private Partnership in a bid to place the country’s investment sector on a global scale through world-class promotional activities. 

Speaking to The Bottom Line, CSE Director, Hiran de Alwis said that Colombo Bourse had planned to hold such a high-profile forum to put Sri Lanka on investor’s map as a holistic approach to win investors. 

“Although CSE became the second best performing stock exchange for 2009, we believe that it can achieve much more in terms of bringing more local and foreign investors. Both these issues have been highlighted in our Annual Report released recently. As a nominee of the Finance Ministry, I presented a proposal to organise this event as a Public Private Partnership and it was well-accepted,” de Alwis. 

“The CSE believes that the time is ripe for placing the investment story of Sri Lanka on the world stage through high profile promotional activities and will be happy to work in partnership with the relevant agencies of the government in such an endeavour,” CSE Chairman, Nihal Fonseka said in the Annual Report. 

CSE was looking at spearheading the project in partnership with Board of Investment of Sri Lanka (BoI) in concurrence with Ministry of Economic Finance and Ministry of Finance.
The event was scheduled for early part of 2011, possibly in parallel to the Cricket World Cup Tournament. “You see this is an image building exercise which will be a great boon to our country’s economy. Not only the broker community but all stakeholders will benefit from this in terms of investment inflow and employment generation on a macro level,” de Alwis said. “I think the time is right. Foreign investors are looking at huge volumes and presently the CSE is exploring possibilities of how we can increase its magnitude and liquidity,” he added.

Adopted from "The Nation"............
Read More

Wednesday, June 30, 2010

කොළඹ කොටස් නිකුතුවේ ශාඛා වලින් ඇති ප්‍රයෝජන

4:00 PM 3
කොළඹ් කොටස් නිකුතුව තම ශාඛා රට වටා ඇති කිරීම තුළින් විශේෂයෙන්ම බලාපොරොත්තු වෙන්නේ ඒ ඒ ප්‍රදේශ වල සිටින ආයෝජකයින් සම්බන්ධ කරගැනීම හරහා ආයෝජන දිරිමත් කිරීමයි.
මෙම ශාඛා විවිධ, කොටස් වෙළඳපළ සම්බන්ධ ක්‍රියාකාරකම් වලට ආයෝජකයින්ට සහය ලබා දෙනවා.
  • කොටස් වෙළඳපළට සබඳතාවය
  • තැරැව්කාර සමාගම් වලින් ලබාදෙන සේවාවන් (කොටස් මිලට ගැනීම/විකිණීම, මුදල් ගෙවීම්, වෙනත් දේ)
  • ආයෝජන උපදෙස්
  • ආයෝජන සම්බන්ධ ලේඛන (ගිණුම් ඇරඹීම, මුදල් ලබා ගැනීම/තැන්පත් කිරීම, වෙනත්)
  • සමීක්ෂණ වාර්තා
  • සමාගම් වල වාර්ෂික වාර්තා
  • කොටස් නිකුතුව මගින් පල කරන පොත් පත්
හා තව බොහෝ සේවා මෙම ශාඛා වලින් සිදුවනවා.
මෙම ශාඛා, එම ප්‍රදේශයේ සිටින්නන්ට, කොටස් වෙළඳපළ තුළ ආයෝජනය කර, ලාභ ලබා ගැනීමට මහඟු අවස්ථාවක් ලබා දෙනවා.
මෙම ශාඛා වලින් සිදු කරන තවත් සේවාවක් තමයි, කාලයෙන් කාලයට එම ශාඛාව තුළ/ආයතන/පාසල් තුළ, කොටස් වෙළඳපළ සම්බන්ධයෙන් දේශන හා වැඩමුළු සංවිධානය කිරීම, මේවාට සහභාගි වීම තුළින් එම ප්‍රදේශයේ ජනයාට කොටස් වෙළඳපළ ආයෝජනය ගැන ඉගෙනගන්න පුළුවන්.
ලංකාව තුළ මෙහෙම ශාඛා 5ක් තිබෙනවා.
  • මාතර
  • මහ නුවර
  • කුරුණෑගල
  • මීගමුව
  • යාපනය
මාතර ශාඛාව
1999 වර්ෂයේ විවෘත කෙරුනු මෙය, කොළඹ කොටස් නිකුතුවේ පළමු ශාඛාව වෙනවා. මෙය තුළ දැනට තැරැව්කාර ආයතන 6ක් ක්‍රියාත්මකයි.
ලිපිනය: දුම්රිය පළ පාර, මාතර.

මහ නුවර ශාඛාව
මෙය දෙවන ශාඛාවයි, විවෘත කළේ 2003 වර්ෂයේ. මෙය තුළ දැනට තැරැව්කාර ආයතන 7ක් ක්‍රියාත්මකයි.
ලිපිනය: CeyBank House, දළදා විදිය.

කුරුණෑගල ශාඛාව
2005 වර්ෂයේ ආරම්භ කෙරුනු මෙය තෙවන ශාඛාවයි. තැරැව්කාර ආයතන 6ක් මෙතුළ ක්‍රියාත්මක වෙනවා.
ලිපිනය: පළමු මහල, Union Assurance Centre, රජපිහිල්ල මාවත, කුරුණෑගල.

මීගමුව ශාඛාව
තැරැව්කාර ආයතන 4ක් මෙතුළ ක්‍රියාත්මක වන අතර, මෙම ශාඛාව ඇරඹුනේ 2005 වර්ෂයේදීය. මෙය කොළඹ කොටස් නිකුතුවේ සිව්වන ශාඛාවයි.
ලිපිනය: පළමු මහල, Jude City Building, ග්‍රීන්ස් පාර, මීගමුව.

යාපනය ශාඛාව
මේ වසරේ අප්‍රේල් 27වන දින ඇරඹුනු මෙය, පස්වන ශාඛාවයි. තැරැව්කාර ආයතන 6ක් මෙම ශාඛාව තුළ ක්‍රියාත්මකයි.
ලිපිනය: රෝහල පාර, යාපනය.

මෙන්න මේව තමා, කොළඹ කොටස් නිකුතුවේ ප්‍රාදේශික ශාඛා. ඒ ඒ ප්‍රදේශ වල ඉන්න ජනතාවට, මෙම ශාඛා මගින් කොටස් වෙළඳපළ ආයෝජන කටයුතු වලට අදාල සියළුම දේවල් කරගන්න පුළුවන්. සරළව කිව්වොත් හැම දේම එකම වහලක් යටින් කරගන්න පුළුවන්.
Read More

Monday, April 12, 2010

කොටස් වෙළඳපළ ආයෝජනය ගැන වචන කිහිපයක් (Investing in Colombo Stock Exchange)

9:10 AM 26

මම පොඩ්ඩක් කොටස් වෙළඳපළ ගැන ලියන්න හිතුව, වැඩේ නම් අමාරුයි. මොකද ඒකෙ තියෙන වචන වලට සිංහල වචන මට හොයන්න වෙනව, සිංහල ඉංග්‍රීසි කලවමේ ලියනකොට තියෙන අමාරුවත් දන්නවනෙ? කොළඹ කොටස් වෙළඳපළ වෙබ් අඩවියෙන් තොරතුරු අරන් තමයි ලියන්න වෙන්නෙ, ඒක පරිවර්තනයත් ලේසි නෑ.
අමාරුයි කිව්වට අත ඇරියෙම නෑ, වචන දෙක තුනක් හරි ලියන්න හිතුව. සරළම අදහසක් ලබා දෙන්න.
මුලින්ම කියන්නම්, මම මේ ක්ෂේත්‍රයට ආවෙ මේ අවුරුද්දේ මුල, ඒ කියන්නෙ මගෙ දැනුම අතිශය පොඩ්ඩයි කියන එක. නමුත් ඒ දන්න දෙයින් මට පොඩි හරි වැඩක්කරගන්න පුළුවන් සහ, මම මේ වෙනකොට කිහිප දෙනෙක්ව මේකට ඇදල අරගෙන තියෙනව. පොඩි උපදෙසක් උනත් දෙන්න බැරි කමක් නෑ.

කොටස් වෙළඳපළ, කොටිම කිව්වොත් මේක ගමේ පොළ වගේ තමා, හැමෝටම ඕනෙ තමුන් ලඟ තියෙන ඒව වැඩිම ගාණට විකුණ ගන්න, හැමෝටම ඕනෙ හැම එකක්ම අඩුවට ගන්න. එතනයි තරඟය තියෙන්නෙ.
මෙහිදී වෙන්නේ, ඔබට හැකියාව තිබෙනව මෙතන ලැයිස්තුගත ආයතන (කොම්පැනි ) වලට ඔබේ මුදල් යොදවල ඒවායේ කොටස් මිලට අරගෙන ඒ කොම්පැනි වල ක්‍රියාකාරිත්වයට සුළු ප්‍රමාණයකින් හෝ දායක වෙන්න. ඔබ ඇත්තටම එම ආයතන වල කොටස්කරුවෙක්, චූටි හරි අයිතියක් ඇති කෙනෙක් වෙනව.
ඔබ කොහොමද කොටස් මිලට ගන්නෙ?
ප්‍රධාන වශයෙන් ක්‍රම දෙකක් තියෙනව. 
1. මූලික වෙළඳපලින් මිලට ගැනීම (Primary Market)
2. තැරැව් කරුවෙකු හරහා Secondary Market එකෙන් මිලට ගැනීම.
තියෙන්න ඕනෙ මූලික අවශ්‍යතා මොනවද? 
1. CDS ගිණුමක් (Central Depository System Account) 
2. එම ගිණුම තුළ මුදල්
කොහොමද CDS ගිණුමක් හදා ගන්නෙ? 
මුලින්ම ඔබ ඔබට ගැළපෙන මූල්‍ය තැරැව් කරුවෙක් (Stock Broker) තෝරා ගත යුතුයි. එම සමාගම හරහා ඔබට CDS ගිණුමක් ඇර ගත හැකියි. කවුද මේ "තැරැව්කාර සමාගම"ක් කියන්නෙ? ඔවුන් තමයි කොටස් වෙළඳපළ හා සම්බන්ධව ඇති පුද්ගලයින්. 
ඔබට අනිවාර්යයෙන්ම තැරැව් කරුවෙක් අවශ්‍යයි ඔබ Secondary market එකේ වෙළඳාම් කරනව නම්. එම සමාගම ඔබට උපදෙස් දෙනව මොනවද ගන්න හොඳ, කොහොමද දැන් වෙළඳපළ තත්වය, පසුගිය වාර්තා, සහ තව බොහෝ දේවල් ඔබට ඔවුන්ගෙන් ලබා ගත හැකියි. එතනින් ඔබට ලැබෙනව උපදේශකයෙක් (Investment Adviser), ඔහු හෝ ඇය තමයි ඔබ සමඟ සම්බන්ධ වන්නේ.
ලංකාව තුළ තිබෙනව මෙවැනි සමාගම් 20ක්, ඔබට කැමති එකක් තෝරා ගන්න පුළුවන්. විශේෂ දෙයක් කියන්න ඕනෙ, කොටස් වෙළඳපළ සම්ඟ කෙලින්ම අපිටම ගනුදෙනු කළ හැකි මෘදුකාංගයක් තිබෙනව (CDAX). එම මෘදුකාංග පහසුකම නම් මෙම සියළු සමාගම් ලබාදෙන්නෙ නෑ, ඔබට බලාපොරොත්තුවක් තිබෙනවනම් එහෙම දෙයකට, ඊට ගැළපෙන සමාගමක් තෝරාගන්න. මෙතන තිබෙනව එම සමාගම් කිහිපය ගැන සහ අර කිව්ව මෘදුකාංගය ගැන විස්තර.
http://www.cdax.lk
CDS account එකේ වැඩේ මොකද්ද? 
ඒක හරියට බැංකු ගිණුමක් වගේ, ඔබ යොදන මුදල්, මිලට ගන්න කොටස්, සුරැකුම්පත් වැනි සියළුම දේවල් තියෙන්නෙ ඒක ඇතුළෙ.
ගිණුමක් හදා ගත්ත, ඒකට සල්ලි දැම්ම. දැන් මොකද කරන්නෙ?
මේ දෙක කළා නම් ඔබ කොටස් මිලට ගැනීමට සූදානම්. (මුදල් යෙදවිය හැක්කේ නෝට්ටු වශයෙන් හෝ චෙක්පත් ලෙස පමණයි )
දැන් කරන්න තියෙන්නෙ ඔබ කැමති සමාගම් කිහිපයක් තෝරාගෙන ඔවුන්ගේ කොටස් මිලට ගැනීම, හැබැයි කැමතී කියල එක එක සමාගම් වල කොටස් මිලට ගන්න යන්න එපා, මුලින් ඔබේ උපදේශකගෙන් අහල බලන්න. එතකොට එයා කියයි මොන මොන ඒවද මේ දවස් වල ගන්න හොඳ, මොන මොන ඒවටද පොළියක් ලැබෙන්නෙ වගේ දේවල්. ඒ සේරම හිතල බලල, එයාට කියන්න එහෙනම් මෙන්න මේක ගන්න කියල. මිලදී ගත හැකි අවම කොටස් ප්‍රමාණය සාමාන්‍යයෙන් 100යි, නමුත් 1, 2, උනත් ගන්න පුළුවන් (odd market එකේදී. හැබැයි ඒව ආපහු විකුණන්න නම් අමාරු වෙයි.
කොටස් ජාති 
විවිධාකාරයේ කොටස් තිබෙනව.
Ordinary Shares (N)
Non-Voting Ordinary Shares (X)
Preference Shares (P)
Warrants (W)
මේ ඇරුනම තව ජාති කිහිපයක් තිබෙනව.
කොහොමද කොටස් ගන්නෙ? 
මම මුලින් කිව්ව වගේ ඔබේ තැරැව් කාර සමාගම හරහා තමයි සියළු දේවල් වෙන්නෙ. ඔබ කිව්වම එයාල ඔබ වෙනුවෙන් එම කොටස් මිලයට අරන් ඔබේ CDS ගිණුමට දානව. ඔබේ CDS ගිණුමෙන් සල්ලි වියදම් කරල.
විකුණන්නෙ කොහොමද? 
ඒකත් ඉස්සෙල්ල වගේම තමයි, ඔබ ඔබේ තැරැව්කාර සමාගමට කිව්වම එයාල ඒව විකුණල ලැබෙන මුදල් ඔබේ CDS ගිණුමට බැර කරනව.
එයාල එහෙම නොකර ඉඳීද? 
එහෙම බෑ, ඒක එයාලගෙ වගකීම. අපි කියන ඕනෙම දෙයක් කරන්න එයාල බැඳිල ඉන්නව. තව දෙයක්, එයාලට කිසිම විදිහකින් අපිට අලාභ වෙන දෙයක් කරන්න බෑ, ඒක නීති විරෝධියි.
එයාල අපිට වැඩ කරනවට එයාලට මොනවද ලැබෙන්නෙ? 
අපි කරන ඕනෙම විකිණීමකදි හා මිලට ගැනීමකදි තැරැව්කාර සමාගමට, කොළඹ කොටස් නිකුතුවට, බදු සඳහා වැනි දේවල් කිහිපයක් වෙනුවෙන්, අපි කරන ගනුදෙනුවේ වටිනාකමින් 1.425% ප්‍රමාණයක් අර කිව්ව ස්ථාන වලට ලැබෙනව.
වැදගත්ම ප්‍රශ්නෙ, අපිට ගානක් අතට එන්නෙ කොහොමද? 
මුලින්ම කියන්න ඕනෙ, කොටස් වෙළඳපළ ආයෝජනය කියන්නෙ අවදානම් සහගත වෙළඳාමක්, ඔයාලට ඒ අවදානම ගන්න වෙනව. මොකද එක පාරටම ඔයාල කොටස් ගත්තු සමාගමක් කඩා වැටුනොත් ඔයාලගෙ මුදල් වතුරෙ යන්න ඉඩ තියෙනව. 
බය උනාද? බය වෙන්නෙපා, එහෙම වෙන්නෙ නෑ ලේසියෙන්, නමුත් මිල උච්ඡාවචනය නිසා වැඩි මිලකට ගත්තු එකක් අඩු මිලකට විකුණල අලාභ ලබන්න නම් ඉඩ තියෙනව. මටත් පෞද්ගලිකව ඒක වෙලා තියෙනව.
හරි, ප්‍රශ්නෙට එමු. මූලිකම හා ඉක්මන්ම ක්‍රමේ තමයි ඔබ ගත්තු සමාගමේ කොටස් වල මිල ඉහළ ගියොත් එම මිලට ඔබේ කොටස් විකුණල ගන්න පුළුවන් ලාභය.
උදා: ඔබ X කියන සමාගමේ කොටස් 400ක් ගන්නව එකක මිල රු.10 ගානෙ, ඒකෙ මිල ඉහළ යනව රු. 12.75ට. ඔබ මොකද කරන්නෙ, ඒ ගත්තු කොටස් ටික දැන් වෙළඳපළ මිලට විකුණනව. මොකද වෙන්නෙ? ඔබ 4000ක් වියදම් කරල 5100ක් ලබා ගන්නව. ඔබේ ලාභය රු. 1100 යි.
නරක නෑ නේද???
ඊළඟ ක්‍රමේ, සමාගමෙන් කොටස් වලට දෙන පොළිය (Dividends) ලබා ගැනීම.
මෙක හැම සමාගමක්ම කරන්නෙ නෑ, එහෙම පොළියක් ලබාදීමට එම කිසිම සමාගමක් බැඳිලත් නෑ.
සමාගමේ අධිකාරිත්වය කිව්වොත් අපි අපේ කොටස් කරුවන්ට පොළියක් දෙමු කියල, එයාල එම වසරේ ගත්තු ලාභය අනුව කියනව අපි එක කොටසකට මෙන්න මෙච්චර පොළියක් දෙනව කියල. ඔබ එම සමාගමේ කොටස් අරන් තිබෙනව නම් ඔබට එම පොළිය චෙක්පතක් මගින් ගෙදරටම එනව.
උදා: අර මුලින් කිව්ව X සමාගම තීරණය කරනව 2009.09.15 දිනට එම සමාගමේ කොටස් කරුවන්ට එක කොටසකට රු. 1.50ක පොළියක් ලබා දීමට. ඔබ ලඟ තිබෙනව නේද ඔවුන්ගෙ කොටස්? විකුණන්න එපා, තියාගන්න. ඔබට එම දිනයේදී රු. 600ක් ලැබෙනව පොළිය වශයෙන්.
තව ක්‍රම කිහිපයක් තිබෙනව, ඒත් මේ දෙක තමා වැදගත්ම, ඒනිසා මේ දෙක ගැන දැනගත්තම හොඳටම ඇති.
කොටස් වෙළඳපළ ගැන චුට්ටක් 
හරි, දැන් බලමු මේ කොටස් වෙළඳපළ ගැන. මේක ඇරල තියෙන්නෙ සතියෙ දවස් වල පමණයි, ඒකත් උදේ 9.30 ඉඳල හවස 2.30 වෙනකම් විතරයි, කරන ඕනෙම දෙයක් ඒ වෙලාව ඇතුළත තමයි. ඒකත් එයාලගෙ වෙන වැඩ සඳහා මේ කිව්ව වෙලාවන් තුළ වහන්න ඉඩ තියෙනව. සියළුම රජයේ, වෙළඳ, බැංකු නිවාඩු දින වල මේක වහල. (නමුත් තැරැව්කාර සමාගම් හවස 4.30 දක්වා වැඩ කරනව )  
කොටස් වෙළඳපළ තුළ තිබෙනව ප්‍රධාන මිල දර්ශක දෙකක්. 
සියළු කොටස් මිල දර්ශකය (All Share Price Index | ASI) 
මුළු කොටස් වෙළඳපළ තත්වය ගැන තමා මෙයා කියන්නෙ. 
මිලන්කා මිල දර්ශකය (Milanka Price Index | MPI) 
කොටස් වෙළඳපළ පසුගිය කාර්තු 4 තුළ ඉහළම ක්‍රියාකාරිත්වයක් දැක්වූ සමාගම් 25හේ තත්වය තමා මේකෙන් කියන්නෙ.  
කොටස් වෙළඳපළ තුළ තිබෙනව පුවරු 
Main Board
බොහොමයක් විශාල කොම්පැනි තියෙන්නෙ මෙම පුවරුවෙ තමයි.
Diri Sawi Board
මධ්‍යම හා කුඩා සමාගම් තිබෙන්නෙ මෙම පුවරුවෙ.
Default Board
චූටි චූටි වැරදි කරපු කට්ටියව මේකට දානව. (වාර්ශික වාර්තාව නොදුන්න කට්ටිය එහෙම )
මේ කිව්ව ඒවයින් පොඩි දැනුමක් ලැබෙන්න ඇති කියල හිතනව. ප්‍රශ්න තියෙනවනම් අහන්න, දන්න තරමින් උත්තර දෙන්නම්.  
තව වැදගත් දෙයක්, මේක අන්තිමට කියන එක හරිද මන්ද. මම මේ ලිපිය ඇතුළෙ ලොකු ලොකු ඉලක්කම් දාල කිව්වට හැම වෙලේම එහෙම ලොකු ලොකු ලාභ ලැබෙන්නෙ නෑ, ඔබට ටිකක් ලොකු මුදලක් ආයෝජනය කරන්න පුළුවන් නම් එහෙම ගත්තැකි. පොඩි මුදලකින් ටිකක් ඉස්සරහට යන්න අමාරුයි, අධෛර්යයට පත් වෙන්නෙ එපා, බැරි නෑ. මම රු. 100, 200 වගේ ලාභ තියාගෙනත් විකුණල තියෙනව, මට රු. 30, 50 චෙක්පතුත් ගෙදරට ඇවිල්ල තියෙනව.  
මමත් පටන් ගත්තෙ පොඩි ගානකින්, නමුත් මම යොදපු මුදල මම මේ පහුගිය මාස 8ට 150% දක්වා වැඩි කරගෙන තියෙනව. (ඊට වඩා වැඩි කරගන්නව, training කාලේ මේක එක්ක ඉන්න උනේ නෑනේ. 
ඔබට මේකට කාලය ගත කරන්න පුළුවන් නම්, ටිකක් ලොකු මුදලක් ආයෝජනය කරන්න පුළුවන් නම්, මේක කිසිම ප්‍රශ්නයක් නැතුව ඔබේ ජීවනාලිය කරගන්න පුළුවන්.
ජය වේවා!!! 
මේක කියවල තව කිහිප දෙනෙක් හරි කොටස් වෙළඳපළ ආයෝජනයට හැරුනොත් සතුටුයි. වෙන රට වලට සාපේක්ෂව ලංකාවෙ මේ පැත්තට හැරිල ඉන්නෙ බොහොම අඩු ප්‍රතිශතයක්, ඒක වැඩි කරන්න පුළුවන් නම්, ඒකත් ලංකාවෙ ආර්ථිකයට හුඟාක් හොඳයි. (කොළඹ කොටස් නිකුතුව හා සම්බන්ධ වී ඇති පිරිස 200,000 ආසන්න අගයක් ගන්නෙ, ඒ අගය කිසිම විදිහකින් ප්‍රමාණවත් නෑ.)
එක අතකින් මේක හොඳ රැකියා අවස්ථාවක්. ගෙදරට වෙලා පරිගණකය දිහා බලා ඉන්න, යතුරු කිහිපයක් ඔබන්න, කෝල් කිහිපයක් ගන්න විතරයි තියෙන්නෙ.  
තව වැදගත් දෙයක්, ඔබ මෙයින් ලබා ගන්නා සියලුම ආදායම, ආදායම් බදු වලින් තොරයි, ඒ කිව්වෙ ඔබට මේ ලබා ගන්නා මුදල් සඳහා ආදායම් බදු ගෙවන්න ඕනෙ නෑ. 

Read More

Post Top Ad