Madhawa Habarakada
2:02 PM
14
පටුන:
CDAX කුප්පි - ආරම්භය
CDAX කුප්පි - ආරම්භය
CDAX කුප්පි - 6
ස්සෙල්ල කුප්පියෙන් කිව්ව, right click menu එක ගැන.
අපි අද කතා කරමු, buy/sell orders දැමීම සම්බන්ධ දේවල් පිළිබඳව.
කොටස් මිලට ගැනීමට අපි Buy Order එකක් දාන්න ඕනෙ, මේක දෙආකාරයි, Market Order හා Limit Order යනුවෙන්. Market order එකක් දැම්මම අපි ගන්න ඉන්න කොටස් ටික අපිට කෙලින්ම ලැබෙනවා විකුණනන්න sell orders දාල තිබෙන අය දාල තියෙන අවමම මිලට. ඒකෙදි අපිට මිල වෙනස් කරන්න බෑ, කෙලින්ම කොටස් ටික අපිට ලැබෙනව අර කිව්ව මිලට, අපේ ඕඩර් එක එම සමාගමේ Order book එකට යන්නෙත් නෑ. Limit order එකක් කියන්නෙ අපිට ඕනෙ කොටස් අපිට ඕනෙ කීයටද කියල කියන්න පුළුවන් අවස්ථාවක් අපිට දෙන එක. ඒකෙදි අපිට පුළුවන් අපිට මෙන්න මේ කොටස් ප්‍රමාණයක් මෙන්න මේ මිලට ඕනෙ කියල ඕඩර් එක දාන්න.එතකොට ඔබගේ order එක එම ස්මාගමේ order book එකට යනවා, ඔබ ඉල්ලන මිලට කවුරුහරි දෙන්න ලෑස්ති උනොත් ඔබට එම මිලට එම කොටස් ටික ලැබෙනවා. නමුත් මතක තබා ගත යුත්තක් තමා හැම වෙලේම එහෙම වෙන්නෙ නෑ, මම ඒකෙන් අදහස් කළේ, ඔබ ඉල්ලන මිලටම එම සමාගමේ කොටස් ඉල්ලල ඕඩර් දාපු අය තවත් ඉන්න පුළුවන්, ඔබට ඉස්සෙල්ල ඕඩර් දාපු, එතකොට එයාලට ලැබිල තමා ඔයාට ලැබෙන්නෙ. (වැඩි විස්තර මෙන්න මේ ලිපියේ තිබෙනවා.)
Buy Order එකක් දාන්න පුළුවන් ක්‍රම 3ක් තිබෙනවා. Orders මෙනුව හරහා, Tool bar එකේ Buy බොත්තම හරහා සහ lot watch එකක එම අදාල සමාගමේ තීරුව right click කළාම එන මෙනුව හරහා.
දැන් අපි බලමු මෙම Buy Order panel එකේ තියෙන දේවල් ගැන ටිකක්.
Stock Code: කියන්නෙ ඉතින් ඔබ තෝරාගන්නා සමාගමේ කොටස් වල සංකේතය. ඒ එක්කම තිබෙන කොටුව තුළ තිබෙන්නෙ අද දවස තුළ එම කොටස් වල මිල සම්බන්ධ තොරතුරු.
ඊලඟට තියෙනව මේ දාන්නෙ buy/sell order එකක්ද කියල තෝරන්න.
Stock Balance හා Order Value: ඔබ ලඟ එම සමාගමේ කොටස් තිබෙනවා නම් එම කොටස් ප්‍රමාණය හා එහි දැන් වටිනාකම.
Quantity: ඔබට මිලට ගන්න ඕනෙ කරන කොටස් ගණන.
Price Type: Limit/Market Order යන වග
Price: ඔබ එම කොටස් මිලට ගන්න හිතා ඉන්න මිල
Tif: එම order එක බල පැවැත්වෙන දින ගණන (මේ ගැන මීට පෙර ලිපියක කිව්ව. එම ලිපියට මෙතනින් යන්න.)
Price Type: Limit/Market Order යන වග
Price: ඔබ එම කොටස් මිලට ගන්න හිතා ඉන්න මිල
Tif: එම order එක බල පැවැත්වෙන දින ගණන (මේ ගැන මීට පෙර ලිපියක කිව්ව. එම ලිපියට මෙතනින් යන්න.)
ඊට පස්සෙ ඒවායින් වැදගත් වෙන්නෙ disclosed quantity කියන එකයි, Min Qty කියන එකයි තමා.
ඒ කියන්නෙ ඔබ ලඟ තිබෙන/ඔබට ලැබී තිබෙන කොටස් ගණන හා ඔබ දාපු ඕඩර් එක ඔබට ලැබෙනකොට කොපමණ කොටස් ප්‍රමාණයක ගුණාකාරයකින්ද ඔබට එය ලැබෙන්නෙ කියන එකයි. උදාහරණයක් කිව්වොත් ඔබ min qty එකට 1000ක් දැම්මොතකොබට එම කොටස් ලැබෙන්නෙ එක ආයෝජකයෙකු කොටස් 1000ක් හෝ ඊට වැඩි ප්‍රමාණයක් එක වර විකුණන්න ඉන්නව නම්විතරයි.

Sell Orders ගැනත් අර වගේම ඊට සමානම දේවල් ටිකක් තමා කියන්න තියෙන්නෙ.
ඔබ මෙහෙම දාපු Orders බලාගන්න පුළුවන් Orders > Order Tracker වෙත යාමෙන්. එම window එකෙන් ඔබට පුළුවන්, එම ඕඩර් බලන්න, ඒව fill වෙලාද නැද්ද යන එක බලන්න, ඒව වෙනස් කරන්න (amend), කැන්සල් කරන්න වගේ දේවල්.
මේ දෙකේදිම දැක්කද Queue කියල බොත්තමක්?
අන්න ඒකෙන් ඔයාලට පුළුවන් ඔයාල මේ දාන Order එක අනාගතයෙදි ක්‍රියාත්මක වෙන්න දාන්න. ඒ කියන්නෙ ඔයාට ඕනෙ නම් ලබන සතියෙ දවසක ඔයාගෙ ඕඩර් එක දාන්න, අදම දාල queue කරල තියන්න ඒ අදාල දවසට, එතකොට ඔයා හිටියත් නැතත්, ඕඩර් එක එදාට මාකට් එකට වැටෙනවා. නැත්තම් අද රෑ cdax බලල හෙට ගන්න ඕනෙ එකක් වෙනුවෙන් order එකක් දාන්න, එහෙමත් කරන්න පුළුවන් මේකෙන්. ඒ දාන ඕඩර්, ඕඩර් එක මාකට් එකට යන්න ඉස්සෙල්ල තියෙන්නෙ Queued Order Tracker එකේ, ඒක බලාගන්න Orders> Queued Order Tracker වෙත මෙනු වලින් යන්න.
යට කලු පාට කොටුවක් තිබෙනව පේනවනෙ? ඔබ දාන ඕඩර් පිළිබඳ තොරතුරු එතන පෙනවනවා.
සැ. යු. ඔබ එකම cdax අතුරුමුහුණත හරහා CDS ගිණුම් කිහිපයක් පාලනය කරනවා නම්, ඕඩර් එකක් දැමීමේදී නිවැරදි CDS ගිණුම තෝරන්න මතක තබා ගන්න.
ඉතින් මේ ඕඩර් එකක් වෙනස් කරන්න, කැන්සල් කරන්න ඕනෙ උනොත් අපි මොකද කරන්නෙ?
ඒක කරන්නෙ, Order Tracker එක හරහා. order Tracker එකට ගිහිල්ල, අදාල ඕඩර් එක තෝරල, ඒක right click කළාම එන මෙනුවෙන් පුළුවන්, එම ඕඩර් එක වෙනස් කරන්න, කැන්සල් කරන්න වගේ දේවල් කරන්න.