Guide to CSE: site-news

Hot

Showing posts with label site-news. Show all posts
Showing posts with label site-news. Show all posts

Sunday, August 2, 2015

Guide To CSE අඩවියේ යාවත්කාලීන කිරීමක් කිරීමට අදහස් විමසේ. - ඔබගේ අදහස් ලබා දෙන්න

2:01 PM 13
Guide To CSE වෙබ් අඩවිය කලක් ඉතාම ඉහළ ක්‍රියාකාරිත්වයක පැවතියත්, දැනට වසර කිහිපයක සිට මෙම අඩවියේ නව ලිපි ලියැවීම නැවතී තිබේ. 

නව ලිපි නොලියවුවත් අඩවියට පැමිණෙන පිරිස තවමත් ඉහළ මට්ටමක පවතී. 
වෙබ් අඩවිය ක්‍රියාකාරී තත්වයේ පැවති කාලයේ මසකට Page Views 15,000 - 20,000 අතර මට්ටමකද, දැනට මසකට Page Views 5,000 - 10,000 අතර ප්‍රමාණයක පවතී.


යළිත් වෙබ් අඩවිය ක්‍රියාකාරී තත්වයට පත් කිරීමට හා නවමු සේවා කිහිපයක් අඩවියේ පාඨකයින්ට ලබා දීමට, වෙබ් අඩවියේ පාඨකයින්ගේ අදහස් විමසීම සඳහා කුඩා සමීක්ෂණයක් සිදු කිරීමට අදහස් කරගෙන සිටිමු.
ඒ සඳහා ඔබගේ සහය අප බලාපොරොත්තු වෙමු.

කෙටි ප්‍රශ්න වලින් සමන්විත මෙම ප්‍රශ්නාවලියට පිළිතුරු දීමෙන් අප හට සහය වන ලෙස ඉල්ලා සිටින අතර එය මෙම අඩවිය යළිත් ක්‍රියාකාරී තත්වයට පත් කර ගැනීමට ඔබට වඩා ප්‍රයෝජනවත් සේවාවක් ලබා දීමට අප හට හැකියාව ලබා දෙනමෙන් ඉල්ලා සිටිමු.

 ඉහතින් එම පෝරමය නොපෙනේ නම් පහත සබැඳිය හරහා යන්න.

Read More

Sunday, April 14, 2013

සුභ නව වසරක් වේවා!!!

2:00 AM 0

ඔබ සියළු දෙනාට සාමය සතුට පිරි සුභ නව වසරක් වේවා!!!


Read More

Thursday, April 12, 2012

සුභ උපන්දිනක්

2:45 PM 2
කාටවත් නෙමෙයි, Guide To CSE අඩවිය අද දින තමුන්ගේ දෙවන උපන්දිනය සමරනවා. වසර දෙකක් තිස්සේ මෙම අඩවිය සමඟ රැඳුනු ඔබට බොහොමත්ම ස්තුතියි.
පසුගිය මාස කිහිපයටම කිසිදු ලිපියක් ලියන්නට බැරි උනත්, අඩවියට එන සෙනඟ ප්‍රමාණයේ ලොකු අඩුවක් උනේ නෑ. නමුත් අලුත් දෙයක් බලාපොරොත්තුවෙන් බලාගෙන ඉන්න අයට මොකුත් ලබාදෙන්නට බැරි වීම ගැන මම සමාව ඉල්ලනවා. 
මම පොඩි පොත් පිංචක් හදන්නට බලාපොරොත්තුවෙන් හිටියා, ඒකත් කරගන්නට බැරි උනා. 
මේ දවස් වල මාකට් එකෙත් එතරම්ම හොඳක් නැති නිසා මමත් මේ දවස් වල ඒ පැත්ත එතරම් බලන්නෙ නෑ. ඉතින් ඒ ගැන හරි හමන් දෙයක් ලියන්න හිතෙන්නෙත් නෑ. 

කොහොම හරි, පහුගිය වසර දෙක දිහා හැරිල බැලුවම (අන්තිම මාස කිහිපය හැරුනුකොට) මට සතුටු වෙන්න දෙයක් තිබෙනව. හුඟක් දෙනා මේ බ්ලොග් එකෙන් ප්‍රයෝජන ගන්න ඇති. තමුන්ගෙ ගැටළු වලට පිළිතුරු හොයා ගන්න ඇති. ආයෝජනයට යොමු වෙන්න ඇති, ලාභ ලබා ගන්න ඇති. ඉතින් සතුටුයි මගේ උත්සාහයෙන් ප්‍රථිඵලයක් උනු එක ගැන.

ඒත් එක්කම, හැමෝටම සුභ අලුත් අවුරුද්දකුත් ප්‍රාර්ථනා කරනවා...
Read More

Wednesday, October 12, 2011

කොටස් වෙළඳපළ ආයෝජනය සම්බන්ධ සමීක්ෂණයකට සහය වන්න

6:00 AM 1

මෙම සමීක්ෂණය සිදු කරන්නේ, ආයෝජකයින් කොටස් වෙළඳපළ ආයෝජනය කරද්දී, ඔවුන්ගේ ආයෝජන තීරණ ගැනීමට සමාගම් වල වාර්ෂික වාර්තා එහෙම ප්‍රයෝජනයට ගැනීම සම්බන්ධයෙන් පරික්ෂා කිරීමටයි.
මෙම සමීක්ෂණය සිදු කරන්නේ Sri Lanka Institute of Information Technology හි ආචාරනියක්. ඉතින් Guide To CSE සමඟ සම්බන්ධ වෙලා ඉන්න ඔබත් මේ සඳහා යම් සහයක් දෙතැයි මම බලාපොරොත්තු වෙනවා.
මේ පහළින් තිබෙන්නේ ඒ සමීක්ෂණයට අදාල පෝරමයට තිබෙන සබැඳියයි. එය ඔබට අදාල විදිහට නිවැරදි තොරතුරු වලින් පුරවන්න. 

https://docs.google.com/spreadsheet/viewform?formkey=dEswWGI0SlBiNXpjMUt0MTF4VzM0aVE6MQ


ස්තුතියි.
Read More

Tuesday, September 27, 2011

කොටස් වෙළඳපළ ආයෝජනය ගැන කණෙන් අහලම දැනගන්න

9:06 AM 7

ඔන්න ඔයාලට අවස්ථාවක් තිබෙනවා කොටස් වෙළඳපළ ගැන කොටස් වෙළඳපළ ආයෝජනය ගැන කණෙන්ම අහල දැනගන්න.
බස් රේඩියෝවේ (දන්නෙ නැති අයට: බස් රේඩියෝව කියන්නෙ සිංහල බ්ලොග්කරුවන් කණ්ඩායමක් විසින කරගෙන යනු ලබන අන්තර්ජාල ගුවන්විදුලි වැඩසටහනක්.) අද රාත්‍රී "බස් මැගසින්" වැඩසටහනෙන් මම එනවා ඔබත් එක්ක මේ ගැන කතා කරන්න.
ඔබත් කැමති නම් එන්න, සවන්දෙන්න බස් රේඩියෝ මැගසින් එකට.

වෙබ් අඩවිය : www.buzzradio.lk

වේලාව : රාත්‍රී 8.30 - 10.00
ඉතින් පොඩ්ඩක් අහගන්නකො මොනව ගැනද අපි කතා කරන්නෙ කියල.

  • කොටස් වෙළඳපළ කියන්නෙ මොකද්ද, ඒකෙන් තියෙන ප්‍රයෝජනේ මොකද්ද
  • කොටස් වෙළඳපළ ඉතිහාසය
  • ආයෝජකයෝ, තැරැව්කරුවෝ
  • කොහොමද සම්බන්ධ වෙන්නෙ
  • ආයෝජනයේ වාසි හා අවාසි
  • කොටස් මිල ඉහළ පහළ යන්න හේතු
  • පාඩු නොවී ආයෝජනය කරන්නෙ කොහොමද
  • බහුලව ඇසෙන ප්‍රශ්න
ඉතින් ඔයාලටත් කොටස් වෙළඳපළ ගැන තිබෙන ගැටළු වලට උත්තර හොයාගන්න මේක හොඳ අවස්ථාවක් වෙයි කියල හිතනවා. අසන්නන්ගේ ප්‍රශ්න වලටත් ඉඩක් ලබා දෙන්න තමා ඉන්නෙ, නමුත් වෙලාව පිළිබඳ ප්‍රශ්නය තමා තිබෙන්නෙ. බලමුකො අපි.
Read More

Saturday, September 10, 2011

හොරුන්ට රැවෙටෙන්නෙපා - අනිවාර්යයෙන් කියවන්න.

1:45 PM 4
මේ ලිපිය ලියන්නෙ, මට අද ඈත පළාතක මල්ලි කෙනෙක් කතා කරල කිව්ව විස්තරයක් පදනම් කරගෙන.
ඔහු පවසන අන්දමට, ඔහු හා තවත් ඔහුගේ මිතුරන් කිහිප දෙනෙකුගෙන් (15 දෙනෙකුට වඩා ගණනක්) ඔවුන් දන්නා පුද්ගලයෙක්, කොළඹ ඇති තැරැව්කාර සමාගමකින්, කොටස් වෙළදපළ ගනුදෙනු කළ හැකි Online Trading Accounts හදල දෙන්නම් කියල (එම ප්‍රදේශයට ආසන්නයේ ඇති තැරැව්කාර සමාගම් වලින් Online trading පහසුකම ලබාදෙන්න ඉල්ලන අවම ආයෝජන අගය මොවුනට දරන්නට බැරි නිසා.) ඔවුන්ගෙන් මුදල් ලබාගෙන තිබෙනවා.( එක් අයෙකුගෙන් ඉලක්කම් 5ක ගණනක්)
අනිතිමට කට්ටියගෙන් සමහරෙකුගේ ගිණුම් හැදිලා තිබෙනවා. මට කතා කළ මේ මල්ලිගෙ ගිණුම හැදිල නෑ තාම. අර ගිණුම් හැදුනු අයගෙ ගිණුම් වලට කිසිදු මුදලක් බැර වෙලත් නෑ.
මට පෙනුනු හැටියට, මේ කියන පුද්ගලයා, බොරුවෙන් මොවුන්ව රවටා නොමිලේ සිදුකෙරෙන දෙයක් කරල දෙන්න මුදල් ලබාගෙන තිබෙනවා. එක් අයෙකුගෙන් අර වගේ ගණනක් බැගින් අච්චර දෙනෙකුගෙන් ගත්තම කීයක්ද??? 

මෙන්න මේක හොඳින් දැනගන්න.
CDS ගිණුමක් සෑදිම සම්පූර්ණයෙන්ම නොමිලේ කෙරෙන දෙයක්.
Online Trading Facility එක සම්පූර්ණයෙන්ම නොමිලේ දෙන එකක්. (මෙහෙදී සමහරක් ආයතන අවම ආයෝජනයක් කරන ලෙස ඉල්ලා සිටිනවා. ඒ ගෙවීමක් නෙමෙයි, ආයෝජනයක්මයි.)

ඉතින් මෙහෙම එක එකාට රැවටෙන්නෙපා. බොරු කියල ඔබ මුලා කරල මුදල් ගසා කන්නන්ගෙන් ප්‍රවේසම් වෙන්න.!!! 

මෙහෙම දේවල් නිසා සමහර දෙනෙක්ට කොටස් වෙළඳපළ ආයෝජනය පිළිබඳව විශාල කළකිරීමක් ඇති වෙනවා. මම හිතන්නෙ, විනිමය කොමිෂන් සභාව මේ වගේ දේවල් ගැන විශේෂයෙන්ම ජනතාව දැනුවත් කළ යුතුයි කියල. නමුත් ඔවුන් හරහා හරි හැටි මේ දේවල් කෙරෙන්නේ නැති එක කණගාටුවට කරුණක්. දැන් විශාල වෙබ් අඩවි ප්‍රමාණයක්, මුහුණු පොතේ කණ්ඩායම් ප්‍රමාණයක් ඇති වෙලා තිබෙනවා කොටස් වෙළඳපළ ගැන සාකච්ඡා කෙරෙන. නමුත් මේවායින් බොහොමයක ආයෝජකයින් නොමඟ යවන දේවල් කියවෙනවා, සිදු කෙරෙනවා. ඉතින් මේ දේවල් වලින් ඉතාම ප්‍රවේසම් විය යුතුයි. විශේෂයෙන්ම නවක ආයෝජකයින්. ඔවුන් හරි හැටි දැනුමක් නැතිව එක එකාය කියන දේවල් පස්සෙ ගිහිල්ල අමාරුවෙ වැටෙනවා. 

කරුණාකර මේ ලිපිය ඔබේ මිතුරන් සමඟ බෙදාහදාගෙන ඔවුන්වත් දැනුවත් කරන්න.
Read More

Monday, July 25, 2011

Guide To CSE තුළ ඇසූ ප්‍රශ්න හා දුන්නු පිළිතුරු දැන් හැමෝටම බලන්න පුළුවන්

3:49 PM 0
ටික කාලයක් ට්‍රයි කළා මේකට විසඳුමක් හොයන්න. එක ක්‍රමයක් ලැබුනත් ඒකෙ එක එක ප්‍රශ්න තිබ්බ. ඉතින් අන්තිමට මේ වැඩේටත් බ්ලොග් එකකම පිහිට ගත්ත.


Guide To CSE වල ගොඩාක් අය එක එක විදිහෙ ප්‍රශ්න අහල තිබෙනව. බොහොමයක් ප්‍රශ්න එකම වගේ. එකම උත්තරේ යවන්න වෙන ඒව. ඉතින් එහෙම එකම ප්‍රශ්නෙ ගොඩ දෙනෙක් අහනකොට හැම වෙලේම උත්තර දෙන්න යන එකක් කරදරයක් වගේම කාලය අපතේ යැවීමක්.



ඉතින් දැන් ඔබට පුළුවන් බලන්න, ඔබ ප්‍රශ්නයක් අහන්න ඉස්සෙල්ල අනිත් අයටත් ඒ ප්‍රශ්නෙම ඇවිල්ල තිබෙනවද කියල. එතකොට ඔබට පුළුවන් ඉක්මනින්ම පිළිතුරක් සොයාගන්න.



ඊට අමතරව අනිත් අයට ඇවිල්ල තිබෙන ප්‍රශ්න දිහා බලල ඔබට තවත් දේවල් ඉගෙන ගන්න පුළුවන් වගේම මෙහෙම ගැටළු මටත් එන්න ඉඩ තිබෙනව, එතකොට උත්තර මේවයි කියලත් හඳුනා ගන්න පුළුවන්නෙ.


ඉතින් මීට පස්සෙ ඔබට ප්‍රශ්නයක් ආවම, ලිපි වල ඒ ප්‍රශ්නෙට උත්තරය තිබෙනවද කියල විතරක් නෙමෙයි, අපේ මේ Q and A අඩවියේ ඔබගේ ගැටළුවට පිළිතුරක් තිබෙනවාද කියලත් පොඩ්ඩක් පරික්ෂා කරල බලන්න. තමුන්ගෙ ලේසියට කියල මොකුත්ම බලන්නෙ නැතිව ප්‍රශ්නය යොමු කරන්න එපා. පොඩ්ඩක් පරික්ෂා කරල බලන්න. මොකද ඒක මටත් ලේසී, සහ හැමෝටම හොඳයි.


මේ වෙනකොට මේ අඩවිය තුළ විශාල ගැටළු ප්‍රමාණයක් අසනු ලැබ හා පිළිතුරු ලබා දී තිබෙනවා. මම ඒවා එකින් එක අරගෙන දැන් Q and A අඩවියට දානවා. ඉතින් අද අසන ඒව අඩවියේ පෙනෙන්න නම් ටික කාලයක් යාවි. නමුත් අසන ප්‍රශ්න වලට පිළිතුරු හැකි ඉක්මනින් ඊමේල් මාර්ගයෙන් ප්‍රශ්නය ඇසූ පුද්ගලයාට යවනවා.


ප්‍රශ්න යොමු කිරීමේදී ඔබගේ නම, ඊමේල් ගිණුම, දුරකතන අංකය ඔබ ලබාදෙනවා. නමුත් ඒ කිසිවක් මෙම අඩවිය තුළ ප්‍රකාශයට පත් වන්නේ නෑ. ඔබගේ පුද්ගලිකත්වය සම්පූර්ණයෙන්ම සුරැකෙනවා. (වැඩි විස්තර සඳහා Q and A අඩවියේ Privacy Policy එක කියවන්න.)


ප්‍රශ්නෝත්තර අඩවියේ ලිපි ඊමේල් මාර්ගයෙන් ලබාගන්න ඔබගේ ඊමේල් ලිපිනය පහතින් එකතු කරන්න. අඩවියේ RSS Feed එක සමඟ එකතු වන්න.


Delivered by FeedBurner
Read More

Saturday, April 23, 2011

ඔබගේ ගැටළු වලට පිළිතුරු ප්‍රමාදද?

12:32 PM 0
මේ දින වල රැකියා කටයුතු නිසාත් නිවසේ අන්තර්ජාල පහසුකමෙහි ප්‍රශ්නයක් නිසාත් ඔබගේ ගැටළු වලට පිළිතුරු ලබා දීම ප්‍රමාදවීම සම්බන්ධයෙන් මම කණගාටුව පළ කර සිටිනවා.

තවත් කිව යුතු දේවල් කිහිපයක් කියන්නයි මේ ල්ඉපිය ලියන්නෙ. 
සමහරෙක් ඉතාමත් දිගු ලිපි එවනවා. කාර්යබහුල නිසා ඒවා කියවීමට වෙලාවක් නෑ. ඉතින් මම හුඟක් වෙලාවට ඒ දිගු ලිපි කියවීම මඟ හරිනවා. ඉතින් මම කරුණාවෙන් ඉල්ලා සිටිනවා ඔබගේ ගැටළුව පමණක් ඉතාම කෙටියෙන් සඳහන් කරන ලෙස. කරුණා කර අනවශ්‍ය දේවල් ලියා එවීමෙන් වළකින්න. එවිට ඔබට පිළිතුරු සැපයීම මට පහසුවක්.
තවත් වැදගත්ම දෙයක් තමයි, මේ අසන සමහරක් ප්‍රශ්න වලට ඉතාමත්ම පහසුවෙන් බ්ලොග් අඩවිය තුළ ඇති ලිපි හරහා පිළිතුරු සොයා ගැනීමට හැකියාව තිබෙනවා. ඒත් සමහරෙක් පහසුවට, සොයා බැලීමට තිබෙන අලසකමට සොයා බලන්නේ නැතිව ප්‍රශ්න අසනවා, ඉතින් මට ඒ ලිපි වල සබැඳි සොයමින් ඔවුනට පිළිතුරු සපයන්නට වෙනවා. කරුණාකර ප්‍රශ්නයක් අසන්නට පෙර ඒකට පිළිතුරක් අඩවිය තුළ තිබෙනවාදැයි බලන්න.
ඊලඟට කියන්න තිබෙන්නේ, පෞද්ගලිකව උදව් කරන ලෙස ඉල්ලා සිටීමෙන් කරුණාකර වළකින්න. මොකද මට එසේ කිරිමට හැකියාවකුත්, දැනුමකුත්, කාලයකුත් නෑ. මම උත්සාහ කරන්නේ ඔබ සැමටම මූලික සහයක් වෙන්න කොටස් වෙළඳපළ ආයෝජනය කිරීම ආරම්භ කිරීමට. ඉන්පසු ඔබට කොටස් මිලට ගැනීම විකිණිම සම්බන්ධයෙන් උපදෙස් ලබා ගැනීමට ආයෝජන උපදේශකයෙක් සිටිනවා. මම ආයෝජන උපදේශකයෙක් නෙමෙයි, මට එසේ උපදෙස් දීමට කිසිදු දැනුමක් නෑ, වගකීමක් ගන්නත් බෑ. සමහරක් විට ඔවුන් ඔබට හරි හැටි සහයක් නොදෙන්න ඉඩ තිබෙනවා. ඒ සම්බන්ධයෙන් නම් මට කරන්නට දෙයක් නෑ. සමාවෙන්න.

ඔබ සැමට සහයක් වෙන්නයි මම උත්සාහ කරන්නේ, ඉතින් එම කාර්යය කිරීමට මටත් සහය වෙන්න.
ස්තුතියි.
Read More

Tuesday, April 12, 2011

Guide To CSE වසරක උපන්දිනය සමරයි

11:27 AM 5

මුලින්ම මගෙ සිංහල බ්ලොග් එකේ කොළඹ කොටස් වෙළඳපළ ගැන ලිපි ලියන්න පටන් අරගෙන, ඒවට ආපු අදහස් ගොඩ දැක්කම හිතුනු අදහසක් අනුව, කොටස් වෙළඳපල ආයෝජනය ගැන ලිපි කියන්න වෙනමම බ්ලොග් එකක් හදන්න හිතිල, http://guidetocse.blogspot.com කියන ලිපිනය යටතේ ඔන්න මම කොටස් වෙළඳපළ ආයෝජනය ගැන අධ්‍යාපනික ලිපි ලියන්න අලුතින්ම බ්ලොග් එකක් පටන් ගත්ත. ඒ 2010 අප්‍රේල් මාසෙ 12 වනදා. 
ඉතින් ඕක කරගෙන යන අතරෙ හිතුන මටම කියල ටොප් ඩොමේන් එකක් ගන්න මේ බ්ලොග් එකට. යාලුවෙක්ගෙ වෙබ් කාඩ් එකකින් සල්ලි ගෙවල ඉතින් ගත්ත ඩොමේන් එක, www.guidetocse.com කියල. ඒ 2010 ජුනි මාසෙ.
මේ පහු ගිය අවුරුද්දට, ලංකාවෙ විතරක් නෙමෙයි පිටරට වලත් ඉන්න කොළඹ කොටස් වෙළඳපළ ආයෝජනයට කැමැත්තෙන් හිටපු/ඉන්න හුඟ දෙනෙක්ට මගේ සහය ලැබෙන්න ඇති. මේ ලිපි ආශ්‍රයෙන් විතරක් නෙමෙයි කෙලින්ම ඔවුන් අසන ලද ප්‍රශ්න වලට ඊමේල් මගින්, චැට් හරහා, ෆෝරමය හරහා, පිළිතුරු සපයමින්.
ඉතින් මම හිතනවා මම මේ කරන ලද ව්‍යායාමයේ යම් ප්‍රතිඵලයක් තිබෙනවා කියල. එමගින් යම් පිරිසකටත්, ලංකාවෙ කොටස් වෙළදපළටත්. පොඩි මිනිහෙක් විදිහට ඉඳගෙන ඒ කරන්න ලැබුනු පුංචි සේවය ගැන මම ගොඩක් සතුටු වෙනවා.
පසුගිය මාස 2, 3ට ලිපියක් ලියාගන්න හරි හැටි වෙලාවක් නොලැබුනත්, කියවන්නන් අසන ප්‍රශ්න වලට මම හැකි ඉක්මනින් පිළිතුරු සැපයුවා. වෙබ් අඩවියට පැමිණෙන්නන් නම් අඩු වෙලා, ලිපි නැති නිසා. මගෙන් ඒ උනු අතපසු වීමට සමාව ඉල්ලා සිටිනවා Guide To CSE වටා සිටින පිරිසගෙන්.
 
අදට Guide To CSE බ්ලොග් අඩවියට වසරක් සපිරෙනවා. තවත් ඉදිරියට මට පුළුවන් හැටියට ඔබට සේවය ලබාදෙන්න බලාපොරොත්තු වෙනවා. මට මේක තනියම කරන්න බෑ, මා වටා සිටින කියවන්නන් පිරිස මට ගොඩක් වටිනවා. ඔබ සැම ඉදිරියටත් මා හා සමඟ සිටිමින් මට සහයක් වන ලෙස මම ඉල්ලා සිටිනවා.
Guide To CSE සඳහා සහයක් වෙන්න කැමැත්තෙන් සිටිනවා නම් කරුණාකර මා හා සම්බන්ධ වෙන්න.

ඒත් එක්කම, මේ ලබන සිංහල හින්දු අලුත් අවුරුද්ද, සතුටින් සාමයෙන් සපිරුනු, සැමට ජය ලැබෙන වසරක් වේවායි පතනවා!!! ඔබ සැමට ජයෙන් ජය....
Read More

Monday, January 24, 2011

ප්‍රශ්නයක් අසන්නට පෙර පොඩ්ඩක් බලන්න

10:59 AM 0
මම මේක ලියන්නෙ, මේ හුඟ දෙනෙක් අසන ප්‍රශ්න වලට පිළිතුරක් ලෙස.
හුඟක් අය මෙම අඩවියේ තිබෙන Contact Form එක හරහා හා Offline Chat messages ලෙස විවිධාකාරයේ ප්‍රශ්න විමසනවා.
මුලින්ම කියන්න ඕනෙ දේ තමයි, ප්‍රශ්නයක් අසන්න ඉස්සෙල්ල පොඩ්ඩක් බලන්න එම ප්‍රශ්නයට පිළිතුරක් මෙම අඩවිය තුළින් සොයාගත හැකිද කියල. මොකද මේ අසන ප්‍රශ්න වලින් බොහොමයකට මෙම අඩවිය තුළ පිළිතුරු තියෙනවා. (වැඩිපුරම අහන ප්‍රශ්න, ආයෝජනය ආරම්භ කළ හැකි අවම මුදල කීයද, online trading ආරම්භ කරන්න ආයෝජනය කළ යුතු අවම මුදල කීයද, හොඳම තැරැව්කාර ආයතනය මොකද්ද කියන ඒව තමයි.)

ඊළඟට අහන දේවල් තමයි, ආයෝජන උපදෙස්. යළි යළිත් කියන්න තියෙන්නෙ, මෙම අඩවිය නවකයන්ට හා ආයෝජකයින්ට දැනුමක් / අධ්‍යාපනයක් ලබා දීම සඳහා සැකසුනු වෙබ් අඩවියක්. අනිත් එක, මම ආයෝජන උපදේශකයෙක්වත් විශ්ලේෂකයෙක්වත් නෙමෙයි. ඉතින් මම ආයෝජන උපදෙස් දෙන්නේ නෑ. ඉතින් කරුණා කරල ආයෝජන උපදෙස් සඳහා විමසන්න එපා.

අපගේ Forum එකත් ඔබට භාවිතා කරන්න පුළුවන් ප්‍රශ්න විමසන්න. එතනත් සිටිනවා හොඳ දැනුමැත්තන් කණ්ඩායමක්.

නිතර ඇසෙන ප්‍රශ්න හා පිළිතුරු සඳහා මම පිටුවක් ආරම්භ කරන්නම්. FAQ ලෙස Tag එකක් තිබෙනවා. ඒ හරහා ඔබට ඒ ලිපි වලට යන්න පුළුවන්.
Read More

Saturday, January 1, 2011

Guide To CSE පාඨකයින්ට සුභ නව වසරකට ආසිරි!!!

9:56 AM 3
Guide To CSE පාඨකයින්ට සුභ නව වසරකට ආසිරි!!!

මේ ලැබුවා වූ නව වසර ඔබට ඔබගේ පවුලේ සැමට සියළු පැතුම් ඉටුවන වසරක් වේවා!!!
Read More

Monday, November 1, 2010

"Guide to CSE" වෙබ් අඩවිය සම්බන්ධ සමීක්ෂණයක්

3:17 PM 0

වෙබ් අඩවියේ වැඩි දියුණුකිරීම් කිහිපයක් සඳහා, සහ කියවන්නන්ට ඉහළ සේවාවක් ලබා දෙනු වස් අඩවිය පිළිබඳව අදහස් විමසමින් කුඩා සමීක්ෂණයක් පවත්වන්න තීරණය කළා.
ඔබ සැමට ආරාධනා කරනවා, මීට සහභාගි වන ලෙස හා, මිතුරන්ටත් මේ ගැන පවසමින් වැඩි තොරතුරු ප්‍රමාණයක් එක් රැස් කිරීමට සහය වන ලෙස.
ස්තුතියි.

Read More

Thursday, October 28, 2010

CDS ගිණුම් 530,000ක්. නමුත් ක්‍රියාකාරීන් අතලොස්සයි - Open for Discussion

6:00 AM 13

ලංකාවෙ ජනගහනය මිලියන 20කට ආසන්නයි. නමුත් කොටස් වෙළඳපළ CDS ගිණුම්හිමියන් (වෙනත් වචන වලින් කිව්වොත් කොටස් වෙළඳපළ ආයෝජකයින්) ඉන්නෙ 530,000කට ආසන්න ප්‍රමාණයක් පමණයි. (සුරැකුම්පත් හා විනිමය කොමිෂන් සභාවේ සභාපතිනිය වන ඉන්ද්‍රානි සුගතදාස මහත්මිය පවසන ලෙස) එය ලංකාවේ මුළු ජනගහණයෙන් 5%ක්වත් නෑ.
නමුත් වඩාත්ම කණගාටුවට කරුණ නම් එම 530,000ක් ක්‍රියාකාරී ආයෝජකයින් සිටින්නේ 68,000ක් පමණයි. පසුගිය වසරේ එම අගය 37,000ක් පමණ. (අවම වශයෙන් එකම ගනුදෙනුවක් හෝ කළ අයත් මේකට අයිතියි.)
මොකද්ද මේකෙන් කියවෙන්නෙ? ආසාවට ගිණුමක් හදල කට්ටිය නිකං ඉන්නවද? නැත්නම් සල්ලි දාල very long term investment එකක් විදිහට තියල පැත්තකට වෙලා ඉන්නවද? ඒත් 460,000ක ගිණුම් හිමියන් ගාණකට එහෙම වෙලා තියෙන්නෙ ඇයි??? මේ ගැන තිබ්බ උනන්දුව ඔවුන්ට නැති වෙලා ගිහිල්ලද?

කොළඹ කොටස් වෙළඳපළ පසුගිය වසරේ 95%ක වර්ධනයකුත් මේ වසරේ 125%ක වර්ධනයකුත් පෙන්නුම් කරල තියෙනවා, නමුත් සාමාන්‍ය ජනතාවට එහි තිබෙන අගය නොපෙනෙන හැඩක් තමා පෙනෙන්න තිබෙන්නෙ. ඇයි ඒකට හේතුව? කොතනද වැරැද්ද???

අපි මේ ගැන ටිකක් කතා කරමු....
ඔබගේ අදහස් දක්වන්න.

The Island ලිපියක් ඇසුරිනි.
Read More

Saturday, October 16, 2010

අපගේ RSS පෝෂක හා එක්වන්න

8:57 PM 0

විවිධ වර්ගයේ ලිපි සඳහා වෙන වෙනම RSS පෝෂක ලබා දී තිබුණත් එම පෝෂක පිළිබඳ තොරතුරු එක වර ලබා ගැනීමට මෙතෙක් අඩවියේ පහසුකමක් තිබුනේ නෑ.
දැන් ඉතින් ඒ අපහසුව මඟහරවාලමින්, ඒ ඒ RSS පෝෂක සඳහා පහසුවෙන්ම, වෙන වෙනම එකතු වීමේ අවස්ථාව ඔබට දැන් ලැබී තිබෙනවා.

Read More

Friday, October 1, 2010

අඩවි පුවත් - ට්විටරය හරහා අප හා එක්වන්න

12:32 PM 0
Guide To CSE සඳහා Twitter ගිණුමක් ඇරඹිලා. දැන් ඔබට පුළුවන් Twitter අඩවිය හරහාත් අප හා එක්වන්න. 



Read More

Sunday, July 25, 2010

"CSE Talk" Forum එක අළුත් තැනකට

6:00 AM 0


අපේ "CSE Talk" Forum එකේ පහුගිය සති කිහිපයේ පොඩි පොඩි ලෙඩ ටිකක් තිබ්බ. ඉතින් දැන් ඒ ටික හදාගෙන ෆෝරම් එක අළුත් තැනක අළුත් පෙනුමකින් ක්‍රියාත්මකයි. තාම පොඩි පොඩි DNS issues කිහිපයක් තියෙනව. ඒ ටික අද හවස් වෙනකොට හරියාවි.


එහෙනම් හැමෝටම ආරාධනා කරනවා, පරණ විදිහටම ෆෝරම් එකක් එක්ක එකතු වෙලා, ප්‍රශ්න වලට පිළිතුරු ලබා ගන්න ගමන්ම තමුන්ගෙ දැනුමත් බෙදාහදා ගනී කියල.


Read More

Sunday, July 11, 2010

නව "භාගත කිරීම් (Downloads)" පිටුව

6:00 AM 0


Guide To CSE අඩවියට තවත් නව සේවාවක් එකතු කරනු ලැබුවා. ඒ තමා භාගත කිරීම් (Downloads) පිටුව.
ඔබගේ ප්‍රයෝජනය තකා කොටස් වෙළඳපළ සම්බන්ධව සහය ලබාගත හැකි විවිධ තොරතුරු අඩංගු ගොනු, මෙම පිටුව හරහා භාගත හැකිය. ඔබ වෙත මෙවැනි ගොනු තිබේ නම්, අප වෙත ලබා දීමට කාරුණික වන්න. එවිට මෙම අඩවිය හරහා එම තොරතුරු අනෙකුත් අයගේද ප්‍රයෝජනය තකා ප්‍රසිද්ධ කළ හැකිය. (එම ගොනු madhawa(at)guidetocse.com වෙත ඊ ලිපියක් හරහා එවන්න.)


Read More

Friday, July 9, 2010

ඔබ කැමතිම තැරැව්කාර ආයතනය සඳහා ඡන්දය දෙන්න

8:44 PM 0


මේක නම් කොටස් වෙළඳපළට ඇතුළු වෙන්න සූදානමින් සිටින අයට ලොකු අත්වැලක් වෙන දෙයක් වේවි. 
අපේ ෆෝරම් එකේ පොඩි Poll එකක් දාල තියෙනව, තමුන්ගේ අදහස අනුව හොඳම තැරැව්කාර ආයතනය මොකද්ද කියල ප්‍රකාශ කරන්න. 
ඔබටත් ආරාධනය කරනවා ඔබගේ ඡන්දයත් ප්‍රකාශ කරන ලෙස. 
එතකොට මේ ෆෝරම් එකට එන, අළුතින්ම කොටස් වෙළඳපළට එකතු වෙන්න බලා ඉන්න කෙනෙක්ට, තමුන්ට ගැළපෙන, හොඳම තැරැව්කාර ආයතනය තෝරා ගන්න පුළුවනි. 
සමහරු මටත් කියල තියෙනව, එයාගෙ තැරැව්කාර ආයතනය එයාට හරියට සේවයක් සපයන්නෙ නෑ කියල, සමහරු කියනව එයාගෙ තැරැව්කාර ආයතනය එයා ගැන එච්චර සැලකිල්ලක් නෑ කියල. මම හිතන්නෙ මේ හරහා ඒකට විසඳුමක් දෙන්න පුළුවන් වේවි. තමුන්ගෙ ආයතනය හරි නැත්තම් වෙනත් එකකට මාරු වෙන්න උනත් මේක ප්‍රයෝජනවත් වේවි. 


මෙන්න ලින්ක් එක >>>  
http://forum.guidetocse.com/viewtopic.php?f=3&t=54


(CDS ගිණුම් එක් තැරැව්කාර ආයතනයක් එක බැගින් සාදාගත හැකිය. එක් CDS ගිණුමකින් තවත් CDS ගිණුමකට මුදල් හා කොටස් හුවමාරු කළ හැකිය.)
Read More

Post Top Ad