Guide to CSE: for investors

Hot

Showing posts with label for investors. Show all posts
Showing posts with label for investors. Show all posts

Sunday, December 26, 2010

කොටස් වෙළඳපළ තුළ ජීවත් වන සතුන් සිව් දෙනා

12:20 PM 8

කොටස් වෙළඳපළ තුළ සිටිනා අයෝජකයින් විවිධ සතුන්ගේ හැසිරීම් වලට සමාන කරන්න පුළුවන්. එහෙම කරන්න පුළුවන් සතුන් සිව් දෙනෙක් සිටිනවා. ගවයා (Bull), වලසා (Bear), කුකුළා (Chicken) සහ ඌරා (pig) තමා මේ සතුන් සිව් දෙනා. ඌරා තමයි කිසිම ආයෝජකයෙක් වෙන්න අකමැති, නොවිය යුතු සත්වයා.

ගවයා (Bull)
කොටස් වෙළඳපළ තුළ සතුටින් සිටින සත්වයා තමයි ගවයා. කොටස් වෙළඳපළBullish trend එකකින් යනවා කියල කියන්නෙ, ආර්ථිකය වර්ධනය වෙමින් සියළුම කොටස් මිලද ඉහළ යමින් කොටස් වෙළඳපළ වර්ධනය වන කොට. ඒ ඒ සමාගම් වල වටිනාකම වගේම කොටස් මිලත් මේ කාලයේ ක්‍රමයෙන් වර්ධනය වනවා. ඉතින් මේ කාලයේදී, කෙනෙක් කොටස් මිලට ගෙන තබාගත්තොත් ලාභාංශ වශයෙන් හෝ ඉහළ මිලකට විකිණීමෙන්  පහසුවෙන්ම ලාභ උපයන්න පුළුවන්.
බොහෝ දෙනෙක් මේ කාලයේදී කොටස් වෙළඳපළ සමඟ  යමින් ලාභ උපයනවා. නමුත් කණගාටුවට කාරණය තමයි, මේක හැමදාම පවතින්නෙ නෑ.

වලසා (Bear)
වලසා කියල කියන්නෙ ගවයා වගේ ක්‍රියාකාරී සත්වයෙක් නෙමෙයිනෙ, කම්මැලි සතෙක්. ඉතින් කොටස් වල මිල පහළ යනකොට, රටේ ආර්ථිකය දුර්වල වෙනකොට කොටස් වෙළඳපළ Bearish Trend එකකට යනවා කියල කියනව. මේ කාලෙදි කොටස් මිලට ගෙන විකුණල ලාභ ගන්න බෑ. නමුත් මෙහෙම දෙයක් කරන්න පුළුවන්, ඔබ යම් සමාගමක කොටස් හිමිකරයෙක් නම්, ඒ කොටස් මිල දිගටම පහළ යනවා නම්, ඔබට පුළුවන්, පොඩි අලාභයක් විඳිමින් හෝ ලාභය තබාගෙන ඒ කොටස් විකුණල, මිල හොදටම පහල ගියාට පස්සෙ යළිත් කොටස් මිලට ගන්න.
මොවුන් වෙළඳපළට හා රටේ ආර්ථිකයට සෘණාත්මක බලපෑමක් ඇති කරනවා. ඔවුන් කරන්නෙ වෙළඳපළ පසුබෑමක් ඇතිවනවිට තමුන්ගේ කොටස් විකුණමින් වෙළඳපළින් තාවකාලිකව ඉවත්ව සිටීම. යළිත් වෙළඳපළ වර්ධනයක් සිදුවන බව පෙනෙන්න පටන්ගන්නකොට, ඔවුන් යළිත් කොටස් මිලට ගනිමින් වෙළඳපළ තුළට පිවිසෙනවා.

කුකුළා (Chickens)
කුකුළා කියන්නෙ බියගුලු සතෙක්නෙ, ඒකම තමා මෙතනත් තියෙන්නෙ. මේ ආකාරයේ ආයෝජකයින් හරිම බයයි අවදානමක් ගන්න, ඔවුන් කැමති නෑ අලාභයක් විඳින්න. ඉතින් ඔවුන් කිසිවිටෙක්වත් කොටස් වෙළඳපළින් කොටස් මිලට ගන්නෙ නෑ, කිසිම විදිහකින් අවදානමක් ගන්න මොවුන් සූදානම් නෑ. ඉතින් මොවුන් කරන්නෙ, ලැබෙන ලාභය අඩු උනත් අනිවාර්ය ආදායමක් ලැබෙන, අවදානමක් නැති, සුරැකුම්පත් වගේ දේවල් වල ආයෝජනය කරන එක තමයි. ඒවායින් ලැබෙන ප්‍රථිලාභ අඩු උනත් ඒවායේ අවදානමක් නෑ නෙ.
ආර්ථිකයේ පසුබෑමක් වෙනකොට මොවුනුත් ඒ සුරැකුම්පත් හර කරමින් තමුන්ගේ මුදල් සම්පූර්ණයෙන්ම යළි ලබාගන්නවා.

ඌරා (Pigs)
ඌරා කියන්නෙ මෝඩ සතෙක්. මේ ආකාරයේ ආයෝජකයින් කරන්නෙ, අනවශ්‍ය තරම්ම අවදානමක් ගන්න එක. ඔවුන්ට ඕනෙ එක පාර ලොකු ලාභයක් ගන්න. ඔවුන් ක්‍රියාත්මක වෙන්නෙ විවිධ පුවත්, කටකතා පදනම් කරගෙන. ඔවුන් ආයෝජනය කරන්න පෙර, බලන්නෙ නෑ ඒ සමාගම ස්ථාවර එකක්ද කියලවත්. ඉතින් මේ ආකාරයේ ආයෝජකයින් බොහෝවිට තමුන්ගේ සියළුම මුදල් පවා විනාශ කරගන්නවා ඉතා ඉහළ අවදානමක් ඇති ලොකු ලොකු ලාභ ලබා දෙන්නම් කියන සමාගම් වල කොටස් වල ආයෝජනය කරල.

නමුත් මෙහෙම දෙයක් තිබෙනවා, හරි දැනුම සහිතව ක්‍රියාකරන වෘත්තීයමය ආයෝජකයින් මේ ඌරන් වගේ ක්‍රියාකරන ආයෝජකයින්ට කැමතියි. මොකද  වෘත්තීයමය ආයෝජකයින් ක්‍රියාකරන්නෙ ගවයන් හෝ වලසුන් වශයෙන්, ඉතින් ඔවුන් ලබාගන්නා ලාභයන්ගෙන් විශාල ප්‍රමාණයක් ලැබෙන්නෙ මේ ඌරන් වගේ ආයෝජනය කරන්නන්ගේ අලාභයන් හරහා. 

ඔබ කුමනාකාරයේ ආයෝජකයෙක් විය යුතුද?
කොටස් වෙළඳපළ තුළ ආයෝජනය කිරීමේදී භාවිතා වන විවිධ ක්‍රමෝපායන් තිබෙනවා. වලසා හා ගවයා කියන්නෙ එකිනෙකට විරුද්ධ දෙදෙනෙක්. මොවුන් දෙදෙනාම වෙළඳපළ ගැන හොඳ අවදානයෙන් සිට හා ආර්ථික න්‍යායන්ට අනුව ක්‍රියා කරල හොඳ ආදායමක් උපද්දවනවා. කුකුළාත් යම් ආදායමක් ලබා ගන්නවා, නමුත් ඒක සාපේක්ෂව පහළ අගයක්. 
ආයෝජනයකදී අත්‍යවශ්‍යයෙන්ම කළ යුත්තක් තමයි, පවතින තොරතුරු වලින් සමීක්ෂණ කරල තමුන්ගෙ ආයෝජන වලට ඉදිරියේදී කුමක් වෙයිද කියල පොඩ්ඩක් හොයල බලන එක. කොයි වෙලේවත් අන්තගාමී වෙන්නේ නැතුව මධ්‍යස්ථව සිතා බැලිය යුතුයි. 
හුඟක් ආයෝජකයින් වලසා ගවයා කියන දෙවිදිහටම හැසිරෙනවා, වෙළඳපළ ක්‍රියාකාරී විට ඔවුනුත් ක්‍රියාකාරී වෙලා වෙළඳපළ පහළ බහිනකොට ඔවුනුත් වේගය අඩු කරනවා. ඉතින් මේ විදිහට මධ්‍යස්ථව ක්‍රියා කිරීමෙන් වෙළඳපළ තත්වය පහළ ගියත් ඉහළ ගියත් ඔවුන් මුදල් උපයනවා.

කොයි වෙලේවත් නොවිය යුතු සත්වයා තමයි ඌරා. කිසිම ආයෝජනයක් කරන්න එපා හොයල බලන්නෙ නැතුව. නොතේරෙන දේවල් කරන්න යන්නෙපා. කොටස් වෙළඳපළ සම්බන්ධයෙන් පැරණි කියමනක් තිබෙනවා "Bulls make money, bears make money, pigs just get slaughtered!". තේරෙනව ඇතිනෙ?
ඉතින් ඌරෙක් වෙනවාට වඩා ඉතාම හොඳයි කුකුළෙක් වෙන එක. 

ඉතින් මේ තමයි, කොටස් වෙළඳපළක් තුළ සිටින සතුන් සිව් දෙනා. ඉතින් ඔබ කුමනාකාරයේ ආයෝජකයෙක්ද?

සියළු ලිපි සඳහා ඊ මේල් ලිපිනයෙන් අප හා එක්වන්න:  
අනෙකුත් RSS පෝෂක ලබා ගැනීමට මෙතනින් යන්න.

Adopted and Translated from http://www.stock-market-today.net/
Read More

Monday, November 15, 2010

ආයෝජනයකදී සිදුවන යාන්ත්‍රණය - කතාවකින්

6:00 AM 19
අද කතාවක් හරහා තමයි මේක විස්තර කරන්න හදන්නෙ. යම් සමාගමක් බිහිවීමේ සිට කොටස් මිලට ගැනීම, විකිණීම, කොටස් මිල ඉහළ යාම, පහළ යාම....... කියන දේවල් වෙන හැටි අපි අද කතාවක් අනුසාරයෙන් බලමු.

ව්‍යාපාරයක් ඇරඹිණි (Company/Business started)
සිරිල් කියන්නෙ හොඳ ගොවියෙක්. ඔහුට ආසාවක් ඇති උනා, පොල් වත්තක් අරඹන්න. මොකද ඔහුට තේරුනා ඒ සඳහා හොඳ ඉල්ලුමක් තියෙනවා කියල. ඉතින් ඔහු ඔහු ලඟ තිබෙන මුදල් හා ණය මුදලක් අරගෙන ගැළපෙන විදිහෙ ඉඩමක් හා තවත් දේවල් කිහිපයක් මිලට ගත්ත. නමුත් ඔහුට අමතක උනා පොල් පැළ ගන්න මුදල් අවශ්‍ය වග. හොයාගෙන යනකොට ඔහුට හම්බ උනා ඉතා ඉක්මනින් ඵලදාවක් ලබා දෙන පොල් විශේෂයක් විකුණන තැනක්. ඔහුට අවශ්‍ය පැළ ලබා ගන්න රු.5,000ක් අවශ්‍ය උනා. නමුත් ඔහු ලඟ තියෙන්නෙ රු.2,500ක් පමණයි. ඉතින් මොකද කරන්නෙ???

වර්ධනය සඳහා මුදල් රැස්කිරීම වෙනුවෙන් ජනතාවට ආයෝජනයට අවස්ථාව ලබා දීම. (Initial Public Offering for raising capital)
සිරිල් මොකද කරන්නෙ, තමුන්ගෙ හොඳම මිතුරන් 5 දෙනෙක් හමුවෙන්න යනව, ඔබත් එක්කෙනෙක්. ඔහු ඔබ එකිනෙකාගෙන් රු.500 බැගින් ඉල්ලා සිටිනවා. ඔහු ඒක ණයක් වශයෙන් නෙමෙයි ඉල්ලන්නෙ, මොකද ඔහුට හරියටම කියන්න බෑ ණය ගෙවීම සඳහා ඔහුට ආදායමක් ලැබෙයිද කියල, නමුත් ඔහු පොරොන්දු වෙනවා තමුන්ට ලැබෙන ආදායමෙන් කොටසක්, ඔවුන් දුන්නු මුදලට අනුව ලබා දෙන්න. ඔවුනුත් ඊට ඒකට එකඟ උනා.
වෙනත් වචනවලින් කිව්වොත් මෙතන සිද්ද උනේ සිරිල් තමුන්ගේ පොල් වත්තෙන් කොටසක් තමුන්ගේ මිතුරන්ට ලබා දීම. (shares)

සහකරුවෙකු හා කොටස් හිමියෙකු වීම අතර වෙනස (Partners and Share Holders)
ඉතින් මේ පොල් පැළ ඉතාම වේගයෙන් වැවුනා, පළමු අවුරුද්දෙම ඵලදාව හටගත්ත. මුලින්ම පොල් ගෙඩි 100ක් හැදුන. ඉතින් පොල් පැළ වෙනුවෙන් සිරිල් 50%ක් වියදම් කරපු නිසා ඔහු පොල් ගෙඩි 50 තියාගෙන ඉතිරි පොල් ගෙඩි 50 මිතුරන් 5 දෙනා ඒ කියන්නෙ ආයෝජකයින් 5 දෙනා අතරේ සමව බෙදල දෙන්න තීරණය කළා. ඔවුන්ට මේ පොල් ගෙඩි පරිභෝජනය කරන්නත් පුළුවන් විකුණන්නත් පුළුවන්.
ඉතින් මේ ආයෝජකයින් එකතු වෙලා පොඩි සාකච්ඡාවක් පැවැත්වුවා. එයාල එයාලගෙ කොටස් ලබා ගන්නවද නැතිනම් සිරිල්ටම ඒ පොල් ගෙඩි ටික විකුණන්න කියල මුදල ගන්නවද කියල. ඔවුන් තීරණය කළා සිරිල්ටම පොල් ගෙඩි ටික විකුණන්න ඉඩ දීල ලාභය අතට ගන්න. (General meeting) ඉතින් සිරිල් ඒ ටික විකුණල, ලාභය ඔවුන්ට ලබා දුන්න. ඒ විතරක් නෙමෙයි සිරිල් පොඩි ලියවිල්ලක් හැදුව "සිරිල් සහ සමාගමේ එක් කොටසක් ඔබට හිමියි. ඒ සඳහා සමාගමේ ලාභයෙන් 10%ක් ඔබට අයිතියි" කියල. 

අව මිල සහිත සිරිල්ගේ සමාගමේ කොටස් අලෙවි වෙයි (Trading of Undervalued Stocks)
ඉතින් ඔන්න දැන් සිරිල්ගේ පොල් වත්ත ඉතාම සරුසාරයි. දැන් ඔහුගේ වත්තෙන් පොල් ගෙඩි 500ක ඵලදාවක් තිබෙනවා. ඔහු ඒ පොල් ගෙඩියක් රු. 20 ගණනේ විකුණනවා. ආදායම රු. 10,000/=යි.  ඔහු දැන් මිතුරන්ට (කොටස් හිමියන්ට) රු. 1,000 ගණනෙ ලබා දෙනවා. සිරිල් තමුන්ගේ රු. 5,000න් තවත් පොල්පැළ මිලට ගෙන සිටුවනවා. ඒවාත් ඉතාම වේගයෙන් වැඩිල, ඵල හට ගන්නවා. දැන් සිරිල්ට රු. 20,000ක ආදායමක් ලැබෙන පොල් වත්තක් තිබෙනවා.
ඉතින් මේක දැකපු සිරිල්ගේ අසල්වැසියෙක් වන නිමල්ටත් මේකට සම්බන්ධ වෙන්න ඕනෙ වෙනවා. ඒ අතරේ සිරිල්ගේ සමාගමේ කොටස් හිමියෙක් වෙන සුනිල් තමුන්ගේ කොටස් විකුණන්න කැමත්තෙන් ඉන්නවා. ඉතින් නිමල්, සුනිල්ට රු. 500ක් (bid price) දෙන්න කැමතියි මේ කොටස මිලට ගන්න. ඒත් සුනිල් මෝඩ නෑ, ඔහු දන්නවා දැනටමත් මේ සමාගම කොටසකට රු. 2,000ක් උපයනවා කියල. ඉතින් සුනිල් ඒ කොටස සඳහා රු. 2,000ක් ඉල්ලනවා (ask price) නිමල්ගෙන්.නිමල් එවෙලෙම කැමති වෙලා කොටස ඒ මිලට, මිලට ගන්නවා. (trading happens)

පොඩි රැවටිලිකාර දෙයක් සිද්ධ වෙනවා. (Bubble Formed)
සිරිල්ගේ අනෙක් කොටස් හිමි මිතුරන් දකිනවා සුනිල් කරපු දේ හා ඔහුට ලැබුනු මුදල, ඉතින් ඔවුන්ටත් තමුන්ගේ කොටස් විකුණන්න ඕනෙ වෙනවා. (කොටස් හිමියන්) අනිත් පැත්තෙන් සිරිල්ගේ තවත් අසල්වැසියන්ට මේකට සම්බන්ධ වෙන්න ඕනෙ වෙනවා (ආයෝජකයින්),  ඔවුන් දැක්කනෙ නිමල්ගේ ආයෝජනය කෙතරම් ඉක්මනින් සිදු උනාද කියන එක.
ඉතින් මෙහෙම එහෙට මෙහෙට කොටස් අලෙවි වෙලා, (trading of shares) කොටසක මිල රු. 5,000 දක්වා ඉහළ යනවා. ඒක සිරිල්ගේ පොල් වත්තේ ආදායමටත් වඩා ඉහළ අගයක්. (කොටස් අධි මිලට අලෙවි වෙනවා) සිරිල්ගේ මුල්ම ආයෝජකයින්ගෙන් එකම එක්කෙනෙක් පමණයි තවමත් තමුන්ගේ කොටස තියාගෙන ඉන්නෙ. ඒ ගයාන්. රු. 6,000ට ඉල්ලුවත් ඔහු ඒක තියාගෙන ඉන්නෙ, ඒකෙන් තමුන්ට ස්ථිර ආදායමක් ලැබෙන නිසයි. (fixed income=dividends) 
ඉතින් මේ අතරෙ, පොල් කුරුමිණියෝ නිසා සිරිල්ගේ මුලු පොල් වගාවම විනාශ වෙනවා, වසරකම ආදායම නැති කරල දාමින්. ඉතින් කොටස් හිමියන්ට හරිම ප්‍රශ්නයක්, ඇයි ඔවුන් කොටස් මිලට ගත්තේ තමුන්ගේ වැඩ වලට ඉතිරි කරගත්තු මුදල් වලින්නෙ. (margin traded)

රැවටිල්ල කඩා වැටෙනවා (Bubble Bursts)
ඉතින් යළි මුදල් අවශ්‍ය කොටස් හිමියන්ගෙන් දෙදෙනෙක්, තමුන්ගේ කොටස් යළිත් රු. 2000ට ගයාන්ට විකුණනවා. (කොටස් මිල පහළ යනවා) දැන් ඔහු ලඟ සිරිල්ගේ සමාගමේ කොටස් 3ක් තිබෙනවා. අනිත් කොටස් හිමියන් දෙදෙනාත් ඒකම කරන්න උත්සාහ කළත් ගයාන්ට කොටස් 3ක් ඇති, ඉතින් ඔහු තවත් මිලට ගන්න සූදානම් නෑ.
ඉතින් දැන් අනිත් කොටස් හිමියන් දෙදෙනාට හරිම ප්‍රශ්නයක්. ඉතින් මෙන්න ජයන්ත මේ කොටස් වලට රු, 1,500ක් ගෙවන්න කැමතියි. මොනව කරන්නද, ඒ කොටස් හිමියන් දෙදෙනා රු. 1,500 බැගින්තමුන්ගේ කොටස් දෙක ජයන්තට ලබා දෙනවා. (තවත් කොටස් මිල පහළ යනවා)
මේ කෙසේ වෙතත් සිරිල්ගේ පොල් වලට තිබෙන ඉල්ලුම එහෙමමයි,ඉතින් සිරිල්ට කොහොම හරි මේ පොල් කුරුමිණියන් ඉවත් කරල ආපහු පොල් ගස් ටික ගොඩ ගන්න ඕනෙ. නමුත් ඒකට කෘමිනාශක ගන්න සිරිල්ට මුදල් අවශ්‍යයි. 

සිරිල් බැඳුම්කර නිකුත් කරයි. (Issuing of Bonds)
ඔහුගේ මිතුරන්ට සිදුවූ බොරුව නිසා යළිත් කොටස් නිකුත් කරන්න සිරිල්ගෙ උනන්දුවක් නෑ. ඔහු හිතනවා ණය මුදලක් ගන්න. නමුත් එකක් දැනටමත් අරගෙන නිසා ඔහුට යළිත් ණයක් ගන්න බෑ. 
ඉතින් ඔහු බලනවා ඔහු ලඟ තිබෙන උපකරණ වලින් විකිණිය හැකි දේවල් තිබෙනවාද කියල. ඔන්න ඔහුට එනවා හොඳ අදහසක්. ඔහුගේ ලඟ තිබෙනවා භාජන ටිකක්. පොල් ඵලදාව නැතිව ඒවායින් වැඩක් නෑ, නමුත් යළිත් ඵලදාව ලැබෙනකොට ඒවා ඕනෙ වෙනවා. 
ඉතින් සිරිල් කතා කරනවා ඔහුගේ අසල්වැසියා නිමල්ට. 
"නිමල් මගෙ මිත්‍රයා, මම ඔබත් එක්ක පොඩි ගනුදෙනුවක් කරන්න කැමතියි. මගෙ මෙන්න මේ භාජන ටික රු. 5,000ක් වටිනවා. නමුත් මම හැමතියි ඒව ඔබට රු. 3,000ට විකුණන්න. නමුත් ලබන මාසයේදී මම ඒවා ඔබෙන් යළි මිලට ගන්නවා රු. 5,000ට" හ්ම්ම්. නිමල් මේ ගැන හිතල බලනවා, නරකම දෙයක් උනොත් ඔහුට ඒ භාජන ටික විකුණල දාන්න පුළුවන්නෙ. නැත්තම් මේක ලාභදායක වැඩක්නෙ, ඉතින් ඔහු ඒකට කැමති වෙනවා. ඉතින් ඒ ගනුදෙනුව සිද්ධ වෙනවා.
"මේකනෙ නිමල්, මේ ටික එහාට මෙහාට ගෙනියන එක කරදරයිනෙ, ඉතින් අපි මෙහෙම කරමු" කියපු සිරිල්, මේ ගනුදෙනුවට ලියවිල්ලක් සකසනවා. 
නිමල් මෙහෙම අහනවා "මොකද්ද පොරොන්දු පත්‍රයක්ද?"
සිරිල් කියනවා, "ඔව් ඒ වගේ එකක් තමා, නමුත් අපි මේකට බැඳුම්කරයක් (Bond) කියල කියමු."
ඔන්න ඉතින් ඒ මුදලෙන් සිරිල් කෘමිනාශක අරගෙන ඔක්කොම පොල් කුරුමිණියන් ඉවත් කරල ආපහු පොල් වත්ත ගොඩ ගන්නවා. අර කිව්ව කාලයට පස්සෙ නිමල්ට මුදල් පොරොන්දු වූ පරිදි මුදල් ගෙවල යළිත් ඒ භාජන වල අයිහියත් ලබා ගන්නවා.

යළිත් ඔක්කොම යථා තත්වයට.

මොකද්ද මේකෙන් ඉගෙනගන්න පුළුවන්?
මේ කථාව හරහා කොටස් වෙළඳපළ ආයෝජනයේ සියළුම කොටස් නම් ආවරණය උනේ නෑ. නමුත් මෙහිදී එක් දෙයක් ඉතාම තදින් කියවුනා, ඒක තමයි, සිරිල්ගේ සමාගමේ කොටස් වල මිල තීරණය උනේ ආයෝජකයින්ගේ අදහස් මත කියන එක. ඒක සිරිල්ගේ පොල් වත්තේ ආදයම මතම යැපුනේ නෑ. 
කොටස් වෙළඳපළ කියන්නේ වෙන්දේසියක්. කිසිම කොටසකට අදාල වටිනාකමක් නෑ. හැම වෙලේම ඒ වෙලාවට අනුව ඒ කොටසේ වටිනාකම වෙන්නෙ ඒ වෙලාවේදී ආයෝජකයින් ඒ වෙනුවෙන් වියදම් කරන්න බලාපොරොත්තු වෙන මිලයි. 
මේ වටිනාකමේ විචලනය හරහා තමයි ආයෝජකයින් ලාභ ලබන්නේ. ඒක එක් වෙලාවකට නරකටත් තවත් වෙලාවක හොදටත් හිටිනවා. ඔබ අවමිලට කොටසක් ගත්තොත් ඔබල ලාභ ගන්නත්, අධිමිලට කොටසක් ගත්තොත් ඔබට අලාභයක් සිදුවෙන්නත් සිදු වෙනවා.

සියළු ලිපි සඳහා ඊ මේල් ලිපිනයෙන් අප හා එක්වන්න:  
අනෙකුත් RSS පෝෂක ලබා ගැනීමට මෙතනින් යන්න.
Read More

Wednesday, June 30, 2010

කොළඹ කොටස් නිකුතුවේ ශාඛා වලින් ඇති ප්‍රයෝජන

4:00 PM 3
කොළඹ් කොටස් නිකුතුව තම ශාඛා රට වටා ඇති කිරීම තුළින් විශේෂයෙන්ම බලාපොරොත්තු වෙන්නේ ඒ ඒ ප්‍රදේශ වල සිටින ආයෝජකයින් සම්බන්ධ කරගැනීම හරහා ආයෝජන දිරිමත් කිරීමයි.
මෙම ශාඛා විවිධ, කොටස් වෙළඳපළ සම්බන්ධ ක්‍රියාකාරකම් වලට ආයෝජකයින්ට සහය ලබා දෙනවා.
  • කොටස් වෙළඳපළට සබඳතාවය
  • තැරැව්කාර සමාගම් වලින් ලබාදෙන සේවාවන් (කොටස් මිලට ගැනීම/විකිණීම, මුදල් ගෙවීම්, වෙනත් දේ)
  • ආයෝජන උපදෙස්
  • ආයෝජන සම්බන්ධ ලේඛන (ගිණුම් ඇරඹීම, මුදල් ලබා ගැනීම/තැන්පත් කිරීම, වෙනත්)
  • සමීක්ෂණ වාර්තා
  • සමාගම් වල වාර්ෂික වාර්තා
  • කොටස් නිකුතුව මගින් පල කරන පොත් පත්
හා තව බොහෝ සේවා මෙම ශාඛා වලින් සිදුවනවා.
මෙම ශාඛා, එම ප්‍රදේශයේ සිටින්නන්ට, කොටස් වෙළඳපළ තුළ ආයෝජනය කර, ලාභ ලබා ගැනීමට මහඟු අවස්ථාවක් ලබා දෙනවා.
මෙම ශාඛා වලින් සිදු කරන තවත් සේවාවක් තමයි, කාලයෙන් කාලයට එම ශාඛාව තුළ/ආයතන/පාසල් තුළ, කොටස් වෙළඳපළ සම්බන්ධයෙන් දේශන හා වැඩමුළු සංවිධානය කිරීම, මේවාට සහභාගි වීම තුළින් එම ප්‍රදේශයේ ජනයාට කොටස් වෙළඳපළ ආයෝජනය ගැන ඉගෙනගන්න පුළුවන්.
ලංකාව තුළ මෙහෙම ශාඛා 5ක් තිබෙනවා.
  • මාතර
  • මහ නුවර
  • කුරුණෑගල
  • මීගමුව
  • යාපනය
මාතර ශාඛාව
1999 වර්ෂයේ විවෘත කෙරුනු මෙය, කොළඹ කොටස් නිකුතුවේ පළමු ශාඛාව වෙනවා. මෙය තුළ දැනට තැරැව්කාර ආයතන 6ක් ක්‍රියාත්මකයි.
ලිපිනය: දුම්රිය පළ පාර, මාතර.

මහ නුවර ශාඛාව
මෙය දෙවන ශාඛාවයි, විවෘත කළේ 2003 වර්ෂයේ. මෙය තුළ දැනට තැරැව්කාර ආයතන 7ක් ක්‍රියාත්මකයි.
ලිපිනය: CeyBank House, දළදා විදිය.

කුරුණෑගල ශාඛාව
2005 වර්ෂයේ ආරම්භ කෙරුනු මෙය තෙවන ශාඛාවයි. තැරැව්කාර ආයතන 6ක් මෙතුළ ක්‍රියාත්මක වෙනවා.
ලිපිනය: පළමු මහල, Union Assurance Centre, රජපිහිල්ල මාවත, කුරුණෑගල.

මීගමුව ශාඛාව
තැරැව්කාර ආයතන 4ක් මෙතුළ ක්‍රියාත්මක වන අතර, මෙම ශාඛාව ඇරඹුනේ 2005 වර්ෂයේදීය. මෙය කොළඹ කොටස් නිකුතුවේ සිව්වන ශාඛාවයි.
ලිපිනය: පළමු මහල, Jude City Building, ග්‍රීන්ස් පාර, මීගමුව.

යාපනය ශාඛාව
මේ වසරේ අප්‍රේල් 27වන දින ඇරඹුනු මෙය, පස්වන ශාඛාවයි. තැරැව්කාර ආයතන 6ක් මෙම ශාඛාව තුළ ක්‍රියාත්මකයි.
ලිපිනය: රෝහල පාර, යාපනය.

මෙන්න මේව තමා, කොළඹ කොටස් නිකුතුවේ ප්‍රාදේශික ශාඛා. ඒ ඒ ප්‍රදේශ වල ඉන්න ජනතාවට, මෙම ශාඛා මගින් කොටස් වෙළඳපළ ආයෝජන කටයුතු වලට අදාල සියළුම දේවල් කරගන්න පුළුවන්. සරළව කිව්වොත් හැම දේම එකම වහලක් යටින් කරගන්න පුළුවන්.
Read More

Saturday, May 22, 2010

සාර්ථක දිගු කාලීන ආයෝජනයකට උපදෙස් - 3 (Final)

6:06 AM 1
පළමු ලිපියෙන් හා දෙවන ලිපියෙන් අපි කතා කළා සාර්ථක දිගු කාලීන ආයෝජනයක් සඳහා කළ යුතු දේවල් කිහිපයක්, මේ ඒ ලිපි පෙළේ තුනවන හා අවසාන ලිපිය.

7. අනාගතය ගැන හිතන්න.

කට්ටිය බලනවද මොකද්ද ඒ හරුපෙ කියල, ඉස්සෙල්ල ලිපියෙ කිව්ව වැඩිපුර අනාගතේ ගැන හිතන්නෙපා කියල කතාවක්, දැන් වෙන කතාවක් කියනව. ඒ ඉස්සෙල්ල කිව්ව අනාගතේ ගැන නෙමෙයි මේ කියන්නෙ.
කොටස් වෙළඳපළ ආයෝජනයේදී ඉස්සරහට මෙන්න මෙහෙම වෙයි කියල අපිට අනුමාන කරන්න සිද්ද වෙනව. (ඒක අනවශ්‍ය ලෙස එපා කියලයි ඉස්සෙල්ල කිව්වෙ)
එහෙම අනුමාන කරනකොට ඉතාම තදින් මතක තබා ගත යුතු දෙයක් තමයි, පරණ දත්ත වලින් ඉදිරියෙදි මෙන්න මෙහෙම දේවල් වෙන්න පුළුවන් කියල අනුමාන කරන්න පුළුවන් උනාට වඩා වැදගත් වෙන්නෙ අනාගතයෙදි මොනවද වෙන්නෙ කියන එක. අපේ විශ්ලේෂණ වරදින්න ඉඩ තියෙනව. (ඉස්සෙල්ල ලිපියෙත් කිව්වෙ, විවිධ හේතු මත වෙළඳපළ විචලනය වෙනව, අනුමාන කරන්න බැරි දේවලුත් වෙන්න පුළුවන් කියල)

Read More

Wednesday, May 19, 2010

සාර්ථක දිගු කාලීන ආයෝජනයකට උපදෙස් - 2

6:05 AM 3
මම කිව්වනෙ ප්‍රතිපත්ති 9ක් ගැන, ඒවයින් තුනක් මුල් ලිපියෙන් කිව්ව, දැන් අපි බලමු ඊළඟ තුන.


4. P/E ratio ගැන බරපතලව හිතන්නෙපා.


මොකද්ද බොලේ මේ P/E ratio කියන්නෙ? ඒ කියන්නෙ Price: Earnings (මිලට ආදායමේ) අනුපාතයයි. මේක ගැන සමහරු හුඟක් ලොකුවට හිතනව. ඇත්ත, ඒ අනුපාතය වැඩි වෙන්න වැඩි වෙන්න අපිට ලැබෙන ලාභය වැඩි වෙන්න පුළුවන් තමා, නමුත් මේක ගැන අනවශ්‍ය ලෙස හිතන්න හොඳ නෑ. 
මෙම අනුපාතය ගැන පමණක් හිතල කොටස් මිලදී ගන්න කියල කවුරුහරි කියනවනම් ඒක නම් නරක උපදේශයක්.  මෙම අනුපාතය ගැන හිතනකොට ඒක ගැන විතරක් හිතන්න හොඳ නෑ, තවත් විවිධ විශ්ලේෂණ ක්‍රියාවලි එක්ක සම්බන්ධ කරගෙන තමයි හිතන්න ඕනෙ. මෙම අනුපාතය අඩු උනා කියල කෙලින්ම කියන්න බෑ ඒ සමාගමේ කොටස් අව මිලක (Undervalued) තියෙනව කියල, හෝ අනුපාතය ඉහළ ගියාට කියන්නත් බෑ එම කොටස් අධි මිලක (Overvalued) පවතිනව කියලවත්.



Read More

Saturday, May 15, 2010

සාර්ථක දිගු කාලීන ආයෝජනයකට උපදෙස් - 1

12:54 AM 15
ම්ම මෙතෙක් කල් වැඩිපුරම කතා කරල තියෙන්නෙ කෙටි කාලීන ආයොජන ගැනයි. නමුත් අද කතා කරන්න යන්නෙ දිගු කාලීන ආයෝජන සම්බන්ධයෙන්. එහෙම උනත් සියළුම ආයෝජකයින්ට මේ තොරතුරු හරහා ඉගෙන ගත යුතු දේවල් තිබෙනව.

කොටස් වෙළඳපළ තුළ ආයෝජනයන්ට කිසිදු නීති පද්ධතියක් නැති උනත් එහිදී පිළිපැදිය යුතු පොඩි පොඩි ප්‍රතිපත්ති කිහිපයක් තිබෙනව. ඒව දැඩි හා තර්කාත්මකයි.
අපි එහෙනම් බලමු, ආයෝජකයින්ට ඉහළ ‍වගේම දිගුකාලීන සාර්ථකත්වයක් ලබා ගත හැකි ලෙස වෙළඳපළ තුළ ස්ථාවර වීමට පිළිපැදිය යුතු ප්‍රතිපත්ති 9ක් ගැන.
මේ හැම කාරණයක්ම, ඕනෑම ආයෝජකයෙකු දැන සිටිය යුතු මූලික සංකල්පයක් ඉස්මතු කරනවා.

Read More

Post Top Ad