Guide to CSE: stock brokers

Hot

Showing posts with label stock brokers. Show all posts
Showing posts with label stock brokers. Show all posts

Tuesday, November 20, 2018

අන්තර්ජාලය හරහා කොටස් ගනුදෙනු කිරීම

1:52 PM 0
අන්තර්ජාලය හරහා කොටස් ගනුදෙනු කිරීමේ වාසි හා අවාසි

දැන් දැන් හුඟක්ම ආයෝජකයින් අන්තර්ජාලය හරහා කොටස් ගනුදෙනු කිරීමට වැඩි කැමැත්තක් දක්වනවා, හේතුව තමයි දැන් විශාල වෙබ් අඩවි ප්‍රමාණයක් තිබෙනව, ඉක්මනින්ම පොහොසත් වෙන්න පුළුවන් කියල පොරොන්දු දෙන. කොහොම උනත් අන්තර්ජාලය හරහා කොටස් ගනුදෙනු කිරීමේ වාසි වගේම අවාසිත් තිබෙන බව මතක තබා ගත යුතුයි. කොටස් වෙළඳපළ කියන්නෙ හරිම සංකීර්ණ යන්ත්‍රයක් වගේ දෙයක්, හරියට, අදාල විදිහට ක්‍රියාත්මක කළේ නැතිනම් හරිම අවදානම් දෙයක්. 
ආයෝජන උපදෙස් නොදෙන තැරැව්කාර ආයතනයක් හරහා නම් ඔබ කොටස් ගනුදෙනු කරන්න හදන්නෙ, කොටස් වෙළඳපළ හා එහි ක්‍රියාකාරිත්වය සම්බන්ධයෙන් ඉහළ දැනුමක් ඔබට අනිවාර්යයෙන්ම තිබිය යුතු වෙනවා. නැතිනම් ඔබට ලාභයක් ගන්න නම් බැරි වේවි. තැරැව්කරුවෙක් කියන්නෙ කොටස් වෙළඳපළ හා සම්බන්ධ වී කොටස් ගනුදෙනු කළ හැකි ආයතනයක්. ඔබ තනිවම කොටස් ගනුදෙනු කළත් කරන්නෙ ඒ තැරැව්කරුවා හරහාම තමයි. (ලංකාවෙ සියළුම තැරැව්කාර ආයතනයන්ම ආයෝජන උපදෙස් ලබා දෙනවා, ඒ නිසා ඒ ගැන බයක් වෙන්න ඕනෙ නෑ.)


කොටස් මිලදී ගැනීම, විකිණීම සැලැසුම් සහගතව කළ යුත්තක්. ඒ එක්කම ඔබට පුළුවන් වෙන්න ඕනෙ, වෙලදපළ තත්වය සම්බන්ධයෙන් විශ්ලේෂනාත්මකව පරික්ෂා කරලයි කොටස් ගන්න/විකුණන එක තීරණය කරන්න ඕනෙ, අරක හොඳයි මේක හොඳයි කියල හිතෙන හිතෙන විදිහට කොටස් මිලට ගන්න නරකයි. එක එක තැරැව්කරුවන් එක එක විදිහෙ Trading Platforms (trading software) ලබා දෙනවා, ඒ එක එකක තිබෙන දේවල් වෙනස්. (සමහර ඒවයේ market analysis reports පවා තිබෙනව, සමහර ඒවයෙ නෑ). ඔබට පරික්ෂා කරල බලන්න Demo account එකක් වගේ ගන්න පුළුවන් නම්, ඔබට පහසුවෙයි එක එක ඒවායෙ තිබෙන වාසි අවාසි දැනගන්න. (අවාසනාවට ලංකාවෙ නම් එහෙම ගන්න බෑ)

හොඳම ක්‍රමය තමයි, ඔබගේ උපදේශකගෙන් උපදෙස් ගන්න ගමන්ම, තමනුත් හොඳින් වෙළඳපළ අධ්‍යයනය කිරීම. එතකොට ඔබටත් පුළුවන් යම් තීරනයක් ගන්න, සහ ඔබගේ උපදේශකගේ තීරණයේ නිරවද්‍යතාවය තහවුරු කරගන්න. ඒත් එක්කම විශ්වාසයකින් යුතුව ආයෝජනයක් කිරීමේ හැකියාව ඔබට ලැබෙනවා. 

ඒත් එක්කම ඔබගේ ඉලක්කය ගැනත් සිතිය යුතුයි, මම මීට පෙර ලිපියකත් ඒ ගැන කියල තියෙනවා, ඒ ඉලක්කයට අනුවයි ඔබ ක්‍රියාත්මක විය යුත්තේ. 

Read More

Friday, July 9, 2010

ඔබ කැමතිම තැරැව්කාර ආයතනය සඳහා ඡන්දය දෙන්න

8:44 PM 0


මේක නම් කොටස් වෙළඳපළට ඇතුළු වෙන්න සූදානමින් සිටින අයට ලොකු අත්වැලක් වෙන දෙයක් වේවි. 
අපේ ෆෝරම් එකේ පොඩි Poll එකක් දාල තියෙනව, තමුන්ගේ අදහස අනුව හොඳම තැරැව්කාර ආයතනය මොකද්ද කියල ප්‍රකාශ කරන්න. 
ඔබටත් ආරාධනය කරනවා ඔබගේ ඡන්දයත් ප්‍රකාශ කරන ලෙස. 
එතකොට මේ ෆෝරම් එකට එන, අළුතින්ම කොටස් වෙළඳපළට එකතු වෙන්න බලා ඉන්න කෙනෙක්ට, තමුන්ට ගැළපෙන, හොඳම තැරැව්කාර ආයතනය තෝරා ගන්න පුළුවනි. 
සමහරු මටත් කියල තියෙනව, එයාගෙ තැරැව්කාර ආයතනය එයාට හරියට සේවයක් සපයන්නෙ නෑ කියල, සමහරු කියනව එයාගෙ තැරැව්කාර ආයතනය එයා ගැන එච්චර සැලකිල්ලක් නෑ කියල. මම හිතන්නෙ මේ හරහා ඒකට විසඳුමක් දෙන්න පුළුවන් වේවි. තමුන්ගෙ ආයතනය හරි නැත්තම් වෙනත් එකකට මාරු වෙන්න උනත් මේක ප්‍රයෝජනවත් වේවි. 


මෙන්න ලින්ක් එක >>>  
http://forum.guidetocse.com/viewtopic.php?f=3&t=54


(CDS ගිණුම් එක් තැරැව්කාර ආයතනයක් එක බැගින් සාදාගත හැකිය. එක් CDS ගිණුමකින් තවත් CDS ගිණුමකට මුදල් හා කොටස් හුවමාරු කළ හැකිය.)
Read More

Wednesday, June 30, 2010

කොළඹ කොටස් නිකුතුවේ ශාඛා වලින් ඇති ප්‍රයෝජන

4:00 PM 3
කොළඹ් කොටස් නිකුතුව තම ශාඛා රට වටා ඇති කිරීම තුළින් විශේෂයෙන්ම බලාපොරොත්තු වෙන්නේ ඒ ඒ ප්‍රදේශ වල සිටින ආයෝජකයින් සම්බන්ධ කරගැනීම හරහා ආයෝජන දිරිමත් කිරීමයි.
මෙම ශාඛා විවිධ, කොටස් වෙළඳපළ සම්බන්ධ ක්‍රියාකාරකම් වලට ආයෝජකයින්ට සහය ලබා දෙනවා.
  • කොටස් වෙළඳපළට සබඳතාවය
  • තැරැව්කාර සමාගම් වලින් ලබාදෙන සේවාවන් (කොටස් මිලට ගැනීම/විකිණීම, මුදල් ගෙවීම්, වෙනත් දේ)
  • ආයෝජන උපදෙස්
  • ආයෝජන සම්බන්ධ ලේඛන (ගිණුම් ඇරඹීම, මුදල් ලබා ගැනීම/තැන්පත් කිරීම, වෙනත්)
  • සමීක්ෂණ වාර්තා
  • සමාගම් වල වාර්ෂික වාර්තා
  • කොටස් නිකුතුව මගින් පල කරන පොත් පත්
හා තව බොහෝ සේවා මෙම ශාඛා වලින් සිදුවනවා.
මෙම ශාඛා, එම ප්‍රදේශයේ සිටින්නන්ට, කොටස් වෙළඳපළ තුළ ආයෝජනය කර, ලාභ ලබා ගැනීමට මහඟු අවස්ථාවක් ලබා දෙනවා.
මෙම ශාඛා වලින් සිදු කරන තවත් සේවාවක් තමයි, කාලයෙන් කාලයට එම ශාඛාව තුළ/ආයතන/පාසල් තුළ, කොටස් වෙළඳපළ සම්බන්ධයෙන් දේශන හා වැඩමුළු සංවිධානය කිරීම, මේවාට සහභාගි වීම තුළින් එම ප්‍රදේශයේ ජනයාට කොටස් වෙළඳපළ ආයෝජනය ගැන ඉගෙනගන්න පුළුවන්.
ලංකාව තුළ මෙහෙම ශාඛා 5ක් තිබෙනවා.
  • මාතර
  • මහ නුවර
  • කුරුණෑගල
  • මීගමුව
  • යාපනය
මාතර ශාඛාව
1999 වර්ෂයේ විවෘත කෙරුනු මෙය, කොළඹ කොටස් නිකුතුවේ පළමු ශාඛාව වෙනවා. මෙය තුළ දැනට තැරැව්කාර ආයතන 6ක් ක්‍රියාත්මකයි.
ලිපිනය: දුම්රිය පළ පාර, මාතර.

මහ නුවර ශාඛාව
මෙය දෙවන ශාඛාවයි, විවෘත කළේ 2003 වර්ෂයේ. මෙය තුළ දැනට තැරැව්කාර ආයතන 7ක් ක්‍රියාත්මකයි.
ලිපිනය: CeyBank House, දළදා විදිය.

කුරුණෑගල ශාඛාව
2005 වර්ෂයේ ආරම්භ කෙරුනු මෙය තෙවන ශාඛාවයි. තැරැව්කාර ආයතන 6ක් මෙතුළ ක්‍රියාත්මක වෙනවා.
ලිපිනය: පළමු මහල, Union Assurance Centre, රජපිහිල්ල මාවත, කුරුණෑගල.

මීගමුව ශාඛාව
තැරැව්කාර ආයතන 4ක් මෙතුළ ක්‍රියාත්මක වන අතර, මෙම ශාඛාව ඇරඹුනේ 2005 වර්ෂයේදීය. මෙය කොළඹ කොටස් නිකුතුවේ සිව්වන ශාඛාවයි.
ලිපිනය: පළමු මහල, Jude City Building, ග්‍රීන්ස් පාර, මීගමුව.

යාපනය ශාඛාව
මේ වසරේ අප්‍රේල් 27වන දින ඇරඹුනු මෙය, පස්වන ශාඛාවයි. තැරැව්කාර ආයතන 6ක් මෙම ශාඛාව තුළ ක්‍රියාත්මකයි.
ලිපිනය: රෝහල පාර, යාපනය.

මෙන්න මේව තමා, කොළඹ කොටස් නිකුතුවේ ප්‍රාදේශික ශාඛා. ඒ ඒ ප්‍රදේශ වල ඉන්න ජනතාවට, මෙම ශාඛා මගින් කොටස් වෙළඳපළ ආයෝජන කටයුතු වලට අදාල සියළුම දේවල් කරගන්න පුළුවන්. සරළව කිව්වොත් හැම දේම එකම වහලක් යටින් කරගන්න පුළුවන්.
Read More

Sunday, April 18, 2010

On Line Trading සහය සපයන්නෝ

11:30 PM 19
තියෙන සියළුම තැරැව්කාර ආයතන 21න් 18ක් අන්තර්ජාලය හරහා කොටස් වෙළඳපළ හා ගනු දෙනු කිරීමට සහය දක්වනවා.
මේක හුඟක් ලොකු වාසියක් වෙනව ගොඩක් පැති වලින්. 
මේව හරහා, වෙළඳපළ පිළිබඳ තොරතුරු, ඒ ඒ සමාගම් පිළිබඳ තොරතුරු, වෙනත් අධ්‍යාපනික වටිනාකමින් යුතු ආයෝජනයන්ට අදාල තොරතුරු විශාල ප්‍රමාණයක් ආයෝජකයන්ට ලබා ගැනීමට පුළුවන්. ඒක ආයෝජකයාට විශාල පහසුවක් වගේම විවිධ අපහසුතාද මග හරවනවා.
තමුන්ගේ තොරතුරු වලට තමුන්ගේ උපදේශකයා නොමැතිව ලඟාවීමට හැකි වීම හා උපදේශකයාගෙ සහයක් නොමැතිව තනිවම වෙළඳාම් කිරීම වඩා වේගවත් වගේම පහසු ක්‍රමයක් වෙනවා.


හරි දැන් අපි ඒ තැරැව්කාර ආයතන මොනවද කියල බලමු.





Read More

Monday, April 12, 2010

කොටස් වෙළඳපළ සමඟ වැඩ කරන්න කොටස් තැරැව් කරුවෙක් තෝරා ගන්න

9:13 AM 9


කවුද මේ තැරැව් කරුවෙක් කියන්නෙ?



ඉස්සෙල්ලත් කිව්වනෙ, තැරැව් කරුවෙක් (Broker firm) කියන්නෙ ඔබත් කොටස් වෙළඳපළත් අතර සිදුවන ගනු දෙනු හැසිරවීම සඳහා හා ඊට අදාල අනෙකුත් ක්‍රියාකාරකම් පාලනය කරන අතරමැදියෙක්.

එයාල මොකද කරන්නෙ?
මුල ලිපියෙත් කිව්ව එයාල කරනවැඩ. ප්‍රධන වශයෙන්, CDS ගිණුම් ඇරඹීම, ගනුදෙනුකරුවන් සඳහා උපදෙස් ලබා දීම, එම ගනුදෙනු සිදු කිරීම, ඊට අදාල වෙනත් ක්‍රියාකාරකම් සිදු කිරීම තමයි ප්‍රධන වශයෙන් සිදුකරන්නෙ.
ඊට අමතරව කොටස් වෙළඳපළ පිලිබඳව සමීක්ෂණ සිදු කිරීමත් කරනව. තව වැඩ තියෙනව, ඒව එච්චර වැදගත් වෙන්නෙ නෑ අපිට.

එයාල අපිට වැඩ කරනවට එයාලට මොකද්ද වෙන ලාභය?
එයාලට ඒකෙන් ලැබෙන එකම දේ තමයි, අපි මිලට ගැනීමක් / විකිණීමක් සිදු කළහොත් එයින් ලැබෙන බ්‍රෝකර් ගාස්තුව. එය අපි කරන ගනුදෙනුවේ වටිනාකමින් 0.1% ප්‍රමාණයක්. (මේක අර ඉස්සෙල්ල කිව්ව 1.425% තුළ ඇතුළත්)

ලංකාවෙ කොටස් වෙළඳපළ හා සම්බන්ධ තැරැව්කාර සමාගම් 20ක් තිබෙනව. මේ තියෙන්නෙ ඒව. ඔබට මේවයින් ඕනෙම එකක් තොඅර ගන්න පුලුවන්. හැමෝම එක වගේ තමයි. 

Acuity Stock Brokers Pvt LTd
Level 6, Acuity House,No. 53, Dharmapala Mawatha, Colombo 3.
Phone: 2206206
Fax: 2206298/9

Asha Phillip Securities Ltd
Level 4, ‘Millennium House’, 46/58, Navam Mw., Colombo 2.
Phone: 2429100
Fax: 2429199

Asia Securities (Pvt) Ltd
Level 21, West Tower, World Trade Centre, Colombo 1.
Phone: 2423905, 5320000
Fax: 2336018

Bartleet Mallory Stockbrokers (Pvt) Ltd
‘Bartleet House’, 65, Braybrooke Place, Colombo 2.
Phone: 5220200
Fax: 2434985

Ceylinco Stockbrokers (Pvt) Ltd
Level 9, Ceylinco House, 69, Janadhipathi Mw., Colombo 1.
Phone: 4714300, 4714388-9, 0777891871, 0777896064
Fax: 2387228

CT Smith Stockbrokers (Pvt) Ltd
4-14, Majestic City, 10, Station Road, Colombo 4.
Phone: 2552290-4
Fax: 2552289

DP Global Securities (Pvt) Ltd
3rd Floor, Forbes & Walkers Building, 46/58, Nawam Mawatha Colombo 02.
Phone: 4700111, 2307366
Fax: 4700112, 2307365

HNB Stockbrokers (Pvt) Ltd
Level 6, Acuity House,No. 53, Dharmapala Mawatha, Colombo 3.
Phone: 2206206
Fax: 2206298/9

J B Securities (Pvt) Ltd
150, St. Joseph Street, Colombo 14.
Phone: 2490900, 0772490900, 0772490901
Fax: 2430070, 2446085
Email: jbs@jb.lk

John Keells Stockbrokers (Pvt) Ltd
130, Glennie Street, Colombo 2.
Phone: 2326003, 2338066-7, 2342066-7, 2446694-5, 2439047-8,
4710721-4
Fax: 2342068, 2326863

Lanka Securities (Pvt) Ltd
228/2, Galle Road, Colombo 04.
Phone: 4706757, 2554942
Fax: 4706767

Lanka Orix Securities (Pvt) Ltd
42, Sir Mohamed Macan Markar Mw., Colombo 3.
Phone: 5335225
Fax: 5365725

NDBS Stockbrokers (Pvt) Ltd
5th Floor, NDB Building, 40, Navam Mw., Colombo 2.
Phone: 2314170-8
Fax: 2314180
Email: mail@ndbs.lk

S C Securities (Pvt) Ltd
2nd Floor, 55, D R Wijewardene Mw., Colombo 10.
Phone: 4711000
Fax: 2394405

Somerville Stockbrokers (Pvt) Ltd
137, Vauxhall Street, Colombo 2.
Phone: 2329201-5, 2332827, 2338292-3
Fax: 2338291

Trading Members (Debt and Equity)
Amana Securities Ltd.
532/4 F, Srikotha Lane, Galle Road,
Colombo 3.
Phone: 2506101-4,
Fax: 2506105

Capital Alliance Securities (PVT) LTD
Level 5, Millennium House, 46/58, Nawam Mw., Colombo 02.
Phone: 2317777
Fax. 2317788

First Capital Equities (Pvt) Ltd.
32nd Floor, East Tower,
World Trade Centre, Echelon Square, Colombo 1.
TPhone: 5884400 Fax: 5884401

SMB Securities (Pvt) Ltd
Landmark Building, 385, Galle Road, Colombo 03.
Phone: 5539593
Fax: 2301798

Taprobane Securities (Pvt) Ltd
10, Gothami Road, Colombo 08.
Phone: 5328100 Fax: 5328109


ඔයාලට අන්තර්ජාලය හරහා ගනුදෙනු කිරීම් කරන්න ඕනෙනෙ නම්, මේ හැම එකක්ම හරියන්නෙ නෑ, එම පහසුකම සපයන්නෙ දැනට මෙන්න මේ සමාගම් 7 විතරයි.

  • Asia Securities.

  • Asha Philip Securities.

  • Ceylinco Stock Brokers.

  • Lanka Securities.

  • Acuity Stock Brokers.

  • Capital Alliance.

  • SMB Securities .
ඒ කිව්වෙ CDAX මෘදුකාංගය භාවිතයෙන් කොටස් වෙළඳපළ වැඩ කරන්න කැමති නම්.
ඔබට වෙනත් ප්‍රශ්න තිබෙනව නම් කෙලින්ම කොළඹ කොටස් නිකුතුව අමතන්න පුළුවන්. මෙන්න එයාලගෙ විස්තර. ඔබට එතනට ගියොත් කොටස් වෙළඳපළ ආයෝජනය පිළිබඳ සියළු විස්තර දැන ගන්න පුළුවන්.
COLOMBO STOCK EXCHANGE

Level 4, West Block,
World Trade Centre, Echelon Square,
Colombo 1, Sri Lanka.
Phone: 94-11-2446581(Hunting)
Fax: 94-11-2445279
E-mail: info@cse.lk


Read More

Post Top Ad